ඇමරිකාවෙන් ලංකාවට සුපුරුදු පරිදි පුරුදු පරණ ජීවිතයට!! වෙද ගෙදර එදා හවස ඇමරිකානු වෙලාවෙන් හවස 03 විතර ඇමරිකාවට පය තිබ්බ අපි හෝටලේට ගිය ගමන් වැටුණු වැටුණු තැන්වල නිදාගත්තා. තුන්දෙනාම නැගිටිනකොට වෙලාව මහරෑ. ඉක්මනට ගෙවල් වලට කතා කරලා කෑමක් බීමක් ගැන බැලුවා. හොටලෙත් කෑම නැහැ. නොදන්න රටක් ... මොන….. බඩගින්නට මොන නොදන්න රටවල්ද? ඉක්මනින් ඇදපැළදගෙන පාරට පැන්න අපි ඉබාගාතේ ගියා කෑමක් හොයාගෙන. එතකොට තමයි සේෆ් හවුස් දැක්කේ. එතන ඕනෙ පදන් කන්න ...
මහවෙදනාගේ ඇමරිකානු ගමනේ මුල් දින කීපය ලංකාවෙන් ඇමරිකාවට. වෙද ගෙදර මේ ගමන මගේ සිතේ තිබූවක් නොවෙයි. යොදාගෙන තිබූ වැඩ අනුව මට මෙවර සහභාගී වීමට තිබූයේ නොවැම්බර් මස පවත්වන ලෝක ආයූර්වේද කොන්ග්‍රසයේ සම්මන්ත්රනයටයි. එය ඉන්දියානු රජය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ආයූර්වේද සම්මේලනයකි. නමුත් ඇමරිකාවේ තිබෙන ඉතාම ඉහළ මට්ටමේ විශ්වවිද්‍යාලයක් වන ජෝන් හොප්කින් රෝහල සහ වෛද්‍ය විද්‍යාලය විසින් ඖෂධ පැළෑටි සහ අයූර්වේද නිෂ්පාදන පිළිබඳව වෙනම සම්මේලනයක් පවත්වන්නට සැලසුම් කර තිබුණා. අප සහභාගී ...
මහවෙදනාගේ වතගොත වෙද ගෙදර දෙමසකට ත් ටිකක් වැඩි නිහැඬියාවකින් පසු බොහෝ දේ ලිවීමට තිබේ. ඒ සියල්ල මෙහි කීමට හැකියාව ක් නැත ත්, කියන්නට හැකි දේ පමණ ක් මතකයේ හැටියට කැටි කොට මෙසේ ලියමි. ඒ 1986/ 1987 වසරයි. උසස් පෙළ විභාගයෙන් පසු ජීවිතය ගැන බොහෝ ගැඹුරින් සිතන්න ට පෙළඹවීම ක් නොතිබුනත්, මා යායුතු අත මවිසින් කලින් ම තෝරගෙන සිටියෙමි. රටේ තැන තැන ඇවිලෙන ගිනිය, ටයර් ...
105. කළු ජූලියේ මගේ මතක සහ අනාගත අභියෝග. වෙද ගෙදර ඒ 1983 ජූලි මාසයයි. සුප්‍රසිද්ධ කළු ජූලිය සිදු වූ ඒ අදුරු දිනයයි.මගේ ජීවිතයෙන් වසර 16 පමණ ගෙවා තිබිණි. ඒ වනවිට අපේ සම වයස් සියල්ලන්ගේම උනන්දුව තිබුණේ වසර අවසන පැවැත්වෙන අ.පො.ස. සා/ පෙ, වෙතයි. මම ඉතා උනන්දු සිසුවෙක් වීමි. මගේ ඉලක්කයක් තිබිණි. ඒ සදහා ක්‍රමානුකූලව වෙහෙසෙමින් සිටියෙමි. දෙවන වාරයේ වාර විභාගයේ සෞඛ්‍යය ප්‍රශ්න පත්‍ර එදිනට නියමිත විෂය විය. මේ කතාව මෙතෙක් ...
104. තරබාරුව මට්ටු කරන උපක්‍රම. වෙද ගෙදර මේ ලිපියේ තුන් වැනි කොටස තමා මේ. මුලින්ම පටන් ගනිද්දී නම් ඒ තරම් කොටස් කරන්න හිතුවෙ නැහැ. ඒත් ලියාගෙන යත්දි වැඩි වුණා. අදනම් අවසානයි.ඔන්න භාෂාව බොහොම සරලව දෙන්න උත්සාහ කරනවා. ආයූර්වේදයේ භාෂාව ටිකක් සංකීර්ණයි. ඒකට හේතුව නවීන විද්‍යාව සිංහලෙන් විස්තර කිරීමට මේ ආයූර්වේද වචන යොදා ගැනීම. දැන් ඒවා ඇත්ත වචන වෙලා ආයූර්වේද වචනවල අර්ථ යට ගිහින්. ඕකට තමා කියන්නේ කලින් ...
103. තර වුනොත් ලෙඩවෙයි. තුට්ටු දෙකටත් තට්ටු වෙයි. වෙද ගෙදර අපි අද බලමු මේ අනුව පුද්ගලයෙක්ගේ දෛනික ආහාරය කෙසේ සකස් විය යුතුද කියලා. පුද්ගල ශරීරයේ ධාතු සහ පංචභූතයන්ගේ අවශ්‍යතා මේ ආහාර ගැනීමෙන් පිරිමැසෙනවා නම්, එම අවශ්‍යතා පිරිමැසෙන ආකාරයට අප ආහාරය ගත යුතුයි.1. රස ධාතුව - අපෝ භූත ගුණය ප්‍රධානයි. ස්නේහනයි. (එනම් තෙල් ගතිය ඇති කරන.) රක්තය පෝෂණය,වර්ධනය, ධාරණය, සහ ජීවනය ඇති කිරීම, ශරීරයේ ගෙවී යන කොටස් නැවත අලුත් වැඩියා කිරීම. ...
102. සිනාසී තර වෙන්න, තර වී ලෙඩ වෙන්න. වෙද ගෙදර ඉතිහාස කතා, හොල්මන් කතා, බෞද්ධ කතා, මේ හැමටම වඩා මට වටින්නේ ආයූර්වේද කතා. එහෙනම් පොරොන්දු පරිදි අද ඔන්න ආයූර්වේද කතා. මේකෙදි මට මතක් කළ යුතුම දෙන්නෙක් ඉන්නවා. ඒ දෙදෙනාගේ ඉල්ලීමට තමයි මේක ලියන්නේ. හැබැයි එයාලගේ නම් ඕනෙ නැහැනෙ. අද මම ලියන්න යන්නේ ඉතාම වටිනා දෙයක් ගැන. නවීන ලෝකෙ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක්. එනම්………….…………………... තරබාරුව.ඇත්තටම අද ලෝකයේ එක් කට්ටියක් බඩගින්නේ දුක් විදිද්දී ...
101. දිවා ගුහාව සහ කණ්ඨමාරී යකින්නගේ කතාව. 02 කොටස. වෙද ගෙදර මේ දෙවනි කොටස. පළමු කොටස නොකියවූ අය ගිහිල්ලා ඒක බලලම ආවොත් වැඩේට ලේසියි. මිථ්‍යාව පතුරවනව කියලා කියපු ඇනෝලත් මේ කොටස කියවන්නකො........අද තාම සිකුරාදා මේකෙ පළවෙනි කොටස පල කරන්නෙත් සදුදා. සදුදා මිත්‍රයෙක්ගේ වැඩක් නිසා මේ වැඩය කර ගන්න කාලයක් ලැබුණේ නැහැ. දැන් දෙවනි කොටසත් ලියලම තමයි පළමු කොටසත් පළ කිරීමට සිතාගෙන සිටින්නේ. කවදත් මට හදිසියක් නැහැනේ. අපි මේ කතාව ගැන යම් ...
100. දිවා ගුහාව සහ කණ්ඨමාරී යකින්නගේ කතාව. 01 කොටස. වෙද ගෙදර මේක මම මෙතෙක් ලියපු ජාතියේ එකක් නෙමෙයි. අපේ අඩවි මහරජා, චාමි4U, ක්සැන්ඩර් ලිව්ව වගේ එකක්. කොටින්ම හොල්මන් කතාවක්. හෑ…………….. බය වෙන්න එපා. කොහොම වුවත් මම නම් එතරම් මේ හොල්මන් විශ්වාස කරන්නේ නැහැ. මේ කතාව මට දැනගන්න ලැබුණේ පොඩි පොත් පිංචක තිබිලා. ඒක ලියලා තියන්නේ ඩබ්. කේ වැලිකල කියලා මහත්තයෙක්. එතුමා ඇසට දැක ඇති නිසාත්, එතුමා ගැන එවලේ මගේ හිතේ ඇදුන ...
සත්ව පරිණාමීය ක්‍රියාවලිය. වෙද ගෙදර මගේ බ්ලොග් සදහා ගත කරන කාලය මේ ටිකේ ටිකක් අඩු වුනා. නමුත් මේ බ්ලොග් ලෙඩේ හැදිලා තියන කෙනෙකුට ආයිත් ඉතිං මේකෙන් ගැලවෙනවය කියන්නේ ......මේකත් හරියට අබිං කෑව වගේ තමයි. මොනවා හරි කුරුටු ගාන්නමයි හිත. ඒත් මේ දිනවල ඇති වැඩත් එක්කම බොහෝම අඩුයි කාල වේලාව. මගේ සුපුරුදු බ්ලොග් කීපෙකටම කමෙන්ට් නම් දැම්මා. දැන් කාලෙකට පස්සෙ ඇවිත් වැදගත් දෙයක් කියන්නයි මේ සැරසෙන්නේ. ...
උඩරට ගිවිසුම 02, අනේ කූබියනේ තොපටත් රජෙක් ඉන්නේ...... වෙද ගෙදර මුලින්ම ඉල්ලා සිටිනවා ඉතා දිගට ලියවී ඇති මේ ලිපිය ඉතා සාවධානව කියවා හොදින් කල්පනා කර බලන්න. ඒ වගේම මම මේ දක්වා ඇති පොත් පතුත් සොයාගෙන කියවන්න. ඔබ සැමගේ සක්රීයදායකත්වය මම බලාපොරොත්තු වෙනවා. ඉතිහාසය කියන්නේ ඇත්තෙන්ම වුණ දෙයක් වුණාට ඒ ගැන අපි හරි හැටි නොදැනීම නිසා නොයෙක් අලකලංචි වෙනවා. හැබැයි අපි මතක තබා ගත යුතුයි, මේ විෂය නිසා වෙන අකරතැබ්බ නිසා ...
අපේ අතීත ඛේදවාචකයන් සහ කන්ද උඩරට ගිවිසුම - 01 වෙද ගෙදර අද මම ඔබට මේ මාසය සදහා ගෙන එන පළමු ලිපිය ගෙන එන්නයි මේ සැරසෙන්නේ. මම සිතනවා වසරක පමණ මගේ බ්ලොග් ඉතිහාසයේ මම ගෙන එන ඉතාම සංවේදී කාරණයයි මේ ලියන්නට සැරසෙන්නේ. සිංහලේ තම දීර්ඝකාලීන අගනුවර වන අනුරපුරය වසර 1400 පමණත්, ඒ අත අතහැරීමෙන් පසු රජරටම වූ පොළොන්නරුවටත් එතැන සිට නිරිත දිගටත් පසුව ක්‍රමයෙන් බටහිරටත් සංක්‍රමණය වුණා. කෙසේ හෝ මගේ කල්පනාව නම් ...
ආඬි ප්‍රතිපත්ති සහ අපේ උරුමය. වෙද ගෙදර මේ ලිපිය ලියන්න සිතාගෙන විශාල කාලයක් ගෙවුනා. නමුත් නොයෙක් නොයෙක් හේතුමත එය මඟ හැරුනා. දැන් ඒ නියම කාලය.......මොහොතක් ඉන්න....මුලින්ම මෙය දේශපාලනික ලියවිල්ලක් නෙමේ. කිසිම ආගමකට ජාතියකට අඹ මල් රොණක තරම්වත් හානියක් මේ ලිපියෙන් කරන්න මගේ තුන් සිතකවත් අදහසක් නැහැ.ඒත් "නානාත්ත කායා නානාත්ත සඤ්ඤා" කියනවනේ. ඒ නිසා යමෙක්ට එහෙම හැඟුනොත් සමාවෙන්න. බයබෝයි!!! මේ ලිපිය පටන් ගන්නම්, ඉන්දියාවෙන්.....එකොළොස්වන ශත වර්ෂයේ දී පමණ ...
සමාවෙන්න!!! වෙද ගෙදර දිගු කාලෙකින් යමක් ලියන්න බැරි වුනා. ප්‍රථමයෙන් මගේ හිතවත් මිතුරු මිතුරියන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. මේ වසර මට ඉතාම වැදගත් වසරක්. එනම් මම මේ වන විට මගේ අධ්‍යාපන කටයුතුවල ඉතාම තීරණාත්මක තැනක සිටින නිසා. මේ වසරේ මුල් මාස 6 අවසන් වෙනවා කියන්නේ මට මගේ කටයුතු 75% අවසන් වෙනවා. ඒ නිසා මම මේ වසරේ බ්ලොග්කරණයේ එතරම් යෙදුනේ නැහැ. නමුත් අද පටන් ඒ ...
බුද්ධියට අහරක්. වෙද ගෙදර මේ මගේ මිතුරන් දෙදෙනෙක්. ඔබත් කැමති නම් සහභාගී වන්න. අර පොත ඉතාමත් වැදගත් කියවා බලන්න.
ගුරුත්වාකර්ෂණය, පොළොවේ අරය පරිධිය සමඟ ශුක්‍රාණු. වෙද ගෙදර ඉතාමත් දිගු කලක් බ්ලොග් එක ලියන්න බැරිවුනා. ඒකට හේතු වුනේ පසුගිය මාසයේ සිට මට, විශ්ව විද්‍යාලයේ විශාල වැඩ කොටසක් නැවතත් කරන්න වෙන එක. ඒවා මඟ හරින්න බැරි විදියටම මගේ කරමත වැටුනා. මේ කාලයේදී බ්ලොග් මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් මා ගැන සොයා බැලුවා. ඒ හැමටම ස්තුතියි.අද මේ කාලෙකට පස්සේ මම වැදගත් දෙයක් ඔබ හා බෙදා ගන්න සූදානම් වෙන්නේ. ඔබ වැඩි දෙනෙක් ...
සිතා බලන්න....... වෙද ගෙදර බ්ලොග් පෝස්ට් එකක් ලියන්න සිතා නොසිටි අවස්ථාවක්. නමුත් අද සිදුවූ සහ ඊයේ පෙරේදා සිදුවූ සිදුවීම් දෙකක් දැනට අවුරුදු කීපයකට පෙර එනම් 2008 දී වෙනත් රටකදී මුහුන දුන් සිද්ධියක් සමඟ ගලපන්න මට හිතුනා. එම නිසා අද මෙම පෝස්ට් එක ලියනවා.මුලින්ම කියන්න ඕනෙ මම නීතිය දන්නේ නැහැ. ඒ කියන්නේ නීතිය පිළිබඳ විශේෂ දැනුමක් මට නැහැ. හැබැයි මනුෂ්‍යත්වය ගැන නම් යම් සංවේදී බවක් ...
කාමය, මෛථූනය, හා ලිංගිකත්වය බුද්ධ දේශනාවට අනුව. වෙද ගෙදර මේ ටිකේම බ්ලොග් අඩවිවල ලිංගිකත්වය කියන මාතෘකාව යහමින් කථා කළ නිසා මේ අහක ඉන්න මටත් හිතුනා ඒ ගැන කථා කරන්න. මුලින්ම මේ ගැන කථා කරන්න ගිහින් තාමත් පහර වදින බව මම දන්නවා. ඒත් මේක තමයි ඇත්ත. අපේ අභීත මිත්‍රයා සහ ප්‍රියන්ත මේ ගැන කථා කරලා තියනවා. ඒ අයට අමතරව තවත් කීප දෙනෙක්ම කථා කලා. අභීගේ පෝස්ට් එකේ ඒ ලිපිවලට යන ...
හොර ගමන සහ මිත්‍රයෙක්ට වුනු අකරතැබ්බය. වෙද ගෙදර බොහෝම දිනකින් පසු අද නැවත ලිපියක් ලියන්නයි සූදානම. අද මම කලින්ම සැලසුම් කළ ලිපිය ලියා ගන්න බැරිවුනු බැවින් තමයි මේ ලිපියට එන්න හදන්නේ. මෙකෙ කිසිම ගත යුත්තක් නැහැ. දැනට අවුරුදු 20 විතර කලින් අපේ නේවාසිකාගාරයක් තුල සිදුවුනු සිදුවීමක්. හුදෙක් විනෝදයටත් ලිපියක් ලියන්න බැරිවුනු අඩුව පුරවා ගන්නත් තමයි ලියන්නේ. මට මේක මතක් කලේ කලින් මගේ ලිපියකට ගොදුරු වුනු "නිමල්". "උඹ ලියනව ...
සත්‍යයේ දිග පලල. වෙද ගෙදර මේ ලිපිය මගේ අතින් කවදාවත් නොලිය වෙන්නයි තිබුනේ. නමුත් මට හිතුනා මගේ ජීවණ වෘත්තිය වන ආයූර්වේදයටත්, මගේ මුළු දිවියම කැපකළ ආයූර්වේදයටත් මගෙන් යම් කිසි සාධාරනයක් ඉටුවිය යුතුයි කියා. ඒ නිසයි මම මේ ලිපිය ලියන්නේ. මෙහිදී මම උදක්ම බලාපොරොත්තු වනවා, මෙන්න මේ කරුණු තුන ගැන ඔබ සාධාරනව සිතයි කියා.1. මම හැම විෂයක්ම දෙස බලන්නේ කාලයට අනුවයි. පරිණාමය කියන්නේ හැම විෂයකටම පොදු ...