පුද්ගලික ආරක්ෂාවේ අයිතිය හෙවත් ආත්මාරක්ෂාවේ නීතිය... ලාහිරු දහසක් දිලී ........ පුද්ගලික ආරක්ෂාව එහෙමත් නැත්තම් ආත්මාරක්ෂාව කියන දේ සම්බන්ධ නීතිය ගැන යමක් කියන්නයි හදන්නේ. අද රටේ තියෙන වාතාවරණයත් එක්ක බලද්දී නීතිය ගැන ඉගෙනගෙන නම් වැඩක් නෑ, කොහොමහරි අතපය එහාට මෙහාට වනන්න දැනගෙන හිටියානම් ඇති වගේ වුණත් කොයි එකටත් දැනගෙන ඉන්න එක හොඳයි මේ ගැන. සාමාන්‍ය ජනතාවට බලපාන මේ නීතිය කියන රාමුව ඇතුළේ ඉඳන් අපිට කරන්න පුළුවන් දේ සහ බැරි දේ ගැන ...
Laptop හොරු අල්ලමු.... සහ මගේ 100! ලාහිරු දහසක් දිලී ........ අළුත් අවුරුද්දත් කට ළඟටම ඇවිල්ලා නේද... හැබැයි මේ සැරෙ වෙනදාට කෑගහන කොහා නම් ආවෙවත් නැහැ. කොහාට අමතක වෙලාද නැත්තම් කොහා කෑගහනවා අහගෙන ඉන්න අපට වෙලාවක් නැති තරමට අපි කාර්යබහුල වෙලාද මන්දා. දවසින් දවස මිනිස්සු අතේ සල්ලි හිඟවෙන්න පටන් අරන් වගේම බඩු මිලත් රොකට් වේගෙන් ඉහළ යන්න පටන් අරන්. ඒක දැන් පසුගිය අවුරුදු කිහිපයකම ඉඳන් දකින්න ලැබෙන දෙයක් මට නම්. තව ...
ලෝක කාන්තා මහා සම්මේලනය… ලාහිරු දහසක් දිලී ........ ඔන්න එකමත් එක කාලෙක තිබුණලු ලෝක කාන්තා මහා සමුළුවක්… මේක අවුරුද්දක් අවුරුද්දක් ගානේ වරද්දන්නේ නැතිව පවත්වගෙන යන එකක්ලු. මේ කතාවට අදාල සමුළුව නම් පැවැත්වුනේ මේ දවස් වල වැඩිපුරම කතා බහට ලක් වෙන ස්විට්සර්ලන්තේ ජිනීවා නුවරලු… කොහොමින් කොහොම හරි න්‍යාය පත්‍රයට අනුව සමුළුව පටන් අරගෙන ඉස්ඉස්සෙල්ලාම තිබුනේ පසුගිය සමුළු වාරයේදී සම්මත කරගත්ත යෝජනා ක්‍රියාත්මක වීම පිලිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමලු. ඔන්න ඉතිං ...
වලිගය පාගාගෙන ද ඉන්නෙ??? ලාහිරු දහසක් දිලී ........ අපි දෙයක් තේරුම් ගන්නකොට කොයිතරම් නම් සැලකිලිමත් වෙන්නෝනද, අපි එක දවසක් ඇතුළත කොයිතරම් දේවල් නම් අහනවද දකිනවද නේද... අර කියමනකුත් තියෙන්නේ 'කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි' කියලා. අපි අතර කොයිතරම් ඉන්නවාද තම තමන්ගේ පුද්ගලික මතවාද සමාජයේ වපුරන්න හදන අය. තමන් විතරයි හරි, අනිත් අය වැරදියි කියාගෙන. ඒවා සමහර වෙලාවට හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒ දේවල් නිවැරදි නම් ...
සැකයි මට ඔබේ කුමරි බඹසර... ලාහිරු දහසක් දිලී ........ කුමරි බඹසර, ධර්මචර්යාව, නිර්මලත්වය, පත්රව්රතාව, පතිවත, පතිව්රතය, පිරිසිදු බව, බඹසර, බ්‍රහ්මචර්යාව, ශතීත්වය ආදී එකී මෙකී නොකී විවිධාකාර නම් වලින් හඳුන්වන කුමරි බඹසර ගැන තමයි අද මාතෘකාව. ලෝකේ අනිත් රටවල කෙසේ වෙතත් පෙරදිග රටවල විශේෂයෙන් ලංකාවේ නම් හරිම වැදගත් දෙයක් කියලා සලකන දෙයක් තමයි මේ කුමරි බඹසර රැකීම. විවාහය වෙනකල් කුමරි බඹසර ආරක්ෂා කරගත්ත ගැහැණු ළමයෙක් දිහා සමාජය ගෞරවයෙන් බලනවා වගේ ...
BIOS password පරිගණක සොරුන් ගෙන් ඔබ සුරකියි... ලාහිරු දහසක් දිලී ........ සාමාන්‍යයෙන් පරිගණකයකට අනවසර ඇතුළුවිම් පාලනය කරන ප්‍රධාන ක්‍රම දෙකයිනේ තියෙන්නේ.1. Windows Password යෙදීම මඟින්2. BIOS password යෙදීම මඟින්මේකෙන් ගොඩාක් ම ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් වෙන්නේ දෙවෙනියට කිව්ව BIOS password යෙදීමයි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ Windows Password එක ප්‍රමාණවත් ආරක්ෂාවක් අපිට දෙනවා කියලා. ඔව්, හැබැයි සමහර වෙලාවට. ඕන නම් වැඩ දන්න කෙනෙකුට Windows Password එක crack කරනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි ...
Marketing නම් මාකටින්... ලාහිරු දහසක් දිලී ........ දුප්පත් දෙම්ව්පියන් යුවළකගේ පුතෙක් වුණ පුංචි බ්‍රැඩ් ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා ලොකු සමාගමක සේල්ස්මන් ජොබ් එකකට අයැදුම් කළා. රස්සාව ලැබුණේ සමාගමේ ගම්බද පළාතක තිබුණ ශාඛාවකට. ටික කාලයක් ගියා ම බ්‍රැඩ් ගේ වැඩ හොඳ නිසා සමාගමේ නගර ශාඛාවකට මාරු වීමක් ලැබුණා. එහේ වැඩට ගිය මුල් දවසෙම ලොක්කා බ්‍රැඩ් ව කැඳවලා සද්දයක් එහෙම දාලා කිව්වා එයාට බ්‍රැඩ් ගේ හැකියාව චෙක් කරන්නෝන කියලා. "මම ...
Pen එක RAM එකක් කරමු - ReadyBoost ලාහිරු දහසක් දිලී ........ කාලෙකින් ටෙක්නිකල් පෝස්ට් මුකුත් ම ලියන්න බැරිවුණා. මම බ්ලොග් එක පටන් ගත්තෙත් ටෙක්නිකල් මොනාහරි ගැන ලියන්න, ඒත් කම්මැලිකම තමයි ලොකුම හේතුව වෙලා තියෙන්නෙ මම හිතන්නේ. ඒ හින්දා අද හිතුවා ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න පෙන් එක RAM එකක් කරන හැටි කියන්න. ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන් ලොකු, කුඩා, බාල, මහළු, තරුණ, වැඩිහිටි, ළමා ළපටි හැමෝම ළඟ ෆෝන් ...
මැජික් බියර්... ලාහිරු දහසක් දිලී ........ කෙල්ලෙක් තට්ටු බිල්ඩිමක උඩ තට්ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙන හැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්න මෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්.කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?කොල්ලා : මේක මැජික් බියර් එකක්!කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇති ...
බත සපයන නුඹේ සිතත් කුස වාගෙම පිරුණා නම්... ලාහිරු දහසක් දිලී ........ ඊයේ හදිසියේ ම වෙඩිමකට යන්න උණා පොළොන්නරුව පැත්තේ. වෙන කවුරුත් නෙවෙයි නැන්දාගේ පුතා. මෑන් හදිසියේ ම කෝල් එකක් දීලා කිව්වා අහවල් දවසේ බඳිනවා, පුලුවන් නම් එන්න කියලා. හරිනම් මඟුල් කියන ඒවා පිළිවෙලකට වෙන්න ඕන වුණත් ඒ මඟුල නම් ජංජාල ගොඩයි. (ඒ ගැන කියන්න වෙනම පෝස්ට් එකක් ඕන වෙයි වගේ) ඒ යන ගමන් හදිසි වැඩකට හිඟුරක්ගොඩ නගරයට යන්න වුණා. ඒ ගිහින් ...
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය... ලාහිරු දහසක් දිලී ........ සීහ කියන්නේ හරිම දක්ෂ සේනාපතියෙක්. සීහ සේනාපති කිව්ව ම ඒ කාලේ දඹදිව අස්සක් මුල්ලක් නෑර ම දන්නවා. ඒ තරමට ප්‍රසිද්ධයි. ඔන්න දවසක් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා සීහ සේනාපතියා ඉන්න නගරෙට. හැම තැන ම ප්‍රසිද්ධ වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙච්චර කාලෙකට කවුරුවත් නොකියන ධර්මයක් කියලා. ඒ නිසා මිනිස්සු හැම අතින් ම වැළ නොකැඩී ඇදිලා යනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. ඉතින් ...
මගේ පුංචි කුමාරි... හා පැටික්කි ගේ උපන්දින තෑග්ග! ලාහිරු දහසක් දිලී ........ ආදරණීය හා පැටික්කි වෙත, දන්නවද... අදට අපි දෙන්නට අවුරුදු අටක් පිරෙනවා, නවයක් ලබනවා. ඔයාට දැනෙනවද සුදූ ඒක. අවුරුදු අටක් කියන්නේ බබෝ පුංචි කාලයක් නම් නෙවෙයි. මාස, සති, දවස්, පැය, විනාඩි වලින් බැලුවොත් නම් කොයිතරම් ද! මට මතකයි කැම්පස් ආව අළුත යාළුවෝ අහනවා "මචන් උඹේ එෆෙයාර් එකට කොයිතරම් කල් ද? " මම එතකොට කියනවා "ම්ම්ම්... අවුරුදු හයක් හතක් විතර ඇති ...
තව ම සිත දෙගිඩියාවෙන් - වියෝ ගීතය....! ලාහිරු දහසක් දිලී ........ ඔහේ කොණක හිඳබලා හිඳිමි තව ම මමඅහෝ සෙනෙහස බිඳුණු සඳකෙලෙස සිත සනසාගම් ද කියාඅකලට බට මහ වරුසාවක් සේඅසුබ දිනෙක ආ සුබ පැතුමක් සේසොවක් පමණි ඔබ ඉතිරි කළේහැමදා මා හා සෙනෙහසින් වෙලී..පාසැල් මව් තුරුළේ පටන්නුඹ හා බැඳි සොඳුරු ප්රේමයේඅවසානය වෙයි ද හෙටතව ම සිත දෙගිඩියාවෙන්..සමාසිකයකින් මා හැර දමා යනසමාසිකයකින් නැවත මා සොයා එනවිටෙක මෘදු වන විටෙක රළු වනනුඹ විභාගය විභාගය විභාගය ...
ලෝකයේ ලොකු ම බොරුව සහ ගොබෙල්ස් න්‍යාය... ලාහිරු දහසක් දිලී ........ පොඩි බොරුවට වඩා ලොකු බොරුවට පුහුදුන් මිනිසා සැනකින් ගොදුරු වේ. සුළු දේකට වුවද පොඩි බොරු කීමට හැමෝම ප්‍රිය කරති. ලොකු බොරු කීමට කිසිදාක පෙළඹෙන්නේ නැත. වෙනත් කාටවත් ලොකු බොරු නිපදවන්නට ද බැරි බව විශ්වාස කරති. එම නිසා විශාල බොරුවලට ආයුෂ ද බොහෝ වෙයි .....මේ තමයි ගොබෙල්ස්ගේ න්‍යාය පිළිබඳ ව ප්‍රකට ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ නිර්වචනය. බොරු කියන්න හොඳ නෑ කියලා ...
සම්මානය (කෙටිකතාව) ලාහිරු දහසක් දිලී ........ "පුතේ... මෙන්න ලියුමක් ඇවිල්ලා, රතු පාට එකක්. හමුදාවෙන් වෙන්ටැ මයේ හිතේ". ලියුමක්! මට ලියුම් කොහෙන් එන්නද, මම ම දාගත්තොත් මිසක්. මම මට ම කියාගත්තෙමි. ඊයේ රාත්‍රිය පුරා බසයේ පැමිණ නිවසට ළඟා වූයේ අද පාන්දර 5 ට පමණ ය. පැමිණි විගස ම ඇඳුම් ගලවා දමා හුරු පුරුදු සරමට මාරු වුණේ අඩියට දෙකට ළිඳට ගිහින් මුණ කට සෝදා යන්තම් ඇඳට පැනීමටයි. පැය ...
Dating සහ date rape pills.... ලාහිරු දහසක් දිලී ........ ම්ම්ම් ඩේටින්...ඩේටින්! ඩේටින් කියන්නේ මොකක්ද? මේකට හරියන සිංහල වචනයක් නම් හම්බවුණේ නෑ මට. පිටරටවල නම්, ඒ කියන්නේ ගොඩක් වෙලාවට බටහිර රටවලට මේක අළුත් දෙයක් නොවුනට ලංකාවට නම් තරමක් අළුත් වචනයක්. අළුත් කියලා කිව්වට වචනේ විතරයි, ඒකෙන් තියෙන දේවල් නම් ලංකාවේ මිනිස්සු පටන් ගන්න ඇත්තේ සුද්දටත් කලින් වෙන්නෝන...හිච්චි සන්දියේ ඉඳන් එකට වැලිබත් උයලා කෝම්පිට්ටු හැදුව පුංචි වුන් සෙට් එකෙන් ඉබේටම හැලිලා, ...
Dating සහ date rape pills... ලාහිරු දහසක් දිලී ........ ඩේටින්...ඩේටින්! ඩේටින් කියන්නේ මොකක්ද? මේකට හරියන සිංහල වචනයක් නම් හම්බවුණේ නෑ මට. පිටරටවල නම්, ඒ කියන්නේ ගොඩක් වෙලාවට බටහිර රටවලට මේක අළුත් දෙයක් නොවුනට ලංකාවට නම් තරමක් අළුත් වචනයක්. අළුත් කියලා කිව්වට වචනේ විතරයි, ඒකෙන් තියෙන දේවල් නම් ලංකාවේ මිනිස්සු පටන් ගන්න ඇත්තේ සුද්දටත් කලින් වෙන්නෝන...හිච්චි සන්දියේ ඉඳන් එකට වැලිබත් උයලා කෝම්පිට්ටු හැදුව පුංචි වුන් සෙට් එකෙන් ඉබේටම හැලිලා, සිරිපාලගේ ...
අපි නොදන්න EPF -2 ලාහිරු දහසක් දිලී ........ කලින් සතියෙ අපි කියෙව්වේ EPF ගැන නේ. අද මේ කියන්න යන්නේ ETF ගැන. කලින් පෝස්ට් එක බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලලා ම එන්නකෝ, ඒක තවත් උදව්වක් වෙයි මේ ටික කියවගෙන යද්දි. කලින් පෝස්ට් එක ගොඩක් අය කියවලත් තිබුණා වගේ ම අදහස් දක්වලත් තිබුණා, ස්තූතියි ඒ හැමෝටම! අද කොටසත් කියවන්නකෝ එහෙනම්...2. ETF (Employee's Trust Fund) සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලETF (Employee's Trust ...
මාර වැඩ කරන මාරයා... ලාහිරු දහසක් දිලී ........ අපිට මාර සීන් එකනේ වුණේ, ඒක නම් මාර වටිනවා, අද මාර කේස් එකක්නේ වැටුණේ, එද්දි මාර වැඩක් වුණානේ, ඌ මාර ගැහිල්ලක්නේ ගහන්නේ, මාර නෝන්ඩියක්නේ වුණේ, ඒ යකා මාර මිනිහෙක් නේ, මාර කෑමක් තමයි කෑවේ... වගේ මාර වචන ගොඩක් තියෙනවා මාරයා ගැන. හැබැයි කවුරුවත් වරදවා තේරුම් ගන්න එපා මේ කියන්න යන්නේ උතුරු පළාතේ බයිසි මොටෝවෙන් කරක් ගහන, මාරයාගේ හෝරාව ලියන මාරයා ...
අපි නොදන්න EPF...! ලාහිරු දහසක් දිලී ........ ගොඩක් දෙනා වැටුප අඩු වුණත් රජයේ සේවයට කැමති වෙන්නේ විශ්‍රාම ගත්තට පස්සේ ලැබෙන පැන්සොන් එක නිසානේ. ඒ වුණත් හැමෝටම රජයේ සේවයට එකතු වෙන්න වාසනාව නෑ කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ. රජයේ සේවයට එන්න ඉස්සර නම් ඕන වුණේ බුද්ධිමත්/උගත්කමයි, හැකියාවයි තමයි, ඒත් ලංකාව දියුණු වෙන්න වෙන්න ඒකට තවත් දේවල් එකතු වෙලා තියෙන බව පේනවා. දේසපාලුවන් ට කඩේ යෑමේ හැකියාව, සල්ලි ...