2024 LPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි

LPL 2024

78
LPL 2024

2024 LPL ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන මැයි 21 වැනි දා පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ 21 වැනි දා සවස් වරුවේ දී පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක වෙන්දේසිය මගින් මෙවර තරගාවලියට සම්බන්ධ වන කණ්ඩායම් පහට අදාළ ක්‍රීඩකයින් තෝරා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

මෙය LPL ඉතිහාසයේ පැවැත්වෙන දෙවැනි ක්‍රීඩක වෙන්දේසිය වන අතර, තරගාවලියේ මුල් අදියර තුනේ දී ක්‍රීඩකයින් තෝරා ගැනීමට Player Draft මගින් සිදු කළා.

කණ්ඩායම් සඳහා උපරිමය ක්‍රීඩකයින් 24ක් සහ අවමය ක්‍රීඩකයින් 20ක් සමඟ තරගාවලියට ඉදිරිපත් විය හැකි අතර, විදෙස් ක්‍රීඩකයින් හය දෙනෙකු සංචිතයට ඇතුළත් කර ගත හැකි.

මීට අමතරව තරගාවලියට ක්‍රීඩා කිරීමේ දී සෑම කණ්ඩායමක ම වයස අවුරුදු 23ට අඩු දේශීය ක්‍රීඩකයකු ක්‍රීඩා කිරීම අනිවාර්යය වනවා.

2024 LPL තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<