අධ්‍යාපනය සම්බන්ධ අරගල අතරතුර ලියමි! සිනමා කතිකා අධ්‍යාපන අර්බුදය: පළමුවෙනි කොටස විදේශයක සිටින, නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලනික සමාජ වටපිටාව පිළිබඳ ඉතා සවිඥාණික තැනක සිටින මිතුරෙක් දැනට සති කිහිපයකට පෙර (වෛද්‍යවරයෙකු ලෙස මෙරට සේවය කරන) ඔහුගේ මිතුරෙකු ලියූ සටහනක් ෆේස්බුක්හි පළ කොට තිබුණේ මාගේ නම ද එහි ‘ටැග්’ කරමිනි. අදාල වෛද්‍යවරයා කොරෝනා හමුවේ ලාංකික සිසු ප්‍රජාව මුහුණ දී ඇති ගැටලු රැසක් මතු කරමින් ඒ සඳහා රජයේ ස්ථාවරය ...
චූලානන්ද අප වෙත දිගු කරන දෙවොල්තොව්ගේ ‘සූට්කේසය’ සිනමා කතිකා (2021 මැයි 23 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි. එහි මෙය පළ වූයේ 'අප වෙත ඇති සූට්කේසය කුමක්ද?' මැයෙනි.) රැසියානු, ආර්මේනියානු සම්භවයක් සහිත තැනැත්තෙකු වශයෙන් යෙර්ගෙයි දෙවොල්තොව් උපත ලබන්නේ 1941 වර්ෂයේ දී සෝවියට් සමූහාණ්ඩුවට අයත්, බෂ්කීරියා ජනරජයේ, උෆාහිදී ය. යෙර්ගෙයි දෙවොල්තොව්දෙවන ලෝක යුද්ධය ක්‍රියාත්මක සමයක උපත ලබා, එහි අවසන් තීරණාත්මක රුසියානු මැදිහත් වීම් සමයේ සිය ...
ක්‍රිකට් පිටියේ අර්බුදය වෙනම දැකීමේ අර්බුදය සිනමා කතිකා (2021 පෙබරවාරි 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ සංස්කරණය වී පළවූවකි. මේ එහි සම්පූර්ණ ලිපියයි.) ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ නැගී ඇති අර්බුදය පිළිබඳ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ අතීත ප්‍රමුඛයින් සිදු දෙනෙකු සමග සිදු කෙරුණු රූපවාහිනී සංවාදයක් පසුගිය දා නෙත ගැටිණි. දකුණු අප්‍රිකානු සංචාරයත්, ඉන්පසුව යෙදුණු එංගලන්ත පිළේ ශ්‍රී ලංකා සංචාරයත් ඉතා ඛේදනීය ලෙස පරාජයට පත් ...
පාසැල් අධ්‍යාපනයේ බිහිසුණුකම්: තවත් කෝණයක් සිනමා කතිකා ඇය මගේ මිතුරියකි; පාසැල් ගුරුවරියකි; මවකි. සිය දියණිය මහනුවර ප්‍රසිද්ධම පාසැලකට ඇතුළු කරගැනීමේ විසල් සිහිනයක, දියණිය ඉපැදුණු මොහොතේ සිටම ගිලී උන් තැනැත්තියකි. මේ එළැඹ තිබෙන්නේ ඇගේ සිහිනය සැබෑවක් වන හෝ නොවන 2021 වසරයි. එම සිහිනය සාක්ෂාත් කරගනු වස් ගෙවුණු වසර ගණනාව මුළුල්ලේම ඇය විසින් සිදු කොට තිබුණු කැප කිරීම් ලාංකීය අධ්‍යාපන ක්‍රමය පිළිබඳ බිහිසුණු චිත්‍රයක් අප ඉදිරිපිට තබන බව සඳහන් ...
අධ්‍යාපනයේ අර්බුදය එක පිටුවකින්: හය ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනය - පිට 99 සිනමා කතිකා (2021 ජනවාරි 24 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)දිනය මට හරියටම මතක නැතත් ඒ පසුගිය දෙසැම්බර් අවසානයේ දිනයක් බව නම් අමතක නැත. මගේ බිරිඳගේ ඥාති දියණියක ශිෂ්‍යත්ව විභාගය සමත්ව උන් හෙයින් ඇයට සුබ පතනු වස් අපි ඇයගේ නිවසට ගොස් සිටියෙමු. ශිෂ්‍යත්වය ඉහළින් සමත් වීම හේතුවෙනුත්, නව පාසැලකට යාමට ලැබීම හේතුවෙනුත් දියණිය සිටියේ සතුටකිනි. ඇය නව ...
කවිකම සිරගෙයි ලෑම: ශක්තිකගෙන් පසු අහ්නෆ් ජසීම් සිනමා කතිකා (2021 ජනවාරි 17 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි) පෙරදිග, සංස්කෘත නාට්‍ය කලාවෙහි මුඛ්‍ය ශාස්තෲවරයෙකු ලෙස සැලකෙන භරතමුණි විසින් ක්‍රි.පූ.2 වන සියවස තුළ ලියැවුණු ‘නාට්‍ය ශාස්ත්‍රය’ නමැති ග්රන්ථයෙහි නව වැදෑරුම් රසයන් පිළිබඳ සාකච්ඡා කෙරෙයි. වත්මනෙහි ද පෙරදිග නාට්‍ය හා රංග කලාව, සාහිත්‍යය ඈ කලාපවල පෙරමුණට ගෙනෙන මෙම රස නවය පිළිවෙලින් හාස්‍ය, වීර, කරුණා, ශෘංගාර, භීභත්ස්‍ය, ...
උතුරේ මවුවරු ද දකුණේ මවුවරු ලෙසම වැළපෙති’ සිනමා කතිකා උතුරේ විසූ දමිළ සිනමාකරුවෙකු වූ කේසවරාජන් නවරත්නම් මහතා පසුගිය දා අභාවප්‍රාප්ත විය. මේ ඔහු https://thecatamaran.org වෙබ් අඩවිය වෙනුවෙන් ශිවන්ති ප්‍රනාන්දු සමග 2017 දී සිදු කළ සාකච්ඡාවක සිංහල පරිවර්තනයකි. මෙය 'යුද්ධය ගැන මගෙත් වගකීමක් තියෙනවා' යන මැයෙන් 2021 ජනවාරි 17 වැනි දින 'රාවය' පුවත්පතෙහි පළ විය. කැටමරන්: ඔබට පුළුවන් ද ඔබේ අලුත්ම චිත්‍රපටය ‘පනෙයිමරකාඩු’ ගැන අපිට යමක් කියන්න? නවරත්නම්: මේකෙ ...
‘සෞම්‍යප්ප්‍රශ්ණය’ විසඳීම: විශ්වවිද්‍යාල සෞන්දර්ය අධ්‍යාපනය දෙස හැරී බලනු පිණිස... සිනමා කතිකා (2020 දෙසැම්බර් 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ සංස්කරණය වී පළවූවකි. මේ එහි සම්පූර්ණ ලිපියයි.)මහාචාර්ය සෞම්‍ය ලියනගේ වෙනුවෙන්සැදුණු විරෝධතා පෝස්ටරයක්!පාලක සභාව එක්ව ගත් තීරණයක් හරහා, වසර කිහිපයකට පෙර සිදුවුණු සිද්ධියක් පදනම්ව මහාචාර්ය ධූරයෙන් ඉවත් කෙරුණු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කරමින් සිටි මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා, පාලක සභාව විසින්ම සිය ...
කියවන කවයක හිඳ ගතිමි! සිනමා කතිකා කියවන කවයේ දවසක්(2020 දෙසැම්බර් 13 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)සිත්ගත් කෘතියක් කියවීම කෙතරම් සිත්ගන්නා සුළු කටයුත්තක්දැයි, ඔබ පොත්පත් කියවන්නට ඇබ්බැහි වූවෙකු නම්, මා අමුතුවෙන් පැහැදිලි කොට දිය යුතු නැත. තමන්ගේ කියවීම් අවකාශය තුළ, උණුසුම් තේ හෝ කෝපි කෝප්පයක් සමග විත්, සුවපහසුම අසුනකට බරවී, කැමතිම ප්‍රබන්ධ හෝ ප්‍රබන්ධ නොවන කෘතිය සමග ඒකාත්මික වීමේ ප්‍රහර්ෂය කෙතරම් දැයි ...
මුහුණ හෙළි කිරීමේ සදාචාරය: මාධ්‍ය හැසිරීම උරගා බලනු වස්... සිනමා කතිකා (2020 දෙසැම්බර් 12 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)‘මුහුණ’ ගෙවුණු වසර ගණනාව තුළ දැඩිව අවධානයට ලක් වුණු මිනිස් සිරුරු කලාපය බවට පත් වූයේ ත්‍රස්තවාදය, වසංගතය මෙන්ම මහජන විරෝධතා ඇතුළු බොහෝ තන්හිදී මුහුණට ලැබුණු වටිනාකම හේතුවෙනි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් මුසල්මානුවන් වූ හෙයින්ම එතෙක් යම් සීමා තුළ පැවති මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණු සහ හිස් වස්නා පිළිබඳ බරපතල විරෝධයක් ...
කොරෝනාව අවුළුවන සහෘද මනස්: ජාල අවකාශයේ නෙක කතා සිනමා කතිකා (2020 නොවැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)එළඹෙන සංවාදයේ පෝස්ටරය කොරෝනාව පරදිනු ඇතත් ඒ සඳහා වන දිනයක් පිළිබඳ නිශ්චිත අනාවැකි කිසිවකුට කිව නොහැකි ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා නොබෝ දිනයක කියා තිබුණේ එන්නත් සොයා ගනිමින් තිබුණ ද වෛරසය මුළුමනින්ම පරාජය කිරීමට ඒ ප්‍රමාණවත් නොවනු හැකි බවයි. අවිනිශ්චිත බව, දොම්නස ඇතුළු බොහෝ සෘණාත්මක හැඟීම් මේ ...
ප්‍රාසාංගික කලාවට එරෙහිව කොවිඩ්-19 සහ කොවිඩ්-19ට එරෙහිව ප්‍රාසාංගික කලාව සිනමා කතිකා (2020 නොවැම්බර් 22 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)පේරාදෙණි ලලිත කලා අංශය මගින් පවත්වන්නට නියමිත සංවාදයේපෝස්ටරයකොවිඩ්-19 පසුගිය වසර අවසානයේ කරලියට පැමිණීමත් සමග නව ඇවතුම් පැවැතුම් රටාවන් රැසක් සමාජය වෙත හඳුන්වා දෙනු ලැබිණ. සෙස්සන්ගෙන් හැකි පමණ දුරස්ථව කල්ගත කිරීම හෙවත් සමාජ දුරස්ථභාවය හඳුන්වාදීමත් සමග සමාජය වෙත පැමිණියේ නව ජීවන ස්වරූපයකි. මීටරයක දුර, මුහුණු ආවරණය, නිවසටම වී ...
‘විකාරි’ සහ ‘මගුල් ප්රජාතන්ත්රවාදය’: කෙටි චිත්‍රපටයේ වෙනස් මුහුණුවර දෙකක් අසන එකම පැනයක්! සිනමා කතිකා (2020 නොවැම්බර් 13 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි) අන්තර්ජාල සිනමා උළෙලක් ලෙස පැවති දකුණු ආසියානු සිනමා උළෙල අතර සහයෝගීතා සිනමා දැක්ම (COSAFF) පසුගිය ඔක්තෝබර් 03 සිට 17 දක්වා ලොව පුරා විසිරි සිනමා රසිකයින් වෙත තිළිණ විය. තිළිණ වී යැයි මා කීවේ එහි බොහෝ නැරඹීම් සඳහා අන්තර්ජාල සබැඳිය ලබා ගැනීමට කිසිදු මුදලක් ගෙවිය යුතුව නොතිබීම ...
කලාව සහ සංස්කෘතිය අභියස ඡන්දය සිනමා කතිකා (2020 අගෝස්තු 02 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)මෙම පුවත්පත ඔබ අතට පත්වන මොහොත වන විට මහ ඡන්දයට ඉතිරිව තිබෙනු ඇත්තේ සතියකට නො අඩු කාලයකි. තවත් සතියකින් නව පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වන මන්ත්‍රීවරුන් 225 දෙනා කවුරුන්දැයි යන වග අප විසින් හඳුනා ගැනෙනු ඇත. ඉන් අනතුරුව අපගේ සංස්කෘතික ජීවිතය කවර ආකාරයෙන් ගෙවී යා යුතුදැයි වසර පහක් මුළුල්ලේ ඔවුන් විසින් තීරණය කෙරෙනු ඇත. ...
හෙඩිමට ‘නවක වධය‘ නොකැඳවීමට... සිනමා කතිකා (2020 මාර්තු 15 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)අද සටහන අරඹන්නට පෙර 2016 වර්ෂයේ මා ලියූ දීර්ඝ බ්ලොග් සටහනකින් මුල් ඡේද දෙකක් ඔබ වෙත තබන්නට ඉඩ දෙන්න. “නවක වධය ගැන කතා බහ යළි ඇවිලී ඇත. විශ්වවිද්‍යාලවල පාඨමාලා බොහොමයක් ඇරඹෙන්නේ වසරේ මුල් කාර්තුවේ නිසා මේ ඇවිලෙන සමය බව තතු දන්නෝ දනිති. මෙවර (මේ වන තෙක්) කරළියේ කතා අතරට පැමිණ ඇත්තේ කලින් වසරවල ...
ලංකා සාන්ත සහ ඩේමියන් සිනමා කතිකා (2020 පෙබරවාරි 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)සුනිල් සාන්තමට ලංකා සාන්ත සහ ඩේමියන් හමු විය. ඒ ගෙවුණු සති අන්තයේ ය. ලංකා සාන්ත යනු සුනිල් සාන්ත නමැති, සංගීත චින්තනයක් රටට ඇති කිරීමට, රටේ සියල්ලන්ට භාවිතයට කැඳවිය හැකි අනන්‍ය සංගීතයක් සොයා යාමට කටයුතු කළ විශිෂ්ට මිනිසාගේ දෙවැනි පුත්‍රයා ය. ඩේමියන් යනු මීගමු ප්‍රදේශයේ කුඩා විලා හෝටලයක ආවතේවකරුවකු ලෙස කටයුතු කරන, වැදූ මවගෙන් ...
මනෝ ගැන වචන දහසක් සිනමා කතිකා (2020 ජනවාරි 26 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)(සේයාරුව: ‘හෝ ගානා පොකුණ‘ චිත්‍රපටයේ රූපාවලියක් ඇසුරෙන් www.colombotelegraph.com වෙබ් අඩවිය නිර්මාණය කළ රූප සැකැස්මකි.)මෙම සටහන ලියැවෙන මොහොත වන විටත් ජයලත් මනෝරත්න නැතිනම් ‘මනෝ‘ දැයෙන් සමුගෙන ගොසිනි. ඔහුගේ සමුගැනීම යෙදී තිබුණු දිනයේ විදේශගත මිතුරෙකුගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණ. “මචං, සරච්චන්ද්‍රගෙන් පස්සෙ හිටපු විශිෂ්ටතමයා මනෝ නේ ද?“මම නිරුත්තර වීමි. එය එක්වරම පිළිතුරු සොයාගැනීම අසීරු පැනයකි. ...
කලාව හා සංස්කෘතිය වෙත ඇස් දැල්වීම: පුරවැසියෙකුගේ ඇසින් සිනමා කතිකා (2019 ඔක්තෝබර් 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)මෙම කුඩා තීරුව ලිවීම සඳහා ‘අනිද්දා‘ කලා පිටු සංස්කාරකවරයාගෙන් ආරාධනය ලැබුණු අවස්ථාවත්, එහිදී ඇතිවූ කෙටි සංවාදයත් මට අදටත් හොඳින් මතක ය. “සිනමාව ගැන ලියන්න ද ඕනෙ?““නෑ. සාහිත්‍යයයි කලාවයි ගැන පොදුවේ ලියනව නම් හොඳයි!“ආරාධනය පිළිගනිමින් එදා පටන් අද දක්වාම ලියමින් පැමිණියේ සාහිත්‍යය හා කලාව මෙන්ම ඒ හා බැඳුණු ක්ෂේත්‍ර ඔස්සේ අවධානය යොමු කරමින්, පොදුවේ ...
අභිවහන අධ්‍යයනය: සම්මත නාට්‍ය හා රංග කලා විෂයය ධාරවෙන් ඔබ්බට සිනමා කතිකා (2019 ඔක්තෝබර් 20 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)රිචඩ් ෂෙට්නර් ගෙන එන ‘අභිවහන අධ්‍යයනය‘ හඳුන්වාදීමේ මූල කෘතියවසරේ අවසන් කාර්තුව එළඹ ඇති හෙයින් සුපුරුදු පරිදි දිවයිනේ බොහෝ තැන්වලින් විවිධාකාර නාට්‍ය තරග උළෙල සහ ජයග්‍රහණ පිළිබඳ සඳහන් ඇසෙන්නට පටන්ගෙන ඇත. පාසැල්, විශ්වවිද්‍යාල, නාට්‍ය හා රංග කලා පාඨමාලා ගෙන එන ආයතන ඇතුළු තත් විෂයය ක්ෂේත්‍ර සමග කටයුතු කරන ආයතන හා පුද්ගලයෝ ස්වකීය ‘නිර්මාණ‘ කරළියට ...
අසඩක් අමතක වීම/ කිරීම සිනමා කතිකා (2019 සැප්තැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)දෙසතියකට පෙර මා මෙම පුවත්පතට ලියූ ‘ෆ්රෑන්ක් කැප්රියෝලා ඕනෑකර තිබේ‘ යන ලිපිය ඉන්පසු සතියේ සුපුරුදු පරිදි මගේ බ්ලොග් අඩවියේ පළ කළ පසු යමෙකු නිර්නාමිකව පැමිණ එම ලිපියට යටින් මෙවැන්නක් ලියා තිබිණ. “අගනා ලියවිල්ලක් .. ඒත් අසඩක් ගැන අමතක කලේ ඇයි ?“ඇමරිකා එක්සත් ජනපද ප්‍රාන්තයක හමුවන වයස්ගත කරුණාවත් ෆ්රෑන්ක් කැප්රියෝ උපුටමින් වඩාත් මානුෂවාදී උසාවි ...