පසිඳුගේ ඉනිම නිසා ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

Afghanistan A Tour of Sri Lanka 2024

103
Afghanistan A Tour of Sri Lanka 2024

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන එක්දින තරගයත් ජයග්‍රහණය කරමින් තරගාවලි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම ඊයේ (03) සමත් වුනා.

ඊයේ හම්බන්තොට දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ඇෆ්ගන් නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දුවට පහර දීමයි.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගන් ඉනිමේ ආරම්භය මෙවර ද එතරම් සාර්ථක ස්වභාවයක් ගත්තේ නැහැ.

පන්දුවාර 41 පන්දු 2ක් තුළ ඇෆ්ගනිස්තාන සියලු පිතිකරුවන් දැවී, ඔවුන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 185ක් පමණක් වන අතර, මෙහි දී ඇෆ්ගන් ඉනිමේ ඉහළම ලකුණු  ලාභියා වූ Zia-ur-Rehmanගේ පිත්තෙන් ලකුණු 36ක් වාර්තා වුනා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ මොහොමඩ් ශිරාස් කඩුලු 3ක් දවා ගන්නා අතරේ, සොනාල් දිනූශ සහ දුශාන් හේමන්ත අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.

ඇෆ්ගනිස්තානයෙන් ලද පහසු ඉලක්කය හඹා යාම වෙනුවෙන් නිශාන් මදුශ්ක සහ ලහිරු උදාර පිටියට පිවිසි නමුත් ඔවුන්ට ද ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට හැකි වුනේ නැහැ. කෙසේ වෙතත් ඉනිමේ අංක හතර පිතිකරු වූ පසිඳු සූරියබණ්ඩාර විසින් අගනා ඉනිමක් දියත් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා.

මෙහි දී පසිඳු විසින් පන්දු 109කින් නොදැවුණු ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට හතරේ පහර 9ක් අන්තර්ගත වුනා.

මීට අමතර සොනාල් දිනූශ විසින් ලකුණු 35කින් ඉනිමට දායක වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම විසින් අදාළ ඉලක්කය පන්දුවාර 37 පන්දු 3ක් තුළ කඩුලු 6ක් දැවී හඹා යාමට සමත් වුනා.

මෙහි දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Mohammad Saleem කඩුලු 3ක් දවා ගත්තා.

  • ඇෆ්ගනිස්තාන A – 185/10 (41.2) Zia-ur-Rehman 36, මොහොමඩ් ශිරාස් 3/31, සොනාල් දිනූශ 2/29
  • ශ්‍රී ලංකා A – 186/6 (37.3) පසිඳු සූරියබණ්ඩාර 84*, සොනාල් දිනූශ 35, Mohammad Saleem 3/32, Bilal Sami 2/43

තරගාවලියේ සිව් වැනි එක්දින තරගය හෙට (05) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<