:: නම් නැති 09 :: වසන්තයේ අග..... තිර මාත්‍රා නැති දෙකකි පෙම හා වැහි යනු වරෙක සෑහේ ඇබින්දත් වරෙක මඳ වේ අනෝරාවත්
:: නම් නැති 06 :: වසන්තයේ අග..... තරු තාරපතීන් කොතෙක් සිටියත් දිනකරුන් විශ්වය පුරා දිලුනත් කැරපොත්තෙකුට වුවත් තිබෙනවා උගෙම ගමනක්.....!!!
:: අත් සහ මාංචු :: වසන්තයේ අග..... සභාපති තුමා. ත්‍රී වීල් චන්දරේට පයින් ගසා ඇති බවත්, ඔහුගේ දකුණු උරහිස සපා කෑ බවත් කීවේ රන්සිරි මාමා ය. ඕඅයිසී මහත්තයා. යකෙකුටවත් බයනැති බවත්, කෙලින් වැඩකරන බවත් ඒ නිසා කෙලින්ම ගොස් සභාපති තුමාව කුදලාගෙන ගොස් කූඩු කර ඇති බව නලින් අයියා කීවේය. ඒ සතියේම. චන්දන සමන් සමඟ පැටළුනේය. එහි ප්‍රතිඵලයක් ලෙස මූණ දම් වෙන්නට ගුටි කෑවේ ය. කමිසය ඉරාගත්තේ ය. ...
Untitled Post වසන්තයේ අග..... සාහිත්‍යය. බොහෝ නිර්වචනයන් ඇති වදනක් වුවද, ඇසූ සැනින් සිතෙහි මැවෙන්නේ ලිවීමකි. නවකථා කෙටි කථා සඳැස් නිසඳැස් වැනි වර්ගීකරණයන්ට යටත් වුවද සාහිත්‍යය යනු පොදුවේ ගත්කල ලිවීමක් වන්නේය. ලියන්නා හා කියවන්නා අතර ගණුදෙනුවක් වන්නේ ය. ඊ-සාහිත්‍යය. පසුගිය දශක දෙකක පමණ කාලයක් තුලදී ලෝකය පුරාත් එහි අවසාන අඩ තුලදී ලංකාවේත් බෙහෙවින් ප්‍රචලිතව ආ අංකිත ලිවීම් වලම දිගුවකි. ඊ-සාහිත්‍යය යන්න විසි එක්වන ශතවර්ෂයේ ප්‍රචලිතව ...
:: අාකාස හීන 05 :: වසන්තයේ අග..... වයලා. අතිරේක නිළියක් වූවා ය. ' ක්ලෝස් අප් ' එකක් වෙනුවෙන් 'ලොකේෂන්' බැලීමට කැමති වන. මාලා. ප්‍රධාන නිළියක වූවා ය. ' ක්ලෝස් අප් ' වැඩිපුර ලැබෙන. “ මොකද ඔයා කියන්නෙ මං ගියාට කමක් නෑ නේ ? ” එක් අවස්ථාවක දී වයලා මාලාගෙන් අසන්නී ය. නිශ්පාදන කළමනාකරු සමඟ දර්ශන පසුතලයන් සෙවීමේ ගමනකට එක් වීමට පෙර. වයලා ද මාලා ද අපට හමුවන්නේ ...
:: මුවා කී කව :: වසන්තයේ අග..... පාළුයි රජතුමණි අලසයි රජතුමණි නුඹ නොමැති වනයෙහි උනුන් හා ගැටෙන්නෙමු අඹන්නට එකෙකු නැතියෙන් කන ලඟින් ඇදී යනඑකම එක හීයකට සින්න කොට දෙනු රිසිමිදරාගත නොහෙන මේ විසල් නිදහස ...
Unknown වසන්තයේ අග..... වේග උණ්ඩ අස බීත වුණු අය සාර සාද මැද කටගැස්ම වුණු අය කඳවුරේ බංකරේ මහකැළේ ගේ පිළේ මැරෙන්නට පෙර මලමිනී වුණු අය වයස හරි වී අතුරුදන් පිරිමියෙකු වී අතුරුදන් ගැහැණු ඇඟකින් අතුරුදන් හිස කෙළින් කොට අතුරුදන් බරක් වීමෙන් අතුරුදන් වැඩක් නැතියෙන් අතුරුදන් -***- අහන්න. බොහොම පොඩි ඉඩයි ඇත්තේ ' මරණයට හේතුව හා භූමදානය හෝ ආදාහනය කළ ස්ථානය' ඉදිරියෙන්. බැහැ ලියන්නට ...
::අඹ මල් සහ බෝට්ටු :: වසන්තයේ අග..... සොඳුර,ඒ මහා වැස්සට අඹ මල් බොහෝ වට බව සැබෑය. නමුත්,ගස නොකපනා තාක් තව බොහෝ මල් පිපෙනු ඇත. ඉඳින්, කඳුළු පිසදා එන්න රැඳි දිය කඩිති මත කඩදාසි පා කරමු.
:: සයන:: වසන්තයේ අග..... එළි වෙන්න පැය පහක් ඇත් දී හදිසියේ නුඹ වත පිරික්සමි ජීවිතේ දිග ඇඳුණු රේඛා මගේ සතුටට හිලව් කරලමි දකුණතේ පිටි අත්ල මත රැඳිආදරේ රස මසළු දකිනෙමි වැටෙන හුස්මක දුකක් ඇත්දැයි සිවිලිමට නෙත් යොමා සවනෙමි ප්‍රේමයේ දුර ගමන් ආ බව අනිමිසය මැඳ හෙමින් හඟිනෙමි අවදි වේ යැයි හීන් බියකින් සවන අග රළු ලවන් තවරමි ...
::වැහි උණ්ඩ:: වසන්තයේ අග..... වැස්ස. තරමක් තදින් වැටෙමින් තිබිණි. අංශක තිස් තුන හමාරක් ඇලයට. මිලි මීටර් දෙකත් තුනත් අතර අරයෙන්. ඇය. ලයෙහි තුවාලයක් සහිතව. පොලවට අඩි තිස් හයක් පමණ ඉහලින්. මගේ ප්රේමාලාපයන් අසමින්. මා ඇකයමත මියයමින් හුන්නාය. ********************************************************සියල්ල ඇරඹුනේ ඇය සඳළුතලය වෙත නික්ම ගිය පසුය. නැත. සඳළුතලයෙහි වූ සියල්ල ඇරඹුණේ ඇය ඒ වෙත ගිය පසුය. පාද. මම මගේ අඩි ශබ්දය ඇයට හැඟෙන තරම් තදින් ...
:: පරනිම්මිත :: වසන්තයේ අග..... පුත බ්‍රහ්මදත්තයමේ මහා අග්නි විවරයනුඹ දෙපල දෙපසකට වනපුත බ්‍රහ්මදත්තයමේ මහා භද්‍ර කල්පයපෙර ලෙසම යලි නොවනපුත බ්‍රහ්මදත්තයමේ මහා කාල වනපෙතහැරී ආ මං පෙත් වසාලනපුත බ්‍රහ්මදත්තයමේ මහා කෙලෙස් හීසරමතක විසගෙන හදෙහි අමුණනපුත බ්‍රහ්මදත්තයමේ මහා කර්ම සංස්කාරයනිර්මාණරතියක සිරව සැඟවෙනපුත බ්රහ්මදත්තයබලව සැනහෙවඒ නිර්මාණරතියෙන් තැනෙනපරනිම්මිත වසවර්තිය ......! ...
:: දේශද්‍රෝහියාගේ පාපොච්ඡාරණය:: වසන්තයේ අග..... වැරදිකරු වෙන්නැති හාන්දුරුවනේ!හැබැයි මං දැනං උන්නෙ නෑමං අතකොළුවක් වෙලා කියලවිදේසීය ඒජන්තයන්ගෙ......!හාංකවිසියක්වත් තේරුණේ නෑමං උල්පන්දං දෙනවය කියලත්රස්තවාදෙට........!එහෙමයි..!මං විතරක් නෙවෙයි. විස්සවිද්යාලෙ ගිය පොඩි එකා!ඌත් හවුල්වුණා මේ වැඩේට( අනේ ඌට ගහන්නෙපා....)ඌ ගෙදර දැන් අවුරුදු දෙකක්ගුරු විබාගෙත් පාස් පත්වීම් තව නෑනෙ...! ඇමතිතුමත් ගෙදර හිටියළුඅවුරුදුම හතක්....!ඉස්කොලෙන් එලෙව්වට පස්සෙ රස්සාවක් නැතිව..!ඒ නිසා අපෙ උන්ටත් ඉන්නළු තව අවුරුදු පහක්...!සී වරං දෙයියන් පල්ල.. නෑ..!ඇන්ජීඕ තියා ග්රාමසංවර්ධනෙංවත්
:: උඹේ මලගමට කියන්නට බැරිවූ කවිය :: වසන්තයේ අග..... මල්ලියේ....!හිතන්නැතුවැති බෝ වෙලාවට මැෂින් එක නවතලා එනවිටකට්ටියම එක්කලා පෙලටමයන්ට වේ යැයි කියා මෙහෙමමදිනන්නට මහමෙරක් නැතිකොටදකින්නට සුව සිහින නැතිකොටසොච්චමට ලොබ බැඳන් ලොකුවටහැප්පුවේ හිස ගිරිකුලක නොමවෙදඋඩුකුරුව අද සෝ සුසුම් මැදකඳුළු විතරක් ගුණ ගයන සඳපලිගහන උන් පිරිවරා නුඹවදන් තහනම් මරණයට වැදගිනි පුලිඟු ගත් ප්‍රොමිතියස් නුඹවස බඳුන ගත් සොක්‍රටිස් නුඹකුරුසියේ ලූ දෙව් පුතුන් නුඹනොබෝ දිනකින් අමතකව යනහෙලූ සුසුෙමන් මහමෙර කැලඹේවාගැලූ රුහිරෙන් ගිරි කුළු පිපිරේවාහැඬූ ...
:: කොයියෝගේ වෙරෝනිකාට:: වසන්තයේ අග..... වෙරෝනිකා..!විසිකරන්න ඔය පෙති ටිකඑන්න ආපහු පියෙද්රා ගං ඉවුරටමෙතැන ඉන්නවා අපි හුඟක්දනියාරුයි ජමීලයිරතු රෝස මලයි නයිටිංගේල් කුරුල්ලයිප්රීතිමත් කුමරයිපුංචි වැහි ලිහිණියයිදස්කොන් අතගත්ප්රමිලා දේවියිසිරිපාලයි රං මැණිකයිමෙතැන ඉන්නවා තව හුඟක්වෙරෝනිකා..!එන්න ආපහු පියෙද්රා ගං ඉවුරටආයෙත් වැලපෙමු මෙතැන ඉඳන්මැරෙන තරම්ම අමාරු නැහැ ආදරය.........!ප.ලි:මුලින්ම ලිව්වෙ මූණුපොතේ. මෙතනින් බලන්න, අනෙත් අය වඩා අර්ථවත්කල මගේ අදහස. ...
:: වචන :: වසන්තයේ අග..... සායනික මනෝ චිකිත්සාව. දොස්තර අචින්ත අනුරාධ ගේ විශේෂඥ විෂය පථය එය විය. මනෝ වෛද්‍ය සායනය. ඝනක හා ඝනකාභ හැඩැති අවකාශයන්ගෙන් යුත් රෝහලෙහි දකුණුපස පිහිටා තිබිණි. මඳක් බටහිරට බරව.රොහාන් සතරසිංහ. සායනයෙහි නැගෙනහිරට වන්නට වූ කාමරයෙහි පුටුවක හිඳගෙන සිටියේය. දොස්තර අනුරාධට මුහුණලා. දොරට පිටුපා. මඳක් මුරණ්ඩුව.රොහාන්ගේ නෑසියන්. සමීපතමයන් දෙදෙනෙකු හා දුර නෑකමක් ඇත්තෙකු කාමරයට පිටින් නතරව සිටියෝය. දෙකන් කාමරය දෙසටම යොමාගෙන. *******************************************************************************විනාඩි ...
:: කවියාගේ බිරිඳ කි කව :: වසන්තයේ අග..... හිමියනි පෙම්බරපබඳින කවි මනහරරුචිවෙමිය මමත්දැකුමට ප්‍රේම ලීලානුඹ ලියා ගොතාලනඉඩක් ලැබේවිද අදවත්එකම එක හාදුවකට සිව් වසකට පෙරමෙන්හිස මඳක් ඇලකොටකවි පොතෙන් මෑතට.....! ...