(රිවිර සිනමා කොලම - 1) සිනමාව ජීවන පැවැත්මක් ලෙස... සිනමා කතිකා 1980 දශකයේ එක්තරා දිනයක, රෝමයේ දිවි ගෙවන ඉතාලි සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන සැල්වටෝට සිසිලියේ දුර බැහැර වන සිය ගම් පියසේ විසූ ඇල්ෆ්‍රඩෝ නමැති මහළු මිනිසා මියගිය පුවත සිය මවගෙන් ලැබෙන ඇමතුමක් මගින් අසන්නට ලැබේ. ඒ පුවත ඔහුට සැළ කරන සැල්වටෝගේ පෙම්වතිය ඇල්ෆ්‍රඩෝ යනු කවුරුන්දැයි ඔහුගෙන් විමසයි. 1988 වර්ෂයේ නිෂ්පාදිත ‘සිනමා පැරඩීසෝ‘ නමැති, ගුසෙප් ටොර්නටෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද, විචිත්‍ර සිනමා පටය ...
“මගේ ජීවිතය මට දෙන්න!“ (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම 03) සිනමා කතිකා 1960 වර්ෂයේදී බෙංගාලි සිනමාවට එක් වුණු රිත්වික් ඝටක්ගේ ‘මෙගා ධක තාරා‘ (The Cloud Clapper Star - වළාකුලෙන් වැසුණු තාරකාව‘) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන නීතා, සිය කැපකිරීම්වලින් පිරුණු ජීවිතය කෙළවර, ක්ෂය රෝගය වැළඳීම නිසා, නිවසින් බොහෝ දුර කඳුකර සාත්තු නිවාසයක නතර කිරීමෙන් අනතුරුව සිය වැඩිමහල් සොයුරා අභියස ‘මගේ ජීවිතය මට දෙන්න‘ යැයි කියමින් වැළපෙන්නට පටන් ගනියි. චිත්‍රපටය මුළුල්ලේම අප දැඩි ලෙස ...
ජූලිය එළඹෙමින් පවතී! සිනමා කතිකා ජූලි මාසය එළඹෙමින් පවතියි. දිනවලින් නම් තවත් 15කි. ඉතිහාසය දන්නා අයෙකුට ජූලිය කෙතරම් බියකරුදැයි කියා දිය යුතු නැත. එහෙත් දන්නා ජූලියට වඩා බොහෝ නොදන්නා දේ ඒ ජූලියේ සිදුව ඇත. ඇතැම් දේ බියකරු ය. බොහෝ දේ වැදගත් ය. හැරී බලා විමසන්නකුට තේරුම් ගන්නට ඇති බොහෝ කරුණු ඒ මාසය තුළ සැඟව ඇත.1926 ජූලි 17 වැනිදා සිලෝන් මෝනින් ලීඩර් පුවත්පත මෙවැන්නක් සටහන් කරයි.“ලංකාවේ ...
එකෙකුවත් අඩු නැතිව! (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම -4 ) සිනමා කතිකා චීනයේ අතිදුෂ්කර පෙදෙසක පිහිටි ෂුයිකුවාන් ගම්මානයේ ඇති කුඩා පාසලක සිටින එකම ගුරුවරයාට හදිසි කටයුත්තකට මසක පමණ නිවාඩුවක් ලබා ගන්නට අවශ්‍ය වේ. පාසැලේ කටයුතු බලා ගන්නට කිසිවකුත් නොමැති තැන ගම්මුලාදෑනියා ඒ සඳහා කැඳවාගෙන එන්නේ පාසැලේ දරුදැරියන්ට වඩා තරමක් වයසින් වැඩි, දහතුන් වියැති, වෙයි මින්ෂි නමැති දැරියයි. ඉගැන්වීමට ඒ තරම් දේ නොදන්නා ඇය, මසක් අවසානයේ ලැබෙන බවට පොරොන්දු වූ මුදල වෙනුවෙන්, ...
මතක ‘සිතුවම්‘ වෙත ඇවිද යාම සිනමා කතිකා සිඩ්නි සිනමා උළෙලේ දුටු “Golden Slumbers“ වාර්තා චිත්‍රපටය පිළිබඳ විවරණයක්“මේ බිත්තිය පුරාම තියෙන රූපවල ඉන්න අය දැන් නැහැ කියල මට හිතන්නත් අමාරුයි. මේ චිත්‍රපටිවල මම රඟපෑවේ ඊයේ පෙරේදා වගේ කියලයි මට හිතෙන්නෙ. කොච්චර දවසක් ගත වෙලා ගිහින් ද? ඉතිරි වෙලා ඉන්නෙ මම විතරයි. මාව බලන්න එන හැමෝම මේ ෆොටෝ දිහා බලලා ඒ අයගෙ විස්තර මගෙන් අහනවා. මම ඒව විස්තර ...
කුසලානය සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 17)ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක උණුසුම ලොව පුරා පැතිරෙමින් පවතින සමයකි. ජපානය හෝ දකුණු කොරියාව හෝ අරාබිකරයෙන් වාසනාව උරුම කරගත්, පාපන්දුව මනා ලෙස හසුරුවන, එක් රටක් හැර වෙනත් කිසිදු ආසියාතික රටක් අවසන් කණ්ඩායම් අතරට නොපිවිසුණ ද කිසිදු වෙනසක් නැතිවම තරග දෙස බලා සිටින අසීමිත පාපන්දුලෝලීන් සමස්ථ ආසියාකරය පුරා ද විහිද සිටිනු ඇත. ඉන්දියාවේ ඈත උතුරු ඉමට වන්නට ...
තායිලන්තයේ අති-රාජ්‍යත්වය සිනමා කතිකා පිවිසුම:තොන්ග්චායි විනිචාකුල් විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ අග්නිදිග ආසියානු කලාපයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා ය. පසුගිය ජූලි මස තුන්වැනි දින සිට පස්වැනි දින දක්වා සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේදී පැවති, ‘සංස්කෘතික ව්‍යාපාරයෙන් ඔබ්බට“ නමැති තේමාව ගත් අන්තර් ආසියානු සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ සමුළුවේ හමාර දේශනය සඳහා ඇරයුම් කර තිබුණේ තායිලන්ත ජාතික විනිචාකුල්ට ය. ඔහුගේ දේශනය “හදිසි තත්වයේ වන රාජ්‍යය“ ලෙස නම් ලද අතර ‘අති-රාජ්‍යත්වය‘ (Hyper – Royalism) ...
‘රෝස කැකුළ‘ (ජීවිත සිනමාව) සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 12)චාල්ස් ෆොස්ටර් කේන් යනු ඇමරිකානු ජාතික ධනවත් මහළු ව්‍යාපාරිකයෙකි. හිමෙන් පිරුණු පසුබිමක් සිහි ගන්වන ත්‍රිමාන රූ සහිත වීදුරු බෝලයක් අත දරාගෙන මරණාසන්නව වැතිර සිටින ඔහුගේ අතින් ඒ ගිලිහී යන්නේ මරණය ඔහු කරා පැමිණෙද්දීම ය. ‘Rose Bud’, නැත්නම්, ‘රෝස කැකුළ‘ යන්න ඔහු මුවින් ගිලිහෙන අවසන් වදන වෙයි. මරණය ඔහු වෙත එද්දීම ඔහු මුවින් ගිලිහුණු මේ වදන සංඥා කරන ...
ජීවිත ලැයිස්තුව සිනමා කතිකා ජර්මන් නාසි හමුදා යුරෝපීය රටවල් ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදෙන දෙවන ලෝක යුද්ධයේ ආරම්භක අවධියේ පෝලන්තය බලා, සිය වාසනාව සොයා පැමිණෙන, එක්තරා ජර්මානු ජාතිකයෙකි. පෝලන්තය දිනූ සිය හමුදාවන්ගේ බලයෙහි පිහිටෙන් එහි ඇරඹෙන නව කම්හල් සිය ජීවිතයේ ඉදිරිය තෘප්තකර කරනු ඇතැයි ඔහු විශ්වාස කරයි. එහෙත්, නාසි පාලනය වෙත මුලින් එක්ව සිටිය ද, මනුෂ්‍යත්වයට නිගා දෙන, ඇදහිය නොහැකි අපරාධ මේ තනි මිනිසා කම්පනයට ...
පුංචි පාදඩයා සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 15)විසිවැනි සියවස ඇරඹෙන සමයේ ආරම්භක දශකයක, ඇමරිකානු නගර වීදියක බකල ගසමින් ඇවිද යන එක් කුඩා මිනිසෙකි. එල්ලා වැටෙන ඉරී ගිය කලිසම, ඇඟටම හිරවී ගිය උඩු කබාය, අත රැදි බස්තම, හිස රැදී තොප්පිය හා මුවට ඉහළින් වන ‘හිට්ලර් පන්නයේ‘ උඩු රැවුල ඔහු වෙත ගෙන එන්නේ විසුළු පෙනුමකි. නගර වීදි කෙළවර පත්තර විකුණන කොල්ලන් ඔහු වෙත ගල් කැට විසි ...
සෙල්විලා හැරී බලා සිනාසෙන තෙක්: ‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටය පිළිබඳ කෙටි ඇගයුමක් සිනමා කතිකා ලංකාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය කරන්නට තවම සූදානමක් නැති, ප්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටය ජූනි මස 29 වැනිදා සිඩ්නි නුවර, කාසල් හිල් හි, ඉවෙන්ට් සිනමා ශාලාවේදී තිරගත කෙරිණි. මෙම කෙටි ඇගයුම එම සිනමා කෘතිය පිළිබඳව ය.නිල් පැහැය සෞම්‍ය වර්ණයකි. රත් පැහැ රුධිරයෙන්, කහ, තැඹිලි වර්ණැති ගිනි දැල්ලෙන්, කළු, අඳුරු පැහැ භයංකාර රාත්‍රියෙන් එය බොහෝ දුරස්ථ ය. ඇස පෙලන දීප්තියක් නැති ...
නව මුහුණුවරකින්... නව පියවර සමගින්... සිනමා කතිකා හිතවත් මිතුර,සිනමා කතිකා නමින් ඇරඹුණු මෙම බ්ලොග් අඩවිය පසුගිය කාලය පුරා පළ කර ඇත්තේ සීමිත ලිපි සංඛ්‍යාවකි. එනිසාවෙන් ම මෙම අඩවිය වෙත ප්‍රවේශ වී ඇති පාඨක පිරිස ද එතරම් ඉහළ අගයක් ගෙන නැත. පොරොන්දු වූ පරිදි වඩාත් ශාස්ත්‍රීය ලෙස සිනමාව පිළිබඳ ලියන්නට අවකාශයක් මා වෙත ලැබුණේ ද නැත..එසේමුත් ලිවීම ප්‍රබල ලෙස ආරම්භ කළ යුතු බැව් පෙනේ. සමාජ හා සංස්කෘතික වපසරිය ...
ෆ්රෑන්ක් කැප්රියෝලා ඕනෑ කර තිබේ! සිනමා කතිකා (2019 සැප්තැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)ඇමරිකානු අධිකරණ ශාලාවක විත්තියට ගොඩ වදින සිරියානු ජාතික, හිජාබයකින් හිස වසාගත් ගැහැණියකි. කුඩා බුහුටි දැරියක් ද ඇය සමග වෙයි. ගැහැණිය කැඩුණු ඉංග්‍රීසියෙන් විනිසුරු අමතා මෙසේ කියයි.“මට එච්චර ඉංග්‍රීසි බෑ. මට පුළුවන් හරිම ටිකයි. මගෙ දුව මට උදව් කරයි.“කරුණාබරිත පෙනුමකින් යුත්, වයෝවෘද්ධ විනිසුරුවරයා දැරියට අත වනයි.“හායි!““ඔයා ඔයාගෙ අම්මට උදව් කරන්න ද යන්නෙ?“දැරිය හිස සොළවා ...
විදේශ ශිෂ්‍යත්ව: සංවර්ධනය අර්ථ ගැන්වීමේ ගැටළුවෙහි පැතිකඩක් ලෙස සිනමා කතිකා (2019 සැප්තැම්බර් 22 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)සිය දිවියෙන් දිගු කාලයක් විශ්වවිද්‍යාල සේවයට එක්වීම සඳහා විවිධ අරගල කරමින් උන්, සැබෑ ශාස්ත්‍ර ගවේෂණ උනන්දුවක් ඇති, මා දන්නා හඳුනන මිතුරියකට දැනට වසරකට පමණ පෙර සිය සිහිනය සැබෑ කරගැනීමේ අවස්ථාව උදා විය. ඒ වන විටත්, වෙනත් විශ්වවිද්‍යාල කිහිපයකම තාවකාලික කථිකාචාර්ය ධූර දරා තිබුණු ඇය, මැදිවියට එළඹෙමින් සිටින තමන්ගේ වයස පවා අමතක කොට, මේ ...
පාසැල් අධ්‍යාපනය ගැන විමසීමක්: ‘ළඟම ඇති හොඳම පාසැලේ‘ ගුරුවරයා කවු ද? සිනමා කතිකා (2019 සැප්තැම්බර් 15 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)සතිපතා බොහෝ විට අඟහරුවාදාවේ ලියැවෙන මෙම කුඩා තීරුව සඳහා මෙවර උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව හා සම්බන්ධ කරුණක් මතු කරන්නට සඳුදා රාත්‍රිය තෙක් සිතා උන්නෙමි. ඒ අදහසින් අඟහරුවාදා උදෑසන අවදිව, ලිවීමට හිඳ ගන්නට මත්තෙන් ෆේස්බුක් අඩවිය වෙත නෙත් යොමු කළ මට මගේ පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ ස්වාමි පුරුෂයා තබා ඇති වේදනාබර සටහනක් නෙත ගැටිණ. සිය බිරිඳගෙන් ...
අසඩක් අමතක වීම/ කිරීම සිනමා කතිකා (2019 සැප්තැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)දෙසතියකට පෙර මා මෙම පුවත්පතට ලියූ ‘ෆ්රෑන්ක් කැප්රියෝලා ඕනෑකර තිබේ‘ යන ලිපිය ඉන්පසු සතියේ සුපුරුදු පරිදි මගේ බ්ලොග් අඩවියේ පළ කළ පසු යමෙකු නිර්නාමිකව පැමිණ එම ලිපියට යටින් මෙවැන්නක් ලියා තිබිණ. “අගනා ලියවිල්ලක් .. ඒත් අසඩක් ගැන අමතක කලේ ඇයි ?“ඇමරිකා එක්සත් ජනපද ප්‍රාන්තයක හමුවන වයස්ගත කරුණාවත් ෆ්රෑන්ක් කැප්රියෝ උපුටමින් වඩාත් මානුෂවාදී උසාවි ...
මනෝ ගැන වචන දහසක් සිනමා කතිකා (2020 ජනවාරි 26 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)(සේයාරුව: ‘හෝ ගානා පොකුණ‘ චිත්‍රපටයේ රූපාවලියක් ඇසුරෙන් www.colombotelegraph.com වෙබ් අඩවිය නිර්මාණය කළ රූප සැකැස්මකි.)මෙම සටහන ලියැවෙන මොහොත වන විටත් ජයලත් මනෝරත්න නැතිනම් ‘මනෝ‘ දැයෙන් සමුගෙන ගොසිනි. ඔහුගේ සමුගැනීම යෙදී තිබුණු දිනයේ විදේශගත මිතුරෙකුගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණ. “මචං, සරච්චන්ද්‍රගෙන් පස්සෙ හිටපු විශිෂ්ටතමයා මනෝ නේ ද?“මම නිරුත්තර වීමි. එය එක්වරම පිළිතුරු සොයාගැනීම අසීරු පැනයකි. ...
සිනමා විදසුන (පළමු පියවර) : ඇගේ ඇස අග - රළු බසින් සුමට බසට... සිනමා කතිකා පූර්විකාවගං වතුර බැස ගොසිනි. පුපුරා හැලුණු සාලාව ද නිසොල්මන් වෙමින් සිටියි. ඒ සියලු ස්වභාවික හා අස්වාභාවික විපත් අතරතුර සිනමා තිරයේ ටික දිනක් දිලුණු 'ඇගේ ඇස අග' සිනමා පටයද සිය කෙටි දර්ශන සමය නිමා කරන්නට නියමිත ය. 'ඇගේ ඇස අග' පිළිබඳ මෙම ලියවිල්ලට ආරම්භය තබන්නට යෙදුණේ අනාරාධිතවම ගොඩ වැදී එහි මාධ්‍ය දැක්ම නැරඹූ විගසම ය. එහෙත් එය නිසි පරිදි නිමවන්නට පෙර ...
මහින්ද රාජපක්ෂ පාක්ෂිකයින් වෙත අඬා වැලපෙමින් කරන පාපොච්චාරණයක් සිනමා කතිකා දයාබර හිත මිතුරනි,අට වෙනිදා ලංවන විට, දිනෙන් දින ඔබ පිරිස ගෙනෙන අදහස් දකින විට, මා අන්ත ගුණමකුවකු බව මට හැඟෙන්නට පටන් ගෙන තිබිණි. ගඟකට පැන දිවි නසාගන්නට තරම් මගේ හිත් වේදනාව වැඩිවී තිබුණු අද උදෑසන, ඇස් දෙකෙන් කඳුළු බේරෙමින් තිබෙන විට හදිසියේම මා වැනිම අසරණයකු ලියා තිබුණු පහත ලියවිල්ල ෆේස්බුකියේ තිබී මගේ නෙත ගැටිණි.මෙය මගේ ද හෘද සාක්ෂියේ වේදනාවයි. අවාසනාවට ...
පාසැල් අධ්‍යාපනයේ බිහිසුණුකම්: තවත් කෝණයක් සිනමා කතිකා ඇය මගේ මිතුරියකි; පාසැල් ගුරුවරියකි; මවකි. සිය දියණිය මහනුවර ප්‍රසිද්ධම පාසැලකට ඇතුළු කරගැනීමේ විසල් සිහිනයක, දියණිය ඉපැදුණු මොහොතේ සිටම ගිලී උන් තැනැත්තියකි. මේ එළැඹ තිබෙන්නේ ඇගේ සිහිනය සැබෑවක් වන හෝ නොවන 2021 වසරයි. එම සිහිනය සාක්ෂාත් කරගනු වස් ගෙවුණු වසර ගණනාව මුළුල්ලේම ඇය විසින් සිදු කොට තිබුණු කැප කිරීම් ලාංකීය අධ්‍යාපන ක්‍රමය පිළිබඳ බිහිසුණු චිත්‍රයක් අප ඉදිරිපිට තබන බව සඳහන් ...