තාමත් ඔසප් ප්‍රශ්නෙ. අද ඔබගේ ප්‍රශ්නවලට පිලිතුරු. වෙද ගෙදර රාජ් said...මේ කේස් එක නිසා ඇතිවෙන එක පාඩුවක් තමයි සරු කාලය හරියටම දැනගන්න බැරිඑක.(මේකෙන් බැදපු අයට තමයි අවුල.) සරු කාලය කියන්නේ ඩිම්භ හොඳින් මෝරා පිටවන තත්ත්වයට පැමිණ ඩිම්භයක් පිට වී ශුක්රානුවක් හා සම්බන්ධ වී කළලයක් ඇති කිරීමට වඩාත් ඉඩ ඇති කාලයටයි. මේ කාලය වෙන්නේ සාමාන්‍ය ඔසප් චක්රයක එනම් දින 28 - 30 චක්රයක නම් හරියටම ඔසප් ඇති වී දින 12 - ...
අඹුඩේ (Only For Gents) අනිත් අයත් කැමති නම් කියවන්න වගකීම් රහිතයි. වෙද ගෙදර මම අද කථා කරන්න හිටියේ මේ මාතෘකාව නෙමේ. මම හිතන් හිටියේ වෙනද වගේ අද බුදුදහම ගැන ලිපියක් දාන්න. හෙට ආයිත් කෘෂි කර්ම දැණුම ලිපිය ලියන්න. ඒත් දැන් මට සදුදා උදේ නිවාඩු නිසා පත්තර බලනකොට දැක්කා, අද දිනය ජාතික ගොවි දිනය ලෙස නම් කරලා තියනවා. පුවත් පත ඒක වාර්තා කරලා තිබුන විදිය මගේ සිත් ගත්තා ඒක නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ. ...
අපිට වැරදුනු හැටි හෙවත් ඈත මෑත කෘෂි ඉතිහාසය. වෙද ගෙදර වැඩ ටිකක් වැඩි වූ නිසා අද මට විවේකය අඩු වුනා කෘෂි කර්මය පිලිබඳ ලිපිය ලියන්න. ඒත් මොනතරම් වැඩ තිබුනත් අද අපේ මාතලන් ගොයියාගේ ආන්ඩුක්රම ව්‍යවස්ථා ලිපිය සමඟ ඉතාමත් කැමැත්තෙන් එක් වුනා. ඊලඟට සොදුරු සුව අසපුවට සිදු වූ අකරතැබ්බයත් ගැන සවස තමයි දැන ගත්තේ. එයත් මගේ සිතට වදයක් වුනා. ඉතාම වටිනා බ්ලොග් අඩවියක් කෙසේ හෝ එම ප්‍රශ්නයත් දැන් අවසන්.අද ඉඳන් මම ...
පූති මුත්ත භෛසජ්ජ වෙද ගෙදර මම අද කියන්න යන්නේ ඉතාම ආන්දෝලනාත්මක කථාවක්. මම හිතනවා බ්ලොග් අවකාශේ ඉන්න ජ්‍යේෂ්ටම අය මේ ගැන අහලා ඇති. ඒත් කාගෙත් පහසුව තකා මම මේ ලිපියේ ඒ අවශ්‍ය තැන්වල මූලාශ්රයන් සඳහන් කරන්නම්.දෙවනි කාරණේ මම මේ කියන දේ වැදගත් වෙන්නේ අපේ දැණුමට විතරයි. එහෙම නැතුව හෙට ඉදලා මේක කරන්න කියලා නෙමේ මම මේ කියන්නේ. මෙහෙම ක්‍රමත් තිබුනා. මේ මේ අය ඒවා අනුමත ...
ජීවයේ ඇරබුම වෙද ගෙදර කුඩා කාලේ ඉදලා මම විශ්වාස කලේ භෞතිකත්වය විතරයි. නමුත් ටිකෙන් ටික වැඩෙන කොට මට තේරුම් ගියා භෞතික වගේම අධ්‍යාත්මික ජීවිතයකුත් තියන වග. ඇත්තටම මම උ/පෙ කාලේ කිසිම අධ්‍යාත්මික දෙයක් විශ්වාස කලේ නැහැ. අපි වැඩෙනකොට අපිට එන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න කෙනෙක් නොසිටි නිසා මම පෙලබුනා අසීමිතව පොත පත කියවන්න. ඒ තුලිනුත් මම ඉගෙන ගත්ත, රසායන විද්‍යාව කියන අතිශය රසවත් විෂය ...
නවීන ලෝකෙට ආයූර්වේදයෙන් වැඩක් තිබෙනවද? වෙද ගෙදර ටික දිනකින් වෙදගෙදරට ලියන්න මට නොහැකිවුනා. අද ඒ වෙනුවෙන් කාලයක් කැප කිරීමේ හැකියාව තිබෙනවා. මගේ අධ්‍යාපන වැඩ නිසා මම මේ දිනවල ඉතාමත් අවිවේකී. ඒ අතර සෑහෙන කාලයක් සිතාගෙන සිටි වැඩකුත් හදිසියෙම කරන්න සිදු වුනා. දැන් මගේ වයස අවුරුදු 44 මේ කාලය පුරාවටම මම ඉතාම නිරෝගීව සිටියත්, එක පිට පැමිනි නොයෙක් ප්‍රශ්න නිසා මට සෑහෙන විවේකයක් අවශ්‍ය වී තිබුනේ දැන් ටික ...
උඩරට ගිවිසුම 02, අනේ කූබියනේ තොපටත් රජෙක් ඉන්නේ...... වෙද ගෙදර මුලින්ම ඉල්ලා සිටිනවා ඉතා දිගට ලියවී ඇති මේ ලිපිය ඉතා සාවධානව කියවා හොදින් කල්පනා කර බලන්න. ඒ වගේම මම මේ දක්වා ඇති පොත් පතුත් සොයාගෙන කියවන්න. ඔබ සැමගේ සක්රීයදායකත්වය මම බලාපොරොත්තු වෙනවා. ඉතිහාසය කියන්නේ ඇත්තෙන්ම වුණ දෙයක් වුණාට ඒ ගැන අපි හරි හැටි නොදැනීම නිසා නොයෙක් අලකලංචි වෙනවා. හැබැයි අපි මතක තබා ගත යුතුයි, මේ විෂය නිසා වෙන අකරතැබ්බ නිසා ...
අපි වෛද්‍යවරයා මුණගැසීමට යනකොට යන්නේ සූදානම් වෙලාද? වෙද ගෙදර වෙද ගෙදර මේ දිනවල ලෙඩ්ඩු පිරිලා. ඒ මදිවට වෙදනා ලොකු ඉස්කෝලෙටත් යනවනේ. ඉතින් එතැන ඉන්න ගුරුවරු වෙදනට ගෙදර වැඩ ගොඩක් දීල නිසා දැන් ටික දිනක ඉඳලා වෙදනා වැඩ, වැඩ, වැඩ, අපෝ තව ටික දවසකින් ගෙදරිනුත් පන්නනවා. අද මම ලියන්න යන්නේත් මගේ අත්දැකීමක් හැබැයි මේක සිදු වුනේ මේ ඊයේ පෙරේදා. ඔන්න දවසක් ඉතාම ලස්සනට ඇදගත්තු නෝනෙකුයි, එයාගේ මහත්තයයි දෙන්න දෙමාල්ලො ආවා ...
මිතුරෙක්ගේ අත්දැකීමක් සමඟ චිත්ත, මන, විඤ්ඤාණ. වෙද ගෙදර ඔබට මවිසින් පසුගිය ලිපියෙන් ඉදිරිපත් කරන්නට යෙදුණ බුදුදහම, ආයූර්වේදය සහ මනස සම්බන්ධ ලිපිය පළ කර ටික දිනකින් මගේ මිතුරෙක්ගෙන් මට ලැබුණු මේලයක සඳහන් විස්තර මෙහි දක්වමි. එය මගේ ද මිතුරාගේ ද සංස්කරණය ට ලක් වූවකි. එය ලැබීමත් සමඟ මම මගේ ඉදිරි ලිපි කීපය එය පාදක කරගෙන ඔබට ලබා දීමට අදහස් කළෙමි. මේ එහි පළමු පියවරයි.කොග්ගල නිලමේ පොත ගැන 'පොත් කියවන ...
සිතා බලන්න....... වෙද ගෙදර බ්ලොග් පෝස්ට් එකක් ලියන්න සිතා නොසිටි අවස්ථාවක්. නමුත් අද සිදුවූ සහ ඊයේ පෙරේදා සිදුවූ සිදුවීම් දෙකක් දැනට අවුරුදු කීපයකට පෙර එනම් 2008 දී වෙනත් රටකදී මුහුන දුන් සිද්ධියක් සමඟ ගලපන්න මට හිතුනා. එම නිසා අද මෙම පෝස්ට් එක ලියනවා.මුලින්ම කියන්න ඕනෙ මම නීතිය දන්නේ නැහැ. ඒ කියන්නේ නීතිය පිළිබඳ විශේෂ දැනුමක් මට නැහැ. හැබැයි මනුෂ්‍යත්වය ගැන නම් යම් සංවේදී බවක් ...
103. තර වුනොත් ලෙඩවෙයි. තුට්ටු දෙකටත් තට්ටු වෙයි. වෙද ගෙදර අපි අද බලමු මේ අනුව පුද්ගලයෙක්ගේ දෛනික ආහාරය කෙසේ සකස් විය යුතුද කියලා. පුද්ගල ශරීරයේ ධාතු සහ පංචභූතයන්ගේ අවශ්‍යතා මේ ආහාර ගැනීමෙන් පිරිමැසෙනවා නම්, එම අවශ්‍යතා පිරිමැසෙන ආකාරයට අප ආහාරය ගත යුතුයි.1. රස ධාතුව - අපෝ භූත ගුණය ප්‍රධානයි. ස්නේහනයි. (එනම් තෙල් ගතිය ඇති කරන.) රක්තය පෝෂණය,වර්ධනය, ධාරණය, සහ ජීවනය ඇති කිරීම, ශරීරයේ ගෙවී යන කොටස් නැවත අලුත් වැඩියා කිරීම. ...
මහවෙදනාගේ ඇමරිකානු ගමනේ මුල් දින කීපය ලංකාවෙන් ඇමරිකාවට. වෙද ගෙදර මේ ගමන මගේ සිතේ තිබූවක් නොවෙයි. යොදාගෙන තිබූ වැඩ අනුව මට මෙවර සහභාගී වීමට තිබූයේ නොවැම්බර් මස පවත්වන ලෝක ආයූර්වේද කොන්ග්‍රසයේ සම්මන්ත්රනයටයි. එය ඉන්දියානු රජය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ආයූර්වේද සම්මේලනයකි. නමුත් ඇමරිකාවේ තිබෙන ඉතාම ඉහළ මට්ටමේ විශ්වවිද්‍යාලයක් වන ජෝන් හොප්කින් රෝහල සහ වෛද්‍ය විද්‍යාලය විසින් ඖෂධ පැළෑටි සහ අයූර්වේද නිෂ්පාදන පිළිබඳව වෙනම සම්මේලනයක් පවත්වන්නට සැලසුම් කර තිබුණා. අප සහභාගී ...
බුද්ධියට අහරක්. වෙද ගෙදර මේ මගේ මිතුරන් දෙදෙනෙක්. ඔබත් කැමති නම් සහභාගී වන්න. අර පොත ඉතාමත් වැදගත් කියවා බලන්න.
කාරුණික ආයාචනයක්, වනිතාවනි ඔබටයි!! වෙද ගෙදර මම අද ඔබට පැවසීමට යන්නේ, ඉතාමත් අනුවේදණීය කථාවක්. මෙවැනි දෙයක් ඔබත් සමග දෙඩීමට මගේ තුන් හිතකවත් නොතිබිනි. නමුත් ඊයේ රාත්‍රියේ සිදු වූ හදිසි සිද්ධියක් නිසා මේ ගැන මිනිසුන් දැණුවත් කිරීමට බැරිදැයි මගේ වෙදහාමිනේ ඉල්ලූ නිසාත් මම මෙය ඔබට කියමි. මගේ කථාව වෛද්‍ය ආචාර ධර්ම අනුව නම් මෙසේ පැවසීම එතරම් සුදුසු නැති බවද මම දනිමි. නමුත් පැවසිය යුත්ත පැවසිය යුතුය. එයින් ...
සුන්දර මාතර. වෙද ගෙදර මම මගේ පැටිවිය ගෙවුනු වත්තල ගැන ලිපියක් කලින් ලියූවා මතකයි. දැන් මම මගේ නිවස හැටියට තෝරාගෙන තිබෙන්නෙත් මාතර නම් අතිපෞරාණික නුවරයි. මගේ මව්පිය දෙපාර්ශ්වයෙන් මෙන්ම මගේ වෙද හාමිනේගේ පාර්ශ්වයෙන්ද මගේ අද වාසස්ථානය වෙලා තිබෙන්නේත්, මාතරයි. ඒ එසේ නමුත් අපි අපේ පහසුව තකා ජීවත් වෙන්නේ කොළඹ. මම ගිය සතියේ මාතර පිළිබඳව කෙටි ලිපි පෙලක් ලියන්න පටන් ගත්තා. නමුත් මගේ ලිපි සීරීස් ...
නියම මිත්‍රයෙක් ගැන!(හිනා වෙන්න විතරයි.මඩක් නෙමේ.) වෙද ගෙදර රාජ්ගේ රාලහාමිලාගේ කථාව නිසා තමයි මට මේ කථා ටික මතක් වුනේ. මේක සිද්ද වුනේ මීට හරියටම අවුරුදු 20 උඩදි. ඒ කියන්නේ අපේ විශ්ව විද්‍යාල කාලේ. අපේ හිටියා බැචෙක් මෑන් රියල්ම ඩයල් එකක්. කිසි දිනක බ්ලොග් නොකියවන නිසාත්, ඌ දැන ගත්තත් මට ෂේප් කර ගන්න පුළුවන් නිසාත් ලියමි. අවසර නොගත්තෙමි. නමුත් කොල්ලා මට ලෙඩක් නොදාන බව මම දනිමි. මෙයාට අපි නිමල් ...
කාමය, මෛථූනය, හා ලිංගිකත්වය බුද්ධ දේශනාවට අනුව. වෙද ගෙදර මේ ටිකේම බ්ලොග් අඩවිවල ලිංගිකත්වය කියන මාතෘකාව යහමින් කථා කළ නිසා මේ අහක ඉන්න මටත් හිතුනා ඒ ගැන කථා කරන්න. මුලින්ම මේ ගැන කථා කරන්න ගිහින් තාමත් පහර වදින බව මම දන්නවා. ඒත් මේක තමයි ඇත්ත. අපේ අභීත මිත්‍රයා සහ ප්‍රියන්ත මේ ගැන කථා කරලා තියනවා. ඒ අයට අමතරව තවත් කීප දෙනෙක්ම කථා කලා. අභීගේ පෝස්ට් එකේ ඒ ලිපිවලට යන ...
සත්‍යයේ දිග පලල. වෙද ගෙදර මේ ලිපිය මගේ අතින් කවදාවත් නොලිය වෙන්නයි තිබුනේ. නමුත් මට හිතුනා මගේ ජීවණ වෘත්තිය වන ආයූර්වේදයටත්, මගේ මුළු දිවියම කැපකළ ආයූර්වේදයටත් මගෙන් යම් කිසි සාධාරනයක් ඉටුවිය යුතුයි කියා. ඒ නිසයි මම මේ ලිපිය ලියන්නේ. මෙහිදී මම උදක්ම බලාපොරොත්තු වනවා, මෙන්න මේ කරුණු තුන ගැන ඔබ සාධාරනව සිතයි කියා.1. මම හැම විෂයක්ම දෙස බලන්නේ කාලයට අනුවයි. පරිණාමය කියන්නේ හැම විෂයකටම පොදු ...
විහිළුවට ලිව්වට විහිළුවක්ම නෙමේ. වෙද ගෙදර ඔන්න ආයෙත් මේ අවුරුද්දෙත් වෙදගෙදරට කට්ටියටම ආරාධනා කරනවා. නව වසරෙත් හැමදාම එන්න.හැමදේටම වඩා මානසික සහනය වටිනවා කියන එක මගේ ජීවිතයේ එක් නීතියක්. හොඳට හිනා වෙන්න ඇහැකි නම් හොදට නින්ද යනවා කියන එක මගේ ආදර්ශ පාඨය. මේ දෙකම තිබෙනම් කවදාවත් ලෙඩ වෙන්නෙ නැහැ. මේ නිසා තමයි අපේ පැරැන්නෝ "සිනාසී තරවෙනු" කියන එක පිළිගත්තේ.මේ හැම දෙයක්ම කියන්න හෙතු වුනේ මේ වසරෙ මුලින්ම ...
105. කළු ජූලියේ මගේ මතක සහ අනාගත අභියෝග. වෙද ගෙදර ඒ 1983 ජූලි මාසයයි. සුප්‍රසිද්ධ කළු ජූලිය සිදු වූ ඒ අදුරු දිනයයි.මගේ ජීවිතයෙන් වසර 16 පමණ ගෙවා තිබිණි. ඒ වනවිට අපේ සම වයස් සියල්ලන්ගේම උනන්දුව තිබුණේ වසර අවසන පැවැත්වෙන අ.පො.ස. සා/ පෙ, වෙතයි. මම ඉතා උනන්දු සිසුවෙක් වීමි. මගේ ඉලක්කයක් තිබිණි. ඒ සදහා ක්‍රමානුකූලව වෙහෙසෙමින් සිටියෙමි. දෙවන වාරයේ වාර විභාගයේ සෞඛ්‍යය ප්‍රශ්න පත්‍ර එදිනට නියමිත විෂය විය. මේ කතාව මෙතෙක් ...