විහිළුවට ලිව්වට විහිළුවක්ම නෙමේ. වෙද ගෙදර ඔන්න ආයෙත් මේ අවුරුද්දෙත් වෙදගෙදරට කට්ටියටම ආරාධනා කරනවා. නව වසරෙත් හැමදාම එන්න.හැමදේටම වඩා මානසික සහනය වටිනවා කියන එක මගේ ජීවිතයේ එක් නීතියක්. හොඳට හිනා වෙන්න ඇහැකි නම් හොදට නින්ද යනවා කියන එක මගේ ආදර්ශ පාඨය. මේ දෙකම තිබෙනම් කවදාවත් ලෙඩ වෙන්නෙ නැහැ. මේ නිසා තමයි අපේ පැරැන්නෝ "සිනාසී තරවෙනු" කියන එක පිළිගත්තේ.මේ හැම දෙයක්ම කියන්න හෙතු වුනේ මේ වසරෙ මුලින්ම ...
සුභ නව වසරක් වේවා!!!!! ඔබ සැමට ස්තුතියි!!! වෙද ගෙදර අද මේ වසරේ අවසාන දිනය. මට මේ වසර වැදගත් වූ හැටි මම අද මෙහි සටහන් කරන්නම්. ඒ සියල්ලටම කලින් මම ඔබට සුභ නව වසරක් පතනවා!!!!!!!!!"සාමය සතුට විනෝදය පිරි දැණුම වැඩිවන, කාගෙ කාගෙත් ඇස් පෑදෙන, සියළු සත්වයින් දුකින් මිදෙන, සුභ නව වසරක් වේවා!!!!! මුලින්ම කියන්නම් මගේ පුරසාරම්, මේ වසර මට බොහෝ වැදගත් වසරක් වුනා. එනම් මේ වසරේ තමයි මගේ අධ්‍යාපනයේ මම ...
සුභම සුභ නත්තලක් වේවා!!!!! වෙද ගෙදර නත්තල මගේ ජීවිතේට බොහෝ කිට්ටුයි. උපතින් බෞද්ධ උනු මම අවුරුදු 1-2 අතර කාලේදි පියාගේ රැකියාව නිසා වත්තලට ආවා. මේවා මට මතක නැති වුනත් මට මතක අතීතෙ හැම දෙයක්ම සිදු වුනේ වත්තල. ඒ ගැන මම ලිපියකුත් ලිව්වා. මම විශ්ව විද්‍යාලෙ යනකම්ම ජීවත් වුනේ වත්තල. ඊට පස්සේ රටේ නොයෙක් තැන්වල කරක් ගහල දැන් ඉන්න නුගේගොඩට එන්නේ අවසාන තැන කියලා හිතාගෙන.මගේ මිතුරන් අතර ...
තාමත් ඔසප් ප්‍රශ්නෙ. අද ඔබගේ ප්‍රශ්නවලට පිලිතුරු. වෙද ගෙදර රාජ් said...මේ කේස් එක නිසා ඇතිවෙන එක පාඩුවක් තමයි සරු කාලය හරියටම දැනගන්න බැරිඑක.(මේකෙන් බැදපු අයට තමයි අවුල.) සරු කාලය කියන්නේ ඩිම්භ හොඳින් මෝරා පිටවන තත්ත්වයට පැමිණ ඩිම්භයක් පිට වී ශුක්රානුවක් හා සම්බන්ධ වී කළලයක් ඇති කිරීමට වඩාත් ඉඩ ඇති කාලයටයි. මේ කාලය වෙන්නේ සාමාන්‍ය ඔසප් චක්රයක එනම් දින 28 - 30 චක්රයක නම් හරියටම ඔසප් ඇති වී දින 12 - ...
කාන්තාවන්ට පීඩා ගෙන දෙන ඔසප් දෝෂ. වෙද ගෙදර සතියකට වැඩියෙන් මට පෝස්ට් එකක් ලියන්න බැරි වුනා. අද මේකත් ලියන්නේ හදිසියෙන්. ජනවාරි ඉඳලවත් සතියට දෙක ගානේ වෙන්න පොස්ට් දන්න තමයි හිතන් ඉන්නේ. මේ පොස්ට් එකට එන්න හේතුව මගෙන් නිතර අහන ප්‍රශ්න කීපෙකට පිළිතුරු දෙන්න ඕනෙ නිසයි. මේක කාන්තා ස්පෙශල්. ඒත් පිරිමි බැලුවම මොකෝ. කාන්තාවන්ටම විශේෂ වු පෝස්ට් එකක් මෙහෙම දමන්න කියන අදහස මට මුලින්ම කිව්වේ අපේ ගිම්හාණී නඟා. හැබැයි ...
ඌෂ්ණය කුමක් වැනී? වෙද ගෙදර පසුගිය ටිකේ මම වැඩිය ජාලගත වුනේ නැහැ. ඒකට හේතු වූයේ මගේ පියාගේ තුන් මාසේ දාන කටයුතු යෙදී තිබූ නිසයි. හිතවත් සහෝදරවරුන් සොයුරියන් මා ගැන සොයා බැලූ බව මට දැන ගන්න ලැබුනා. ඒක මගේ හිතට බොහෝම හයියක් වුනා. මම මේ බ්ලොග් ලෝකයෙන් හඳුනාගත් මිත්‍රයන් ගනන බොහෝමයි. ඉතින් නැවතත් ජාල ගත වෙන්න අවසථාව ලැබෙනවා. අද සිට බ්ලොග් ලෝකයේ මම ඉන්නවා. සුපුරුදු ලෙස ...
කන්‍යාභාවය, දේවදාසියෝ සහ පෙම් කථාවක්. වෙද ගෙදර අපේ දිනේෂ් දීපාල් සහෝදරයා මගේ සම්භාවනාවට පත් වුනු තරුණයෙක්. මෙතුමා තමන්ගේ සත්සමුදුර නම් ඉතා වටිනා බ්ලොග් අඩවියේ නොයෙක් වටිනා මාතෘකාවන් පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. මෙවර අපිට නිතර අහන්න නොලැබෙන ඉන්දියාවේ යථා සවභාවය ගැන ලියූ ලිපිය මගේ මතකය බොහෝ අවධි කළ ලිපියක්. මේ කෙටි සටහන ලියවෙන්නේ එම අවධි වූ මතකයේ පියවරක් ලෙසයි. මම මේ කියන්න යන කාරණාව ඔබ අසා ඇති. එහෙත් ...
ඔබ නැතිනම් මිහිපිට නැත මම්!!!!! වෙද ගෙදර මට 1988 මාර්තු 18 වැනි දින අද ඊයේ මෙන් දැනේ. මේ මගේ දිවිය වෙනස් කල දිනයයි. රටේ ඉතා බැරෑරුම් වතාවරණයක් පවතිද්දීත් අප වෙනුවෙන් ආයූර්වේද වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූයෙ එදිනයි. ඒ මාගේ දෙවන විශ්වවිද්‍යාල ආගමනයයි. රැග් උපරිමයෙන් තිබූවත් මට එහි වගක් නැත. සුන්දර තරුණ මුහුණු අතර මල් වැනි යුවතියන්. තාරුණ්‍ය අප සැම ගෙන්විත් අපේ අනාගත ඉරණම මෙසේ විසදීමට තීරනය කර ඇත. ...
නියම මිත්‍රයෙක් ගැන!(හිනා වෙන්න විතරයි.මඩක් නෙමේ.) වෙද ගෙදර රාජ්ගේ රාලහාමිලාගේ කථාව නිසා තමයි මට මේ කථා ටික මතක් වුනේ. මේක සිද්ද වුනේ මීට හරියටම අවුරුදු 20 උඩදි. ඒ කියන්නේ අපේ විශ්ව විද්‍යාල කාලේ. අපේ හිටියා බැචෙක් මෑන් රියල්ම ඩයල් එකක්. කිසි දිනක බ්ලොග් නොකියවන නිසාත්, ඌ දැන ගත්තත් මට ෂේප් කර ගන්න පුළුවන් නිසාත් ලියමි. අවසර නොගත්තෙමි. නමුත් කොල්ලා මට ලෙඩක් නොදාන බව මම දනිමි. මෙයාට අපි නිමල් ...
"සමරිසි" පිළිබඳ ආයූර්වේද විවරණයක්. වෙද ගෙදර දැන් ටික දවසක සිට අපේ කකාත්, මාතලනුත් තවත් අය කීපදෙනෙක්ම සමරිසි කථා ලිව්වනේ. ඔන්න මටත් හැදුන මේ සමරිසි ගැන හොයන පිස්සුව. දැන් මහ වැඩ ගොඩක් අස්සේ මේ ගැන හොයනවා. ඒ අස්සේ ලෙඩ්ඩු බලනවා. බ්ලොග් එකත් ලියන්න කොහොම කොහොම හරි කාලේ හොයා ගන්නවා.ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අය දන්නවා එයාලට ඉගෙනීමට අවශ්‍ය කරන වටිනා පොතක් තමයි මාධව නිදානය කියන්නේ. මේක අත් ...
සුන්දර මාතර. වෙද ගෙදර මම මගේ පැටිවිය ගෙවුනු වත්තල ගැන ලිපියක් කලින් ලියූවා මතකයි. දැන් මම මගේ නිවස හැටියට තෝරාගෙන තිබෙන්නෙත් මාතර නම් අතිපෞරාණික නුවරයි. මගේ මව්පිය දෙපාර්ශ්වයෙන් මෙන්ම මගේ වෙද හාමිනේගේ පාර්ශ්වයෙන්ද මගේ අද වාසස්ථානය වෙලා තිබෙන්නේත්, මාතරයි. ඒ එසේ නමුත් අපි අපේ පහසුව තකා ජීවත් වෙන්නේ කොළඹ. මම ගිය සතියේ මාතර පිළිබඳව කෙටි ලිපි පෙලක් ලියන්න පටන් ගත්තා. නමුත් මගේ ලිපි සීරීස් ...
දුවේ ඔබ මගේ ප්‍රාණයයි. වෙද ගෙදර මේ ලිපිය ඔබට ලියන්නට මම වසර 11 වැඩි කාලයක් බලා සිටියෙමි. මගේ දියණිය, ඔබ නොදන්නා අමිහිරි අතීතයක තතු අද මා ඔබට පවසන්නම්. මේ ලිපිය මගේ මිතුරු මිතුරියන් හා බෙදාගත්තත්, දනිමි ඔබ මගේ "වෙදගෙදර" රසිකාවියක් බව. ඔබ මෙලොවට බිහි වූයේ ඔබේ මවත් මමත් නිසිකලට ඔබ වැනි අයෙක් අපට සිටියොත් යෙහෙකැයි සිතාගත් නිසාය. ඒ 1999 කාලයයි. එසේ ඔබ මෙලොවට ගෙනෙන්නට සිතා ඉතා ...
කාරුණික ආයාචනයක්, වනිතාවනි ඔබටයි!! වෙද ගෙදර මම අද ඔබට පැවසීමට යන්නේ, ඉතාමත් අනුවේදණීය කථාවක්. මෙවැනි දෙයක් ඔබත් සමග දෙඩීමට මගේ තුන් හිතකවත් නොතිබිනි. නමුත් ඊයේ රාත්‍රියේ සිදු වූ හදිසි සිද්ධියක් නිසා මේ ගැන මිනිසුන් දැණුවත් කිරීමට බැරිදැයි මගේ වෙදහාමිනේ ඉල්ලූ නිසාත් මම මෙය ඔබට කියමි. මගේ කථාව වෛද්‍ය ආචාර ධර්ම අනුව නම් මෙසේ පැවසීම එතරම් සුදුසු නැති බවද මම දනිමි. නමුත් පැවසිය යුත්ත පැවසිය යුතුය. එයින් ...
මාතර බසේ අපූරුව. වෙද ගෙදර අද මම ඔබට මගේ බ්ලොග් ඉතිහාසයේ පළමු වතාවට වෙනත් අයෙක්ගේ ලිපියක් එතුමාගේ අවසරය ඇතිව පලකිරීමටයි සූදානම. මේ ලිපිය ලියන්න මූලාශ්‍ර ලබා ගත්තේ සමරසිංහ ගුණසේකර මැතිතුමා විසින් ලියන ලද "අපේ ගම මාතර" නම් කෘතියෙනි. එම මුළු කෘතියම ඉතා රසවත් ග්රන්ථයක් වන අතර ඔබට මාතර රාහුල පාරේ නො.97 ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම ලිපියේ අඩංගු "මාතර වචන" වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ එතුමාගේ ...
අපි වෛද්‍යවරයා මුණගැසීමට යනකොට යන්නේ සූදානම් වෙලාද? වෙද ගෙදර වෙද ගෙදර මේ දිනවල ලෙඩ්ඩු පිරිලා. ඒ මදිවට වෙදනා ලොකු ඉස්කෝලෙටත් යනවනේ. ඉතින් එතැන ඉන්න ගුරුවරු වෙදනට ගෙදර වැඩ ගොඩක් දීල නිසා දැන් ටික දිනක ඉඳලා වෙදනා වැඩ, වැඩ, වැඩ, අපෝ තව ටික දවසකින් ගෙදරිනුත් පන්නනවා. අද මම ලියන්න යන්නේත් මගේ අත්දැකීමක් හැබැයි මේක සිදු වුනේ මේ ඊයේ පෙරේදා. ඔන්න දවසක් ඉතාම ලස්සනට ඇදගත්තු නෝනෙකුයි, එයාගේ මහත්තයයි දෙන්න දෙමාල්ලො ආවා ...
සුදු මිනිස්සු සහ කළු මිනිස්සු. වෙද ගෙදර මේකත් මට අහම්බෙන් මතක් වූ සිද්ධියක්. මේ සිද්ධිය සිදු වෙලා දැන් වසර 9 විතර ගෙවිලා. මම මගේ පශ්චාත් උපාධි අධ්‍යාපනයට සැරසෙන මුල්ම කාලේ මේක වුනේ. මේ සිද්ධියට මුහුණ දුන්න යුවල එයිටත් වසර ගනනාවකට කලින් සිටම හොදින් මාව හදුනනවා. මම වසර 1997 මගේ වෛද්‍ය ජීවිතය ආරම්භක කාලේ සිටම සම්බන්ධකම් පවත්වාගෙන ගිය පවුලක්. මේ පවුලේ කුඩා දරුවන් තුන් දෙනෙක් හිටියා. මට මතක ...
වරද කාගෙද????? වෙද ගෙදර පසුගිය සතියෙම මගෙන් ලියවුනේ එකම වර්ගයේ කථා. අවසාන ලිපියෙන් එය අවසන් කරලා මගේ සුපුරුදු ලිපි වලට යන්න මම සිතා සිටියත් ඊයේ සිදුවුනු සිදුවීමක නිසා මට හිතුනා අදත් මේ ලිපිය ලියල මීට පසුව එන සතියේ මගේ ලිපි වලට එන්න.ඊයේ මගේ මිත්‍රයෙක්ගේ උපන්දින සාදයක් රාත්‍රියේ තිබුනා. එතැන සිටි අපේ තවත් මිත්‍රයෙක් නිසා තමයි මේ කථාව මට මතකයට ආවේ. ඔහු රජයේ ලියාපදිංචි උපදේශක ...
කථා දෙකක්, අඬන්නද? හිනා වෙන්නද? වෙද ගෙදර මම අද මේ කියන කථාව මම සාමාන්‍යයෙන් මෙතෙක් නොකී ජාතියේ එකක්. හැබැයි මම මේක කියන්නේ ඔබව පිනවන්න නෙමෙයි. මේ කථාවේ යටින් තිබෙන මහා ඛේදවාචකය ගැන හිතන්න. නමුත් මින් විනෝදයකුත් ලැබෙනවා.අපි බොහෝ විට අන්ධ මනුෂ්‍යයෙක්, කොර පුද්ගලයෙක් එහෙමත් නැත්නම් ආබාධිතයෙක් දැක්කම අනේ අපොයි කියලා හිතනවා. හැබැයි අපිට හිතෙනවද මේ මිනිසාටත් අපි වගේම අයිතිවාසිකම් තිබෙනවා කියලා?කොටින්ම පවුලක් වෙලා දරුවන් හදාගෙන ජීවත් වීමේ ...
කුමන්ත්රනය. වෙද ගෙදර මේක දැණුමක් ගන්න ලියන දෙයක් නෙමේ. මම මේ සිද්ධිය කියන්න හිතුවේ හැමදාම එකම වගේ කථා කියලා ටිකක් වෙනසකට. මේ සිද්ධිය වුනේ මම උ/පෙ කරලා ගෙදර ඉන්න දවස්වල. මේ කාලේ අපේ සඳරූ වගේ මරණ ගෙවල්, මගුල් ගෙවල්, පොලියට ගන්න කාලේ. එක දවසක් මහ රෑ අපේ මිත්‍රයෙක් මගේ කාමරේ ජනේලෙට තට්ටු කරනවා. දැන් වෙලාව රෑ 10 ට විතර. ඒ කාලේ මම හිටියේ ...