ආකාස හීන - 01 වසන්තයේ අග..... ඉන්දික ගුණවර්ධන මිය ගියේ ය. ඔහු ගැන බොහෝ දේ ලියැවිණි. කියැවිණි. ඉදිරියේ ද කියැවෙනු ඇත. ලියැවෙනු ඇත. මේ සටහන ඔහු ගැන නොවේ. සිය මතකයන් පොත් තුලද හිත් තුලද රඳවා මැකී ගිය ඔහුගේ වියෝවෙන් දැනෙන කාංසාව හෝ පාළුව ගැන ද නොවේ. ඉන්දික ගුණවර්ධන නමින් දැන සිටි රූපකාය කොළඹ අතහැර ගියදා ජයරත්න මල්ශාලාවේදී කෙරුණු අතුරු කතාවක දිගුවකි. ඒ ඔස්සේ නැඟුණු ගෙතුණු මතක ...
කළු අඩි සහිත රතු සපත්තුව වසන්තයේ අග..... කළු අඩි සහිත රතු සපත්තුව චෝදනාව: ජනාධිපතිතුමා ඝාතනයට තැත් කිරීම. චේතනාව: ජනාධිපතිතුමා ඝාතනය. උපක්‍රමය : ජනාධිපතිතුමා ගමන් කළ වෙඩි නොවදින රථයට කාන්තා සපත්තුවකින් දමා ගැසීම. සිද්ධිය වුණේ උදේ. ජනාධිපතිතුමා ආවෙ වාහන හයක. මුලින්ම පලවෙනි පරිවාර වාහනේ. ඊට පස්සෙ දෙවෙනි වාහනේ. පරිවාර වාහනයක් වගේම පෙනුනට ඒක තමයි වාහනේ. ඒකෙ ඉස්සරහ වීදුරුවට තමයි රතුපාට කාන්තා සපත්තුව වැටුණෙ. පැත්තකින් ගැලවුණ කළුපාට අඩියක් ...
:: අහඹු :: වසන්තයේ අග..... හිරි පිපෙන සිහිලසක්කිති කවන උණුහුමක්සමනල් පැහැ මියැසියක්වෙන කවුරු මවන්නද ..?දත් කැවෙන කෝලයක් මිට මෙලෙන ආශයක්නෙතු පුරන හීනයක්වෙන කොතැන තියෙන්නද ..?බිලිඳු නෙතු යුගකුත්බිය වැදුණු පෙමකුත් සෙනෙහෙබර පොතකුත්එකම තැන පිපුණු කල....! ...
:: කුළු පොලු :: වසන්තයේ අග..... එදා ද විරෝධතාවයක් තිබිණි. උද්ඝෝෂකයෝ ද මඬින්නෝ ද සූදානම්ව සිටියෝය. එකිනෙකා කෙරෙහි හොරෙන් බලමින්. අහඹු ලෙස නෙතු පැටළුන විටෙක මළානික සිනා පාමින්. වරෙක සැකයෙන්. අනුකම්පාවෙන්. නොසැලකිල්ලෙන්. තරහෙන් පිලිකුලෙන්.විරෝධයට ලක්වන්නෝ ද අණ දෙන්නෝ ද දුරින් සිට බලා සිටියහ. පොළොවට මීටර් ගණනක් උසින්. වීදුරු තුලින්. ජනෙල්වල හෝ වීඩියෝ තිරයන්හි.යකඩ. ගල්. වතුර. රබර් හා ලී. විවිධාකාර හැඩයෙන් යුතුව තැන තැන තිබිණි. නිශ්චලව. නිශ්චිත ...
:: සබන් කොල :: වසන්තයේ අග..... රාත්‍රිය. පැය දෙක හමාරකට පෙර ගෙවීගොස් තිබිණි. දෙපා. තටු සහසක් ආවද පැන යා නොහෙන සේ කොට්ටයක් තෙරපාගෙන සිටියෝය. උඩින් හා යටින්. ඇය. වළාකුලකින් බැසවිත් ඇහැරුණාය. කොහු හා රබර් මිශ්‍රිත මෙට්ටයක් මත.කම්මැලිව පෙරලුනාය. බිත්ති ඔරලෝසුවෙහි වේලාව දැක්කාය. ඇඳෙන් පැන්නාය. මඳක් තෙත වූ තුවාය ගත්තාය. විවර ලැම වටා ඔතා ගත්තාය. කලිසම කකුල් වලින් පන්නා දැමුවාය. කොමුපිලිද සමඟම. එකකින් පාගා අනෙකද, අනෙකින් පාගා ...
:: ශෝක ප්‍රකාශය :: වසන්තයේ අග..... කවි වුවද ප්‍රාග්ධනයෙන් මිදී නැතප්රත්යක්ෂයෙන් නොදැනේ නම් වෙළඳපොල අගයක් නැතසේකර....ඔබ යලිත් නිවැරදියමිහිරි වෙණ වැයුම් නොවපපර බයිලාම ඇවැසියගේය කව් පද නොවවෙළඳ වැකි රසැතිය කවියන් අගුලු ලා ඇතලියන්නන් විරු කොටකවිපිටු වැසී ඇතකොමුපිලි සටනකට ...
නන්ද කුමාර වස්තුව ...! (2) වසන්තයේ අග..... නන්දය..!පෙමෙහි තව වෙසක් ඇත ගඟක් සේ ගලනු රිසිහිමි කරගනු නොරිසිකොටු කරගනු ඇවැතිපෙමින් පමණක්ම සරිපෙමෙහි තව වෙසක් ඇතනන්දය..!ගඟ දිය එසේ යැයිදිස්වුවද මතු පිටින්ගං දියට හෑරුණුගඟ පතුල හඳුනයිගඟ විඳින මහා දුකනන්දය...! ඒ පෙමද එලෙසමයගඟ පතුල දියමෙන්මනස කළඹා ලායගඟ මුදුන වත මෙන්ලොවම රවටා ලායඑහෙයින්ම...!උදාසන ගඟ දියෙහිදකින පිළිඹිබු මෙන්මාන වළා මඟහැරප්රේමයේ මුල සොයානසා කටයුතුමයඉඳින්..!බලව අර පඬුපුලශක්රයා නොරඳනනන්ද කුමාර වස්තුව ...! (1)http://wasnthayeaga.blogspot.com/2013/07/blog-post.html ...
:: වැලන්ටයින් :: වසන්තයේ අග..... ඇය. බොහෝ ලස්සන නොවූවා ය. කොහෙත්ම කැතනොවූවා ය. එතරම් කථා නොකලා ය. බොහෝ සිහින දුටුවා ය. ඒ සියල්ල වම් කෝෂිකාවට යටින් තැන්පත් කර ගත්තා ය. අනායාසයෙන් ම. ඇයටත් නොදැනී. ඔහු. අඩි පහයි අඟල් නවය හමාරක් උස වූයේ ය. රෙඩි මේඩ් කමිස ඇන්දේ ය. එහෙයින් පපුව හා උදරයේ මිමි නොදත්තේ ය. ඔවුහු. වර්ණයෙන් තළෙලු වූහ. වීර කථාවක් අවසානයේ පෙම්වතුන් වූහ. බස් ...
:: නම් නැති 08 :: වසන්තයේ අග..... සිවුරු පොරවා අහසට වළාවන් දුම් පැහැ කොට බැසගොසිනි දිනකර සිව් දෙසින් එකවර
:: පරණ මරණ :: වසන්තයේ අග..... මැරුණයැයි හිතුවටහිත ගල් ගැහුණම එහෙමටත් මැරෙන්නෑලොකු හිතක් ඇති අයඉස්පිරිත්තු වලින් නොවඑකම එක බැල්මකටදියවෙලා වැගිරේවිආයෙමත් ඔය හිත
අද රැයෙහි මට ලිවිය හැක දුක්බරම පද. Translation: Tonight I can write the saddest lines by Pablo Neruda වසන්තයේ අග..... Translation of the poem " Tonight I can write the saddest lines" by Pablo Nerudaඅද රැයෙහි මට ලිවිය හැක දුක්බරම පද. ලිවිය හැක, නිදසුනක් ලෙස. " රාත්‍රිය පුපුරා හැලී ඇති අතර නිල් තාරකා දුරින් හිඳ වෙව්ලයි " රාත්‍රී සුළඟ නුබ සරයි ගයමින්. අද රැයෙහි මට ලිවිය හැක දුක්බරම පද. ඇයට මම පෙම් කළෙමි, ඉඳහිටක ඇය ද මට පෙම් කරද්දී. ...
නිම්නාගේ ඉතිහාසය | කෞශල්‍ය කුමාරසිංහ | විදර්ශන වසන්තයේ අග..... නිම්නාගේ ඉතිහාසය කියන්නේ පහුගිය කාලය පුරාවට මේ රටේ සාහිත්‍යමය අවකාශයන් අතරේ වැඩිපුරම කතා බහට ලක් වුනු නවකතාවක්. හරියට වශියක් වගේ කියවන කියවන හැමෝම ආශක්ත කරගනිමින් ඒ ගැන සටහනක් තැබීම වගකීමක් කරගනිමින් පැතිරී ගිය පොතක්.මං සම්බන්ධයෙන් කියනවා නම් සෑහෙන කාලෙකට පස්සේ පොතක් පෙරළා වත් බලන්නේ නැතුව මිලට ගත්ත අවස්ථාවක්.ඒව මේව වැඩ ගොඩකුත් එක්ක පොත කියවලා ඉවර කළේ දැන්. ඒක හොඳ ...
:: නම් නැති 07:: වසන්තයේ අග..... මතකයිද ඉස්සර ආදරේද මොනතරම් තේකක් උනත් හදනවා රසට මනරම් අමතකද දැන් දැන් ඉවසුවද මොනතරම් දත් ඇලෙන කහටත් නිතර බිව්වා රසකරන්
:: සංජානන :: වසන්තයේ අග..... ස්නායු. මිනිස් සිරුරේ සියළු සංජානනයන් සිදුකරන සන්නිවේදන ජාලය වන්නේ ය. සංවේදක ඉන්ද්රියයන්ගෙන් ග්‍රහණය කරගන්නා දැනීම් හැඟීම් හා සසඳා දක්වන ප්‍රතිචාරය ප්රකාශනය කිරීම දක්වා ක්රියාවලියෙහි අතරමැදි දූතයා වන්නේ ය. සමරජීව මහතා. මේ ගැන තව තවත් විස්තර කලේ ය. සිය ගැබ්බර බිරිඳට. මිනිසුන්. ඉපදෙන විට සහස් සංඛ්‍යාත ස්නායූන්ට හිමිකම් කීවත්, ලදරු විය ඉක්මවත් දී ඒ බොහෝ ස්නායූන් මැකී යන්නේ ඒවා නිසි පරිදි ...
:: ගිනි සිසිල :: වසන්තයේ අග..... ගිනි ගහන සිසිරයක වුව සිටිය නොහැකිද ලිහිණියෙක් බිඳුණු තටු පිරිමදින කුමරෙකුගෙ උර මත
CLASS M6 788 වසන්තයේ අග..... ගුරු ගීතය. ඔහු ඇයට තෑගි දුන් මුල්ම පොත විය. ඔහු ලියූ කවි පොත් දෙකක් තෑගි දුන් පසුව. පොත් බැඳීම. ඇගේ තුන්වෙනි රැකියාවේ එක් කාර්යයක් විය. නගරයට පාව ආ පසු ලැබුණු. උපන් තැනින් ද වැඩුණු තැනින් ද කිලෝමීටර් එකසිය අසූ නවයකට දුරින් වූ. ඔහු. විනෝදය පිණිස කවි ලිවීය. ලියූ කවි පොත් කළේ ය. මිතුරු මිතුරියන්ගේ ඉල්ලීමට අවනතව. පරිගණක පිටු සැකසුම. ඇගේ ...
:: දළඹු :: වසන්තයේ අග..... ගෑවුණත් හිත කසනපලු දමා හද තවනසිතිවිලිම කා වැඩෙන දළඹුවන් වැනිමයදිස්න දෙන මතකයන්කෝෂයක මන රකිනසමනලෙකු වේ යැයිමිරිගුවෙක සුව සදනදළඹුවන් වැනිමයදිස්න දෙන මතකයන් ...
::සත්තු:: වසන්තයේ අග..... වලාවක් ඇදුනා පහලින්මුවාකර උකුසුවෙසකිසිවක් නොදත් කිරලෙක්නැඟුණා වලෙක හිඳ ඉඳහිට වහන කපුටෙක් බින්දත් සමාධිය අව්වෙත් නිදති යහතින් අම්බරුන් නිහඬව