WiFi Hotspot එකක් හදාගන්න අන්තර්ජාලයත් එක්කම... ලාහිරු දහසක් දිලී ........ අපි ළඟ තියෙන ලැප්ටොප් එක ලේසියෙන් ම පට්ට WiFi Hotspot එකක් කරන්නේ කොහොමද කියලා තමයි කියන්න යන්නේ මේ! හිතමුකෝ අපි ළඟ රවුටර් එකක් ගන්න සල්ලි නෑ කියලා, ඉතින් කොහොමද අපි මැෂින් ගොඩක් සෙට් වෙන නෙට්වර්ක් එකක් හදාගන්නේ. ඉතින් ලැප් එකේ තියෙන WiFi පහසුකම පාවිච්චි කරලා නෙට්වර්ක් එකක් හදාගන්න හැමෝම දන්නවා ඇතිනේ. අද මේ කියන්න යන්නේ WiFi Hotspot එකකින් අන්තර්ජාල පහසුකම ...
කතන්දර - මී කතාවක්... ලාහිරු දහසක් දිලී ........ ඔන්න එකෝමත් එක රටක ගම ගෙදරක හිටියා ගමරාළ කෙනෙකුයි ගම වයිෆ් කෙනෙකුයි. දවසක් ගමරාළ ටවුන් එකට ගිහින් එද්දී ලස්සන කවරෙක දැම්ම පාර්සලයක් ගෙනාවා. වහලේ හිටිය මීයා මේ දිහා කෑදරෙන් වගේ බලාගෙන හිටියත් ගම වයිෆ් ඇවිත් පාර්සලේ කඩලා බැලුව ම තමයි මීයාට එලොව පොල් පෙනුනේ. පාර්සලේ ඇතුලේ තිබුණේ අළුත් ම අළුත් දිලිසෙන මී කතුරක්.මේ අලුත් ම ගොසිප් එක ගමගෙදර හිටිය අනිත් ...
ආයෙත් පටන් ගත්තා නේද බොන්න ??? ලාහිරු දහසක් දිලී ........ " ආයෙත් පටන් ගත්තා නේද බොන්න????? මම කොච්චරවත් එපා කියලා තියෙනවද ඕවා බොන්න. තේරුම් ගන්න එපැයි ඕවා හොඳ නෑ කියලා හැමවෙලේම බොන්න. හැමදාම හවස් වෙද්දි බොනවා ඇඟේ අමාරුවට කියලා. අනේ මන්දා දැන් නම් හවස් වෙද්දී ඇඟේ අමාරුවක් තිබුණත් නැතත් බොන එක පුරුද්දක් වෙලා වගේ. ඔය විදියට බොන්න ගියොත් මොන ලෙඩේ හැදිලා නවතියි ද කියලා මට නම් හිතාගන්න බෑ..." එක දවසක ...
Bootable CD දැන් කැලේ... ! ලාහිරු දහසක් දිලී ........ ඉස්සර කාලේ, ඒ කිව්වේ දැනට අවුරුදු 10 කට කලින් floppy disk එකක අයිතිකාරයෙක් කියන්නේ හරිම ලොක්කෙක් විදියට තමයි අනිත් අයට පෙනුනේ. හික් හික්.. මම උනත් ඒ අය දිහා කට ඇරගෙන බලාගෙන ඉඳලා තියෙනවා ඕන තරම්. මොකටද ආයේ බොරු කියන්නේ. ඒ නිසා ම සමහරු ක්ලාස් යද්දි පොත් අතේ අරන් යනවා වගේ අතේ අරන් ගියෙ ෆ්ලොපියක්. කෙල්ලන්ට පේන්න අරන් යන්නෙත් ෆ්ලොපියක්. සමහර ...
මුලින් ම වෙඩි තබා ඇත්තේ බ්‍රිතාන්‍ය..... ලාහිරු දහසක් දිලී ........ පසුගිය දෙසැම්බර් මාසයේ තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙඩි වැදී මියයාමේ සිද්ධිය මුළුමනින්ම අනාවරණය කරගැනීමට ඒ සඳහා යෙදවූ විශේෂ පොලිෂ් කණ්ඩායම සමත් වී ඇත. රජයේ ඉලක්කය වී තිබුණේ 2016 වන විට මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගය බවට සංචාරක ව්‍යාපාරය පත් කරගනීමයි. සංචාරක ව්‍යාපාරය සඳහා එවැනි තත්වයක් පවතිද්දී එයට කළු පැල්ලමක් එක්කළ සිද්ධියක් බවට එම මරණය, ...
අන්තර්ජාලයෙන් ධාතූන් වහන්සේලා වන්දනා කරන්න... ලාහිරු දහසක් දිලී ........ අද දුරුතු පුර පසළොස්වක පෝය දවස නිසා මම හිතුවා අපේ යාළුවන්ට ටිකක් විශේෂ දෙයක් දෙන්න. ඉස්සරවෙලා ම කියලා ඉන්නම්කෝ අද දවසේ වැදගත්කම. මීට අවුරුදු 2600 කට කලින් අද වගේ දවසක තමයි බුදුරජාණන් වහන්සේ මුලින් ම ශ්‍රී ලංකාවට වැඩම කලේ, ඒ මහියංගනයට. ඒ ඇයි කියලා ඔයාලා දන්නවා ඇතිනේ, ඒ කතාව ඒ නිසා මම කියන්න යන්නේ නෑ. මට ඊමේල් එකකින් ලැබුණා වටින ...
"My favorite country is India" සහ ජාතිවාදය ... ලාහිරු දහසක් දිලී ........ ප්රභාකරන් කියන ත්රස්තවාදියා මැරිලා දැන් අවුරුදු දෙකකුත් ඉවර වෙලා තියෙන වෙලාවක ඇයි මේ වගේ දෙයක් කතා කරන්නේ කියන එක සමහර දෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර අයට හිතෙන්න පුළුවන් මේ ලියන්නේ කා ගැන හරි තරහින් කියලා. ම්ම්ම්.. දැන් නම් තරහක් නෑ හිතේ ලොකුවට, ඒත් මේක ලියන්න පාදක වුණ සිද්ධිය ඇහුව වෙලාවේ නම් හිතට ලොකු තරහක් දැනුණා. දැන් ඔයාලා බලනවා ඇති මොනාද ...
ගුටි කෑමෙන් ඉගෙන ගැනීම හෙවත් පළමු පාඩම...! ලාහිරු දහසක් දිලී ........ අම්මෝ... ගුටි කන ඒව නම් මතක් කරන්න එපා කියලා ගොඩක් අය කියයි. මොකද සමහරු කියනවනේ කෑමෙන් කෑම හොඳම කෑම ගුටි කෑම කියලා. හොඳ හොඳ හෝටල් වලින් කාලා තියෙන අය නම් මේ ගැන දන්නවා. හැබැයි ඉතින් ඉකෝලේ කාලේ එහෙම මතක් වෙලා හිනා යන වෙලාවල් එහෙම අප්‍රමාණයි. ගුටි කන එකෙත් වර්ග කීපයක් ම තියෙනවනේ. එකක් තමයි ගෙදරින් ගුටි කෑම. ඒ නම් ආදරේට ...
කොළඹ ටවුන් එක ඉස්සර... ෆොටෝ ටිකක්! ලාහිරු දහසක් දිලී ........ දැන් කාලේ කොළඹ ටවුන් එකේ ඉන්න සෙනඟයි වාහන කන්දරාවයි අතරේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති වුනාට ඉස්සර කාලේ කොහොම තියෙන්න ඇතිද? ඉස්සර කාලේ කිව්වේ දැනට අවුරුදු 150 කට 200 කට කලින්. හිතාගන්න පුළුවන්ද? හිතාගන්න අමාරු නම් මේ ෆොටෝ ටික බලන්නකෝ, මට ඊමේල් එකකින් හම්බවුනේ, තරමක් දුර්ලභයි කියලා හිතුණ නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. බලන්නකෝ කොහොමද කියලා...මෙතනදි තමයි ප්‍රින්ස් වීදිය සහ යෝක් ...
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට... ලාහිරු දහසක් දිලී ........ සොච්චම් පඩියකට වහල්ලු වගේ තමන්ගේ ශ්‍රමය ඈ කැප කරන්නේ මහා මාළිගාවක් හදන්න නම් නෙවෙයි. එහෙම කරන්නේ තමන්ගේ ජීවිතේ වැරහැලි වෙන්න නොදී යාන්තම් ඉරුණු තැන්වත් වහගන්න කියලා ගොඩාක් දෙනෙක් දන්නේ නෑ. මැෂිමක සද්දෙට වඩා හයියෙන් මහා සාගරය තරම් අඬන්න පුළුවන් වුනත් දුක් කරදර හමුවේ අඬලා පලක් නැති නිසාමයි ඈ අඬන්නේ නැතුව ඉන්නේ, නැතුව මැෂිමකට වගේ හැඟීම් දැනීම් නැතුව නම් නෙවෙයි! ඒ ...
ලාබයි...ලාබයි... කාබයිඩ් එක්ක පළතුරු ලාබයි.....! ලාහිරු දහසක් දිලී ........ ටවුන් එකේ පේමන්ට් එකක ඇවිදගෙන යනගමන් බැරිවෙලාවත් පළතුරු ලෑල්ලක් දිහා බැලුවොත් ඇති , ඒ ලෑල්ලේ තියෙන පළතුරු දෙක තුනක් ෂොපින් එකකට දාලා දෙන මට්ටමට අපේ වෙළෙන්දෝ දියුණුයි දැන්. ඒ එයාලා අපේ පෝෂණය ගැන ගොඩාක් උනන්දු නිසාද කියලා කියන්න නම් මම දන්නේ නෑ. එයාලා හිතනවා ඇති නිරෝගී කෙනෙක් දවසකට පළතුරු 300g-400g වත් කෑමට ගන්නේ නැත්තම් හරිම වැරදියි කියලා! පළතුරු වෙළෙන්දෝ පැත්තකින් ...
හොඳම යාළුවෝ (ගැහැණු/පිරිමී ) වෙන්න පුළුවන් කාටද???? ලාහිරු දහසක් දිලී ........ යාළුවෝ...මාළුවෝ අපි හැමෝටම ඉන්නවනේ. ඒ වුනත් විශ්වාසවන්ත යාළුවෝ ඉන්නේ කීදෙනාද නේද? එහෙම යාළුවෝ නම් ඉන්නේ බොහොම ටික දෙනයි. තව සමහරු පණ දෙන්න වගේ ඉන්නවා, මොනාහරි සිද්ධියක් වුණා ම තමයි එයාලගේ යාළුකම තේරෙන්නේ. හරියට කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට වගේ! ඇයි තව සමහරු ඉන්නවා අපේ හැමදේම අහගෙන ඉඳලා රට වටේ පතුරවන අය...අපි හැමෝටම ඔය වගේ අය අඩු වැඩි වශ්යෙන් ඉන්නවා. අද කතාව ...
කැළණිතිස්ස රජතුමා සහ උණුතෙල් කටාරම... ලාහිරු දහසක් දිලී ........ අද පෝය දවස නිසා මට හිතුණා ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්නෝන කියලා. මේ බණ කතාවක්මත් නෙවෙයි, ඒත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතුණ නිසා කියන්න හිතුණා. හැමෝම දන්නවනේ ලංකාවේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නරපතියෙක් වුණ දුටුගැමුණු රජතුමා. එතුමාගේ පියා තමයි කාවන්තිස්ස රජතුමා. මෑණියන් තමයි වීර කාන්තාවක් වෙන විහාර මහා දේවිය. ඇගේ පියා තමයි කැළණිතිස්ස රජතුමා. ඔය කැළණිතිස්ස රාජ පරම්පරාවට අයිති කතාවක් ...
දැන් කාලේ ඉන්න බුද්ධිමත් පොඩ්ඩෝ...! ලාහිරු දහසක් දිලී ........ මේ කතාව මම පත්තරේක දැක්ක එකක්. ඒත් ටිකක් විතර වෙනස් අත්දැකීමක් වේවී දෝ කියලා හිතුන නිසා ලියන්න හිතුවා. අපි පොඩි කාලේ හැසිරීමයි, දැන් කාලේ ඉන්න පොඩි වුන්ගේ හැසිරීමයි බලද්දි ලොකු වෙනසක් දැනෙනවා නේද... සමහරුන්ට හිතෙයි දැන් කාලේ ඉන්න එවුන් නම් ගන්න දෙයක් නෑ කියලා, ඒත් සමහරුන්ට නම් ඒක ගානක් නෑ. මට නම් හිතෙන විදියට ඒක තමයි පරම්පරා ඝට්ටනය කියලා කියන්නේ. ...
Radar (රේඩාර් ) නැති කාලේ ප්ලේන් ආව හැටි.... ලාහිරු දහසක් දිලී ........ මට ඊ මේල් එකකින් ආව ඡායාරූප ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා. ඒකේ තියෙන්නේ රේඩාර් තාක්ෂණය හොයාගන්න කලින් කොහොමද ගුවන්යානා හඳුනාගත්තේ කියලා. බලන්නකෝ කොහොමද කියලා, හිනායනවා නේද? හැබැයි ඉතින් මේ විදියටවත් බලන්නේ නැතුව සතුරු යානයක් ඇවිත් බෝම්බ දාලා ගියොත් එපා කියන්නයැ...ඒ නිසා මේක ඒකාලේ හැටියට ලොකු තාක්ෂණයක්. ඊට කලින් කියලා ඉන්නම්කෝ මේ රේඩාර් කියන්නේ මොකක්ද කියලා. රේඩාර් කියන්නේ චලනය වන හෝ ...
Notepad එකෙන් RAM එක Clean කරන්න..... ලාහිරු දහසක් දිලී ........ අපේ පරිගණකයේ වේගයට බලපාන ප්‍රධාන උපාංගයක් තමයි RAM එක කියලා කියන්නේ. RAM එක කියන්නේ තාවකාලික මතකයක්, ඒක විදුලිය මත රඳා පවතිනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අපි ගොඩාක් වෙලාවක් පරිගණකයත් එක්ක වැඩ කරද්දී, ඒ කියන්නේ අපි එක දිගට පරිගණකය පාවිච්චි කරන තරමට RAM එක මත තැන්පත් වෙන දත්ත ප්‍රමාණය වැඩිවෙනවා. ඒ හා සමානුපාතික ව පරිගණකයේ වේගයත් ටික ටික අඩුවෙනවා. ඒක ...
අපේ රැග් සීසන් එක... ලාහිරු දහසක් දිලී ........ මම මේ කියන්න යන්නේ රැග් සීසන් එක ගැන කතාවක්. මේක මට මතක් වෙන්න හේතුව තමයි අපේ කැම්පස් එකට අළුතින් බැජ් එකක් මේ ළඟදි ගත්ත එක. කැම්පස් එකක රැග් සීසන් එක කියන්නේ මාර ම ජොලි කාලයක්නේ. ජූනියර්ස් ලාට කෙසේ වෙතත් සීනියර්ස්ලට. රැග් සීසන් එක විඳින කාලේ ඒක කොයිතරම් කට්ටක් උනත් පස්සෙ කාලෙක මතක් කර කර මැරෙනකල් හිනාවෙන්නේ ඒ දවස්වල එක එකාට ...
අද මම එද්දි දැක්කනේ මාර ලස්සන කෙල්ලෙක්.... ලාහිරු දහසක් දිලී ........ අද මම එද්දි දැක්කනේ මාර ලස්සන කෙල්ලෙක්.... හරියට නිකම් xxxx වගේ, ආයේ කියලා වැඩක් නෑ. මම දැක්කමයි ඒතරම් ලස්සන කෙල්ලෙක්!!!! අපි ඕනතරම් එහෙම කියලා ඇති නේද? ඒ වගේ ම ඕන තරම් ඇහිලත් ඇති. අපි පාරේ තොටේ එහෙ මෙහේ යද්දී අපි දකිනවානේ කොහොමත් එක සැරයක් දැක්කම ආයේ සැරයක් හැරිලා බලන්න තරම් හිතෙන ලස්සන ගැහැණු ළමයි. සමහරු සුදුයි, තළෙළුයි, උසේ හැටියට මහත, ...
හදවත ලෙඩ වෙන්නේ මෙහෙමයි..... ලාහිරු දහසක් දිලී ........ හික්ස්... හදවත් රෝග වර්ග නම් ගොඩක් තියෙනවානේ එක එක අයට එක එක කාලෙට හැදෙන. සමහර ඒව නම් දවසින් දෙකෙන් හොඳ වෙනවා. සමහර ඒවා නම් සති, මාස ගණන් ගත වෙන ඒවත් තියෙනවා. ලේසියකට හොඳ කරන්න බැරි ඒවත් තියෙනවා. මම හිතන්නේ ඊටත් වඩා සමහර හදවත් තියෙනවානේ හැමදාම ලෙඩ වෙන ඒවා. ඒවා තමයි නඩත්තුව අමාරු ම !! හැමදාම බෙහෙත්දෙන්න ඕනනේ. ඒත් මම නම් ...
ටිකක් විතර 18+ .....! ලාහිරු දහසක් දිලී ........ ඔන්න දැන් මම කියන්න යන්නේ ටිකක් විතර 18+ කථාවක්! ඒත් ඉතින් කථාව කියෙව්වට පස්සෙ 18+ කොහෙද තියෙන්නෙ කියලා නම් අහන්නෙපා හොඳද! කථාව අහලා තියෙන අයත් ඇති. ඒ වුනත් ආයෙත් කියෙව්වා කියලා මක් වෙනවද! හිකිස්... ඊට කලින් කියන්න දෙයක් තියෙනවා වැදගත් දෙයක්! ඒ තමයි මගේ බ්ලොගයේ රිදී ජුබිලිය! ඒ කියන්නේ හිට්ස් 25,000ක් මටත් ලැබිලා!!!!ඔන්න මේකයි කථාව. එක මනුස්සයෙක් ඉන්නවා, මෑන් ට ...