ජගත් චමිලගේ ගෙයි බිත්තියට මුවා වී සංජීව පුෂ්පකුමාරට වෙඩි තැබීම සිනමා කතිකා ජගත් චමිල සම්මානයක් දිනා ගත්තේ ය. ඒ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලිනි. එහෙත් මෙරට බොහෝ මාධ්‍ය එය වර නැගුවේ වැරදි අයුරිනි. ඒ ‘ජගත් චමිල නිව්යෝර්ක් සම්මාන උළෙලේදී ලෝකයේ හොඳම නළුවා වෙයි“ යනුවෙන් ලියමිනි. නිව්යෝර්ක් සම්මාන උළෙලත්, නිව්යෝර්ක්සිටි සම්මාන උළෙලත් එකක් නොව දෙකක් බව බොහෝ දෙනෙකු කීවේ නැත. අන්තිමේ දී ජගත් චමිලටම ‘මම දින්නේ ඒකෙන්වත් දෝ‘යි සැක හිතෙන තරමට ...
කියවීම ‘උමතුවක්‘ ලෙස ගැනීම: සංස්කෘතික මිනිසකු ගොඩ නඟා ගනු පිණිස සිනමා කතිකා (2019 අගෝස්තු 11 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)සතිපතා තමන් වෙත හෝ තමන් වෙතින් විශ්‍රාමික මහාචාර්යවරයෙකු වෙතින් හෝ වෙත යොමු වන නිශ්චිත දුරකථන ඇමතුමක් ගැන දීර්ඝ සහ අනර්ඝ සටහනක් පසුගිය සතියේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් සිය ෆේස්බුක් අඩවියේ පළ කොට තිබිණි. “මොනවද මේ දවස්වල කියවන්නෙ?“ යන නියත පැනය කුමන හෝ අන්තයක් වෙත නියතව යොමු වන මේ ඇමතුම ස්වකීය කියවීමේ ‘උමතුව‘ බෙදාහදා ...
පතී සර්...! : අසම්මත ගුරුවරයා සිනමා කතිකා ප්‍රවිශ්ටය“පතී සර් ගැන ශිෂ්‍යයෙක් දකින හැටියට ලියන්න... ඔයාට තමයි ඒක කරන්න පුළුවන්!“ඔබ අතැති මේ කෘතිය සම්පාදනය වන අවධියේ මා ඇමතූ අතුල සර් (අතුල සමරකෝන්) කියා සිටියේ ය. මහාචාර්ය සිවමෝහන් සුමති, සෙනේෂ් බණ්ඩාර දිසානායක ඇතුළු කෘතිය හා සම්බන්ධව උන් සෙසු පිරිස එය අනුමත කළ හ. මා වෙත ලද ගෞරවයක් ලෙස එය පිළිගත් මම මගේ ආදරණීය ගුරුවරයා ගැන ලියන්නට මහත් උද්දාමයෙන් පෑන ...
ලංකා සාන්ත සහ ඩේමියන් සිනමා කතිකා (2020 පෙබරවාරි 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)සුනිල් සාන්තමට ලංකා සාන්ත සහ ඩේමියන් හමු විය. ඒ ගෙවුණු සති අන්තයේ ය. ලංකා සාන්ත යනු සුනිල් සාන්ත නමැති, සංගීත චින්තනයක් රටට ඇති කිරීමට, රටේ සියල්ලන්ට භාවිතයට කැඳවිය හැකි අනන්‍ය සංගීතයක් සොයා යාමට කටයුතු කළ විශිෂ්ට මිනිසාගේ දෙවැනි පුත්‍රයා ය. ඩේමියන් යනු මීගමු ප්‍රදේශයේ කුඩා විලා හෝටලයක ආවතේවකරුවකු ලෙස කටයුතු කරන, වැදූ මවගෙන් ...
නිර්මාණාත්මක විද්‍යාර්ථියා තනාගැනීම: අසීමිත වන්දනයෙන් ඉවතට! සිනමා කතිකා (2019 මාර්තු 17 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) වසරාරම්භක සමය යනු (පේරාදෙණි කලා පීඨය තුළ නම්) සිය පළමු වසර අවසන් කළ විද්‍යාර්ථීන් සිය විශේෂවේදී උපාධිය සඳහා සුදුසු පාඨමාලා විමසන යුගයයි. නැතහොත් ස්ව කැමැත්තෙන් හෝ සුදුසුකම් අවම වීම නිසා සාමාන්‍ය උපාධි වෙත යොමුවන යුගයයි. මා සේවය කරන ලලිත කලා අධ්‍යයනාංශය වෙත පැමිණ, සිනමාව හා ටෙලිවිෂනය සිය ලලිත කලා විශේෂවේදී උපාධිය සඳහා ...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මෙහෙය අගයයි! සිනමා කතිකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සිය වාර්ෂික මහ සභාවේදී මෙවර අප අතරින් වෙන්ව ගිය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මෙහෙය අගයමින් විශේෂ ඇගයුම් සම්මානයක් පතිරාජ මැතිණිය වෙත පිරිනමන්නට කටයුතු කළේ ය. ඒ සඳහා හේතු පාඨය ඉදිරිපත් කිරීමට මවෙත ආරාධනා කරන ලද අතර මෙහි පහත පළ කරන්නේ 2018 මාර්තු මස 25 වැනි දින පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේදී පැවති එම හමුවේ දී මවිසින් ඉදිරිපත් ...
ශක්තික හා පෙළට සිටගනිමු: වාරණයේ භීෂණ මුහුණවරට එරෙහිව! සිනමා කතිකා (2019 අප්‍රේල් 07 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) මෙය ලියන මේ මොහොතට වඩා, පළ කෙරෙන මොහොත වන විට, පුවත්පත ඔබ අතට පත් වන මොහොත වන විට, ශක්තික සත්කුමාර නාමය තවදුරටත් ජනප්‍රියව තිබෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඔහු ලියා ඇති ‘අර්ධ‘ නමැති කෙටි කතාවට එරෙහිව ‘බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුණ‘ නමැති සංවිධානයක් බුදුදහමට අපහාස වන්නේ යැයි පොල්ගහවෙල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව යෞවන ...
සිනමා සම්මාන: තීන්දු, තීරණ, වේදනා සහ ‘පොර ටෝක්‘ සිනමා කතිකා ප්රවේශයකේ සරා හිරු සිනමා සම්මාන, දෙරණ සිනමා සම්මාන සහ ඕසීඅයිසී සිනමා සම්මාන උළෙලවල් මේ වසරේ පැවැත්වී අවසාන ය. ඒ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල දෙවන වර ප්‍රේක්ෂකයා අභිමුවට ආ ආසන්න කාලයේ දීම ය. යාපනයේ ජාත්‍යන්තර සිනමා උළෙලක් පළමුවරට පැවැත්වුණේ ද මේ සියල්ලට මොහොතකට පෙර ය. ඒ අතරතුර විවිධ කෙටි චිත්‍රපට උළෙල පැවත්වී අවසන්ව හා පැවැත්වෙමින් ද තිබේ. ඒ අනුව මේ එක්තරා ...
බලාගෙන...! සිනමා කතිකා කුඩා දිනවල මා මහමගට බැස පාසැලට හෝ වෙනයම් තැනකට යන්නට යන විට දෙමාපිය, වැඩිහිටියෝ මට මෙසේ කීහ.“පරිස්සමින්... පාරෙ යන්නෙ බලාගෙන...! වාහන එනව...“මා කොතරම් ප්‍රවේශමකින් මහමග ගමන් කළත් මග යනෙන වාහන පිළිබඳ කිසිදු වැඩිහිටියකු තුළ විශ්වාසයක් තිබුණේ නැත. හිටි අඩියේ, තක්කඩි රියදුරකුගේ නොසැලකිලිමත් රිය පැදවීමකින් මාහට අනතුරක් වනු ඇතැයි යන බිය ඔවුන් තුළ තිබෙන්නට ඇත. ඒ සිතුවිල්ලේ ඇති වරදකුත් නැති ...
(ප්‍රසූත) මරණින් මතු ජීවිතය සිනමා කතිකා එක් මවකගේ කුස තුළ දරුවන් දෙදෙනෙක් වැඩෙමින් සිටිය හ. එක් මොහොතක එකෙකු අනෙකාගෙන් මෙසේ ඇසී ය.“උඹ ප්‍රසූතියෙන් පස්සේ ජීවිතයක් ගැන විශ්වාස කරනවා ද?“ අනෙකා පිළිවදන් දුන්නේ, “ ඇයි? ඇත්තටම ඔව්. ප්‍රසූතියෙන් පස්සෙ යමක් තියෙන්නම ඕනෙ. සමහර විට අපි මෙතන ඉන්නෙ පස්සෙ කාලෙක අපි ඉන්න විදියට සූදානම් කරන්න වෙන්න ඇති.““විකාර!“ පළමුවැන්නා කතා කරන්නට විය. “ප්‍රසූතියෙන් පස්සෙ ජීවිතයක් නෑ. මොන වගේ එකක් ...
භාෂා භාවිතයේ අර්බුද: අප දෙසම හැරී බලන්නට කවුළුවක් ලෙස සිනමා කතිකා (2019 ජනවාරි 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) “බ්ලැක් ෆැට් රයිස් ෆ්ලයිස් වෙරි එරිත්මැටික්!“ අප කුඩා කල මපියාණන් විසින් නොදන්නා ඉංග්‍රීසි කතා කරන්නට ගිය අයෙකු ‘කළුතර හාල් මැස්සන් හරි ගණන්‘ යන්න ඉංග්‍රීසි බසින් ඉහත පරිදි වැහැරූ බව කියන ලද්දේ අප සිනා ගැන්වීමට ය. පාසැලේ සාමාන්‍ය පෙළ දක්වා පමණක් ඉගෙන ගෙන, වතු ලිපිකරුවකු ලෙස සේවය කරමින් උන් අපගේ පියාට හොඳින් ඉංග්‍රීසි ...
දෙව්ලොව දරුවෝ (ජීවිත සිනමාව / රිවිර සිනමා කොලම - 6) සිනමා කතිකා අලී කුඩා නව හැවිරිදි දරුවෙකි. සිය ආදරණීය සත් හැවිරිදි නැගණිය සාරාගේ ඉරිණු සපත්තු යුවළ අලුත්වැඩියා කරගත් විගස ඔහු නිවස කරා දිව යන්නේ පසුදා අලුයම පාසැලට යන්නට නොනිත් ආසාවකින් මග බලා සිටින ඈ සතුටු කරනු රිසියෙනි. අතරමග කුඩා වෙළඳ සැළක අම්මා වෙනුවෙන් අර්තාපල් මිලට ගන්නට නතර වන නිමේෂය ඒ බලාපොරොත්තුව තමන් වෙතින් ඉවත් කරන්නට හේතු සාදනු ඇතැයි ඔහු මොහොතකට හෝ සිතන්නේ ...
විචිත්‍රත්වයෙන් විභාවනයට: විශ්වවිද්‍යාල කලා කථිකාවේ නව මැදිහත්වීම සිනමා කතිකා (2019 මාර්තු 31 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ ‘වල සතිය’ ගැන ලියා සතියක් ගත වුණු විගස යළිත් විශ්වවිද්‍යාල දෙසටම හැරීම ගැන ඔබ උරණ නොවනු ඇතැයි මම සිතමි. ‘විභාවන’ නමින් සිනමා හා කලා උළෙලක් පේරාදෙණියේ දී දිග හැරෙන්නේ එළඹෙන අප්‍රේල් 03, 04 සහ 05 යන දිනයන්හිදී බැවින් මෙය කලින් ලියා තැබීම යෙහෙකි ය යන්න මගේ අදහසයි. විශ්වවිද්‍යාල, විශේෂයෙන් පේරාදෙණිය, ...
‘පෙත්තප්පු බත් කෑව ද?‘: මොහාන් සමරනායකට සාහසික නැති ප්‍රශ්නයක් සිනමා කතිකා “ධම්මගෙන් අහපු හැම ප්‍රශ්නයක්ම සාහසිකයි!“දීර්ඝ වාදයක් කෙළවර දී, දැඩි ආවේගයකින් මෙසේ ප්‍රකාශ කළේ ජනාධිපති උපදේශකයකු වූ මොහාන් සමරනායක නැමැත්තෙකි. සිරස රූපවාහිනියේ මේ දිනවල ප්‍රචාරය වන ‘සටන‘ දේශපාලන සංවාදය තුළ දී දිගින් දිගටම මාධ්‍යවේදීන් විසින් ධම්ම දිසානායක නැමැත්තෙකුගෙන් ප්‍රශ්න ඇසීම ඔහුගේ ජුවල් යාමට හේතු වී තිබිණි. මාධ්‍ය ආචාරධර්ම සිහි කරමින් චන්දන සූරියබණ්ඩාර ප්රමුඛ සිරස කණ්ඩායමට ‘රිඹ යන්නට නෙළූ‘ සමරනායක නැමැත්තා අවසානයේ ...
සිංගප්පූරුව අතහැර කොස්ටාරිකාව දෙසට හැරෙමු! සිනමා කතිකා (2019 ජනවාරි 13 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) කොස්ටාරිකා නව වසරක් එළඹ ඇත. සුපුරුදු පරිදි, සියලුම මාධ්‍යයන් භාවිතා කරමින් රාජ්‍ය නායකයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සියල්ලෝම සෙස්සන්ට සුබ අලුත් අවුරුද්දකට ආසිරි පතමින් සිටිති. වඩා යහපත් හෙට දිනයක් උදෙසා එකිනෙකා වෙත සුබ පැතුම් එක් කිරීම වඩාත් යහපත් කටයුත්තක් වුවත්, එය පොදුවේ සමාන සිතුවිලි දාමයකට සියල්ලන් කැඳවීමක් වුවත් ‘සුබ නව වසර‘ යනුවෙන් ...
නමක් නැති නාට්‍ය කණ්ඩායමේ කතා හතර සිනමා කතිකා (2019 අප්‍රේල් 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)‘මේක දාල කොහේ යන්න ද? මේක අපේ තැන!“මේ පැනය අසන්නේ තරුණයෙකි. ඔහු ‘කටු රැවුලක් වැවුණු, ගිලුණු හකු පාඩා ඇති‘ හීන්දෑරි එකෙකි. ප්රශ්නය අසන්නට මොහොතකට පෙර, ඔහුට අහම්බෙන් හමුවුණු, මළ ගෙදරක ගොස් නිවෙස් බලා යමින් සිටි, ධර්මදාසත්, ප්‍රනාන්දුත්, රත්නායකත් ඔහුට බරපතල ලෙස පහර දී යන්නට ගිය බව ප්‍රේක්ෂාගාරයේ සිටින අප ඇසින් දැක අවසාන ය. ...
මවුනගුරු මුණ(නො)ගැසීම සිනමා කතිකා (2019 ජූනි 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)“ලංකාවේ සමාජය හරියට දේදුන්නක් වගේ. අපිට ඒ පාට හතම ඕනෙ. එතකොටයි මේක ලස්සන!”මේ ප්‍රකාශය මහාචාර්ය එස්. මවුනගුරුගේ මුවින් පිටවූයේ ගෙවුණු සති අන්තයේ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ පශ්චාත් උපාධි විද්‍යාර්ථීන් සඳහා සිදු කළ මහරු දේශනය කෙළවර ය. සිය 77වැනි උපන් දිනය පේරාදෙණියේ ලලිත කලා විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් සමග සැමරූ මහාචාර්ය මවුනගුරු, පේරාදෙණිය ...
“අපි කවදාවත් දන්නෙ නැහැ ඊළඟ මිනිත්තුවෙ මොනව වෙයිද කියල“ සිනමා කතිකා පහත සම්මුඛ සාකච්ඡාව ප්‍රංශයේ නන්තෙස් නගරයේ පැවැත්වෙන ත්‍රෛ මහද්වීපික (ආසියානු, අප්‍රිකානු, සහ ලතින් ඇමරිකානු) සිනමා උළෙල වෙත 2011 වසරේ දී සිය ‘ඉගිල්ලෙන මාළුවෝ‘ සිනමා කෘතිය ඉදිරිපත් කිරීමෙන් පසු Indes Réunionnaises වෙබ් අඩවිය සමඟ සංජීව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයකි. කාලීන වැදගත්කම සළකා එය ‘අළු‘ බ්ලොග් අඩවියේ පළ කරමු. ප්රශ්නය : ආයුබෝවන් සංජීව පුෂ්පකුමාර. කරුණාකරල, මුලින්ම අපේ පාඨකයින්ට ඔබව හඳුන්වල දෙන්න ...
‘කැමොෆ්ලාජ් යුක්තිය‘ට එදිරිව ‘කලාකෘතිමය කැමොෆ්ලාජය‘: සමකාලීන ශ්‍රී ලාංකික කලා භාවිතය ඇසුරින් කෙරෙන විමසුමක් සිනමා කතිකා (2013 ජූලි මස දී සිඩ්නි විශ්වවිද්‍යාලයීය නීති පීඨයේ පැවති උසස් පර්යේෂණ සමුළුවට මවිසින් ඉදිරිපත් කළ පත්‍රිකාව සඳහා කළ දේශනයේ සෘජු සිංහල පරිවර්තනය)මේ සමුළුවට මගේ පර්යේෂණ පත්‍රිකාව භාරගත්තට පස්සෙ, ගිය සතියෙ මැද මේ සමුළුවේ වැඩ සටහන මට ඊ-මේල් එකකින් ලැබුණ. ඒකෙ තිබුණු හැටියට මගේ පර්යේෂණය ගැන මම කතා කරන්න නියම වෙලා තිබුණෙ අද උදේ තිබුණු ‘Violence and Media’ කියන තේමාව ගත්තු ...
සෙසෑන් වෙත ලියමි! සිනමා කතිකා සෙසෑන් විසින් චිත්රණය කළ සෝලාගේ රුවක්ලොව හමුවන විශිෂ්ට ලේඛකයින්, නිර්මාණකරුවන් බොහොමයක් සිය අදීන චින්තනයන් නිසා ද, මරණින් මතු වුව, ඇගයුමට පාත්රව ඇත. ප්‍රකට ප්‍රංශ ලේඛක එමිල් සෝලාගේ (1840 -1902) ජීවන වෘත්තය දෙසට එබී බලන්නෙකුට ද හමුවන්නේ එවන් මිනිසෙකි. ලෝ ප්‍රකට ප්‍රංශ සිත්තරකු වන පෝල් සෙසෑන් (1839 – 1906) ගේ ප්‍රාණ සම සුමිතුරා වූයේ සෝලා ය. දෙදෙන සිය දිගු මිත්‍ර ...