ඉස්සර මිනිස්සු මේ කතා කිව්වේ කට කහනවට වෙන්න බෑ....... වීදුරු ගෙවල්............ පහුගිය මාසේ අපේ අහල පහල උදවියත් එක්ක අපි ලංකාව වටේම එක එක තැන් වලට ගියා. අර මම කිව්වේ මං දැකපු සුන්දර ගම්මානයක් ගැන එහෙම. එතකොට අර මුහුදු මහාවිහාරය ගැන එහෙමත් කිව්වේ. ඒ අපි ඇවිදපු තැන් වලින් දෙකක්. ට්‍රිප් යනකොට ඉතිං අංකල්ලා කට්ටිය සෙට් වෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒ වගේ වෙලාවට එයාලා දන්න පරණ කතා, ඉස්සර වෙච්ච රසවත් සිදුවීම් එහෙම එළියට ...
සර්වඥ ධාතූන්, බිලි පූජා සහ අපි! වීදුරු ගෙවල්............ මෙහෙම ලිපියක් ලියන්න හිතකවත් තිබ්බේ නෑ. ඒත් මේ දවස් වල අහන දකින දේවල් ඔළුවට දරාගන්න අමාරුයි වගේ. ඒ බර හෑල්ලු කරගන්න මට සුටුස් ගාලා මතකෙට ආවේ බ්ලොග් එක! පෙරේදා අපේ ගමේ සෙට් එකක් ගියා සර්වඥ ධාතු බලලා එන්න කියලා. අපේ අම්මත් යන්න හිටියේ. ඒත් ටීවී එකේ සෙනඟ දැකලා, යම්දෝ නොයම්දෝ කියලා දෙගිඩියාවෙන් ඉඳලා කොහොමහරි නොයන තැනට වැඩේ සිද්ධ උනා. පෙරේදා ...
අයියෝ දේශපාලනය! වීදුරු ගෙවල්............ පාට පාට මාරු කරන්එහෙට මෙහෙට පනිනකටුස්සෝ....පාට පාට වාහන වලින්අරහෙ මෙහෙ යනතෝරු...පාට පාට කණ්නාඩි වලින්ඔය විකාර බලනගොන්නු?[පින්තූරෙ - http://www.whataretheywaitingfor.com/wp-content/uploads/2010/02/Liberal-Politics.jpg] ...
පෙම්වතුන් දෙකඩ කරනා යක්ෂයෙක් පිළිබඳ හෙළිදරව්ව! වීදුරු ගෙවල්............ වසර ගණන් එකතු කරපු අනේක විධ පැතුම් පොදිය පොඩි පට්ටම් කර විසිකොට ආදරවන්තයින් හැඩවූ යක්ෂයෙක්ය ඌ විශ්වාසයේ ගඩොල් වලට හාදු වලින් බදාම ලා හැදූ සිහින් මාළිඟ සැමඑක මොහොතින් පුපුරවා හැරි යක්ෂයෙක්ය ඌ සිහිකොට ගෙන සිනහ නඟපු ඒ සුන්දර හැම මතකෙම සිහිවන විට දෙනෙත් අඟින්රුහිරු බිංදු කඩා හැලන කටුක මතක බවට හැරවූ යක්ෂයෙක්ය ඌ තෝ හන්දා වෙන්වී ගිය පෙම්වතුන්ගේ කඳුළු වලට ...
අප්පටබොල හිඟන්නා! වීදුරු ගෙවල්............ යනවිට දිනක් හරහා අපි මරදානේරතු දැල්වී වාහනේ නැවතුනානේදිස්වන තුරු බල්බය කොළ පාටින්නේ නොකර කතා සැම ඉවසා සිටින්නේවාහනේ නවතා සිටිනා මේ වෙලාවේදෙකට නැමී යාචකයෙකි මේ ආවේ"කෑම ටිකක් ගන්නට මට මේ අව්වේ"පැවසුවේ ඌ දමමින් අපි මුලාවේරියදුරු අසුන එහා පැත්තෙ සිටි අංකල්දෙන්න යමක් සාක්කුවට අත දැමුකල්සාක්කුවේ තිබී ඇත්තේ පහකිය රුපියල් එය යාචකයා හට දුනි පාමින් හසරැල්රුපියක් පහ අතට ගත්තා යාචකයාදෙකට නැමී තිබුණු කොන්ද ...
නිදිමත දෙවියා....... වීදුරු ගෙවල්............ ඔයාලා හැමෝම හිතාගෙන ඉන්නේ දිව්‍යලෝකේ ඉන්න ලොකුම දෙවියා සක්‍ර දෙවියා කියලා නේද? ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. සක්‍ර දෙවියා හිට පිළිඅරගෙන තිබ්බා දිව්‍යලෝකේ ඉන්න ලොකුම දෙවියා තමයි නිදිමත දෙවියා කියලා. සමහරුනම් කිව්වේ සක්‍ර දෙවියා නිදිමත දෙවියාව යාප්පුවෙන් තියාගන්න ඕනේ නිසා ඔහොම කියනවයි කියලා. කොහොම උනත් මේ නිදිමත දෙවියා තමයි මුළු විශ්වයේම සියළුම සත්වයන්ගේ නිදිමත පාලය කරන්නේ. ඒ කියන්නේ නිදිමත දෙවියා ...
ආදරේ විකිණීමට තිබේ! වීදුරු ගෙවල්............ අතේ සතේනැති එදාතිබූ සතෙත්බසයටම පුදාඇගේ පස්සෙන්ගියේ සැරසිලාකැරකිලාආදරෙයි මාසදාකියූ විටඑදාගියේ වෙනතක්බලාගස්සලාඔරවලාඅතේ සතේනැති නිසාගියෙමිපිටරට බලාමාළිගා තනන්නටහීනබල බලාහිත හිතාදෙවසරක් ගෙවාආවේ මාමෙදාරත්රං මාලමුදුපළඳලාසැරසිලා හැරී මා දෙසබලාකෙල්ලෝදොඩමලු වෙනාෂඃ බලන්නකෝඔයාතර වෙලාසුදු වෙලාළඟදී දවසක්එයාඇගේ හැප්පුනාබොරු තරහක්මවාගියානේ එයාහිනැහිලාබිම බලාඑදා වගේදමෙදාආදරේ ඉල්ලයිඑයාමා දෑත බදාබොරුගොත
කුමක් කරම්දෝ මා? වීදුරු ගෙවල්............ පෙරදා උත්සවයකි ඇරයුම් කළේ මගේ සකි ඔහුගේ නෑයෝ රාශියකි පුංචි සෙට් වීමකි මධු බඳුන් හිස් විනි සමහරුන් වැනි වැනී ගිටාර නාදයෙනි කවි ගීත කියවිනි පුංචි සුරඟනක් වැනි රුවක් මට දිස් විණි ඇගේ එක බැල්මෙනි මගේ හද නැවතුනි විටෙක නෙත් කොනින් බලා නැවතත් හැරී බලාසිනා කැළුම් සලා ඒවි මතකයට ගලා උත්සවය නිම වුනා පිරිස විසිරුනා ඇයත් නික්මුනාමතකයේ නැවතුනා පසුව දා එළි ...
එදා වැලන්ටයින් දිනයයි! වීදුරු ගෙවල්............ //මේ වසර නිමාවීමට ඇත්තේ තව දින කිහිපයක් පමණකි. මේ වසර නිමාවී තවත් මාසයයි දින කිහිපයකට පසුව උදාවන්නේ පෙම්වතුන්ට වෙන්කළ වසරේ දිනයයි. බොහෝ පෙම්වතුන් නව වසරක ආරම්භය සමඟම වැලන්ටයින් දිනය එළඹෙනතුරු දින ගණිනවාට සැක නැත. මේ ගෙවීයන මෙම වසරේ වැලන්ටයින් දිනයේ මා දුටු සිදුවීමක්ය.// වැලන්ටයින් දිනය යනු මා හට වසරේ තවත් එදිනයක් පමණක් වූවත්, වැලන්ටයින් උණුසුම මටත් ඊට සතියකට පමණ පෙර ...
අදෘෂ්‍යමාන බලවේගය සහ කල්පනා සාගරයේ ගිලී හොඳ හැටි නා ගැනීම............. වීදුරු ගෙවල්............ එතරම් සෙනඟක් නොසිටි බසයේ මම සීට් දෙකක් අල්ලාගෙන සිටගෙන සිටියෙමි. දෙහිවල හන්දියේදී බසය සුළු මොහොතක් නවතා තැබූ අතර බසය අද්දන්නට මොහොතකට පෙර ඇය ඉදිරි පස දොරෙන් බසයට ගොඩවිය. ඇය තරමක් පැහැපත්ය. ඇගේ දිග කොණ්ඩය ලේයර් කර තිබිණි. ඇය හැඳ පැළඳ සිට අයුරු මෙන්ම ඇගේ රූපස්වභාවයද මගේ සිත් ගත්තේය. ඇය පා පුවරුවේ පළමු පඩි දෙක නඟිනවාත් සමඟ මේ සිතුවිලි සියල්ලම මගේ ...
මගේ පස්වන වැලන්ටයින් සැමරුම! වීදුරු ගෙවල්............ වැලන්ටයින් යනු හොඳ දෙයක් දැයි නරක දෙයක්දැයි යන්න විසඳාගන්නට බැරිව කරනා තර්ක එදත් පැවතිනි අදත් පවතියි හෙටද නිසැකවම පවතිනු ඇත. තර්ක කරනා උන් උන්ගේ ලෝකවල එසේ තර්ක කරද්දී මමත් ඇයත් අපේ ලෝකයට වී වැලන්ටයින් සැමරුවෙමු. කවුරු මොන බයිලා කීවත් අපිටනම් වැලන්ටයින් යනු අපේ ආදරේ වැඩි කරගැන්මට, විඳගැන්මට අපූරු දවසකි. වැලන්ටයින් නිසා වෙළෙන්ඳා පොහොසත් වෙන බවට ඇතමෙන් කෑ ගසනු ඇසෙයි. එය ...
චූට්ටක් ගැඹුරු රංගයාගේ දෙකේ ඇළ...... වීදුරු ගෙවල්............ පහුගිය දවසක අපේ ගෙවල් ළඟ පවුල් හතර පහක් එක්කහු වෙලා අපි ගියා ට්‍රිප් එකක් පොළොන්නරුව පැත්තේ. ඔය එක ගෙදරක කුළියට නැවතිලා රස්සාවට ගිය අයියා කෙනෙක් හිටියා. මිනිහත් පොළොන්නරුවේ. හැබැයි දැන් අවුරුදු ගානක ඉඳන් මෙහේ ජොබ් එක කරන නිසා අර ගෙදරම අවුරුදු කීපයක් ඉඳලම මිනිහා දැන් අපිත් එක්කත් ෆිට්. මිනිහගේ නම තමයි රංග. ඉතිං රංගයා කිය ...
කෙල්ලෝ දෙන්නෙක් මැද්දේ මම.....(50 යි) වීදුරු ගෙවල්............ ඔන්න සිත්සත්වේ එකෙම හමාර කරලා අලුත් ඉස්කෝලෙකට ගියා කියමුකෝ. හය වසරෙදී කොල්ලෝ වැඩිය කෙල්ලොත් එක්ක කතා නෑ. ඒ කාලේ කෙල්ලෝ තමයි අපේ ලොකුම හතුරෝ. පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත් කෙල්ලොත් එක්ක වලි තමයි. මට මතක විදිහට ඒ කාලේ මම පන්තියේ කෙල්ලෝ තුන් හතර දෙනෙක් එක්ක හැරෙන්න අනිත් අයත් එක්ක වචන දෙක තුනක්වත් කතා කරලා තිබ්බේ නෑ. හත වසරට එනකොට තත්වය පොඩ්ඩක් ...
උම්මන්තක සිතුවිලි... වීදුරු ගෙවල්............ මට ඕනේ උනා ලිපියක් ලියන්න. මොකක් හරි ලිපියක්. හරයක් නැතත් මදයක් ඇති ලිපියක්. මං ඔහේ කල්පනා කළා. මොනවා ගැනද මං ලියන්නේ කියලා. ආදරේ ගැන? ඔව්... ආදරේ කියන්නේ අපූරු මාතෘකාවක්. ගොඩදෙනෙක් ලියන මාතෘකාවක්. ජීවිතේට කවි නොලියපු උන්ව කවි කාරයෝ කරපු මාතෘකාවක්. සමහර මිනිස්සුන්ට ජීවත් වීමේ ආසාව ලබා දුන්නු මාතෘකාවක්. තවත් අයගේ ජීවිතේ නැති කරපු මාතෘකාවක්. ආදරේ... ඇත්තටම අපූරු මාතෘකාවක්. ඉතිං මං ...
නූතන පංච කල්යාණියේ සිරි............ වීදුරු ගෙවල්............ මුහුණ සුදටඇඟ කළුවටඡවි කළණේස්ට්රේට් කරලාටින්ට් කරපුකෙස් කළඹේදත් දොස්තර යළි සැකසූදත් මුතු සේනෙක පැහැයන්තදට තැවරුතොල් සඟලේ දිගට වවාසිතුවම් ඇඳිනිය දිලිසේපංච කල්යාණියේසිරි වෙනස්ය මේ කාලේ ෴෴෴...:::විශේෂ ස්තූතිය:::...මට අමතක වෙලා තිබුණු පංච කල්‍යාණිය මතක් කරලා දුන්නු වත් අක්කාට......[පින්තූරෙ-http://4.bp.blogspot.com/_U4wZju5_ZxU/SyNNerPknDI/AAAAAAAAG7E/xweH8Uv7_xY/s400/muthu-imesha.jpg] ...
මූණුපොතෙන් සෙවිය හැකිද සැබෑ මිතුරන්? වීදුරු ගෙවල්............ අනේ මෝඩ යකුනේ...එහෙන් මෙහෙන් ඇප්ලිකේෂන් හොයාගෙනඒකෙන් උඹේ හොඳම යාළුවෝ කියලාඑක දෙක තුන විදිහට යාළුවන්වපොටෝවලට ටැග් කළාටමොකක් හරි මඟුලක් හොයන් ඇවිත්වෝල් එකේ කුරුටු ගාලාඔයා මගේ හොඳ යාළුවෙක් නම්මමත් ඇතුළුවතවත් ඔයාගේ හොඳම යාළුවෝදහ දෙනෙක්ගේ වෝල් වලත් මේකම කුරුටු ගාපන් කිව්වටතමන්ගේ හොඳම යාළුවෝ හොයාගන්න පුළුවන් වෙයිදඔයවගේ මෝඩ වැඩ වලින්?පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලාහදිස්සියකදී, කරදරේකදීඔය එක දෙක තුන වැටුනු උන්දඋඹේ ලඟින් ඉන්නේ කියලා...........ප.ලි: මේක මම ලිව්වේ මගේ යාළුවෙක් ...
ලස්සන වෙන්න මෙන්න තෛයිලේ....... වීදුරු ගෙවල්............ කළු අයවසුදු කරන්නමහත අයවකෙට්ටු කරන්නමූණේ කුරුලෑනැති කරන්නලප කැළැල්මකා ගන්නසති ගණන්යන්නේ නෑවැඩ දන්නවනම්එක පැයයි.............පොටෝෂොප් තෛයිලේඅත්දුටුවයිප්රත්යක්ෂයි! ...
බෞද්ධ දර්ශණයෙන් අපගමනය වූ සමහරුන්ගේ බෞද්ධ "ආගම"... වීදුරු ගෙවල්............ බ්ලොග් කරනය නම් හිතට සැනසුමක්මය. මේ තරමට කෝප වූ මොහොතක කිසිවෙක්ට බණින්නටත් කිසිවෙක් හා තර්ක කිරීමටත් නොහැකි මොහොතක හිතේ ඇති කෝපය හිඳෙනා තුරු අකුරු වලට ගලපා සයිබරයට මුදාහැරිය හැකිය. එවන් වූ මොහොතක මා මේ ලියන්නට සැරසෙන්නේ අපේ සමහරුන්ගේ බුද්ධාගම ගැනය. සමහරුන්ගේ බුද්ධාගම බුදුරජාණන් වහන්සේ දේශණා කළ බෞද්ධ දර්ශණයට වඩා බොහෝ සෙයින් වෙනස්ය. බොහෝ අය සිතා සිටින්නේ ලෝකයට පේන්න දාන මාන ...