100, 2 සහ ඌ... වීදුරු ගෙවල්............ ඌ ෆේස්බුක් එකේ ලින්ක් එකක් ක්ලික් කළා. කවුදෝ ශෙයාර් කරලා තිබ්බ එකක්. ඒ මීට අවුරුදු තුනකටත් කලින්. ඒ ලින්ක් එකෙන් ඇරුනු වෙබ් පිටුව ඌට තාමත් මතකයි. කළුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදුපාට අකුරු. ලස්සන හෙඩර් එකක්. ඒකෙ මෙහෙම ලියලා තිබ්බා "ටොපිය, හරිහමන් හැඩයක් නැතිවුනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". ඌ කියවගෙන ගියා. මුළු බ්ලොග් එකම. ඌ කියවීමට යම් තරමක කැමැත්තක් තිබ්බ එකෙක් ...
ලෝකයේ දියුණුවෙන් මිනිසාට සිදුවන්නේ යහපතක්මද? වීදුරු ගෙවල්............ ජීවය මිහිපිට ආරම්භ වුණු දවසේ ඉඳන් අද වෙනකොට මිනිසා කියන සත්වයා කොච්චරනම් දියුණු වෙලාද? ඒත් හදිස්සිය්න් වගේ මගේ හිතට ආව ප්‍රශ්නයක් තමයි මිනිසාගේ මේ දියුණුව නිසා ඇත්තටම මිනිසාට යහපතක් වෙනවාමද කියන එක. අපි හිතලා බලමු වාහන කියන දේ හොයාගන්න කලින් මිනිස්සු බොහෝවිට ගමන් කරන්න ඇත්තේ පයින්මයි. ඉතිං ඒකාලේ මිනිස්සුන්ට අධික තරබාරුකම නිසා ඇතිවෙන ලෙඩරෝග බොහෝම අඩු වෙන්න ඇති. ඒත් මිනිසුන්ගේ වැඩ ...
අපිට පිස්සු ඕයි !!! වීදුරු ගෙවල්............ අනික් උන්ව එළියේ දාලා අපි සේරම ඇතුලෙ දාලා පිස්සන් කොටුව නම තැබුවේ මොන පිස්සද ඕයි? පිස්සෝ සැවොම එළියේ ඉඳන් පිස්සු කෙලියි ඕයි! සයිමන්ගේ බෝට්ටුවේ ගුජු ගුජු ගා දුමත් දාං ඇඳක් වටේ පැද්දි පැද්දි බෝට්ටුවේ රවුං යන්න පුළුවන් වෙන තවත් තැනක් ලොවෙත් නෑනේ ඕයි! කෝසලයගේ කෝච්චියේ කුචු කුචු ගා මහ සද්දෙට සුදුම සුදුම නර්ස් නෝනා වටේ වටේ පැද්දි පැද්දි කෝච්චියේ රවුං ...
අනාගතේ දවසක...... (කෙලි පැටික්කියෙකුට ටෙලි නාට්‍ය නිළියෙක් වෙන්න හිතිලා) වීදුරු ගෙවල්............ තේ කෝප්පයත් පසෙකින් තබා බැල්කනියේ පුටුවකින් වාඩි වූ මම අද පත්තරය අතට ගත්තෙමි. "වර්ෂ 2041 ක් වූ ජූලි මස 26 වෙනි සිකුරාදා". පිටුවෙන් පිටුව පෙරලන අතරතුර මගේ නෙතු තනි පිටුවක් පුරාවට දමා තිබූ දැන්වීමක නතර විනි. එම දැන්වීම පසිගිය සතියේ පාසලේදී සිදුවූ වේදනාත්මක සිදුවීම මට ක්ෂණයෙන් මතක් කරවීමට සමත් විය.ප්‍රාථමික පාසලේ මට ඉගැන්වීමට තිබුණේ කුසලතා සංවර්ධන විෂයයි. එදා තුන වසර ...
පන්නං ආවනම් පාටි ගන්න ඕනෙත් නෑ......... වීදුරු ගෙවල්............ ආ........ අයියේ කොහොමද ඉතිං? අපිට පාටියක් එහෙම නැද්ද?නෑ...නෑ.... ඒවා නෑ මල්ලී. නිකං නිස්කාරණේ දාස් ගණන් මොකටද බං ඕවට වියදම් කරන්නේ? මට හිතුනා මම එයාව එක්කං ආවා.මල්ලී මට දැං ඉන්න තැනක් තියනවා, රස්සාවක් තියනවා උඹට කියන්න පහුගිය කාලේ මම මෙතන තනියම ඉඳලා එපා වෙලා හිටියේ. හවසට හොඳටම මහන්සි වෙලා වැඩ ඇරිලා එනවා ඇවිත් ආයේ උයන්න ගියාම එපා වෙනවා බං. දැන් හිතෙනවා ...
මදුරුවෝ මොන රහද දන්නවද??? වීදුරු ගෙවල්............ දිනක් මහා රාත්රියේමැච් එකක් බැලුවනේපරදින ලකුණු දිස්වුනේනිදිමතකි මට පැමිණුනේහිඳි තැනින් නැඟිටුනේඅත් දෙපසට විහිදුනේකටත් හැකිතාක් අරිමිනේහොඳ හුස්මක් ගත්තනේඕං ඔය වෙලාවේමහා විපතකි සිදුවුනේමදුරුවෙකි පැමිණුනේඌට බ්රේක් නොතිබුණේ මදුරුවා උගුරේ හිරවුනේහිස්ම මඟ නැවතුනේදෙතුන් වරක් කැස්සනේනෑනේ ඌ පැමිණුනේදන්න ශිල්ප දැම්මනේ හැකිතාක් කැස්සනේකාරලත් බැලුවනේ යළි කටින් නොඑන්නේ මළ කෙලියකි සිදුවුනේමොකද දැන් කරන්නේමම මදක් සිතුවනේඅදහසක් ආවානේකුමට මම තැවෙන්නේකටින් උගුරට ගියානේතවත් ඇතුලට ගියාවේ බඩට නොවැ වැටෙන්නේ කුස්සියට මම ...
සමහරුන්ට ඕනේ වුනත් එන්නේ නැති, තවත් අයට ඕනේ නැතත් ඉබේට එන "නින්ද"....... වීදුරු ගෙවල්............ මට මුලින්ම නින්ද නොයන ලෙඩේ එන්නේ උපෙ කරන්න මාස 7කට විතර කලින් කෙනෙක් හින්දා. අන්තිමේදී මට එයාව ලැබුනෙත් නෑ නින්ද ලැබුනෙත් නෑ. උපෙ ලං වෙන්න ලං වෙන්න හිතේ තිබ්බ බයටද කොහෙද රෑට නින්ද ගියේම නෑ. උපෙ ඉවර වෙලා තවත් අවුරුද්දක්ම ඔය ලෙඩේ අල්ලලා හිටියේ දෙවෙනි පාරටත් උපෙ කරපු නිසා. හැබැයි දෙවෙනි පාර උපෙ කරන කොට මාව මහා නරක පුරුද්දකට ඇබ්බැහි ...
ආයේ බොන්නේ නෑ......................... වීදුරු ගෙවල්............ විභාගේ කාලේ අතරමැද නිවාඩු දවසකබිව්ව බියර් බෝතල් දෙකවිනාස කළා මුළු දවසක්මපාඩම් කරන්නට තිබූඊළඟ විෂයටආයේනම් කටේ තියන්නේ නෑ ඔය ජරාව.......................................................................................................විභාගේ ඉවර වෙනකම්! ...
ඇත්තම ආදරේද? මෝඩ කමද? (සංවාදයට විවෘත්තයි) වීදුරු ගෙවල්............ වෙනදා වගේම ඊයෙත් රෑ 8ට ටීව් එක ඉස්සරහින් වාඩිවුනේ ප්රවෘත්ති බලන්න. කාටූන් සහ ක්‍රීඩා වැඩසටහන් හැරුනාම මම බලන එකම දේ තමයි ප්රවෘත්ති. ඉස්සර තරම් කොලිටියක් නැතත් තාමත් අනිත් චැනල් වලට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා හිතෙන නිසා ස්වර්ණවාහිනියේ ප්රවෘත්ති තමයි බලන්නේ. ඊයේ ඒකේ ලස්සන ජපන් කෙල්ලෙක් සිංහල කතා කරනවා පෙන්නුවා. සිංහල කතා කරගන්න බැරි සිංහල බෞද්ධ කෙල්ලෝ ඉන්න රටේ, ජපන් කෙල්ලෝ ...
එදා පෙම් පත් අද ලොවෙත් නැත! වීදුරු ගෙවල්............ පෙම් කරන්නට මූණුපොත ඇත මල් කඩන්නට ස්කයිප් ඇත කවි ලියන්නට බ්ලොග් පිටුත් ඇත උපන් දිනයට ඊ කාඩ් ඇත වැඩක් නැති විට ඊ මේල් ඇත පොත් අතර සඟවා හුවමාරු කළ එදා පෙම් පත් අද ලොවෙත් නැත!(මූණුපොතේ කෙනෙක් ලියා තිබූ කවියකට මම ලියූ කමෙන්ටුවක් මදක් වෙනස් කර බ්ලොගයට දැමුවෙමි.) ...
ඉක්බිති, ඈ විවාහ වීමට තීරණය කළාය... වීදුරු ගෙවල්............ "ඔයාගේ අත් හරී ගොරෝසුයි හරියට කොල්ලෙක්ගේ වගේ"මම ඈ දෙස බැලීමි. ඇගේ දිලිසෙන දෙනෙතට මම ආසා කරමි. තට්ටම් තෙක් දික් වූ ඇගේ වරලසට ආසා කරමි. ඇගේ දෙ තොලට, කන්පෙති වලට, පියොයුරු වලට ආසා කරමි. කොටින්ම මම ඇයට ආසා කරමි. ඇය, මා කැමතිම වර්ගයේ එකියකි. මෙතරම් කාලයට මට මුණ ගැසුනු සියලුම කෙල්ලන් පාහේ බියගුලුය. බැඳීම් ඇති කරගන්නට බියය. උන් ජීවත් වන්නේ සමාජයට ...
සර්වඥ ධාතූන්, බිලි පූජා සහ අපි! වීදුරු ගෙවල්............ මෙහෙම ලිපියක් ලියන්න හිතකවත් තිබ්බේ නෑ. ඒත් මේ දවස් වල අහන දකින දේවල් ඔළුවට දරාගන්න අමාරුයි වගේ. ඒ බර හෑල්ලු කරගන්න මට සුටුස් ගාලා මතකෙට ආවේ බ්ලොග් එක! පෙරේදා අපේ ගමේ සෙට් එකක් ගියා සර්වඥ ධාතු බලලා එන්න කියලා. අපේ අම්මත් යන්න හිටියේ. ඒත් ටීවී එකේ සෙනඟ දැකලා, යම්දෝ නොයම්දෝ කියලා දෙගිඩියාවෙන් ඉඳලා කොහොමහරි නොයන තැනට වැඩේ සිද්ධ උනා. පෙරේදා ...
අහම්බය... වීදුරු ගෙවල්............ ජීවයට සුදුසු ග්‍රහ ලොවක් වූ මේ පෘථිවිය ඇති වීම පටන් අප එදිනෙදා අත්දකිනා බොහෝ සිදුවීම් හුදු අහඹු සිදුවීම් පමණක්මය. භාවිතයේ පහසුව උදෙසා තමාට වාසිදායක හෝ යහපත් අහඹු සිදුවීම 'වාසනාවන්ත සිදුවීම්' ලෙසද, තමාට අවාසිදායක හෝ අයහපත් අහඹු සිදුවීම් 'අවාසනාවන්ත සිදුවීම්' ලෙසද අතීතයේ කවුරුන් හෝ විසින් නම් කරන්නට ඇතිය. කාලයාගේ ඇවෑමෙන් අද වන විට මිනිසාට 'අහඹු' යන වචනය අමතක වී ගොස් 'වාසනාව' ...
එහෙමනං එහෙමයි! වීදුරු ගෙවල්............ http://media.photobucket.com/image/funny%20owl/profsword/buWoti.gif?o=16 "සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙල රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා" කියලා කියන අමරදේවගේ සිංදුව දැං අහන සමහර උං හිතාගෙන ඉන්නේ අමරදේව සිංදුව කියන කාලේ මේක හෙන සුරපුරය කියලා. රෙද්ද තමයි. ඒ කාලෙත් ලිංගික අසහන කාරයෝ හිටියා. කුඩු කාරයෝ, මංකොල්ල කාරයෝ හිටියා, විප්ලව කාරයෝ, සමනලයෝ, දේසපාලුවෝ ...
උම්මන්තක සිතුවිලි... වීදුරු ගෙවල්............ මට ඕනේ උනා ලිපියක් ලියන්න. මොකක් හරි ලිපියක්. හරයක් නැතත් මදයක් ඇති ලිපියක්. මං ඔහේ කල්පනා කළා. මොනවා ගැනද මං ලියන්නේ කියලා. ආදරේ ගැන? ඔව්... ආදරේ කියන්නේ අපූරු මාතෘකාවක්. ගොඩදෙනෙක් ලියන මාතෘකාවක්. ජීවිතේට කවි නොලියපු උන්ව කවි කාරයෝ කරපු මාතෘකාවක්. සමහර මිනිස්සුන්ට ජීවත් වීමේ ආසාව ලබා දුන්නු මාතෘකාවක්. තවත් අයගේ ජීවිතේ නැති කරපු මාතෘකාවක්. ආදරේ... ඇත්තටම අපූරු මාතෘකාවක්. ඉතිං මං ...
රැවටීම.... වීදුරු ගෙවල්............ රුචී කියන්නේ ගමේ කොල්ලෝ කොයි කවුරුත් දන්න කියන, කොල්ලෝ සෙට් වෙච්චි වෙලාවල් වලදී ප්‍රධාන මාතෘකාව බවට පත්වෙන කෙල්ලෙක්. අපේම සෙට් එකේ කොල්ලෝ කීප දෙනක් එක්කම ගල්කිස්සේ රූම්ස් වලට ගිහිං තියෙන රුචී ගැන ගමේ කොල්ලෝ දහයක් ගත්තොත් අට දෙනෙක් විතර අනිවාර්යයෙන්ම දන්න බව රුචීවත් දන්නැතිව ඇති. අනික රුචී පුබුදුවාගේ බොක්ක. ඕන මහ රෑක රුචීට ගෙදරින් පැනගන්න පුළුවන්කම තිබ්බොත් පුබුදුවාගේ එක කෝල් ...
ඇබ්බැහි වීම සහ හමුවීම..... වීදුරු ගෙවල්............ ජීවිතේ විවිධ කාලයන්හිදී විවිධාකාර පුරුදු වලට ඇබ්බැහි වීම ම ජීවිතේට විවිධත්වයක් එක් කරයි. ලොව සියලුම මිනිසුන් පාහේ 'ජීවත් වීම' නම් පුරුද්දට දැඩි ලෙස ඇබ්බැහි වී සිටිති. එම ඇබ්බැහි වීමෙන් නොගැලවෙනු වස් සත්වයා තව තව ඇබ්බැහි වීම් වලට පෙළඹේ. ආදරය යනු ජීවත් වීම නම් පුරුද්ද කෙරෙහි මිනිසාව තදින් අලවන හෝ එහෙම් පිටින්ම ගලවා දමනට හැකි ප්‍රබල ඇබ්බැහි වීමකි. සතියට එක් වරක් ...
බල්ලා! වීදුරු ගෙවල්............ බල්ලා යනු අපූරු සත්වයෙකි. ඌ තම ස්වාමියාට අසීමිතව ආදරය කරයි. නිවසක සුරතලයට ඇති කරන අනෙක් සතුන්ට සාපේක්ෂව බල්ලා තමාව ඇති දැඩි කරන පවුලට අසීමිතව ආදරය කරයි. කලගුණ දත්තෙකි. වැඩි වාසි සලකා තමන් ආදරය කරන තැනැත්තන්ව හැරදමා නොයන එකම සත්වයාද බල්ලාම විය යුතුය.බල්ලා කිව් සැනින් මගේ මතකයට එන්නේ අප නිවසේ අවසාන වතාවට ඇති කළ බල්ලා වන ටිබියාවය. ලොකු නම් වලින් හඳුන්වන ...
නිදිමත දෙවියා....... වීදුරු ගෙවල්............ ඔයාලා හැමෝම හිතාගෙන ඉන්නේ දිව්‍යලෝකේ ඉන්න ලොකුම දෙවියා සක්‍ර දෙවියා කියලා නේද? ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. සක්‍ර දෙවියා හිට පිළිඅරගෙන තිබ්බා දිව්‍යලෝකේ ඉන්න ලොකුම දෙවියා තමයි නිදිමත දෙවියා කියලා. සමහරුනම් කිව්වේ සක්‍ර දෙවියා නිදිමත දෙවියාව යාප්පුවෙන් තියාගන්න ඕනේ නිසා ඔහොම කියනවයි කියලා. කොහොම උනත් මේ නිදිමත දෙවියා තමයි මුළු විශ්වයේම සියළුම සත්වයන්ගේ නිදිමත පාලය කරන්නේ. ඒ කියන්නේ නිදිමත දෙවියා ...
මගේ පස්වන වැලන්ටයින් සැමරුම! වීදුරු ගෙවල්............ වැලන්ටයින් යනු හොඳ දෙයක් දැයි නරක දෙයක්දැයි යන්න විසඳාගන්නට බැරිව කරනා තර්ක එදත් පැවතිනි අදත් පවතියි හෙටද නිසැකවම පවතිනු ඇත. තර්ක කරනා උන් උන්ගේ ලෝකවල එසේ තර්ක කරද්දී මමත් ඇයත් අපේ ලෝකයට වී වැලන්ටයින් සැමරුවෙමු. කවුරු මොන බයිලා කීවත් අපිටනම් වැලන්ටයින් යනු අපේ ආදරේ වැඩි කරගැන්මට, විඳගැන්මට අපූරු දවසකි. වැලන්ටයින් නිසා වෙළෙන්ඳා පොහොසත් වෙන බවට ඇතමෙන් කෑ ගසනු ඇසෙයි. එය ...