සත්කාරක කොදෙව් ලෝක කුසලාන සංචිතය නම් කරයි

ICC Men's Cricket World Cup 2024

92
ICC Men's Cricket World Cup 2024

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ඊයේ (03) දිනයේ දී ප්‍රකාශයට පත් කළා.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Rovman Powell හට හිමි වී ඇති අතර, ඔහුගේ සහයට Nicholas Pooran, Andre Russell සහ Jason Holder වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් සංචිතයට එක් වී තිබෙනවා.

එමෙන්ම ගුවන් යානය මඟහැරීම නිසා 2022 විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමට නොහැකි වූ Shimron Hetmeyer ද මෙවර සංචිතයට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ ඇතුළත් වීම නිසා ඔවුන්ගේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ Kyle Mayersට සංචිතයේ දොරගුළු වැසී යාම විශේෂ සිදුවීමක්.

එමෙන්ම ඕස්ට්‍රේලියාවට එරෙහිව කොදෙව්වන්ට විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණයක් ලබා දීමට උර දුන් නවක ක්‍රීඩක Shamar Josephද මෙවර සංචිතයට ඇතුළත් කර ඇති අතර, ඔහු තවමත් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් ලබා නොමැති අත්දැකීම් මද ක්‍රීඩකයකු වුවත්, කොදෙව් තේරීම් කමිටුව විසින් ඔහු පිළිබඳ විශාල බලාපොරොත්තු තබා ඇති බවකුයි පෙනී යන්නේ.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:

Rovman Powell (නායක), Alzarri Joseph (උපනායක), Johnson Charles, Roston Chase, Shimron Hetmyer, Shamar Joseph, Brandon King, Nicholas Pooran, Shai Hope, Andre Russell, Romario Shepherd, Jason Holder, Akeal Hosein, Gudakesh Motie, Sherfane Rutherford

විස්සයි විස්ස ලෝක කුසලාන ද්විත්වයකට හිමි කම් කියන කොදෙව්වන් පසුගිය කාලසීමාවේ දී තරමක පසු බැසීමක් පෙනුම් කළ අතර, 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ද ඔවුන් අසාර්ථක තරගාවලියකට මුහුණ දුන්නා. එමෙන්ම 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ද ඔවුන් ඉතා ඉක්මනින් තරගාවලියෙන් ඉවතට විසි වූ අතර, ඔවුන්ට 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට පවා නොහැකි වුනා.

කෙසේ වෙතත් මෙවර තරගාවලි සත්කාරකයින් ලෙස ලෝක කුසලානයට සහභාගී වන කොදෙව් කණ්ඩායමෙන් අතීතයේ මෙන් විශිෂ්ට දක්ෂතා දැක ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකි.

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<