අත්තනායක මොඩල් සිනමා කතිකා සාමාන්‍ය පෙළට මුහුණ දෙන්නටත් පෙර සිදුවුණු දෙවැනි ජවිපෙ කැරැල්ල ගැන මට මහා ලොකු මතකයක් නැත. දිග කාලයක් පාසැල් නොගොස් ගෙදරට වී උන්නු සමයේ මහවැලි ගඟ දිග පාවී ආ තරුණ මළ සිරුරු බලන්නට වැඩිහිටියෝ අපට අවසර දුන්නේ නැත. එහෙත් රෑට රෑට වෙඩි සද්දත්, දවල් කාලයේ මළ කඳන් ගැන කතන්දරත් ගෙනා ඒ භීෂණ සමය නිමා වුණේ උලපනේ නිවසකින් අත්තනායක කෙනෙකු අත්අඩංගුවට ...
‘වල්‘ අජිත්ලා සහ ‘හොඳ‘ සුනිල් ලා! සිනමා කතිකා “ඔයාට අමරදේවගෙ සිංදුවක් කියල පෙන්නන්න බැරි ද?“දැනට වසර පහකට පෙර ශ්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතියේදී අජිත් කුමාරසිරිගේ ගී සැඳෑවක් පැවති මොහොතක මේ ප්රශ්නය ඇසුවේ සංගීතය විශේෂ උපාධියට හැදෑරූ ශිෂ්‍යයෙකි. අජිත් ඊට දුන් පිළිතුර මට මතක නැතත් ඔහු ගැයූ ගීත කිහිපයකින් පසු සිසු සිසුවියන් පිරිසක් ද, ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද නැගිට යන්නට ගිය බව මතක ය. ...
ජීවිතය සුන්දරයි! (ජීවිත සිනමාව) සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 11)“ඔයා හරිම හොඳ කොලු පැටියෙක්! දැන් නිදාගන්න. ඔයාට ලස්සන හීන පෙනේවි! සමහර විට අපි දෙන්නම දකින්නෙ හීනයක් වෙන්නැති. සමහර විට, මේ හැම දෙයක්ම හීනයක් වෙන්නත් පුළුවන්. අම්ම අපි දෙන්නම උදේට ඇහැරවාවි. එයා අපි දෙන්නටම බිස්කට් එක්ක කිරි හදල දේවි!“ගුයිඩෝ විසින් සිය පස් හැවිරිදි සිඟිති පුතු ජොසුවා හමුවේ මෙම වදන් පවසන්නේ ඔහු නින්දට යන්නට සූදානම් වද්දී ය. ඒ ...
ඔහු හරිම කොට ය! සිනමා කතිකා සංජීව පුෂ්පකුමාර කොට ය. ඒ බව ඔහු විසින්ම 2011 - ශාන්ත පීටර්ස්බර්ග් සිනමා සම්මාන උළෙලේදී ‘නිව් ටෙරිටරීස්‘ අංශයේ හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය ලබමින් කියනු ලැබ ඇත. ඔහුගේ මේ නොඋස්කම නිසා ම ස්වාධීන රූපවාහිනිය ප්රමුඛ බොහෝ මාධ්‍යවලට ඔහු පුෂ්පකුමාර ‘නැමැත්තා‘ නම් විය. තරමක් හෝ උසක් තිබ්බා නම් අඩු තරමින් ඔහුට ‘මහතා‘ කෙසේ වෙතත්, නිකම්ම ‘සංජීව පුෂ්පකුමාර‘ වත් වන්නට ඉඩ තිබිණි. ...
සිනමාව: අප අතරම සිනමා කතිකා ඒ 1895 වර්ෂයේ අවසන් මාසයයි. ඉතා කුඩා පිරිසක්, ප්‍රංශයේ, පැරිස් නුවර, ග්රෑන්ඞ් කැෆේ නමැති හෝටලයට එක් රැස් වී උන් හ. ඔගස්ටස් හා ලූවී ලූමියේ සහෝදර දෙපළගේ ඇරයුමෙන් ඔවුන් පැමිණ සිටියේ ලෝකයේ පළමු ‘චලන චිත්‍ර’ පෙළ දැක ගන්නට ය. ස්වල්ප මොහොතකින්, ඉදිරියේ වූ, කිසිවක් නොතිබූ ද්විමාන තිරයකින් මතුවූ ලූමියේ සොහොයුරන්ගේ ෆැක්ටේරි දොරටුවෙන් පිටවන මහ සෙනග හේතුවෙන් ඔවුන් තැති ගත්තද, මතුව ආ ...
ඇස් දෙකක්, සහෝදරියක් සහ දේදුන්නක්! (ජීවිත සිනමාව) සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 13)සෑම උදෑසනකම පාසැල් යාම සඳහා සිය කුඩා නිවසින් පිටතට එන පාරි සහ චෝටු කාසියේ වාසිය උරගා බලති. පාරි ජය ලැබුවහොත් පාසැල කරා ඇවිද යන තුරුම ඇය සිය සිනමා වීරයා වන ශාරුක් ඛාන්ගේ චිත්‍රපට කතාවක් චෝටු වෙත කියනු ඇත. ඒ චෝටුගේ වාරය නම් ඔහු තෝරාගනු ඇත්තේ ඔහුගේ සිනමා වීරයා වන සල්මන් ඛාන් රඟන චිත්‍රපටයක කතාවකි. ශාරුක් සහ සල්මාන් ...
සිනමාව : අප අතරම සිනමා කතිකා tA 1895 jI_fha wjika udihhs' b;d l=vd msrsila" m%xYfha" mersia kqjr" .%Ekaâ lef*a kue;s fydag,hg tla /ia ù Wka y' T.iagia yd ¨ù ¨ñfha ifydaor fom<f.a werhqfuka Tjqka meñK isáfha f,dalfha m<uq zp,k Ñ;%Z fm< oel .kakg h' iaj,am fudfyd;lska" bosrsfha jQ" lsisjla fkd;snQ oaúudk ;srhlska u;=jQ ¨ñfha fidfydhqrkaf.a *elafÜrs fodrgqfjka msgjk uy fik. fya;=fjka Tjqka ;e;s .;a;o" u;=j wd ...
තතාමිය මත කෝණයෙන් ජපාන දිවිය විනිවිද දුටු සිනමාකරුවා - යසුජිරෝ ඕසු සිනමා කතිකා යසුජිරෝ ඕසු1950 -60 දශක ද්විත්වය ලෝක සිනමාවට ශ්‍රේෂ්ටයින් රැසක් සහ ඔවුන්ගේ විසල් කෘති රැසක් දායාද කළ කාල වකවානුවකි. දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමග යුරෝපීය සිනමාව හමුවේ නවමු සිනමා ප්රවණතා කිහිපයක් ම හඳුනාගත හැකි වූ අතර ආසියානු සිනමාවද විශ්ව මට්ටමින් සාකාච්ඡාවට ගැනීම ඉහළ අගයකට ළඟා විණි. සත්‍යජිත් රායිගේ බෙංගාලි සිනමා කාව්‍යයන් මෙන්ම අකිර කුරොසාවාගේ ජපාන වීර කාව්‍යයන් ද සිනමා න්‍යායවාදීන්ගේ, ...
මගේ ගුරුවරයා සිනමාවයි! සිනමා කතිකා - ලලීන් ජයමාන්න සමඟ සංවාදයක් - ලලීන් ජයමාන්නආචාර්ය ලලීන් ජයමාන්න සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිනමා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. සිනමා අධ්‍යයනය පිළිබඳ ඉගැන්වීම හා පර්යේෂණ කිරීම සම්බන්ධයෙන් දශක ගණනාවක පළපුරුද්දක් ඇති ඇය මේ දිනවල ඉන්දීය සිනමාකරු කුමාර් ෂහානිගේ නිර්මාණ පිළිබඳව ලියැවෙන සිය නවතම පර්යේෂණ කෘතිය සඳහා අවසන් ලේඛණ සකස් කරමින් සිටියි. සිය ආචාර්ය උපාධිය පිළිබඳ පර්යේෂණ නිබන්ධනය ලාංකික සිනමාවේ කාන්තා නිරූපණය ...
මුද්‍රාව තබා පිටව යමු! සිනමා කතිකා බර්ග්මාන්ගේ ‘සත්වන මුද්‍රාව‘ සිනමාපටයෙන්සිනමා ලොව මහා සිනමාකරුවකු ලෙස පිළිගැනෙන ස්වීඩන් ජාතික ඉන්ග්මාර් බර්ග්මාන්ගේ සත්වන මුද්‍රාව (Seventh Seal) චිත්‍රපටය නිපදවුණේ වසර 56කට පෙර, 1957 දී ය. ඉන් වසර 50කට පසු, 2007 දී, බර්ග්මාන් මිය ගිය අතර එහි මරණයේ භූමිකාව රඟපෑ බෙන් එකෙරොට් පනස් විය පනිද්දී ම, 1971 දී, ජීවිතයෙන් සමුගත්තේ ය. නයිට්වරයාගේ චරිතයට පණ පෙවූ මැක්ස් වොන් සිඩෝව් නම් තවමත් ...
දුවන්න ලෝලා දුවන්න! (ජීවිත සිනමාව) සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 8)ලෝලාට සිය පෙම්වතා වන මන්නිගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබේ. අපරාධයක් අවසානයේ ලැබුණු මාර්ක් ලක්ෂයක මුදල් බෑගය රැගෙන ඔහුගේ පාතාල නායකයා වෙත ඒ රැගෙන යන්නට ලෝලා නොපැමිණීම හේතුවෙන් උමං දුම්රියක ගමන් කරන්නට මන්නිට සිදුවූ බවත්, හදිසියේම ටිකට් පරීක්ෂකවරයා පැමිණීම නිසා ලහිලහියේ දුම්රියෙන් බැස ගනිද්දී ඔහු අතින් මුදල් බෑගය මගහැරුණු බවත්, දුම්රියේ ගිය හිඟන්නෙකු අතට ඒ පත් වනු ඔහු ...
ආදරයට අලුත් වදනක් (ජීවිත සිනමාව/ රිවිර සිනමා කොලම - 7) සිනමා කතිකා ඇනා සහ ජෝර්ජස් යනු ප්‍රංශයේ ප්‍රධාන නගරයක තට්ටු නිවාසයක දිවි ගෙවන අසූ විය ඉක්මවූ විවාපත් යුවළකි. විශ්‍රාමික පියානෝ ගුරුවරුන් වන ඔවුන්ගේ දියණිය ඊවා විවාහ වී නිවස හැර ගොසිනි. අතීතයේ සිය ශිෂ්‍යයන් ලෙස පියානෝ වාදනයට අත් පොත් තැබූවන් විශිෂ්ඨ වාදකයින් ලෙස ලබා ඇති ප්‍රගතිය දකිමින් සතුටු වන මෙම මහළු යුවළ හුදකලා නිවෙස තුළ එකිනෙකාගේ අවැසියාවන් විමසා බලමින් සිය ජීවිතවල සැඳෑ ...
හුස්ම (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම -5 ) සිනමා කතිකා මහල්ලකු වන විෂාරේ මහා රාෂ්ටයේ ඈත දුෂ්කර ගම්මානයක සිට සිය අට හැවිරිදි මුණුපුරා වන පර්ෂුරාම්, නැතිනම් සුරතල් වදනින් ඇමතෙන පර්ෂා, සමග බොම්බාය නගරයට පැමිණෙයි. ඔහු අත වන්නේ සිය මුණුපුරාගේ ඇස් විශේෂඥයකු වෙත පෙන්වීම සඳහා ගම් පෙදෙසේ වෛද්‍යවරයකු වෙතින් ලද තුණ්ඩු කැබැල්ලකි. නගරයට කෝඩුකාරයින් වන ඔවුන් දෙදෙනා සමග තනි නොතනියට එන, පර්ෂාගේ මාමා කෙනෙකු වන, දිවාකර් නැමති තරුණයා ද ඔවුන් සමග ...
(රිවිර සිනමා කොලම -2) - ජීවිතය ‘චොකලට් පෙට්ටියකි‘! සිනමා කතිකා “මගෙ අම්මා හැමදාම කිව්වෙ ජීවිතේ කියන්නෙ චොකලට් පිරුණු පෙට්ටියක් කියල. ඔයා කවදාවත් දන්නෙ නෑ ඔයාට ලැබෙන්නෙ මොකක්ද කියල!“1994 දී තිරයට ආ රොබට් සෙමිකිස් අධ්‍යක්ෂණය කළ ෆොරස්ට් ගම්ප් (Forrest Gump) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ෆොරස්ට් ගම්ප් එක්තරා නගරයක බස් නැවතුමක බසයක් අපේක්ෂාවෙන් ඉන්නා අතර එහි දී හමුවන මගීන්ට සිය ජීවන වත ඉදිරිපත් කරයි. ඔහුගේ කතාව අතරතුර විවිධ පුද්ගලයින් එහි එන බස් ...
මාගේ සහෝදර රටවැසියනි!! සිනමා කතිකා වසර 10ක කාලයක් ඉන්දීය අගමැති ධූරය දැරූ, ඉන්දියාවේ දහතුන්වැනි අගමැතිවරයා වූ, මන්මෝහන් සිං මහතා පසුගියදා නිමවුණු ඉන්දීය අගමැතිවරණයෙන් ජය ලද නරේන්ද්‍ර මෝදි වෙත අගමැති ධූරය භාර කරමින් සිය තනතුරෙන් ඉල්ලා අස් වී යන්නට ගියේ ය. සමුගන්නා මොහොතේ ඔහු කළ කෙටි කථාව මෙහි පරිවර්තනය කොට තබමි. එහි වටිනාකමේ අරුත් ලියන්නට මම වචන නොසොයමි. “මාගේ සහෝදර රටවැසියනි, ඉන්දියාවේ අගමැතිවරයා ලෙසට මා මේ ...
දෙවැනි අර්ධයේදී සිහිනයෙන් අවදි වීම: නිනෝට, නුනූට සහ ටෲමන්ට එරෙහිව නිශාන්ත සහ රුචී සිනමා කතිකා පෙර සටහන:‘නිනෝ ලයිව්’ මට මුලින්ම දකින්නට ලැබුණේ පසුගිය දශකාවසනයත් සමග විය යුතු ය. ඒ ‘මහනුවර ජාත්‍යන්තර සිනමා උළෙලේ’ දී ය. කුඩා ‘සිනමා ශාලා නොවන’ අවකාශයක් සිනමා ශාලාවක් බවට හරවා ‘කැන්ඩි සිටි සෙන්ටර්’හිදී චිත්‍රපටය නැරඹූ කුඩා ප්‍රේක්ෂක පිරිස ඉදිරියේ එක් සැණෙකින් තරුණ අධ්යක්ෂවරයා, තිසර ඉඹුලාන, වීරයෙකු බවට පත් විය. රියැලිටි වැඩසටහන් උන්මාදයක්ව රටපුරා පැතිර නැගී තිබුණු සමයක තිසරගේ සිනමා ආගමනය, බොලිවුඩ් ...
‘යුධ බිමේ‘ ගැහැණිය - මලීනා සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 16)ඒ 1940 වර්ෂයයි. දෙවැනි ලෝක යුද්ධයේ බිහිසුණු දුම් වළලු යුරෝපය පුරා පැතිරෙමින් පවතින අවදියයි. උදෑසන ගුවන් විදුලියට සවන් දෙන දොළොස් වියැති පිරිමි ළමයෙකු වන රෙනාටෝ සිය මව් රට වූ ඉතාලිය යුද්ධයට අවතීර්ණ වූ බව දැනගනියි. නමුත් ඒ දිනය ඔහුට වැදගත් වන්නේ ඒ නිසාවෙන්ම නොවේ. ළමා වයසින් යෞවන වියට එළැඹීමේ මුව දොර සිටින සම වසස් මිතුරන් හා සිසිලියේ ...
පළමු පෙමක ‘සිහින‘ මතක... (ජීවිත සිනමාව) සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 10)ඔකේ යනු දසවන වියට පා තැබූ, යොවුන් වියේ දොරටුව දෙසට පිය නගන දැරියකි. මුක්හ්සින් යනු සිය වැඩිමල් සොයුරා සහ නැන්දනිය සමග පාසැල් නිවාඩු සමය ගත කරන්නට ඔකේගේ ගම්මානයට පැමිණෙන දොළොස් වියැති පිරිමි ළමයෙකි. කොල්ලන් සමග උරෙනුර ගැටෙමින්, කෙල්ලන්ගේ ‘ළදරු‘ සෙල්ලම් පිළිකෙව් කරමින්, සෙල්ලමට වැටෙන ඔකේට හදිසියේම මුක්හ්සින් මුණගැසෙන්නේ පිට්ටනියේ දී ය. ඉතා ඉක්මණින් මිතුරු වන දෙදෙන, එකිනෙකාට ...
බයිසිකලය සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 19)දෙවැනි ලෝක යුද්ධය නිමා වී ඇත. යුද්ධයේ අඳුරු සෙවණැලි කෙමෙන් වියැකී යමින් පවතී. රෝම නගරාසන්න වැල් මෙලෙයිනා හි වෙසෙන රිකි, සිය අදරැති බිරිද මරීනාගේත්, කුඩා සුරතල් පුතු බෘෘනෝගේත් කුස ගිනි නිවනු පිණිස සුළු හෝ රැකියාවක් බලාපොරොත්තුවෙන් නගරය වෙත ගොසිනි. යුද්ධයේ භීම සමය විසින් උදුරාගත් ජීවිතවලට කෙසේ වුව, දිවි රැකුණු රිකිලාගේ ජීවිත නවමු භීමයකට ගොදුරු වෙමින් පවතින්නේ යුද්ධය ...
රතු බල්ලා සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 14)සිය පෙම්වතිය වූ නැන්සි මුණ ගැසී යළි නවාතැන බලා එන අතරතුර, හැමර්ස්ලි යකඩ ආකරයේ බස් රථ රියදුරු, කඩවසම් තරුණයකු වූ ජෝන්ගේ මෝටර් බයිසිකලය කැන්ගරුවකු හා ගැටේ. ජෝන්ගේ මළ සිරුර ආකර කම්කරුවන් විසින් සොයාගැනෙන්නේ පසුදා උදයේ ය. නැන්සිගේත්, ජෝන්ගේ මිතුරු කම්කරුවන්ගේත් දැඩි කම්පනයට හේතුවන මෙම මරණය, දින කිහිපයකට ජෝන්ගේ ප්‍රාණසම මිතුරා පිළිබඳ සොයා බැලීමට ඔවුන්ට අමතක කරවයි. ...