සඳ වතක් වුනා නුඹ මට , විහඟ ගීතය සඳ වතක් වුනා නුඹ මට, තරු නෙතක් වෙලා නුඹ හට මුඳු සෙනේ ඉතින් දුර සිට විඳිනෙමී නිතින් දුරුනොවී නොගොස් ඈතක පිරු පෙරුම් වලින් පෝසිත සිහිනයක් නොවී මාසිත රැඳුනි දෝ ළඟින් නෙතු පියා නිදන යාමෙක සිත ඇඳුන රුවම සිහිනෙක පැටළිලා ඇවිත් නුඹෙ වඟ කොඳුරලා ගිහින් දුර ගියත් හිමව් වන වැද පෙර පිනම ගෙනා සඳ වත මෝඳු වෙන තුරා මඟ රැක හිඳිනෙමී ඉතින්..... ...
නොනිදා පහන් වූ සිහිනයෙම රෑ වුන විහඟ ගීතය හිතට මුවාවී ගෙන ඉද සිත් බැන්ද දුකට උණු කදුළු වල පහසම වින්ද එකට යා නොහැකි උසුලා දුක් කන්ද දැහැට නොපෙනිලත් නුඹ සිටියේ මන්ද වදන් වල අරුත් පසිඳා ගත හොහිනී උපන් ගෙයිම ප්‍රේමය වළලා දැමුනී සිතන්නට පවා ලොබ හිත් තුල බැඳුනී පසන් පෙම දෙසිත් අතු ඉති ලා වැඩුනි උඩු සිත් අරා නැ බෑ කීවත් අරම යටි සිත් තුටු වු අරුමය කියනුද කෝම පිළිවෙත් ගරු කරන් හිත හැඩු කඳුළින්ම මුනිවත් රකින යුරු ඉවසන්නද ...
නොපහන් විහඟ ගී හිතකට නොතරම්ද විහඟ ගීතය හිත ඇද බැඳුන මුත් ඒ සිත ළඟ තනිවී ගතවුන දින බොහෝ, නැති කිසි දින හමුවී නෙත කඳුළක එතුන දිග සුසුමක ගුළිවී මතකය අවදි කරනෙමි නුඹමෙන් තනිවී සිහිනෙන් ගෑව සුවඳක් මෙන් සිත ඇන්ද විඟහින් එනු නොවී කල් යල් බැලුයෙන්ද සුපසන් ඇල්ම ඇල්වී , බැමි දුටුයෙන්ද නොපහන් විහඟ ගී හිතකට නොතරම්ද සියපත් සේ සුමුදු පිවිතුරු පෙම බැන්ද සුනරුත් වී නෙතට කඳුලක් වී බින්ද නුඹ ලත් දුකම විඳි, මම නොනිදා නින්ද තවමත් ඒ සිහිනයෙම ...
මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර විහඟ ගීතය නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ කියන්නට නොහැකි තරමට හිත හඬන දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන බලන්නට අනේ... මම අහලක නොවින හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී බොරු නොවේ මටම අදහා ගන්න බැරි ගුරු වුනා අපිට, නුඹ කී දෑ සපිරී පෙරුම් පුරා ගෙන ආ ලෙස වෙන්න ඇතී හැඬුම් දෙඩුම් කඳුළින් දුක දොවා ගතී පියුම් විලක් මැද සියපත් මුදු රුවැතී උතුම් ගති සිරිත් දැන, ඉගෙනුමෙන් නිතී පිරිවර ...
අළුත් අවුරුදු කවිය විහඟ ගීතය සියල් සිරින් පිරි සුභ අවුරුදු හීන කැළැල් සිත් සැදී මිතු දම් ගොඩ දාන සියල්ලන්ට සිතු පැතු සම්පත් ගේන මඟුල් ලකුණ කිය, කවි සිතිවිළි පාන කඩින් කඩ එකතුවී මහ ගඟක් වෙලා බලන් සිටිද්දිම මහ පෙළහරක් කලා නෙතින් නොදුටු බ්ලොග් සඟයිනි මෙතෙක් වෙලා හිතින් බැඳුන යුරු අරුමය පසක් කලා කියන්නට තිබූ බොහෝ දේවල් නොකිපි ලියන්නට ලැබුන ඉඩකඩ ගැන වැලපී නො එන්නට ගමන් යන තුරු වැද සැතපී පිපෙන්නට හරිමු මල්, මල් ලොව නොපිපී හිටු කියා ...
යෙහෙන් කොහේ හිටියත් මට සතුටකිය විහඟ ගීතය මල් උයන් මැදින් අත බැඳ ගිය තාලේ විල් තෙරේ පිපුන මල් දැක බැඳි ආලේ වල් වැදී මතක පොත අකුලන ලීලේ කල් බලන් හිටිය හොදටම ඇති රාලේ පින්නේ පිපුන බිම් මල වාසනාවන් උන්නේ කොහිද මෙතුවක් වී මුලාවන් දන්නේ නැති නමුත් සිතිවිළි මනාවන් එන්නේ ඇයිද මේ ලෙස වැහි වළාවන් රං මලේ වරුණ රන් මල නොදැක ගයා ලං වෙලා හිතට, හිත ගිය කරුණ සොයා තුං යමේ සිහිනයේ නිදි නැතිව පියා මං මෙහේ අවදියෙනි නුඹෙ ...
කල් බලන් ඉඳලම ඇතිවෙලා විහඟ ගීතය නෙතු පියාගෙන හිත ගොළු වෙලා නුඹ හිතෙ පතුලෙම සඟවලා සිතුවිළි කලලේ කල් සපිරිලා කල් බලන් ඉඳලම ඇතිවෙලා මුව සිප බදා තුරුලට වෙලා නුඹ කියු කතා නැත ගොළුවෙලා මුළු රැයම නෙතු පියවෙනු නොලා ඒ සිහිනයම සිතුවම් කලා නුපුරුදු නුහුරු සුවඳක ගලා ආ මිහිරි මතකය පුරවලා හිරු නැගෙන සඳ, හඳ බැස පලා යන ලෙසින් කොහෙදෝ සැඟවිලා රණ මොනර නැටුමක පැටළිලා යන ගමන ගැන අමතක වෙලා නුඹේ මඟත් මම අවහිර කලා ඒ නිමිත්තම තවමත් බලා කොයි කවුරු වෙද මෙය හිස ...
අළුත් ජනකවි 8 විහඟ ගීතය අළුත් ජනකවි 7 මෙතනින් කියවන්න පියයි මගේ උරුමය, එලෙසම රැක්කා ගියයි ඔහුත් පුරවැසි පෙරමුණ එක්කා ළමයිනේ වෙමින් නුඹලට දැනමුත්තා මමයි රටට නොව සිරිකොතටම ලොක්කා හම්බන්තොටට සව්සිරි ඉතිරෙමින් පිරි නැව් තොටුපොළ ගුවන් තොටුපොළ ගිමන් හරි මංමාවත් හැදෙයි පාලම් වෙමින් සරි සංවර්ධනය වෙයි කවුරුත් කොහොම හරි වී මිල අඩුවෙලා ගොවියෝ වහ බොනවා හාලේ මිල දැකල වැසියෝ දෙස් දෙනවා සිල්ලර සටන් පාටය සටනට එනවා මහරජ! කැකිල්ලේත් කැසපොට අමුනනවා කියත් බොහෝ දේ ඡන්දෙට පද බැදලා වියත් හූ නොවෙති ...
මංපෙත් හදාගමු...... විහඟ ගීතය සීතළ සඳට මුඳු සේළය පිරුවාය රෑ තරු දෙනෙත් එය දැක ඉඟිමැරුවාය ඊතළ දුනු දැරූ මල්සර දුනුවාය මේ වර නම් ඉතිං වරදක් නොකලාය පීදුනු පැතුම් බොල් සුළඟට යන්න නොදී ඈඳුනු හිතට අවුලක් අත්වන්න නොදී දේදුනු සිහිනයේ රැදිලා නොදී පෑහුනු නුඹේ, හිත ළඟ උණුසුමේහි රැදී සාර සියක් මල් සුවදට මුසු වූව නෑර එමල් සුවඳට ගත සිත පෑව කාරණාව දැන හැදිනූයෙන් මාව පූරමින් පෙරුම් සෙනෙහසකට යාව තල් පත් පුරාවට පෙම් ගී නොලියාම කල්ගත් නමුත් සෙනෙහස තරුණයි තාම බැල්මෙත් ...
දේදුනු පාට අතහරිමින් විහඟ ගීතය සීතළ දුරුත්තට කලියෙන් ඉල් මහ සීතළේ ගැහෙමින් ගිලිහුන වසන්තය සමඟින් උණුසුම සොයයි සිත තරහින් පීඳුනු සිහිනයට රහසින් ඈඳුනු හිතට කිති කවමින් දේදුනු පාට අතහරිමින් කලු සුදු ලොවක කල් බලමින් ගීතයේ තනුව හැර, ශ්රැතියෙන් දීගයේ බැඳුනු කළ කලියෙන් ඊතළ නොවිද්ද සඳ, මලවින් සීතළ දැනේද නෙතු කදුළෙන් රූසිරි බලා එබී හොරැහින් ආසිරි ගීත තළුමරමින් පැහැසර මැකී, මලානික මෙන් දොරහැර දමා.... මෙමා තනියෙන්..... ...
පදවි සම්ප්රාප්ති කවි විහඟ ගීතය කවුරු නොහොඳ දැක්කත් සපුමල් කුමරූ පහල නොවිනි නම් දැක ගත හැක බහුරූ විහිළු කාරයින් අඩු නැති කළ මිතුරූ වීර විකුම් පෙළහර කියනුද කවුරූ ඇසේ කඳුළු බිදු යළි එක්වෙන්න නොදී කෙසේ හෝ සතුරු කැළකට නොම පැරදී ඉසේ ඇම්ම නිට්ටාවට සුව කරදී දෙසේ බසේ නිරිඳුන්! ඔබමය වොරැඳී ගස්සා බිම දමා මරුවැල් ඇද තිබුනූ රස්සා කරපු රට, ඒ පින අත් විඳිනූ නිස්කාරනේටම හැමදාමත් බැඳුනූ පිස්සන් ටික කෙරෙත් දක්වනු මෙත් කුළුනු! ජාතිය දේශයක් තුල මඟ නොම ...
දිග සුසුමකට..... විහඟ ගීතය දිග සුසුමකට බර දී නිදි නැති යාමේ වඟතුග සොයයි සිතුවිළි විපරිත වීමේ නැඟ එන කඳුළකට උහුලන දුක දීමේ මඟ, බැඳි ඉවුරු බිඳගෙන යයි ඉවසීමේ රතුවෙන දෙනෙත් නැත, හිත නම් අඬන්නේ මතුවෙන කඳුළු නොව සුසුමයි ඇහෙන්නේ ඉතිරුණ සතුට හොරු ඇරගත් ලෙසින්නේ විසිරුණ සිනාමල් සඟවා සිටින්නේ ඉරගල වැටෙන ගොම්මන් අඳුරක් ලෙසිනේ විරසක වුනාවෙන් හිත දුකකිනි ඉතිනේ කරදර කම්කටොළු එකපිට එක ලෙසිනේ වැරදුන කළට තම අත හෙවනත් නොදැනේ නාවත් ඉදහිටලා කටහඩ ඇසුවාම පෑසිත් සෙනෙහෙ යළි අත්වින්දා සේම ආයෙත් ...
ගංවතුර විහඟ ගීතය පුරා පැය ගනන් පොළොවට ඇද හැළුනු යන එන මං නොදැන නුවරම යට කෙරුණු කොහෙ රැඳවුනත් අවසානයේ මඟ හැඳිනූ මහ මුහුද නම් නැත කවදාවත් සැලෙනු ගලනා මුත් පහත් බිම් හොයමින් හඳුනා රැදෙනා උස් බිමෙත් වෙනසක් නොම පෙනුනා උස් මිටි කම මොහොතකට පසෙකට ඇදුනා මහ වැස්සෙදී ලොකු පොඩි කාටත් ඇඬුනා බැඳගෙන මහපවුරු සීමා හදා ගෙන පර්චස් දහය පහලොවකට බෙදාගෙන අල්ලපු වැට දිහා ඇස් කන් පියාගෙන හිටියත් වතුර විත් එකමුතු විලාසෙන කුළ ගොත් පාට හෝ ...
ඉල් මහේ කඳුළු විහඟ ගීතය මඟ වරදවාගෙන හැත්තෑ එකේදී හා අසූ අට, අසූ නමයදී සුසුම් වැල් එක්වීය සුළඟට තබා මහා හිස්තැනක්.... ....................................... එකවරක් නොව දෙවරක්ම.. ඇයි වැරදුනේ මඟ..... ඉන් අනතුරුව යෂ්ටිය අතට ගත් පෙරගමන් කරුවෝද මඟ වරද්දාගති............. අනූ හතරේ හා දෙදහස් පහේදී යන එන මං නොදැන හතර බීරී කථා කියමින එකවරක් නොව දෙවරක්ම.. කියාදෙන්නට මඟ මොවුනට කිසිවෙක් නැත අහලක කියා දුන්නද... කෙසේ නම් අසනුද? අඳ බාල වූ කල නඩේ මුල.... මස් රාත්තලම ඉල්ලන "ෂ්යිලොක්" ලා මෙන පුරුද්දට වාගේ...