අනතුරු ඇඟවීමයි! වෙද ගෙදර කාලෙකට පස්සේ හිතුනා මගේ අත්දැකීමක් කොටලා දාන්න. මේ ගැන මට අදහසක් ආවේ ඊයේ පෙරේද කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පැවැත්වූ නිසයි.මම ඔබට දැන් ටික කලක සිට වරින් වර මඳසරුභාවය ගැන එහෙමත් නැත්නම් දරුවන් ලබා ගැනීමේ අපහසුතා ගැන ලියනවා. මේ ගැන ලියන්න මාව පොලඹවන්නේ මගේ රෝගීන්. ඒ කියන්නේ සමහර රෝගීන්ගේ අත්දැකීම මට හිතෙනවා සමාජයට වැඩක් ඇති වෙයි කියලා. මේ නිසයි අද මම ...
හාවගෙයි ඉබ්බගෙයි රේස් එක සහ ආයූර්වේදය නොනැසී පැවතීම. වෙද ගෙදර සෞක්‍ය අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ විවිධ සංඛාන තොරතුරු.දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ විවිධ සංඛාන තොරතුරු.(1) PATIENT STATISTICS UNDER CENTRAL GOVERNMENT AYURVEDA HELTHCARE CENTERS1. Ayurveda Hospitals - 072.Dispeansary - 013.Beds - 523(2) PATIENT STATISTICS UNDER PROVINCIAL COUNCILS AYURVEDA HELTHCARE CENTERS1. Ayurveda Hospitals - 62 2.Dispeansary - 2083.Beds - 3102Total Hospitals - 69Dispensary - 209Beds - 3625 (3) Number ...
නවීන ලෝකෙට ආයූර්වේදයෙන් වැඩක් තිබෙනවද? වෙද ගෙදර ටික දිනකින් වෙදගෙදරට ලියන්න මට නොහැකිවුනා. අද ඒ වෙනුවෙන් කාලයක් කැප කිරීමේ හැකියාව තිබෙනවා. මගේ අධ්‍යාපන වැඩ නිසා මම මේ දිනවල ඉතාමත් අවිවේකී. ඒ අතර සෑහෙන කාලයක් සිතාගෙන සිටි වැඩකුත් හදිසියෙම කරන්න සිදු වුනා. දැන් මගේ වයස අවුරුදු 44 මේ කාලය පුරාවටම මම ඉතාම නිරෝගීව සිටියත්, එක පිට පැමිනි නොයෙක් ප්‍රශ්න නිසා මට සෑහෙන විවේකයක් අවශ්‍ය වී තිබුනේ දැන් ටික ...
කුමන ආයූර්වේද පර්යේෂණද? වෙද ගෙදර ලේකම්,දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,නාවින්න, මහරගම.ගරු ලේකම්තුමනි,_________ පිලිබඳ පර්යේෂණය සඳහා රජයේ අනුග්‍රහය ලබා ගැනීම.මාගේ පර්යේෂණය සඳහා, පර්යේෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද පර්යේෂණ යෝජනා පත්‍රය, ඉදිරිපත් කර කාලයක් ගත වී ඇතත් ඒ පිලිබඳ දැනුම් දීමක් මා වෙත නිල වශයෙන් මේ වන තෙක් දන්වා නැත. වාචිකව මට දැනගන්නට ලැබී ඇති අයුරු, මෙම පත්‍රිකාව සායනික පර්යේෂණයක් ලෙස කරගෙන යාමටත්, ආචාර ධර්ම කමිටු අනුමැතියට යොමු ...
නව තාක්ෂණය අනුව ආයූර්වේද ඖෂධ නිපදවීමට හැකිද? වෙද ගෙදර අද වන විට ලෝකය විශාල වෙනස්කම් වලට භාජනය වෙමින් තියෙන්නේ. ඒ වෙනස්කම් හැම විටම යහපත්ම කියලා කියන්න අමාරුයි. සමහර වෙනස්කම් තිබෙනවා යහපත්. තවත් සමහර වෙනස්කම් තිබෙනවා අයහපත්. ඒක එහෙම වෙන්න ඕනෙ, මොකද මේ සමාජේ ජීවත් වෙන අය විවිධ නිසා. හැම විටම අපේ තෝරා ගැන
ආයූර්වේදය කාගේ බූදලයක්ද? වෙද ගෙදර අද මම ලියන්න සිතා සිටි ලිපිය මෙය නෙමෙයි. ඇත්තෙන්ම ඉන් 3/4 පමණ මේ වන විට ලියාත් අහවරයි. ඒත් මට හිතුනා ඒ වෙනුවට මේ ලිපිය අදම දමන්න. මම මේ ලිපිය ලියන්න කලින්ම කියන්න ඕනෙ මම මේක ලියන්නේ විවාදකට යන්නවත්, කාටවත් මඩ ගහන්නවත් නෙමෙයි. ආයූර්වේද වෛද්‍යවරයෙකු ලෙස මට යුතුකමක් තිබෙනවා ආයූර්වේදෙට යම් හානියක් වෙනවනම් ඒ ගැන කථා කරන්න. විශේෂයෙන්ම මේ වන විට ...
ආයූර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලින් රෝග සුව කල හැකිද? වෙද ගෙදර අපි බලමු මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ලෙස හඳුන්වන්නේ කුමක්ද කියා.මුලින්ම බලමු ආයූර්වේද යන වචනය."ආයූර්" ආයුෂ එහෙමත් නැත්නම් ජීවණය/ ජීවිතය වගේ තේරුමක් තමයි මින් ලබාදෙන්නේ. වේද යනුවෙන් හඳුන්වන්නේ විද්‍යාව ලෙස අර්ථ දක්වන්න පුළුවන්. එතකොට "ආයුෂ සම්බන්ධ විද්‍යාව". මෙන්න මේක තමයි ආයූර්වේදය නම් වචනයේ නියම අර්ථය. දැන් පැහැදිලියි ආයූර්වේදයේ මුඛ්‍ය අරමුණ වෙන්නේ රෝගීන් ඇති නොවීමට කටයුතු කිරීම. හෙවත් Prevention is better than ...
ශ්‍රී ලංකාවතුල ආයූර්වේදයේ අනාගතය සරුවෙයිද? වෙද ගෙදර මම අද ලියන්නේ වෙනත් දෙයක් ගැන. නමුත් සතියකට සැරයක් ගානේ විශ්වාරම්භය ගැන ලිපිය දමනවා………….මම ආයුර්වේදයෙන් ඉගෙන ගත්ත ඉතාම වටිනා පාඩම ගැන තමයි ඔබට කියන්න සිතුවේ. 1988 මහා භීෂණයක් රටේ තිබෙන වෙලාවෙ තමයි මම මුලින්ම ආයුර්වේදෙට අවේ. එතනත් අවුල් බොහෝමයි ඒ කාලේ.....අයූර්වේද විද්‍යාව තියා ඔය ගැන කිසිම දෙයක් මම දැනන් උන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට ආයුර්වේද විද්‍යාව, බුදු දහම වගේ විෂයන් ...
විශ්වාරම්භය තුන ප්‍රකෘති සහ පුරුෂ………. වෙද ගෙදර බොහෝ දිනක් අපි අපේ සුපුරුදු මාතෘකා වලින් බැහැරව සිටියා. ඒ මගේ පුද්ගලික දිවියේ ඇති වූ වෙනස් කමක් නිසා බව ඔබ සැම දන්නවා. විශ්වාරම්භය පිළිබඳ බටහිර මත ගැන දැන සිටි ඔබට මම පෙරදිග මතයන් ගැන යම් අගැයීමක්, දැණුමක ලබා දෙන්නයි උතසාහ ගත්තේ. නමුත් මේ අනපේක්ෂිත තත්ත්වය නිසා එහි යම් බිඳ වැටීමක් සිදු වුනා. ඒ ගැන මගේ කනගාටුව.මේ පෙරදිග දර්ශනය පිළිබඳව මා ...
පියා ගැන අවසන් ලිපිය. වෙද ගෙදර පසු ගිය කරදර නිසා මගේ බ්ලොග් එකත් පාළුවට ගියා. නමුත් මම දන්නවා ඔබ මගේ ප්රශ්නවලදී මා අත නොහැර සිටි බව. ඒ නිසා මගේ යුතුකම මේ බ්ලොගය නිසි සේ පවත්වා ගැනීම. මම එය අමතක නොකරන බව කියමි. කෙසේ වෙතත් පියාගේ අභාවය සිදු වූයේ මගේ විශාල වශයෙන් කාර්ය බහුල සමයක. ඒ නිසා සියළු වැඩ සති දෙකක් පමන නැවතුනා. නැවතත පැමිණි ගමන් මම ...
ඔබ සැමට, මාගේ දිවියේ ඉතාමත් අපහසු අවස්ථාවක මට ඔබ ලබා දුන් දිරිය ඉතාමත් ස්තුති පූර්වකව භාරගනිමි. වෙද ගෙදර මගේ පියා මට මව තරම් සමීප පුද්ගලයකු නොවූ නිසා මට මෙතරම් ඔහුගේ වියෝව දැනේ යැයි මම මොහොතකටවත් නොසිතුවෙමි. නමුත් අද මට එය එසේ නොවේ. "පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ" යන බුදු වදන මට දැන් හොදින් වැටහේ. මගේ පියා ඉතාමත් උන්නතිකාමී පුද්ගලයෙක් වූවත් මව ඉතාමත් අවංක ගුණ ගරුක කාන්තාවක් වූවාය. උපතින්ම ඤාතීන් වූ ඔවුන් වසර 1966 දී විවාහ වී ඇත්තේ තම තනි කැමැත්තටයි.නමුත් ...
පියානෙණි ඔබට නිවන් සුව!!!!!!!! වෙද ගෙදර මම පසුගිය දිනවල බ්ලොග් අවකාශයේ වැඩිය පෙනී සිටියේ නැහැ. ඉතාමත් හදිසියෙන් ලියන නිසා කෙටියෙන් ලියන්නම්. දැනට වසර ගනනාවක සිට මගේ පියා සිටියේ අසනීපයෙන්. ඒත් ගිය සෙනසුරාදා පාන්දර යාමේ ඔහු අපෙන් සමු ගත්තා. ගිය සදුදා උදේ අසනීප වෙලා රෝහල්ගත කලා. නමුත් මගේ පියාට ජීවිතය උරුම වෙලා තිබුනේ සෙනසුරාදා පාන්දර යාමය වනතෙක් පමණයි. ඔහුගේ දැන් කාලයක සිටම දැඩි ඉල්ලීම වෙලා තිබුනේ මියගොස් ...
වත්තල පුරාණය. වෙද ගෙදර අවබෝධ කර ගැනීම ඉතාම අපහසු මාතෘකාවක් ගැන එක දිගටම ලිපි දෙකක් ලියූ නිසා මම කල්පනා කලා තවත් සරල ලිපියක් ලියන්න. ඊලඟට අපේ සුපුරුදු මාතෘකාව නැවත එනවා ……………………………………... මම මේ ලිපිය ගැන සිතා සිටියේ බ්ලොග් කරණයට පැමිණීමටත් ඈතක සිටයි. එනම් මා වයස අවුරුදු 05 පමන සිට තුරුණු විය දක්වාම ජීවත් වූ ප්‍රදේශය වත්තල වීම නිසාත්, මගේ ජීවිතයේ සුන්දර මතකයන් බොහෝමයක් බැඳී ඇත්තේ ...
විශ්වාරම්භය පෙරදිග විද්‍යාවන් (ප්‍රමාණ) 02 වෙද ගෙදර දැන් අපි අපේ මේ කතිකාවේ පෙරදිග විද්‍යාවන් විශ්වය ආරම්භ වූ ආකාරය දැකලා තියන්නේ කොහොමද කියන කාරණය විස්තර කරමින් සිටියේ, එහිදී අපි කථා කලා බටහිර දර්ශනයේ මේ ගැන කියවෙන දේ, එතකොට ආයූර්වේද විද්‍යාව පෙරදිග දර්ශණයේ පිහිට ලබාගෙන ප්‍රකෘති පුරුෂ වාදය මඟින් විශ්ව උප්පත්තිය ගැන කතා කරන ආකාරය. ඒකට උදව් වෙන සාංඛ්‍ය දර්ශනය ගැන අපි යම් තරමකට අද කථා කරමු. අපි දන්නවා ප්‍රකෘති ...
විශ්වයේ නිර්මාණය සහ පෙරදිග විද්‍යාව - 01 වෙද ගෙදර මේ ලිපිය මම දිගට ලියන්න සිතා සිටින ලිපි මාලාවක පලමු වැන්න. මම දන්නවා මේ ලිපි වලට එතරම් කට්ටිය කැමති නැහැ, ඒත් මේ විෂය ගැන ලියවුනු දේ අපිට කියවන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින් නිසාත්, මේ විෂය ඉතාමත් වටිනා දෙයක් නිසාත් මේක ලියන එක වැදගත් කියලා මා සිතුවා. මුලින් අපි බලමු මේ විෂය යම් පමණකට හදුනා ගන්න, මේ ප්‍රශ්නේ තමයි මේ ලෝකය ඇති ...
ආදරය!!!! වෙද ගෙදර ජීවිතය කියන්නේ ගහක් නම් ඒ ගහේ ජීවය වෙන්නේ ආදරයයි. ඒ ආදරයට ජීවය දෙන මුල් වෙන්නේ, 1.දානය - දානය නිසා සමබරතාවයත් ඒ නිසා අපිට ඕනෙම මානසික තත්වයක් වන විසඳුම එහෙමත් නැත්නම් පිළිතුරු සොයා ගැනීම කියන ගුණාංගයදියුණු වෙනවා. 2. ප්‍රිය වචනය - මෙයින් අපට සහනය ඇති වෙනවා. ඒ සහනය නිසා ඇති වෙන වඩාත්ම වටිනා දේ තමයි සතුට. 3. අර්ථචර්යාව - මේ කියන මුල ...
පැරණි රසාංග. වෙද ගෙදර පසුගිය සතිය ඉතාමත් අධිකව වෙහෙසෙන්න සිදු වූ නිසා වෙදගෙදරට එන්න බැරි වුනා. ඒ ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. කොහොමත් ඉදිරි කාලයේ ටිකක් වැඩ අධිකයි. ඒ කියන්න අපි හොයාගෙනනෙ අපි කන්නෙ, ඉතිං ඒකනේ මේ ප්‍රශ්නෙ. හොඳයි, කාලෙකින් ආපු නිසා ආපු ගමන් ලොකු මාතෘකා වලට නොගිහින් පොඩි කථාවක් කියන්නයි යන්නේ. මේක මේ ඇත්තටම වුනු දෙයක් ඒත් මේක ලියන්නේ මේ චරිත වලට නිගරු ...
කළු නික. වෙද ගෙදර මගේ කලින් ලිපි වලට ලැබුනු කමෙන්ට් වලින් මම ලිපි කීපයක් ලියනවා. ඒවා ඉවර වෙනකන් මේ ගැන හිතන්න................................ පසුගිය ලිපි කීපය නිසා අලුතෙන් ලියන්න හොඳ මාතෘකා කීපයක්ම ලැබුනා. මුලින්ම වෙනසකටත් එක්ක, ඒත් අපේ මිත්‍රයෙක් ඉල්ලා තිබූ නිසා හිතුවා ශාකයක් ගැන ලියන්න. ඒත් තෝරා ගත්තේ එසේ මෙසේ ශාකයක් නෙමෙයි. ඔබ මම කවුරුත් දන්නෙ නැති, ඒත් ඕනෙවටත් වඩා අහලා තියන ශාකයක් මේ. අපි සාමාන්‍යයෙන් ...
"දහ අට සන්නි යකුම" - 03 වෙද ගෙදර අපි උපන්දින සමරලා, 50 ජුබිලියත් අරගෙන කවි කියලා එක විදිහක් වෙලා ඉන්නේ. එහෙම නේද? ඔන්න එහෙනම් තොවිලෙ පටන් ගමු "මහා දහ අට සන්නි යකුම"........... නෞව්ය බටහිර සහ පුරාණ දේශීය වෛද්‍ය ක්‍රම අනුව අපි බලමු මොනවද මේ සන්නි 18 කියලා. ආයූර්වේද නැතහොත් අපේ පුරාණ දේශීය වෙදකමේ එන හැටියට සන්නි 18 කියවෙන්නේ මෙහෙමයි. 1. ක්රිට්ටි සන්නිය ...
ඔබට ස්තුතියි,!!!!!!!!!! දහ අට සන්නිය සමඟ සන්නි කවි. 02 වෙද ගෙදර දැන් ලියන්න යන්නේ පොඩි පම්පෝරියක්. මොකද මම මේ බ්ලොග් එක පටන් අරන් අගෝතු 14 වෙනිදාට මාස 04 යි දින 12 වෙනවා. මේ හරියටම 50 වැනි පෝස්ට් එක. මට මෙතැනදි ස්තුති කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා. මගේ බ්ලොගර් සටහන් අනුව පේනවා දැන් හරියටම ලිපි 49 ලියලා කියලා. ඒ අනුව මේ 50. මම ලියපු පලමු ඉතාම කෙටි සටහනකට පලමුවෙන් කමෙන්ට් ...