:: නො නිවි :: වසන්තයේ අග..... සයුර මුසුවන මොහොතකට පෙර පළල් වී උඩ බලයි මඟ දිගට දිය කඳුරු ගිල දැමූ නදී තෙම වස්සානයකට මඟ හැරුණු හීන් වැහි පොඩිත්තක් හෝ පෙමින් විත් වෙලෙතැයි
රෝස මුසැන්ඩාස් පිස්සුව | සුසන්ත මූනමල්පේ | ගොඩගේ වසන්තයේ අග..... මුලින්ම ලිවිය යුත්තේ මේ ලියමන උක්ත කෘතිය ගැන විචාරයක් යැයි වරදවා නොගතයුතු බව ය. මෙවන් ලියැවිලි විඳීම් සටහන් වන අතර විචාර යනු මීට වඩා හරබර වූත් මහන්සිවිය යුතු වූත් වැඩ ය. පිටු හැටපහක් පුරා ලියැවුණු කෙටිකතා හයකින් යුත් මේ කෙටිකතා සංග්‍රහයේ එන කෙටිකතා හයම නැවුම් ය. අපූරු ය. අනුභූතීන් අතින්. පරිකල්පනය වෙසින්. ඇතැම් තැනකදී ආඛ්‍යාන විදියෙන් පවා. සුසන්ත මූනමල්පේ ...
ඉස්කිරීම | දමිත් උදයංග දහනායක | සයුර වසන්තයේ අග..... විඳීම් සටහනක් පමණි. ' තෙමි තෙමිම මම ' නම් අපූරු කාව්‍ය සංග්‍රහයෙන් තම නම සළකුණු කළ දමිත් එහිම දිගුවක් ලෙස ගද්‍ය කාව්‍යයක් අප අත තබා ඇත. බසෙහිද සිද්ධීන්ගේද හැඟීම්වලද සබැඳියාවන්ගේද යන මොන අංශයෙන් ගත්තත්. නණ ලළ අතහැරීම වැනි ලේබල්ගත රැඩිකල් බස් බිඳීම් වලට එහා ගිය පෙළහරක් පාමින්. ආකෘතියට පවා පණ පිහිටුවමින්. මෙම කෘතිය නවකතාවක්ද කෙටි නවකතාවක්ද නැතිනම් කෙටිකතාවක්ද යන ...
:: බිඳි සෙනෙහෙ අවුරා- ළං කළ හැකිද හඬන සිත් තැවෙන සිත් :: වසන්තයේ අග..... ‘සුර අසුර' ටෙලිනාට්‍යය ප්‍රදර්ශනය කෙරෙන්නේ එකදහස් නවසිය අනූ හයේ දී ය. බර්මින් ලයිලි ප්‍රනාන්දු ගේ අධ්‍යක්ෂණයක් ලෙස. වසන්ත කොටුවැල්ල හා වීනා ජයකොඩි ප්‍රධාන චරිත නිරූපණය කළ. සිංහල හා දෙමළ අඹුසැමි යුවලක් විලසින්. අසූ තුනේ ජූලි මාසයේ ලංකාව කාලාවකාශය කරගනිමින්. කලු ජූලිය නම් පැල්ලම ඉතිහාසයෙහි සටහන්වෙද්දී මිනිසුන් හැසිරුණේ කෙසේ දැයි ඉඟියක් සපයමින්. ඒ ටෙලිනාට්‍යය ගැන සමාජයෙහි හෝ සාහිත්‍ය කළා රසවින්දන ...
::කොකු:: වසන්තයේ අග..... කොක්කක්. උල් පැත්තට මඳක් දුරටවනතුරු පැටළුනු තරමක් කුණුවූ පණුකයකින් වැසී තිබිණි. ඉතිරිකෙලවර. වාරු නැති අතකින් ගිලිහී ආ තංගුස් පටක වෙලීණි. තංගුස්පට. එතරම් සැර නොවුණු කටු ඇති වැටකේ පඳුරක් තදින් අල්ලාගත්තීය. පඳුර මුල තිත්තයන්. අවදානමකින් තොරව ඇම කමින් ඒ වටා නටමින් සිටියෝය. ************************************************ මම. නුඹ දුන් කෙහෙරොද වැටකේ මලක එතීමි. ...
:: නිමි :: වසන්තයේ අග..... නුඹේ තොට අස නැඟුම් ලනු පෙර බොහෝ තොටුපළ පසුකලෙමි මම් විටෙක මුදු විය විටෙක සැඩ විය ඒ සියල් මඟ බිඳුණු තැන් සිතුවමක හිස් ඉඩ පිරී ඇතනේක වර්ණෙන් නොම වුවත් එකම එක පැන්සල් ඉරක් වුව බිඳ දමාලයි හද නිවන් යළි පාන්නට හෝ ලබන්නට අත ඉතිරි නැත ස්නේහයක් ඔරුව මා වෙමි සැඩෙන් ගැලවී සදා නුඹ අස සුව සොයම් ...
:: නම් නැති 14 :: වසන්තයේ අග..... කළු ගැහුණු පුළුන් පෙඳ සෝපාව මත දෙපැත්තක එකවනම ගිනිගත් අහඹු ගිනි පුපුරකින්.
:: රතු මල් :: වසන්තයේ අග..... චිත්ත සංනිවේදනය. සංකල්පයක්ව සිට මේ දක්වා යෝධ පිමි තුනක් පනිමින් පැමිණ තිබිණි. දශක දෙකහමාරක් මුළුල්ලේ. ජංගම දුරකථන හා වෙනත් සන්නිවේදන සේවාවන් අනුකුලක බවට පත් කරමින්. භාෂාවන් දෙවෙනි තැනට ඇද දමමින්. දින ගණනක් පුරා කථා කිරීමට තිබූ සංවාද නිමේශයන් කිහිපයකට සීමා කරමින්. වචන වලට වඩා හැඟීම් ඉතා වේගවත් වූ හෙයින්. මේ ගමන. කිසිසේත්ම පහසු වූවක් නොවූයේ ය. මුලින්ම චිත්ත තරංග හඳුනා ...
ස්වර්ණකාය | ප්‍රභාත් ජයසිංහ | සරසවි වසන්තයේ අග..... ඇතැම් පොතක් කියවා ඒ ගැන සටහනක් තැබීම ඉතා අසීරු ය. ඒ පොත කියවීම ම ඔබ කෙතරම් මිටි දැයි හඟවන නිසාවෙන්. තමා ලියන අකුරකින් හෝ එයට අසාධාරණයක් වෙතැයි යන බිය කැන්දන හේතුවෙන්. එවන් එක් පොතක් අනුරාධ මහසිංහගේ බැමිණිතිකාලය ය. තවම ඒ ගැන අදහස හරියකට ගොනු කරගන්නට බැරි වූ. දැන් තවත් පොතක් පස්වෙනි වතාවටත් කියවා හමාර කළෙමි. දින තුනක් තිස්සේ. ස්වර්ණකාය ...