::හිත්:: වසන්තයේ අග..... ගිලිහුණත් පැටලෙති යලි යලිත් තව තවත් කාසිමොඩෝ තරම්ම කුදුවට එස්මෙරෙල්ඩා තරම් හැඩට දෙදෙනා විලසම තදට...!
:: අපේ සල්ලි..!! :: වසන්තයේ අග..... සර්පයා. ෆේස්බුක් හි පිංතූරයක් බෙදාගෙන තිබිණි. උදයෙහි. අටත් නවයත් අතර. තනිරූල් කොළයක. කළු අත් අකුරින් ලියූ. ෆුඩ් සිටි බිලක්. රුක්ෂාන් ගේ අතෙහි විය. ඒ පිංතූරයෙහි වූ අකුරු පිටපත් කල. නිල් පෑනකින්. නිය ආලේපන ලූ ඇඟිලි අගින් අල්ලා. ඉලක්කම් නැති පැත්තෙහි.රුක්ෂාන්. කඩදාසිය දිග හැර බැලුවේ ය. අනතුරුව ඇය දෙස බැලුවේය. දෙවුර නැටෙව්වේය. " පිස්සුවක්..!!"ඇය. දෙතොල උල් කලාය. ඇස් පියමින්. " අපි ...
:: ප්‍රේමාලාප :: වසන්තයේ අග..... හිමියනි පෙමම සොව තනනා බවද පෙමම බිය තනනා බවද අත්දුට ය සහතික ය ඒ බියද ඒ සොවද දිගු කලක් පැසවුණේ මහදුරක් ඇවිලුණේ මීට බෝ කලකට පෙර ය. හිමියනි නො ඉසිඹුවෙන් දිව යමි සොවට බියට නොව විරහවටවත් වේලා නැතිවම ආශ්වාදයකින් තවෙකකට පනිමි ආදීනවය තුනී කොටලමි මේ භවයෙහිම මියෙමි උපදිමි යළි මියෙමි හිමියනි බියෙහි බිය නොවන්නෙමි. ශෝකයෙහි සෝ නොගන්නෙමි. සංජීවයද සංඝාතයද ...
:: 4 වන ජයසිංහ | සමිත බී අටුවබැන්දෑල :: වසන්තයේ අග..... සමිත බණ්ඩාර අටුවබැන්දෑල බොහෝ දෙනෙකු දන්නේ කවියෙකු ලෙසිනි.සමිත කවි වලට අමතරව කෙටි කතා ද ලීවේ ය. මේ තරම් කවියට හා කෙටිකතාවට හිමිකරුවන් නොසිටි අතීතයේ. මීට හත්වසකට පමණ පෙර. වත්පොතෙහි.පසුව ඔහු සුලභව දැකීම දුලබ කාරණයක් විය. වත්පොතෙහි ම.ඒ Samitha දැන් කෙටිකතා දහයක් රැගෙන පැමිණ ඇත. පිටු හැටතුනක ලියැවුණ. 4 වන ජයසිංහ නමින්.4 වන ජයසිංහට ඇතුලත් කෙටි කතා බොහෙමයක් කතාන්තර නොවන්නේ ය. ...
:: කවුළු ඇස පාමුල - ළහිරු කිතලගම :: වසන්තයේ අග..... බොහෝ කලකට පසු කාලයක් ගෙන කවි පොතක් කියවීමි.මේ පොතෙහි ඇති කවි තිස්පහ එක හුස්මට කියවිය නොහැක. ඒ කවි එකකට එකක් වෙනස් ය. අනුභූතීන් ලඟින් යනවිට ආකෘතීන් විරසක වී ඇත. එකම ආකෘතියේ කවි දෙකක අනුභූතීන් පරස්පර ය. එහෙයින්ම මේ කවි එකකට එකක් හුදකලා ඒවා ය. වෙන වෙනම රසවිඳීමට බලකරන කවි ය.මේ පොත පුරාවට ළහිරු තමන්ගේ කවි යැයි වෙනම කවි ආරක් ගොඩ ...
:: නම් නැති 15 :: වසන්තයේ අග..... වත වෙලී නික්ම ගියමුදු සුවඳ සුළං පොදනුඹට කිසි වරද නැත හිටිවන ම පිටවුම ට. දුන් දෙයම මිසඅන් යමක් ලැබී නැත. විරහව ද එලෙසම ය.
:: පද්ධති විශ්ලේශණය :: වසන්තයේ අග..... " ඔච්චර දෙන්න එපා !"අපට දකුණු පසින් ආසන තුනක් ඉදිරියෙන් ඇවිද ආ යදියාට දෙනු වස් මා ලඟ තිබූ අවම නෝට්ටුවට වඩා වැඩි නෝට්ටුවක් අතට ගනිද්දී ඔහු පැවසී ය. මගේ වම්පසින් හිඳගෙන. මම. ඔහු දෙස බැලී මි. "පිනට දුන්නට කමක් නෑ. හැබැයි ඔය මනුස්සයට ඔච්චර දෙන්න එපා. " ඔහු පිලිවදන් දුන්නේ ය. මගේ ප්‍රශ්නාර්ථ බැල්මට. සිනාසෙන දෙනෙතකින්. අඩු ස්වරයෙන්. ස්ථිරසාරව. මඳ ...
Love and Revolution වසන්තයේ අග..... පැතුම් වෙනුවෙන් මියෙන හීනෙක දෙනෙත් බෝ විට අසරණ යි සහෝදර නෙත් හිසවැනූයෙන් තැලී මිලින වු මල් බොහොයිතව්තිසාවේ වුව වෙනස් නැතිව ම පිනෙන් අඩු දෙවිවරුන් බහුලයි මහේසක් දෙවිවරුන් පමණක් අරුත් දම් දෙක අර්ථ ගන්වයි බොහෝ බලි බිලි අත්වැර දි මිස ප්‍රශ්න කෙරුමට කැප නොවෙයි ප්‍රේමය ම පමණක් නොවේ සකි විප්ලවය වුව චපල වෙයි. .... ...
:: ආකාස හීන 03 :: වසන්තයේ අග..... අපට අතීතයක් ඇත්තේ ය. සුන්දර ද නොවන අසුන්දර ද නොවන ප්‍රසන්න ද නොවන අප්‍රසන්න ද නොවන. පුද්ගයන් ද පවුල් ද ගම් ද නගර ද ආදී ලෙස රැස්වුණ ඉතිහාසයක් ඇත. ඒ මතු නොව ජාතියක් ලෙස ද ශිෂ්ඨාචාරයක් ලෙස ද ඉතිහාසයක් ඇත. ආඩම්බරය ද ලැජ්ජාව ද නොඅඩුව කැටිවුණ. ඒ ඉතිහාසය අනුව ලංකාවේ මිනිසුන්ට සැමදා සැමතැන සමලෙස සැලකී නැත. අවස්ථාවන් ලැබී නැත. ...
:: ආකාස හීන 06 :: වසන්තයේ අග..... “ මට ඔයාව ඕනෙ ඔයාට ඉන්න ඕන විදිහට " Paulo Coelho යන්න සිංහල කියවන්නන් අතර ප්‍රචලිතව ඇත්තේ 'පාවුලෝ කොයියෝ' ලෙස ය. ඒ නමෙහි හමිකරුවා එකදාස් නවසිය හතලිස් හතේ බ්‍රසීලයේ දී උපන්නේ ය. නවසිය අසූ දෙකේ දී තම මුල්ම පොත ප්රකාශනයට පත් කළේ ය. තවමත් ලියන්නේ ය. Onze Minutosනවකතාව ඔහු ලියන්නේ දෙදහස් තුන වසරේදී ය. පෘතුග්‍රීසි බසින්. දෙදෙනෙකු අතින් සිංහලට පරිවර්තනය ...
:: ආකාස හීන 04 :: වසන්තයේ අග..... “ බොන සියල්ලන් කවියන් නොවුනත් කවියෙක් නම් බොන්නෙක් විය යුතුයි.” ලියන්නේ චින්තන ධර්මදාස ය. මෙම පුවත්පතේම. වෙනත් කළාපයක. වෙනත් පිටුවක. දෙදාස් දහඅටේ ජනවාරි දහනවයදා. ඇල්කොහොල් හෝ වෙනයම් බාහිර ද්‍රව්‍යයක් ආශ්රයෙන් මත් වීම 'සවිඥාණක මිනිස් පැවැත්මකට අනිවාර්ය කොන්දේසියක්' ලෙස සටහන් කරන චින්තන තම මතය තහවුරු කරනු උදෙසා බොහෝ ලේඛකයන් විසින් කියනු ලැබූ වාගාලාප රාශියක් උපුටා දක්වයි. නීට්ෂේ ගේ සිට සියුක්සි යින් ...
:: ප්‍රේමාතුර:: වසන්තයේ අග..... මිතුරනි මිතුරියනිසඳ ඇති රැයක උමතුවෙන් අහස බලද් දී' ඇගේ වත සඳ මෙන් දැ' යි නාසන්න ඇගේ වත සිහි නොමැත මට දැන් මඳ සුලඟකින් සැලෙන නා පත් සිඹිද් දී 'නා දළු වන් ලවන් දැ' යි නාසන්නබෝහෝ තොල් සිඹ හමාරය දැන් මාවුලාවක් තුරුළු කොට බස් දොඩද් දී'පියයුරු කොතෙක් මෙලෙක දැ' යි නාසන්නමෙලෙක උස්මුරුත්තාවූවෙක් මි දැන්මා හදිසියේ ම කල්පනාවට වැටෙන විට'ඇය ලස්සන දැ' ...
:: නම් නැති 10 :: වසන්තයේ අග..... රටක් කියන්නේ පස් ගොඩක් වැටෙන තුරු උණු ඩා බිඳක්හිතක් කියන්නේ දිය පිටක් වදින තුරු සුුසුමක සරක්
ආකාස හීන 02 වසන්තයේ අග..... “ ඊර්සියා කරන්න බැරි මිනිහෙක් ආලය කරන්නෙ කොහොම ද?” සිය විරාගය කෘතියෙහි ලා මාර්ටින් වික්‍රමසිංහයන් මේ පැනය අසන්නේ එකදාස් නවසිය පනස් හයේ දී ය. මේනකාගේ මුවින්. අරවින්ද විසින් ප්‍රතික්ෂේප කරන ලද සරෝජිනී සිය සැමියා ද සමඟ නිවසට ආ දිනයේ දී. කාලය සමඟම ආලය යන වදන ආදරය හෝ ප්‍රේමය යන වඩා පුළුල් අරුත් දනවන වදන් වලින් විස්ථාපනයව සමාජ භාවිතයෙන් දුරස්වෙමින් කුණුහරුපයක් ...
:: වැස්ස නම් එහෙම ය :: වසන්තයේ අග..... ගත නලෙන් සනහා වත පොදෙන් පිරිමැද නුබ නේක පැහැ මවා හෝස් ගා වටනේ ය සිරි සිරින් කන් පුරා සර සරින් බිම සරා දිය කඳුරු ඇලි තනා සයුරට ම අදනේ ය මඳ සිහිල් පිනි බිඳි ද වක ගැසුණු වල වල් ද හෙණ ගැසූ මහ ගස් ද එහෙම්ම ම තියෙද් දී ..... ' ඉතිං මට මහන්සියි.....! ' සැනින් කියා - වැරෙන් නික්ම ...
:: තිත්ත තොල් : Chinthana Dharmadasa :: වසන්තයේ අග..... කෙටි නවකථා තුනකි. Bitter Lips හා Coffee with Ice Cream කථා දෙකම එකම ආකාරයේ කථා ය. එකක ප්‍රධාන කාන්තා චරිතය වෙනත් නමකින් වෙනත් පරිසරයක වෙනත් පිරිසක් හා තබා ගෙතුවාක් මෙනි. After Eleven Minutes හිදී කාන්තා චරිතය වෙනත් ගති ලක්ෂණ පෙන්නුම් කලත් ඉඳහිට මුල් කථා වල එන ආකාරයේ ගැහැණියක් ඉන්දු ගේ හැසිරීම තුල පෙනී නොපෙනී යයි.චින්තන මේ මවා පෙන්නන ගැහැණිය වැඩිමනත්ම ...
:: අර්ධ නාරී - කේ කේ සමන් කුමාර :: වසන්තයේ අග..... Androgynous Literary Experience in Sinhala Novel.First Sri Lankan Chinese boxes total novel.මේ පොතෙහි අග කවරයේ පොත ගැන සටහන්ව තිබූවකි.Androgynous යන්න ශබ්දකෝෂයන්හි අර්ථදැක්වෙන්නේ “ partly male and partly female in appearance; of indeterminate sex.” ලෙසය. සුචරිත ගම්ලත් මහතා සිය ශබ්දකෝශයේදී ඒ සඳහා දෙන සිංහල අරුත වන්නේ ' ද්විලිංගික ' ලෙස යි.නමුත් මේ කතා ගොඩකින් ගොඩනැඟුනු කතාවෙහි කතුවරයා එහි එක් ප්‍රධාන චරිතයක් ...
:: නම් නැති 11 :: වසන්තයේ අග..... ආ මඟ ම මෙහි බෝ දිගයි ඇණී පෑහුණු කටු බොහොයි වංකගිරිය ද මෙය යි තැබූ මං ඉඟි පැටලවෙයි මතකයේ ඉඩ හරි අඩුයි සිහිය සැම විට බොඳ කරයිමීදුමක සුව දෙන උදාසන සැඩ දවාලක් බව නොම කියයි ...
:: පැන්සල් හා බර :: වසන්තයේ අග..... කැඩෙන තරමට උල්වුණාම යි පැන්සලක් ඇනෙන්නේ ගැඹුර ටපෙනෙන මානෙට ලංවුනාම යි සැර දැනෙන්නේ වා කපොල්ල කහිස් වෙන්න මොහොතකට පෙරදි යි බෝ වටින්නේ බඳුන් ලූ මධු ශුන්‍යයට ඩිංගක් මෙහායින් පිහිටුවා ඇත බර වැඩිම තැන ...