නමක් නැති නාට්‍ය කණ්ඩායමේ කතා හතර සිනමා කතිකා (2019 අප්‍රේල් 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)‘මේක දාල කොහේ යන්න ද? මේක අපේ තැන!“මේ පැනය අසන්නේ තරුණයෙකි. ඔහු ‘කටු රැවුලක් වැවුණු, ගිලුණු හකු පාඩා ඇති‘ හීන්දෑරි එකෙකි. ප්රශ්නය අසන්නට මොහොතකට පෙර, ඔහුට අහම්බෙන් හමුවුණු, මළ ගෙදරක ගොස් නිවෙස් බලා යමින් සිටි, ධර්මදාසත්, ප්‍රනාන්දුත්, රත්නායකත් ඔහුට බරපතල ලෙස පහර දී යන්නට ගිය බව ප්‍රේක්ෂාගාරයේ සිටින අප ඇසින් දැක අවසාන ය. ...
ශක්තික හා පෙළට සිටගනිමු: වාරණයේ භීෂණ මුහුණවරට එරෙහිව! සිනමා කතිකා (2019 අප්‍රේල් 07 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) මෙය ලියන මේ මොහොතට වඩා, පළ කෙරෙන මොහොත වන විට, පුවත්පත ඔබ අතට පත් වන මොහොත වන විට, ශක්තික සත්කුමාර නාමය තවදුරටත් ජනප්‍රියව තිබෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඔහු ලියා ඇති ‘අර්ධ‘ නමැති කෙටි කතාවට එරෙහිව ‘බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුණ‘ නමැති සංවිධානයක් බුදුදහමට අපහාස වන්නේ යැයි පොල්ගහවෙල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව යෞවන ...
විචිත්‍රත්වයෙන් විභාවනයට: විශ්වවිද්‍යාල කලා කථිකාවේ නව මැදිහත්වීම සිනමා කතිකා (2019 මාර්තු 31 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ ‘වල සතිය’ ගැන ලියා සතියක් ගත වුණු විගස යළිත් විශ්වවිද්‍යාල දෙසටම හැරීම ගැන ඔබ උරණ නොවනු ඇතැයි මම සිතමි. ‘විභාවන’ නමින් සිනමා හා කලා උළෙලක් පේරාදෙණියේ දී දිග හැරෙන්නේ එළඹෙන අප්‍රේල් 03, 04 සහ 05 යන දිනයන්හිදී බැවින් මෙය කලින් ලියා තැබීම යෙහෙකි ය යන්න මගේ අදහසයි. විශ්වවිද්‍යාල, විශේෂයෙන් පේරාදෙණිය, ...
පේරාදෙණි වල සතිය ‘වලෙන්‘ ගොඩ ගැනීම සිනමා කතිකා (2019 මාර්තු 24 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)එළඹෙන සතියේ පේරාදෙණියේ ‘වල‘ ඇරඹීමට නියමිත ය. මේ ලියන මොහොත වන විට මහනුවර අවට පවතින අධික උණුසුම්, වැසි රහිත තත්වය හිටි අඩියේම වෙනස් වී, වැස්සෙන් ප්‍රදේශය ඉතිරී ගොස් හෝ නැතහොත් පසුගිය වසරේ මෙම මාසය වන විට පැවති අනධ්‍යයන සේවක වැඩ වර්ජනය වැනි විශ්වවිද්‍යාල අකර්මණ්‍ය කරන වැඩ වර්ජනයක් හදිසියේම ඇරඹී හෝ නොතිබුණහොත් ‘වල‘ පැවැත්වෙනු ...
නිර්මාණාත්මක විද්‍යාර්ථියා තනාගැනීම: අසීමිත වන්දනයෙන් ඉවතට! සිනමා කතිකා (2019 මාර්තු 17 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) වසරාරම්භක සමය යනු (පේරාදෙණි කලා පීඨය තුළ නම්) සිය පළමු වසර අවසන් කළ විද්‍යාර්ථීන් සිය විශේෂවේදී උපාධිය සඳහා සුදුසු පාඨමාලා විමසන යුගයයි. නැතහොත් ස්ව කැමැත්තෙන් හෝ සුදුසුකම් අවම වීම නිසා සාමාන්‍ය උපාධි වෙත යොමුවන යුගයයි. මා සේවය කරන ලලිත කලා අධ්‍යයනාංශය වෙත පැමිණ, සිනමාව හා ටෙලිවිෂනය සිය ලලිත කලා විශේෂවේදී උපාධිය සඳහා ...
නැෂනල් ඇම්නීසියා! සිනමා කතිකා (2019 මාර්තු 10 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)සෑම සති අන්තයකම ඔබ අතට පත්වන ‘අනිද්දා‘ පුවත්පතෙහි හැන්දෑව අතිරේකය සඳහා සාහිත කලා මුල් කොටගත් කුඩා ලිපියක් සම්පාදනය කිරීමට එහි සංස්කාරකවරයාගෙන් ආරාධනා ලැබ කෙටි කලක් ගෙවී ගොස් ය. මෙම ලිපිය (නමක් නොලද තීරුව) ලිවීම ආරම්භ කළ දා පටන්, මගේ කාර්යබහුලත්වය නිසා එක් සතියකත්, පුවත්පතේ හැන්දෑව අතිරේකය පළ නොවීම නිසා තවත් සතියකත් හැර, එක ...
වීරයා යළි කැඳවීම: පුංචි තිරය නිසි එල්ලයට... සිනමා කතිකා (2019 මාර්තු 03 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)“අපි කරපිංචා බං... උන්ගෙ හොද්දෙ තැම්බෙනකං හොඳයි... හොද්ද ඉදිල පිඟානට බෙදාගත්ත ගමංම ඉස්සෙල්ලාම කරන්නෙ සූප්පු කරල පැත්තකිං තියන එක... අපි කරපිංචා!“හමුදා සේවයේ දී හදිසියේ අතුරුදහන් ව, මියගියා යැයි සැක කොට දුන් දානමානාදියත් කෙළවර වූ පසු, පෙම්වතිය තවකකු හා විවාහ වී දරුවකු ද ලැබ වසර දෙකක් ඉක්ම ගිය අනතුරුව, නෙත් අඳ තැනැත්තෙකු ලෙස එක්වරම ...
කිඩ්ස් (බ්)ලාස්ට්!: දරුවන්ට හොඳම දේ ද? සිනමා කතිකා (2019 පෙබරවාරි 24 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)යන්තමින් සිවුවන වියට ළඟා වෙමින් ඉන්නා මගේ කුඩා පුතුත්, දෙහැවිරිදි විය පසු කළ දියණියත් සතියේ දිනවල යෙදෙන මගේත්, බිරිඳගේත් වෘත්තීමය කාර්යබහුලත්වය ඉදිරියේ, අත්තම්මා සමග, බිරිඳගේ මහගෙදරට වී කාලය ගත කරති. දිනපතා උදෑසන ගුරු සේවයට යන බිරිඳ යළි සන්ධ්‍යාව එළඹෙත්ම නිවසට පැමිණියත්, සති අන්තය හැකි උපරිම කාලය ඔවුන් හා ගත කරන අදිටනින් මා ඔවුන් ...
භාෂා භාවිතයේ අර්බුද: අප දෙසම හැරී බලන්නට කවුළුවක් ලෙස සිනමා කතිකා (2019 ජනවාරි 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) “බ්ලැක් ෆැට් රයිස් ෆ්ලයිස් වෙරි එරිත්මැටික්!“ අප කුඩා කල මපියාණන් විසින් නොදන්නා ඉංග්‍රීසි කතා කරන්නට ගිය අයෙකු ‘කළුතර හාල් මැස්සන් හරි ගණන්‘ යන්න ඉංග්‍රීසි බසින් ඉහත පරිදි වැහැරූ බව කියන ලද්දේ අප සිනා ගැන්වීමට ය. පාසැලේ සාමාන්‍ය පෙළ දක්වා පමණක් ඉගෙන ගෙන, වතු ලිපිකරුවකු ලෙස සේවය කරමින් උන් අපගේ පියාට හොඳින් ඉංග්‍රීසි ...
සිංගප්පූරුව අතහැර කොස්ටාරිකාව දෙසට හැරෙමු! සිනමා කතිකා (2019 ජනවාරි 13 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) කොස්ටාරිකා නව වසරක් එළඹ ඇත. සුපුරුදු පරිදි, සියලුම මාධ්‍යයන් භාවිතා කරමින් රාජ්‍ය නායකයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සියල්ලෝම සෙස්සන්ට සුබ අලුත් අවුරුද්දකට ආසිරි පතමින් සිටිති. වඩා යහපත් හෙට දිනයක් උදෙසා එකිනෙකා වෙත සුබ පැතුම් එක් කිරීම වඩාත් යහපත් කටයුත්තක් වුවත්, එය පොදුවේ සමාන සිතුවිලි දාමයකට සියල්ලන් කැඳවීමක් වුවත් ‘සුබ නව වසර‘ යනුවෙන් ...
පතී සර්...! : අසම්මත ගුරුවරයා සිනමා කතිකා ප්‍රවිශ්ටය“පතී සර් ගැන ශිෂ්‍යයෙක් දකින හැටියට ලියන්න... ඔයාට තමයි ඒක කරන්න පුළුවන්!“ඔබ අතැති මේ කෘතිය සම්පාදනය වන අවධියේ මා ඇමතූ අතුල සර් (අතුල සමරකෝන්) කියා සිටියේ ය. මහාචාර්ය සිවමෝහන් සුමති, සෙනේෂ් බණ්ඩාර දිසානායක ඇතුළු කෘතිය හා සම්බන්ධව උන් සෙසු පිරිස එය අනුමත කළ හ. මා වෙත ලද ගෞරවයක් ලෙස එය පිළිගත් මම මගේ ආදරණීය ගුරුවරයා ගැන ලියන්නට මහත් උද්දාමයෙන් පෑන ...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මෙහෙය අගයයි! සිනමා කතිකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සිය වාර්ෂික මහ සභාවේදී මෙවර අප අතරින් වෙන්ව ගිය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මෙහෙය අගයමින් විශේෂ ඇගයුම් සම්මානයක් පතිරාජ මැතිණිය වෙත පිරිනමන්නට කටයුතු කළේ ය. ඒ සඳහා හේතු පාඨය ඉදිරිපත් කිරීමට මවෙත ආරාධනා කරන ලද අතර මෙහි පහත පළ කරන්නේ 2018 මාර්තු මස 25 වැනි දින පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේදී පැවති එම හමුවේ දී මවිසින් ඉදිරිපත් ...
දෙවැනි අර්ධයේදී සිහිනයෙන් අවදි වීම: නිනෝට, නුනූට සහ ටෲමන්ට එරෙහිව නිශාන්ත සහ රුචී සිනමා කතිකා පෙර සටහන:‘නිනෝ ලයිව්’ මට මුලින්ම දකින්නට ලැබුණේ පසුගිය දශකාවසනයත් සමග විය යුතු ය. ඒ ‘මහනුවර ජාත්‍යන්තර සිනමා උළෙලේ’ දී ය. කුඩා ‘සිනමා ශාලා නොවන’ අවකාශයක් සිනමා ශාලාවක් බවට හරවා ‘කැන්ඩි සිටි සෙන්ටර්’හිදී චිත්‍රපටය නැරඹූ කුඩා ප්‍රේක්ෂක පිරිස ඉදිරියේ එක් සැණෙකින් තරුණ අධ්යක්ෂවරයා, තිසර ඉඹුලාන, වීරයෙකු බවට පත් විය. රියැලිටි වැඩසටහන් උන්මාදයක්ව රටපුරා පැතිර නැගී තිබුණු සමයක තිසරගේ සිනමා ආගමනය, බොලිවුඩ් ...
ජීවිත ලැයිස්තුව සිනමා කතිකා ජර්මන් නාසි හමුදා යුරෝපීය රටවල් ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදෙන දෙවන ලෝක යුද්ධයේ ආරම්භක අවධියේ පෝලන්තය බලා, සිය වාසනාව සොයා පැමිණෙන, එක්තරා ජර්මානු ජාතිකයෙකි. පෝලන්තය දිනූ සිය හමුදාවන්ගේ බලයෙහි පිහිටෙන් එහි ඇරඹෙන නව කම්හල් සිය ජීවිතයේ ඉදිරිය තෘප්තකර කරනු ඇතැයි ඔහු විශ්වාස කරයි. එහෙත්, නාසි පාලනය වෙත මුලින් එක්ව සිටිය ද, මනුෂ්‍යත්වයට නිගා දෙන, ඇදහිය නොහැකි අපරාධ මේ තනි මිනිසා කම්පනයට ...
බයිසිකලය සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 19)දෙවැනි ලෝක යුද්ධය නිමා වී ඇත. යුද්ධයේ අඳුරු සෙවණැලි කෙමෙන් වියැකී යමින් පවතී. රෝම නගරාසන්න වැල් මෙලෙයිනා හි වෙසෙන රිකි, සිය අදරැති බිරිද මරීනාගේත්, කුඩා සුරතල් පුතු බෘෘනෝගේත් කුස ගිනි නිවනු පිණිස සුළු හෝ රැකියාවක් බලාපොරොත්තුවෙන් නගරය වෙත ගොසිනි. යුද්ධයේ භීම සමය විසින් උදුරාගත් ජීවිතවලට කෙසේ වුව, දිවි රැකුණු රිකිලාගේ ජීවිත නවමු භීමයකට ගොදුරු වෙමින් පවතින්නේ යුද්ධය ...
කුසලානය සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 17)ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක උණුසුම ලොව පුරා පැතිරෙමින් පවතින සමයකි. ජපානය හෝ දකුණු කොරියාව හෝ අරාබිකරයෙන් වාසනාව උරුම කරගත්, පාපන්දුව මනා ලෙස හසුරුවන, එක් රටක් හැර වෙනත් කිසිදු ආසියාතික රටක් අවසන් කණ්ඩායම් අතරට නොපිවිසුණ ද කිසිදු වෙනසක් නැතිවම තරග දෙස බලා සිටින අසීමිත පාපන්දුලෝලීන් සමස්ථ ආසියාකරය පුරා ද විහිද සිටිනු ඇත. ඉන්දියාවේ ඈත උතුරු ඉමට වන්නට ...
‘යුධ බිමේ‘ ගැහැණිය - මලීනා සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 16)ඒ 1940 වර්ෂයයි. දෙවැනි ලෝක යුද්ධයේ බිහිසුණු දුම් වළලු යුරෝපය පුරා පැතිරෙමින් පවතින අවදියයි. උදෑසන ගුවන් විදුලියට සවන් දෙන දොළොස් වියැති පිරිමි ළමයෙකු වන රෙනාටෝ සිය මව් රට වූ ඉතාලිය යුද්ධයට අවතීර්ණ වූ බව දැනගනියි. නමුත් ඒ දිනය ඔහුට වැදගත් වන්නේ ඒ නිසාවෙන්ම නොවේ. ළමා වයසින් යෞවන වියට එළැඹීමේ මුව දොර සිටින සම වසස් මිතුරන් හා සිසිලියේ ...
පුංචි පාදඩයා සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 15)විසිවැනි සියවස ඇරඹෙන සමයේ ආරම්භක දශකයක, ඇමරිකානු නගර වීදියක බකල ගසමින් ඇවිද යන එක් කුඩා මිනිසෙකි. එල්ලා වැටෙන ඉරී ගිය කලිසම, ඇඟටම හිරවී ගිය උඩු කබාය, අත රැදි බස්තම, හිස රැදී තොප්පිය හා මුවට ඉහළින් වන ‘හිට්ලර් පන්නයේ‘ උඩු රැවුල ඔහු වෙත ගෙන එන්නේ විසුළු පෙනුමකි. නගර වීදි කෙළවර පත්තර විකුණන කොල්ලන් ඔහු වෙත ගල් කැට විසි ...
රතු බල්ලා සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 14)සිය පෙම්වතිය වූ නැන්සි මුණ ගැසී යළි නවාතැන බලා එන අතරතුර, හැමර්ස්ලි යකඩ ආකරයේ බස් රථ රියදුරු, කඩවසම් තරුණයකු වූ ජෝන්ගේ මෝටර් බයිසිකලය කැන්ගරුවකු හා ගැටේ. ජෝන්ගේ මළ සිරුර ආකර කම්කරුවන් විසින් සොයාගැනෙන්නේ පසුදා උදයේ ය. නැන්සිගේත්, ජෝන්ගේ මිතුරු කම්කරුවන්ගේත් දැඩි කම්පනයට හේතුවන මෙම මරණය, දින කිහිපයකට ජෝන්ගේ ප්‍රාණසම මිතුරා පිළිබඳ සොයා බැලීමට ඔවුන්ට අමතක කරවයි. ...
ඇස් දෙකක්, සහෝදරියක් සහ දේදුන්නක්! (ජීවිත සිනමාව) සිනමා කතිකා (රිවිර සිනමා කොලම- 13)සෑම උදෑසනකම පාසැල් යාම සඳහා සිය කුඩා නිවසින් පිටතට එන පාරි සහ චෝටු කාසියේ වාසිය උරගා බලති. පාරි ජය ලැබුවහොත් පාසැල කරා ඇවිද යන තුරුම ඇය සිය සිනමා වීරයා වන ශාරුක් ඛාන්ගේ චිත්‍රපට කතාවක් චෝටු වෙත කියනු ඇත. ඒ චෝටුගේ වාරය නම් ඔහු තෝරාගනු ඇත්තේ ඔහුගේ සිනමා වීරයා වන සල්මන් ඛාන් රඟන චිත්‍රපටයක කතාවකි. ශාරුක් සහ සල්මාන් ...