මේ සිද්ධස්ථානවලට ඔබ ගිහින් තියෙනවද? (මුහුදු මහාවිහාරය-පොතුවිල්, මඟුල් මගාවිගාරය-ලාහුගල) වීදුරු ගෙවල්............ මුහුදු මහා විහාරයමා කලින් ලිපියේ සඳහන් කළ සුන්දර ගම්මානයේ සිට කිලෝමීටර් සීයකටත් වඩා දුරින් පිහිටි පෞරාණික සිද්ධස්ථානයකි පොතුවිල්හි පිහිටි මුහුදු මහාවිහාරය. දැන් දැන් පිරිස් තරමක් මේ සිද්ධස්ථානය නැරඹීමට පැමිණීයද සාමාන්‍ය සතියේ දවසකට එය බොහෝවිට වන්දනා නඩ දෙක තුන වඩා වැඩි නොවිය හැකියි. අනුරාධපුරයට පොළොන්නරුවට ඕනෑම දවසක යන ඔබට ඒ ස්ථාන දැක බලාගැනීමට පැමිණි බොහෝ පිරිස් දැක ගැනීමට හැකියි. නමුත් අප ...
මට කෙල්ලෙක් නෑ.......... වීදුරු ගෙවල්............ ඉතිං මට...............විනාඩියෙන් විනාඩියට රිං කට් නෑපැයෙන් පැයට මැසේජ් නෑඋදේ හවස කෝල් නෑනිදි වරන්න ඕනේ නෑඅප්පේ මට දැනෙන නිදහසක්......දවසක් මොකක්දෝ හේතුවක් නිසා නරියෙකුත් කිව්වලු මිදි තිත්තයි කියලා ;) ...
වෙනස වීදුරු ගෙවල්............ අප ගමන් ගත් පාර දෙපසම තිබුණු ගහ කොළ තවම දළුලන පුරුදු ලෙසටම පිපෙන කුසුමන් සුවඳ කරමින් පාර සරසන එදා උන් ඒ සියොත් කැළ තව අතු අතර හිඳ ගීත ගයමින දෑත් පටලන් සිනාසෙන අර මහළු ජෝඩුව තවම යන එන වෙනස් වී නැත එදා මෙන්මයි සොඳුරු මාවත අප ගමන් කළ එකම වෙනසයි අද තනිව යන මගේ හදවත කීරි ගස්සන [පින්තූරෙ - http://farm7.static.flickr.com/6228/6340908255_3195818aae.jpg] ...
ඔබ නොදන්න තවත් එක් ආදර කතාවක්.... වීදුරු ගෙවල්............ පොළව,අහසට ආදරේ කළා.......... තමන්ගේ මුළු ගතමතෙත් කරපුවැහි කඳුලටපොළව ආදරේ කළාපුර පෝයටඅහසේ ඉන්නසඳ ලපයටපොළව ආදරේ කළාතරු පායපු රෑඅහස් කුසේතරු මාලෙට පොළව ආදරේ කළාපොළව.... ඒ ආදරේහිතේ තියාන උන්නාඅහසක්ෂිතිජයේදීමුණ ගැහුනාමඒ ආදරේකියනවාමයි කියලාහිතාන උන්නා..................................ඒ ආදරේහිතේ තියානපොළව තාමත් ඉන්නවාඅහසක්ෂිතිජයේදී මුණ ගැහෙනකම්...... ...
එහෙමනං එහෙමයි! වීදුරු ගෙවල්............ http://media.photobucket.com/image/funny%20owl/profsword/buWoti.gif?o=16 "සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙල රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා" කියලා කියන අමරදේවගේ සිංදුව දැං අහන සමහර උං හිතාගෙන ඉන්නේ අමරදේව සිංදුව කියන කාලේ මේක හෙන සුරපුරය කියලා. රෙද්ද තමයි. ඒ කාලෙත් ලිංගික අසහන කාරයෝ හිටියා. කුඩු කාරයෝ, මංකොල්ල කාරයෝ හිටියා, විප්ලව කාරයෝ, සමනලයෝ, දේසපාලුවෝ ...
අනිත්‍ය... (අමුතු කවි) වීදුරු ගෙවල්............ කෝ කවිය? මේ මොකක්ද? කියන ප්‍රශ්න එන අයට පුළුවන් මම මීට කලින් ලිව්ව අමුතු කවි දෙකේ වැටුනු ප්‍රතිචාර කියවන්න. මෙන්න පළවෙනි අමුතු කවියට යන පාර මෙන්න දෙවෙනි අමුතු කවියට යන පාර ...
මිරිඟුවකට පෙම් කළ කාලේ....... වීදුරු ගෙවල්............ මිරිඟුවකට පෙම්කරයිහදවත යළිත්පෙනි පෙනීහැරයන්නත්බෑලං වෙලානැතිකරගන්නත්බෑප.ලි : කාලෙකට කලින් ලිව්ව එකක් පොතක් අස්සේ තිබිලා හම්බවුනා.........[පින්තූරෙ-http://farm4.static.flickr.com/3045/2671845245_9ebfd6be7c.jpg] ...
උඹ බැටරි කෑලි දෙකේ ටෝච් එකක් වගේ කෙල්ලේ! වීදුරු ගෙවල්............ උඹ බැටරි කෑලි දෙකේ ටෝච් එකක් වගේතනි බැටරි කෑල්ලක් වුනු මටඋඹව දල්වන්න බෑ කියලා තේරුම් ගන්නමාස හතරක්ම ගියානේ....ප.ලි: මේ මගේ යාළුවෙක් කිව්වනේ මේ බ්ලොග් එකේ බැක්ග්‍රවුන්ඩ් එක නිසා කියවන්න අමාරුයි කියලා. ඔයාලටත් එහෙමද? මීට කලින්නම් කවුරුත් එහෙම කිව්වේ නෑ හැබැයි. ...
ලෝක විනාසය, කාලකණ්නි සතුට සහ 2012...... වීදුරු ගෙවල්............ "මම මැරෙන්න භය නෑ" 2012 ජනවාරි මාසේ පළවෙනි පාරට යාළුවොත් එක්ක සෙට් වුනු දවසේ අපේ ප්‍රධාන මාතෘකාව උනේ ලෝක විනාසේ. "මම මැරෙන්න භය නෑ. ඔය ලෝක විනාසේ වෙනවනම් මම නම් පට්ට කැමතියි බං" අරක්කු වීදුරුවක් හිස් කරන ගමන් එහෙම කිව්ව මමම ද අද මෙතන ඉන්නේ කියලා මටම හිතාගන්න බෑ. ජීවත් වෙන්න තියෙන්නේ තව විනාඩි කීපයයි කියලා දැන දැන් ජීවත් වෙන ...
ඇගේ කතාව..... වීදුරු ගෙවල්............ මම එතකොට දොළහා වසරේ. මට තාම මතකයි ඒ රස්තියාදුකාර ඇස් දෙක. ඉස්කෝලේ ගාව ත්‍රීවීල් පාර්ක් එකට වෙලා මං දිහා බලාගෙන උන්නු හැටි. බෙල්ල ගාවට වවලා තිබුණු කොණ්ඩෙටයි මම ගොඩක්ම කැමති උනේ. දවස් කීපෙකට පස්සේ, කැත අකුරෙන් ලිව්ව ලස්සන ලියුමක් මගේ අතට දුන්නු හැටි. මම ඒ ලියුම ගන්න අදි මදි කරපු හැටි. පහු වෙනිදා එයා මම එනකම් අත් දෙක සාක්කුවේ දාන් ...
මිත්‍යා ෂුයි! වීදුරු ගෙවල්............ හිල් කාසියක් කටේ රන්දා කාසි ගොඩක් උඩ ඉන්නාතඩි හැල ගෙම්බා චීනෙන් මෙහාට පැන්නා කවුදෝ එකෙක් එන්නා"ගෙම්බා වාසි ගේනා"ටීවී එකෙන් කියනා මිත්‍යාව වපුරන ගෙම්බා! වාසි ගේන හන්දා අපේ උන් පැන්නා ගෙම්බාව දෝතින් ගත්තාගේ ඉස්සරහා තිබ්බා දොහොත් මුදුනේ රන්දා ගෙම්බාට වැන්දාඅනේ ගොං ගෙම්බා! තවත් කෙනෙක් ඉන්නාඅලි කටත් බලියා සුද්දා පොට්ට හන්දා එයාට නමක් දැම්මා "ලාෆින් බුද්ධා" සුද්දා කිව්ව හන්දා හිස් මුදුනින් ...
බ්ලොග් ලියන, කියවන හැමෝටම මගේ අවුරුදු සුභ පැතුම..... වීදුරු ගෙවල්............ කියවන ලියන පිරිස දිනෙන් දින වැඩි වේවාලියන අයගේ පෝස්ට් ගාන වැඩි වේවාපෝස්ට් වලට කමෙන්ට්ස් ගාන වැඩි වේවාකියවන අයටත් බ්ලොග් ලියන්න සිතේවාකෙල්ලන් නැති කොල්ලන්ට කෙල්ලන් සෙට් වේවාකොල්ලන් නැති කෙල්ලන්ට කොල්ලන් සෙට් වේවාසෙට් වෙලා ඉන්න අයගෙ සිතුම් පැතුම් ඉටු වේවාකියවන ලියන සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ...
හිඟන්නාගේ අවුරුදු තෑග්ග වීදුරු ගෙවල්............ හිඟන්නා අත රුපියල් දස දහසකි. නමුත් හෙට දින එකදු සාප්පුවක් හෝ විවෘත නොවෙන බව හිඟන්නා හොඳාකාරවම දනියි. අලුතෙන්ම තෑගි ලැබුණ සරම සහ බැනියම පසෙක තිබියදී හිඟන්නා පරණ හඩු සරම ම පොරවා ගත්තේ ය. ඔහු අද සවස් වරුවේ නොදන්නා තරුණියක හා නිදි වැදි මොහොත මෙනෙහි කරන්නට විය. හිඟන්නා දෑස් පියා ගත්තේ ය. නිදා සිටි සර්පයන් දෑස් විවර කරන්නට විය. නැවත නැවතත් ...
රැවටීම.... වීදුරු ගෙවල්............ රුචී කියන්නේ ගමේ කොල්ලෝ කොයි කවුරුත් දන්න කියන, කොල්ලෝ සෙට් වෙච්චි වෙලාවල් වලදී ප්‍රධාන මාතෘකාව බවට පත්වෙන කෙල්ලෙක්. අපේම සෙට් එකේ කොල්ලෝ කීප දෙනක් එක්කම ගල්කිස්සේ රූම්ස් වලට ගිහිං තියෙන රුචී ගැන ගමේ කොල්ලෝ දහයක් ගත්තොත් අට දෙනෙක් විතර අනිවාර්යයෙන්ම දන්න බව රුචීවත් දන්නැතිව ඇති. අනික රුචී පුබුදුවාගේ බොක්ක. ඕන මහ රෑක රුචීට ගෙදරින් පැනගන්න පුළුවන්කම තිබ්බොත් පුබුදුවාගේ එක කෝල් ...
කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදී සැබෑ වනාන්තර මැදින් ගොස් හමුවන සුන්දර ප්‍රදේශයක් පිළිබඳවයි.................. වීදුරු ගෙවල්............ මාර්ගය දෙපසම කොන්ක්‍රීට් ගොඩනැඟිලි වලින් පිරි ප්‍රදේශයකින්, උදේ පාන්දරින් ගමන් ඇරඹූ අපි පැය ගණනාවක ගමනකින් පසු මාර්ගය දෙපසම ගස්කොළන් වලින් පිරිපුන් ප්‍රදේශයකට පැමිණියෙමු. කොන්ක්‍රීට් වනාන්තර පසුකර සැබෑ වනාන්තර මැදින් ගමන් කරන විට හිතට මෙන්ම ගතටද සුවපහසු හැඟීම් නිතැතින්ම දැනෙන්නට විය. මා මේ ප්‍රදේශ පසුකරන්නේ වසර 9කට හෝ 10කට පසුවය. එදා අප පණ බයේ ගමන් ගත් දහඅට වංගුව අද එහි නොවීය. ...
ඉක්බිති, ඈ විවාහ වීමට තීරණය කළාය... වීදුරු ගෙවල්............ "ඔයාගේ අත් හරී ගොරෝසුයි හරියට කොල්ලෙක්ගේ වගේ"මම ඈ දෙස බැලීමි. ඇගේ දිලිසෙන දෙනෙතට මම ආසා කරමි. තට්ටම් තෙක් දික් වූ ඇගේ වරලසට ආසා කරමි. ඇගේ දෙ තොලට, කන්පෙති වලට, පියොයුරු වලට ආසා කරමි. කොටින්ම මම ඇයට ආසා කරමි. ඇය, මා කැමතිම වර්ගයේ එකියකි. මෙතරම් කාලයට මට මුණ ගැසුනු සියලුම කෙල්ලන් පාහේ බියගුලුය. බැඳීම් ඇති කරගන්නට බියය. උන් ජීවත් වන්නේ සමාජයට ...
අහම්බය... වීදුරු ගෙවල්............ ජීවයට සුදුසු ග්‍රහ ලොවක් වූ මේ පෘථිවිය ඇති වීම පටන් අප එදිනෙදා අත්දකිනා බොහෝ සිදුවීම් හුදු අහඹු සිදුවීම් පමණක්මය. භාවිතයේ පහසුව උදෙසා තමාට වාසිදායක හෝ යහපත් අහඹු සිදුවීම 'වාසනාවන්ත සිදුවීම්' ලෙසද, තමාට අවාසිදායක හෝ අයහපත් අහඹු සිදුවීම් 'අවාසනාවන්ත සිදුවීම්' ලෙසද අතීතයේ කවුරුන් හෝ විසින් නම් කරන්නට ඇතිය. කාලයාගේ ඇවෑමෙන් අද වන විට මිනිසාට 'අහඹු' යන වචනය අමතක වී ගොස් 'වාසනාව' ...
කොල්ලෝ හෙන මෝඩයි බං........ වීදුරු ගෙවල්............ ඊයේ මුළු රෑම වෙලාවකට අඬ අඬා, ආයෙත් වෙලාවකට හිත හිතා ඉඳලා දන්නෙම නැතිව ඉර එළියත් වැටිලයි කියලා චමත්ට තේරුම් ගියේ එහා ගෙදර මාෂි නංගිව ඉස්කෝලේ ගෙනියන්න එන වෑන් එකේ අංකල් කන පැලෙන සයිස් එකට ගහන හෝන් සද්දේ නිසා. ඊයේ හැන්දෑවේ අරුණගෙන් කෝල් එක ඇවිත් විස්තර දැනගත්තු වෙලේ ඉඳන් හිතට දැනුනු, දුකක්ද තරහක්ද කියලා හිතාගන්න බැරි මහා පාළු, මූසල හැඟීම තාමත් ...
බල්ලා! වීදුරු ගෙවල්............ බල්ලා යනු අපූරු සත්වයෙකි. ඌ තම ස්වාමියාට අසීමිතව ආදරය කරයි. නිවසක සුරතලයට ඇති කරන අනෙක් සතුන්ට සාපේක්ෂව බල්ලා තමාව ඇති දැඩි කරන පවුලට අසීමිතව ආදරය කරයි. කලගුණ දත්තෙකි. වැඩි වාසි සලකා තමන් ආදරය කරන තැනැත්තන්ව හැරදමා නොයන එකම සත්වයාද බල්ලාම විය යුතුය.බල්ලා කිව් සැනින් මගේ මතකයට එන්නේ අප නිවසේ අවසාන වතාවට ඇති කළ බල්ලා වන ටිබියාවය. ලොකු නම් වලින් හඳුන්වන ...
ඇබ්බැහි වීම සහ හමුවීම..... වීදුරු ගෙවල්............ ජීවිතේ විවිධ කාලයන්හිදී විවිධාකාර පුරුදු වලට ඇබ්බැහි වීම ම ජීවිතේට විවිධත්වයක් එක් කරයි. ලොව සියලුම මිනිසුන් පාහේ 'ජීවත් වීම' නම් පුරුද්දට දැඩි ලෙස ඇබ්බැහි වී සිටිති. එම ඇබ්බැහි වීමෙන් නොගැලවෙනු වස් සත්වයා තව තව ඇබ්බැහි වීම් වලට පෙළඹේ. ආදරය යනු ජීවත් වීම නම් පුරුද්ද කෙරෙහි මිනිසාව තදින් අලවන හෝ එහෙම් පිටින්ම ගලවා දමනට හැකි ප්‍රබල ඇබ්බැහි වීමකි. සතියට එක් වරක් ...