Friday, January 24, 2020

Unknown


වේග උණ්ඩ අස බීත වුණු අය
සාර සාද මැද කටගැස්ම වුණු අය
කඳවුරේ බංකරේ මහකැළේ ගේ පිළේ
මැරෙන්නට පෙර මලමිනී වුණු අය

වයස හරි වී අතුරුදන්
පිරිමියෙකු වී අතුරුදන්
ගැහැණු ඇඟකින් අතුරුදන්
හිස කෙළින් කොට අතුරුදන්
බරක් වීමෙන් අතුරුදන්
වැඩක් නැතියෙන් අතුරුදන්

-***-

අහන්න.
බොහොම පොඩි ඉඩයි ඇත්තේ
' මරණයට හේතුව හා භූමදානය හෝ ආදාහනය කළ ස්ථානය' ඉදිරියෙන්.
බැහැ ලියන්නට හැමදේම එතැන.

අපි ලියමු මෙහෙම.
සරලව සුගමව.
ඉඩ ඉතුරු කරගෙන.

தெரியாத









No comments:

Post a Comment