මහනුවර: ලාංකික නගර අවකාශයේ පැතිකඩක් ලෙස සිනමා කතිකා (මෙම ලිපියේ සංස්කරණය කළ පිටපතක් පසුගිය ඔක්තෝබර් 06 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළ විය. මේ ලිපියේ සම්පූර්ණ පිටපතයි.)මෙය ලියන මගේ උපන් ගම පිහිටා ඇත්තේ මහනුවර නගරයට කිලෝ මීටර පහක හයක තරම් දුරකිනි. ප්‍රාථමික අධ්‍යාපනයේ පටන් උසස් අධ්‍යාපනය දක්වාම ලබාගත් ආයතන පිහිටා ඇත්තේ මහනුවර නගරය තුළ හෝ නගරාසන්නයේ බැවිනුත්, වත්මන් රැකියාව මෙන්ම, වසර කිහිපයකදී හැර, රැකියාස්ථානය පවා පිහිටියේ ද නගරාසන්නයේ බැවිනුත් ...
ෆ්රෑන්ක් කැප්රියෝලා ඕනෑ කර තිබේ! සිනමා කතිකා (2019 සැප්තැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)ඇමරිකානු අධිකරණ ශාලාවක විත්තියට ගොඩ වදින සිරියානු ජාතික, හිජාබයකින් හිස වසාගත් ගැහැණියකි. කුඩා බුහුටි දැරියක් ද ඇය සමග වෙයි. ගැහැණිය කැඩුණු ඉංග්‍රීසියෙන් විනිසුරු අමතා මෙසේ කියයි.“මට එච්චර ඉංග්‍රීසි බෑ. මට පුළුවන් හරිම ටිකයි. මගෙ දුව මට උදව් කරයි.“කරුණාබරිත පෙනුමකින් යුත්, වයෝවෘද්ධ විනිසුරුවරයා දැරියට අත වනයි.“හායි!““ඔයා ඔයාගෙ අම්මට උදව් කරන්න ද යන්නෙ?“දැරිය හිස සොළවා ...
විදේශ ශිෂ්‍යත්ව: සංවර්ධනය අර්ථ ගැන්වීමේ ගැටළුවෙහි පැතිකඩක් ලෙස සිනමා කතිකා (2019 සැප්තැම්බර් 22 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)සිය දිවියෙන් දිගු කාලයක් විශ්වවිද්‍යාල සේවයට එක්වීම සඳහා විවිධ අරගල කරමින් උන්, සැබෑ ශාස්ත්‍ර ගවේෂණ උනන්දුවක් ඇති, මා දන්නා හඳුනන මිතුරියකට දැනට වසරකට පමණ පෙර සිය සිහිනය සැබෑ කරගැනීමේ අවස්ථාව උදා විය. ඒ වන විටත්, වෙනත් විශ්වවිද්‍යාල කිහිපයකම තාවකාලික කථිකාචාර්ය ධූර දරා තිබුණු ඇය, මැදිවියට එළඹෙමින් සිටින තමන්ගේ වයස පවා අමතක කොට, මේ ...
පාසැල් අධ්‍යාපනය ගැන විමසීමක්: ‘ළඟම ඇති හොඳම පාසැලේ‘ ගුරුවරයා කවු ද? සිනමා කතිකා (2019 සැප්තැම්බර් 15 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)සතිපතා බොහෝ විට අඟහරුවාදාවේ ලියැවෙන මෙම කුඩා තීරුව සඳහා මෙවර උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව හා සම්බන්ධ කරුණක් මතු කරන්නට සඳුදා රාත්‍රිය තෙක් සිතා උන්නෙමි. ඒ අදහසින් අඟහරුවාදා උදෑසන අවදිව, ලිවීමට හිඳ ගන්නට මත්තෙන් ෆේස්බුක් අඩවිය වෙත නෙත් යොමු කළ මට මගේ පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ ස්වාමි පුරුෂයා තබා ඇති වේදනාබර සටහනක් නෙත ගැටිණ. සිය බිරිඳගෙන් ...
යාපනේ ගියා ද? සිනමා කතිකා (2019 සැප්තැම්බර් 08 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)මේ ලිපිය ඔබ කියවන්නට ඉඩ ඇති මුල්ම දිනය වන සැප්තැම්බර් 06 වෙනි සිකුරාදාව වන විට ඔබ යාපනේ ගියාදැයි මා අසන පැනයට මුල් වන නිමිත්තෙහි කාලයෙන් දින 03ක්ම ගෙවී අවසන් ය. එහෙත්, අවැසිම නම්, හෙට උදෑසනම හෝ, කොළඹින් නැතිනම් තදාසන්න නගරයකින් පිටත්වන බසයක හෝ දුම්රියක නැග ඔබට යාපනයට යා හැක. ඒ ‘යාපනය අන්තර්ජාතික සිනමා ...
මරණයේ රූප ටෙලි තිරවල ඇඳීම සිනමා කතිකා (2019 සැප්තැම්බර් 01 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)පුද්ගල ඝාතන පිළිබඳ ප්‍රධාන පුවත් අතර ඉඩක් ලැබීම ජනාධිපතිවරණ අපේක්ෂකයන් තේරීමේ තරග සහ ප්‍රසංගාදියෙන් සති කිහිපයකට යටපත්ව තිබුණ ද ගෙවුණු සඳුදාවේ යළිත් හංවැල්ලේ දී සිදු වුණු ද්වි-පුද්ගල ඝාතනයක් හේතුවෙන් ඒ විරාමයට තිත තැබිණ. සුපුරුදු පරිදි මිනීමැරීම සිදුව ඇති ආකාරය පිළිබඳ සජීවකරණ රූප හා චිත්‍ර සටහන් ටෙලිවිෂන් පුවත් අතරට වහාම එකතු වුණු අතර පසුබිම් ...
විශ්වවිද්‍යාල සංගීත අධ්‍යාපනයේ අර්බුදය සිනමා කතිකා (2019 අගෝස්තු 25 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)තරුණ සංගීත උගතුන් කණ්ඩායමක් කැලණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කර ඇති අතර මේ දිනවල එය විභාගයට ගැනෙයි. කැලණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාල සඳහා කථිකාචාර්යවරුන් බඳවා ගැනීමේ දී ඉන්දීය උපාධි පාඨමාලා සම්පූර්ණ කොට මෙරටට පැමිණ සිටින අයගේ අයදුම්පත් පළමු වටයේ සළකා බැලීම්වලින් ඉවත් කිරීම මේ නඩුව පැවරීමට මුල්ව ඇති නිමිත්තයි. විශ්වවිද්‍යාලවල තර්කය ...
අනාගතයට ආදරය කරමු! සිනමා කතිකා (2019 අගෝස්තු 18 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)මහා තරගයක් ඉදිරියට පැමිණෙමින් තිබෙන බව පසුගිය සති අන්තය අපට කියා සිටියේ ය. එක් පාර්ශවයක ‘සිහින අපේක්ෂකයා‘ නම් කිරීමත් සමග රතිඤ්ඤා, රබන් සුරල්, පපරේ සංගීතය සහ කිරිබත් කරළියට ආ අතර ඉතිරි ප්රමුඛ පාර්ශවය සහ සෙසු තෙවැනි සහ සිවුවැනි බල මුළු, ඒ ඒ පාක්ෂිකයන්ට ස්ව-වින්දනාත්මක පසුබිමක් තනමින් සිය අපේක්ෂකයින් ඉදිරි දින කිහිපය තුළ නම් ...
කියවීම ‘උමතුවක්‘ ලෙස ගැනීම: සංස්කෘතික මිනිසකු ගොඩ නඟා ගනු පිණිස සිනමා කතිකා (2019 අගෝස්තු 11 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)සතිපතා තමන් වෙත හෝ තමන් වෙතින් විශ්‍රාමික මහාචාර්යවරයෙකු වෙතින් හෝ වෙත යොමු වන නිශ්චිත දුරකථන ඇමතුමක් ගැන දීර්ඝ සහ අනර්ඝ සටහනක් පසුගිය සතියේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් සිය ෆේස්බුක් අඩවියේ පළ කොට තිබිණි. “මොනවද මේ දවස්වල කියවන්නෙ?“ යන නියත පැනය කුමන හෝ අන්තයක් වෙත නියතව යොමු වන මේ ඇමතුම ස්වකීය කියවීමේ ‘උමතුව‘ බෙදාහදා ...
රොඳ බැඳ නැරඹිය යුතු කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල සිනමා කතිකා (2019 අගෝස්තු 04ඉඉ වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)දශකයකට නැතිනම් දෙකකට පමණ පෙර මරදාන හන්දියෙන් බසයකින් බසින නාට්‍ය ලෝලියෙකුට, ඒ ඔහු හෝ ඇය ගෙවමින් සිටින්නේ සති අන්තයක් ද නම්, සිය නාට්‍ය පිපාසාවට කුමන හෝ පිළිතුරක් සොයා ගැනීමට වැඩි ඉඩක් තිබිණ. හන්දියේ එක් පසෙකින් වන ශ්වේත වර්ණැති සුන්දර ගොඩනැගිල්ල අභියස, එල්ෆින්ස්ටන් රඟහල අභියස, ඒ සමයේ වේදිකාගත වෙමින් පැවතුණු කුමන හෝ නාට්‍යයක දර්ශනයක් ...
අයියර් යුවළ නැවත හමුවීම සිනමා කතිකා (2019 ජූලි 28 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)‘Mr. and Mrs. Iyer’ (2002)“මචං උඹ ‘Mr. and Mrs. Iyer’ බලල ඇති නේද? මට චිත්රපටියෙ වටපිටාවයි අපර්ණා සෙන් ගැනයි උඹ දන්න තොරතුරු ටිකක් කියනව ද...? අපි ළඟදි ඒක බලල පොඩි සංවාදයක් කරන වැඩක් ලෑස්ති කරගෙන යනව...“මේ නුදුරු දිනයක මගේ දුරකථනයට ආ ඇමතුමකි. සැබවින්ම මිතුරාගේ පිළිතුරට එක ක්ෂණයකින් දීර්ඝ විස්තරාත්මක පිළිතුරක් දෙන්නට තරම් චිත්‍රපටය ...
බස් රථයකදී මුණ ගැසුණු ‘සියඹලා හොරා’ සිනමා කතිකා (2019 ජූලි 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)“ආදරණීය අම්මේ... තාත්තේ... අයියේ... අක්කේ...”බස් රථවල හා දුම්රියවල ගමන් ගන්නා මගීන්ට ඉහත ආමන්ත්‍රණය හුරුපුරුදු ය. උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් විවිධ අරගල, අර්බුද හා ක්‍රියාකාරකම් වෙනුවෙන් ‘කැට හොල්ලමින්’ සම්මාදමේ යමින් හෝ ‘ජනතාව දැනුවත් කිරීම’ සඳහා අත් පත්‍රිකා බෙදමින්, පොදුජනයා අමතමින් හෝ පොදු ප්‍රවාහන සේවාවලට ගොඩවැදී මගීන් ඇමතීම ආරම්භ කරන්නේ ඉහත පද පෙළ ...
ශේක්ෂ්පියර්ගෙන් ‘කෑල්ලක්‘ වෙනුවට... සිනමා කතිකා (2019 ජූනි 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)අද සටහනට මත්තෙන් නුදුරු දිනක මා වෙත හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමක සංක්ෂිප්තයක් ඔබ වෙත තැබීම සාකච්ඡාවට කැඳවීමට අදහස් කරන මාතෘකාවට අවශ්‍ය පසුබිම තනා දෙන බැව් විශ්වාස කරමි. එය පහත පරිදි ය.“සර්... සර්ට මතකද මාව? මං කතා කරන්නෙසර්ගෙන් ඉගෙන ගත්ත අහවලා...““මොකද මතක නැත්තෙ? ඉතින්? මොකද හදිසියෙම?““අනේ සර්... මේ මං වැඩ කරන ඉස්කෝලෙ ඩ්‍රාමා මිස්ට ...
මවුනගුරු මුණ(නො)ගැසීම සිනමා කතිකා (2019 ජූනි 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)“ලංකාවේ සමාජය හරියට දේදුන්නක් වගේ. අපිට ඒ පාට හතම ඕනෙ. එතකොටයි මේක ලස්සන!”මේ ප්‍රකාශය මහාචාර්ය එස්. මවුනගුරුගේ මුවින් පිටවූයේ ගෙවුණු සති අන්තයේ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ පශ්චාත් උපාධි විද්‍යාර්ථීන් සඳහා සිදු කළ මහරු දේශනය කෙළවර ය. සිය 77වැනි උපන් දිනය පේරාදෙණියේ ලලිත කලා විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් සමග සැමරූ මහාචාර්ය මවුනගුරු, පේරාදෙණිය ...
කඳුළු මුතු ඇට කන්ද මත සිට... සිනමා කතිකා (2019 ජූනි 09 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)“ගුරුතුමා මගෙ කතාවට ‘බ්රාවෝ‘ කියල දාල එවල!““බ්රාවෝ කියන්නෙ?““ඉතාලි බාසාවෙන් දක්ෂයා කියන එකට!““දැන් මොකක්ද ඔයා ලියපු කතාව?““එක මනුස්සයෙක් ඉන්නව, එයා අඬද්දි කදුළු සේරම මුතු කැටවලට හැරෙනව.... අන්තිමේ දවසක් එයා වාඩිවෙලා ඉන්නව මුතු කැට කන්දක් උඩ. පිහියකින් ඇනපු එයාගෙ බිරිඳගෙ මළ කඳ එයාගෙ අත් දෙක උඩ!““ඒ කියන්නෙ එයා එයාගෙම බිරිඳව මරල ද?““ඔව්““ඇයි ඒ? මුතු ඇට ...
චරිතයක අතීත වත දේශයක් ලෙස අමතක කිරීම සිනමා කතිකා (2019 ජූනි 02 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)‘ගින්නෙන් උපන් සීතල‘ චිත්‍රපටය පිළිබඳ සංවාදයකට මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයෙන් ලද ආරාධනයකට මා එහි යාමට උන්නේ ගෙවුණු අප්‍රේල් මාසයේ 27 වැනිදා ය. කෙසේ වෙතත්, අප්‍රේල් 21 වැනිදා සිදුවුණු ඛේදනීය පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් පසු, එම සංවාදය යළි යෙදී තිබුණේ ඉන් ආසන්න වශයෙන් මසකට පසුව, එනම් මැයි මස 25 වැනිදා ය. චින්තන ධර්මදාසත්, ...
අනන්‍යතා අර්බුදය අභියස විවිමරී සහ විසාකේස සිනමා කතිකා (2019 මැයි 26 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)විවිමරී වැන්ඩර්පූටන්මේලියවිල්ල ලිවීම සඳහා මා පරිගණකය අසලින් වාඩි වන්නට පැය කිහිපයකට පෙර යළිත් භීෂණකාරී ලෙස අතීත ‘කළු ජූලියක’ මතක සෙවණැලි ලාංකිකයින්ගේ මනස් ගැබ තුළට නැගෙමින් තිබිණ. වයඹ පළාත මුල් කරගෙන නැගෙමින් තිබුණු ප්‍රචණ්ඩකාරී සිදුවීම් කිහිපයක් ඒ අතීත භීතිය, ඉතිහාසය හඳුනන හා ඉන් උගත් පාඩම් මත අනාගත වත ලියැවෙනු දකින්නට කැමති, පුරවැසි මනස තුළට ...
මිනිස් හදවත් දවා අළු කරන්නට පෙර... සිනමා කතිකා (2019 මැයි 12 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)“මේ ෆිල්ම් එක බලන්න කලින් මට මුස්ලිම් ලෝකය ගැන, මිනිස්සු ගැන තිබ්බෙ පිළිකුලක්. ඒත් දැන් මට හිතෙනව ඒක වැරදියි කියල. සාරල, අලීල කියන්නෙ අපිම තමයි... මමයි මගෙ අයියයි වගේ...“ඉහත කුඩා සටහන මා වෙත එවූ තරුණිය මා අදටත් හඳුනන්නේ නැත. 2005 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨ පළමු වසර විද්‍යාර්ථීන් වෙනුවෙන් පැවැත්වූ පදනම් පාඨමාලාවකදී ...
අප සොයාගත යුත්තේ කුමක් ද? සිනමා කතිකා (2019 මැයි 05 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)අප්‍රේල් 21 වැනිදාව පසුවී තවමත් ගෙවී ඇත්තේ දින කිහිපයකි. ලොවම සසල කළ බිහිසුණු ඛේදවාචකයක් අපගේ ඇස් ඉදිරිපිටම සිදුවූ පසු, ඉන් අනතුරුව ඇදහිය නොහැකි තරමින් ආයුධ හා සන්නද්ධ අරගලවලට අදාල උපකරණ හා ඇඳුම් දිවයිනේ තැනින් තැනින් මතුවන්නට පටන් ගත් පසු බහුතර පුරවැසි සමාජය තව දුරටත් දිවි ගෙවන්නේ වික්ෂිප්ත වූ ස්වරූපයකිනි. “දැන් ඉතින් මොකද කරන්නෙ? ...
මනුෂ්‍යත්වය වෙනුවෙනි! සිනමා කතිකා (2019 අප්‍රේල් 28 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)මෙම කුඩා තීරුව (නමක් නැති කොලම) සාහිත්‍යය හා කලාව වෙනුවෙනි. ‘අනිද්දා‘ හි කලා හා සාහිත්‍ය පිටුවල සංස්කාරකවරයා මාහට ආරාධනා කළේ එවැන්නක් ලිවීමට ය. එහෙත් අද මේ ලියන මොහොත වන විට ලිපිය සඳහා නිශ්චිත කලා සාහිත කෙතක් වෙත පය තබා ගත නොහී මම අතරමංව සිටිමි. ජීවිතවල නිශ්චිත අර්ථය වර නොනැගිය හැකි තැනක, රටක, මා ...