ලණු කෑවද ? sms යැව්වද.... ලාහිරු දහසක් දිලී ........ දවසින් දවස හරි ඉක්මනට වෙනස් වෙන ලෝකෙ හැමදාම වගේ එක එක විදියෙ විවිධාකාර දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවානේ. මේත් ඒ විදියේ මිතුරන් කිහිප දෙනෙක් ගෙන් ම මට ආව sms එකක්. සිංග්ලිෂ් වලින් තිබුණෙ, මම සිංහලට පරිවර්තනය කළා. ඔන්න මෙහෙමයි තිබුණේ... [(පූජ්‍ය කොළොන්නාවේ සුමංගල හිමි ) "බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ සත්‍යයි". මේ උතුම් සත්‍යයේ බලයෙන් ඔබගේ හැම දුක් කරදරයක් ...
කෙනෙකුට වෙන්න පුළුවන් නම් __________ වගේ..... ලාහිරු දහසක් දිලී ........ පුංචි ම පුංචි බිළිඳියක්, දැරියක්, යුවතියක්, බිරිඳක්, මවක් වගේ එක එක විදියේ කඩයිම් කාන්තාවක් විසින් පසුකරනවා තමන් ගේ ජීවිත කාලයේ දී. සාමාන්‍යයෙන් අපි ජිවිතේ මුල් ම කාන්තාව විදියට සමීප ව දැනහඳුනාගන්නේ අපේ අම්මා ව. ඊට පස්සේ සොයුරියන්, මිතුරියන් වගේ එක එක කාන්තා චරිත අපිට අපේ ජීවිතයෙදි හම්බවෙනවා. හැබැයි අපි මොහොතකටවත් හිතුවෙ නැහැ නේද ශ්‍රේෂ්ඨ කාන්තාවක් කියන්නෙ කවුද කියලා. විවාදයක් නැහැ ...
මහින්ද චින්තනය තුළ රජයේ සේවකයා ශක්තිමත් කර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වාගේම සේවා තත්ත්වය වර්ධනය කිරීමටත්... ලාහිරු දහසක් දිලී ........ පහුගිය ටිකේ මේ ගැන මොනවහරි ලියන්න ඕන කියලා හිතුවත් දවසින් දවස කල් ගියා මේ ගැන ලියන එක. රාජ් අයියා ලියලා තිබුණ සටහන කියෙව්ව ම මටත් හිතුණා ඔය සම්බන්ධයෙන් මම දන්න සිද්ධි දෙකකුත් ලියලා දාන්න. රාජ්‍ය සේවය සහ දේශපාලනය අතර තියෙන සම්බන්ධය මොනවගේ එකක්ද කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පහුගිය දශක කිහිපය ඇතුළත ඒක කොයි විදියටද ගරා වැටුණේ, ඒ ගරා ...
කාලයේ වැලි තලාවෙන් වැසී ගිය උතුම් මැණික... ලාහිරු දහසක් දිලී ........ සාමාන්‍යයෙන් අපි කවුරුත් නිතර කතා කරන්නේ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතයේ ලෙඩ රෝග සුවපත් කිරීම ගැනනේ. රැකියාවක් වෙනුවෙන් අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් සතුටක්/ ආශ්වාදයක් ලැබීම ආදී දේ ගැන තමයි අපි සාමාන්‍යයෙන් ජීවිත කාලය ඇතුළත මහන්සි වෙන්නෙ. ඒ අය අතරට මේ කියවන ඔබත් ලියන මමත් අඩුවැඩි විදියට ඇතුළත්. කෙටියෙන් ම ...
එක හිත නැති මගේ හිතත්... ලාහිරු දහසක් දිලී ........ අපිට කිසිම දෙයක් ගැන එක හිතක් නැත්තම් මොකද වෙන්නෙ? හිත ඔහේ ඈතට ඈතට පාවෙලා යාවි නේද? විසිරිලා වල්මත් වුණ හිතට කවදාවත් හරියට වැඩක් කරන්න පුළුවන්කමක් නැහැනේ. එහෙම හිත අයාලෙ යන්න පුරුදු වුණොත් ලේසි දෙයක් නෙවෙයි ආයෙමත් එක තැනකට ගන්න ක. ඒ කියන්නෙ මොන ම දෙයක් ගැනවත් ස්ථිර අධිෂ්ඨානයක් නැත්තම් කිසි ම දෙයක් හරියට කරගන්න බැහැ. උදාහරණයක් විදියට එක්සෑම් එකට පාඩම් ...
සුප්‍රසිද්ධ වර්ණපාල තියරිය... ලාහිරු දහසක් දිලී ........ සාමාන්යෙන් කැම්පස් ඉන්න, හිටපු අය නම් මේ ගැන හොඳටම දන්නවා, සමහරු නම් පාවිච්චි කරලත් ඇති. කැම්පස් නොයන, නොගිය හරි යන්න බලාගෙන ඉන්න අයට දැනගන්නත් එක්කලා වර්ණපාල තියරිය කියන්නයි මේ හදන්නේ. මේ වර්ණපාල තියරියේ ඇත්තටම ප්‍රධාන චරිතය තමයි හිටපු උසස් අධ්‍යාපන ඇමති මහාචාර්ය විශ්වා වර්ණපාල මහත්තයා. ඒ කියන්නෙ මේක ඇත්තටම සිද්ධ වුණ දෙයක් හොඳද. ළඟදි දවසක පත්තරේක එතුමත් එක්ක තිබුණු සාකච්ඡාවක් ...
සුදු නෙළුම කෝ... ( කෙටිකතාව ) ලාහිරු දහසක් දිලී ........ "මහත්තයෝ බහින්න, මෙතනින් බැහැලා අර පේන පාර දිගේ කිලෝමීටර් දෙකක් විතර ගියා ම ඔය කියන ඉස්කෝලෙ හම්බවෙනවා. පයින් තමයි යන්න වෙන්නේ. හැබැයි අත් ට්‍රැක්ටරයක් කාරිය මුලිච්චි වුණොත් නම් මහත්තයා ව දාගෙන යාවි" සීනුව නාද කළ කාරුණික කොන්දොස්තර මහතාගේ හඬින් නිදි ලොවින් පියවි ලොවට වන් මා වහා ගමන් මළු එකතු කරගන්නට යුහුසුලු වීමි. කොන්දොස්තර මහතාගේ සහයෙන් බිමට බට සැණෙකින් බසය මා ...
සැමියෙකු ලබනට වරම් නොලද්දී.... ලාහිරු දහසක් දිලී ........ මේ ලෝකෙ ඉපදෙන හැම ගෑණු ළමයෙක් ම පුංචි කාලෙ ඉඳන් ම සිහින මවන්නෙ ලස්සන අනාගතයකට. චූටි ම කාලෙ බෝනික්කොත් එක්ක සෙල්ලම් කරනවා, කවනවා, පොවනවා, නාවනවා. තව ටිකක් ලොකු වෙද්දි සෙල්ලම් ගෙවල් හදලා ඒකේ අම්මා වෙනවා. තවත් ටිකක් තේරෙන වයසට එද්දි නිදාගන්නෙත් හුරතල් ටෙඩියෙක් තුරුළු කරගෙන. වයසින් වැඩෙද්දි ඒ හීන ලෝකේ පුළුල් වෙලා හීන මවන්නේ ලස්සන විවාහයකට, යහපත් සැමියෙකුට, නිරෝගී දරු ...
භික්ෂුව සහ දේශපාලනය.... ලාහිරු දහසක් දිලී ........ පසුගිය දවසක එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට ගේන්න සූදානම් වෙන පූජ්‍ය පක්ෂයට දේශපාලනය තහනම් කරන අදහස ගැන සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණා නේ. මේකෙන් ගොඩක් ම කලබල වෙලා තියෙන්නෙ ධර්ම රාජ්‍ය සංකල්පයෙන් දේශපාලනයට පිවිසුණ ජාතික හෙළ උරුමයනේ. ඒ අය රට පුරා අදහස් විමසමින් සහ ජනතාව දැනුවත් කරමින් යනවා කියලා පත්තර වලත් තිබුණා. ඇත්තටම භික්ෂූන් වහන්සේලා ...
නැනෝ තත්පරේට වෙලාව කියන පරමාණුක ඔරලෝසු... ලාහිරු දහසක් දිලී ........ මොනවද මේ පරමාණුක ඔරලෝසු එහෙමත් නැත්තම් Atomic Clocks කියලා කියන්නෙ? ඒ ගැන කතාකරන්න කලින්, ඔරලෝසු ගැන කිව්වම මතක්වෙනවනේ නොයෙක් ජාතියෙ ඒවා නේද? අතේ බඳින ඒවා, බිත්තියෙ එල්ලන ඒවා, වයින් කරන ඒවා, බැටරි තියෙන ඒවා, එලාම් ඔරලෝසු, ඔරලෝසු කණු වල තියෙන විශාල ප්‍රමාණයේ ඒවා... වගේ. හැමෝටම මතක ඇතිනේද ඉස්සර පරණ ගෙවල් වල තිබුණා බට්ටා ඔරලෝසු. අර හැම පැයකටම සැරයක් කෑගහන්නෙ. ඒවායේ ...
Windows 7/ Vista/ XP Genuine කරගන්න... ලාහිරු දහසක් දිලී ........ Windows 8 Beta version එකත් ඇවිල්ලා තියෙන කාලෙක අහවල් දේකට Win 7/Vista/XP ගැන කියනවද මන්දා කියලා ඔයාලට හිතෙනවා ඇති නේද? ඒත් සමහරු ඉන්නවනේ කොයිතරම් අළුත් ඒවා ආවත් පරණ OS එක දාලා යන්න අකමැති අය. උදාහරණයක් විදියට Microsoft සමාගමේ මෙතෙක් බිහි වුණ හොඳම OS එක විදියට ගොඩක් දෙනා සලකන්නේ Windows XP. ඒකට විවිධ හේතු තියෙනවා. Win XP ගොඩක් stable සහ reliable ...
වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා -02 ලාහිරු දහසක් දිලී ........ වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා -01මහනුවර රාජධානියේ ඇදවැටීම සනිටුහන් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වැරදීමකින් වගේ රජවුණ හැටි කියන කතාවේ දෙවෙනි කොටස තමයි මේ. කලින් කොටස කියෙව්ව නැති කවුරුහරි ඉන්නවානම් උඩින් තියෙන සබැඳියෙන් ගිහින් කියවලා ම එන්න. ශූර වීර කපටි බුද්ධියකින් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වුණ මහාධිකාරම, රජතුමා තමන්ට ඇටවූ උගුල ආපසු රජතුමාට කරකවන්න සමත් වුණේ මෙහෙමයි. කන්නසාමි කුමාරයා ...
වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා -02 ලාහිරු දහසක් දිලී ........ වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා -01මහනුවර රාජධානියේ ඇදවැටීම සනිටුහන් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වැරදීමකින් වගේ රජවුණ හැටි කියන කතාවේ දෙවෙනි කොටස තමයි මේ. කලින් කොටස කියෙව්ව නැති කවුරුහරි ඉන්නවානම් උඩින් තියෙන සබැඳියෙන් ගිහින් කියවලා ම එන්න. ශූර වීර කපටි බුද්ධියකින් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වුණ මහාධිකාරම, රජතුමා තමන්ට ඇටවූ උගුල ආපසු රජතුමාට කරකවන්න සමත් වුණේ මෙහෙමයි. කන්නසාමි කුමාරයා ...
වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා (18+) ලාහිරු දහසක් දිලී ........ කනා චාන්ස් එකකින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජවුණ හැටි කියන්නයි යන්නේ මේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ව රජ වෙන්න කලින් හැඳින්වූයේ කන්නසාමි කුමාරයා විදියටයි. ඒ දවස්වල හිටිය මිනිස්සු තියා කන්නසාමි කුමාරයා වත් හිතුවෙ නැහැ කවදාවත් ඔහුට රජකමට පත්වෙන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව කන්නසාමි කුමාරයාට රජකමට ළඟින් යන්න තරම්වත් උරුමයක් නොතිබුණ එකයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ට කලින් රජවෙලා හිටියේ ...
පව් කරන හැමෝ ම දුක් විඳිනව ද? ලාහිරු දහසක් දිලී ........ ‘පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?’, කියල ඇහුවොත් සමහර කෙනෙක් කියයි, “අපෝ නැහැ ඔය ඕන තරම් ඉන්නේ පව් කර කර සැප විඳින අය...” කියලා.. බොහෝ විට ඒ අය ඒ දේ කියන්නේ මේ ජීවිතයේ පින් පව් වල විපාක නැහැ කියන අදහසේ පිහිටල වගේ ම, මේ ජීවිතය ගැන විතරක් කල්පනා කරල යි. ඒ විදියට පව් කම් කරමින් මේ ජීවිතය තුළ සැප ...
දිරිය යුවතිය ඈ... ලාහිරු දහසක් දිලී ........ අද ඔන්න කතාවක් කියන්නයි යන්නේ. මේක ඇත්ත ම සත්‍ය කතාවක්. කතාව කියවලා ඔයාලට හිතෙන දෙයක් ඒ විදියටම කියලා යන්නත් අමතක කරන්නෙපා කියලා මුලින් ම කියනවා ඔන්න. ඒ අක්කගේ නම ගීතිකා. අයියාගේ නම සුනෙත් කියමුකෝ. ගීතිකා අක්කා හිටියෙ, අපේ ගෙවල් වලට ප්‍රධාන පාරෙන් හැරෙන පාරෙ පළවෙනි ගෙදර. ඒ අක්කට ලස්සන දිග කොණ්ඩයක් වගේ ම සැරයක් දැක්කොත් ආයේ හැරිලා බලන්න තරම් ප්‍රියමනාප ...
ඇස නොගැටුණු පාරාදීසය - පහන්තුඩාව... ලාහිරු දහසක් දිලී ........ මේ සතියෙ ගෙදර නොගිහින් කැම්පස් එකේ ඉන්නවා කියලා තීරණය කළත් එකා දෙන්නා ගෙදර යනවා දකිද්දි හිතට නම් ටිකක් විතර දුකයි, ඒ වුණත් ඉතින් තව කැම්පස් එකේ කියලා ඉන්න තියෙන්නෙ මාස තුනකටත් අඩු කාලයක් විතරයි. අන්තිමට ඉතුරු වුණේ අපි හතර පස් දෙනක් විතරයි හොස්ටල් එකේ ම. ඒ දුකටත් එක්ක අපි කස්ටිය කතා වුණා කොහෙහරි ඇවිදින්න යමු කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ...
අන්දරේ බිරිඳට කියූ කවි.... ලාහිරු දහසක් දිලී ........ ලොකු කුඩා භේදයකින් තොරව අපි කවුරුත් ආදරය කරන චරිතයක් තමයි අන්දරේ කියන්නෙ. අන්දරේ රජවාසල කවටයා කියලා හැමෝම දන්නවනෙ ඉතින්. අන්දරේ ගොනා වගේ හිටිය හැටි, සීනී කෑව හැටි අපි ඇහුවේ පොඩි කාලෙනේ. ඒ වගේ ම ඔයාලා දන්නවා ඇති අන්දරේ දක්ෂ කවියෙක් බවත්. ඒ කවො ගොඩක් අහලා තිබුණට සමහර වෙලාවට හම්බවෙනවා අහලා නැති ඒවත්. බලන්නකෝ ඔයාලත් මේවා අහලා තියෙනවද කියලා.දවසක් අන්දරේ සිය ...
අඟේ ඉඳන් කන කපනා, මිතුරු වෙසින් වළ කපනා යාළුවෝ... ලාහිරු දහසක් දිලී ........ සමහරු අහනවා ඔයාට මාව විශ්වාසයි ද? නැත්තම් සැකයිද කියලා... තවත් අය කියනවා මට මුළු ලෝකෙටම වඩා ඔයාව විශ්වාසයි කියලා. ඔයාට මේ මුළු ලෝකෙ ම නැතිවුණත් මම ඉන්නවා කියලත් කියන වෙලාවල් එහෙමත් තියෙනවනෙ. එහෙමත් නොකියන අය මෙහෙම කියනවා. මට ඔය කවුරු නැතිවුණත් මට මාව විශ්වාසයි කියලා. ඇත්තටම එහෙම කිව්වට අපිට අපිව විශ්වාස කරන්න පුළුවන්ද? ටිකක් නිවී සැනසිල්ලෙ හිතලා බලන්නකෝ මේ කියන ...
අනේ... අතිගරු ජනාධිපතිතුමනි, දුරු රට යන්න එපා! ලාහිරු දහසක් දිලී ........ අපේ ජනාධිපතිතුමා පහුගිය දොහේ කොරියාවට ගියේය. ඒ සසිරි බර කොරියාවෙන් මෙරටට සිරියාව ගෙනෙන්නට විය යුතු ය. නමුත් කොරියාවට කිව්වාට ඒ දකුණු කොරියාවට මිසක උතුරු කොරියාවට නොවේය. උතුරු කොරියාවට ගිහින් ඇමරිකාව තරහා කරගන්නට එතුමා අකමැති නිසා එහෙම නොයන්නට ඇති කියලයි මට හිතෙන්නේ. නමුත් ඇමරිකාව ද ඔය කියනා තරම් ඉක්මනට අප හා කේන්ති ගනීවී යැයි සිතන්නට ද අමාරු ය. ඒ මන්ද යත් ...