සිහිනෙන් පෙනෙනා නෑදෑයෝ... ලාහිරු දහසක් දිලී ........ කෙනෙක් මැරුණ ම එයාට මොනවද වෙන්නෙ කියලා කලින් සටහනේදි කිව්වනේ. දැන් කියන්න හදන්නේ ඒ කෙනා වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා කියන්නයි. සාමාන්‍යයෙන් මියගිය ඥාතීන් ගැන කියද්දි, ඒ ගැන සමාජයේ මිනිස්සු අතර විවිධ මත තියෙනවා.ඒ අතරින් මිථ්‍යා අදහසුත් නැතුවා ම නෙවෙයි. මේ ඒවයින් කිහිපයක්. ඥාතියෙක් මියගියොත් ඒ මියගිය දවසේ ඉඳන් ඔහු හෝ ඇය දවස් 07 ක් යනකල් පින් බලාපොරොත්තුවෙන් නිවසේ ...
මැරුණට පස්සෙ අහසේ පාවි පාවි ඉන්න පුළුවන් කාටද ??? ලාහිරු දහසක් දිලී ........ කෙනෙක් මැරුණට පස්සේ ඇත්තට ම එයාට මොකද වෙන්නෙ? ඇත්තටම ඒ කෙනා ආයෙ ඉපදෙනවද? නැත්තම් ආයෙ ඉපදෙන්නෙ නැද්ද? ඉපදෙන්න තැනක් ලැබෙනකල් අහසේ පාවි පාවි ඉන්නවද? එහෙමත් නැත්තම් මොනවත් ම වෙන්නෙ නැද්ද ? මේ ගැන එක එක අයගේ තියෙන අදහස් විවිධාකාරයි. ගොඩක් අය හිතන දෙයක් තමයි මැරුණට පස්සේ සිරුරෙන් ආත්මය අයින් වෙලා ගිහින් අවකාශයට වෙලා පාවෙමින් ඉන්නවා අන්තරාභවයක ආයෙත් ඉපදීමක් බලාපොරොත්තුවෙන් ගන්ධබ්බයෙක් ...
ඇසිල්ලකින් කාන්තාවක් වුණ සොරෙය්‍ය සිටුවරයා... ලාහිරු දහසක් දිලී ........ කර්ම විපාක කියලා කියන්නෙ අපි හැමෝටම භේදයකින් තොරව ම අපි කරන කියන හිතන දේවලට අනුව අත්විඳින්න වෙන දෙයක්නේ. ඒක බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලා ට පවා පොදු වුණ දෙයක්. අපි කරන හොඳ වැඩ වලට පින් එකතු වෙනවා වගේ ම නරක දේවලට ඒ හා සමානව ම පව් ත් රැස්වෙනවා. අපි කලින් ආත්ම වල කරලා තියෙන පින් බලවත් වෙලා තියෙන තරමට පව් වල ...
මගේ හිත ඔයා ලඟ ද මං ලඟද...? ලාහිරු දහසක් දිලී ........ මේ වගෙ දෙයක් ගැන ලියන්න ඕනේ කියලා ගොඩාක් දවස් හිතාගෙන හිටියට එක එක කරුණු නිසා ඒක කල් ගියා. අද නම් මේ ආදරණිය හිත ගැන ලියනවාමයි කියලා හිතාගත්ත නිසාම කොහොමහරි සටහන ලියාගන්න පුලුවන් වුනා. බුද්ධියට වඩා හැඟීම් වලට මුල් තැන දෙන සමාජයක් ඇතුලේ හිත ගැන ගොඩාක් අර්ථ දැක්වීම් අපිට දකින්න පුලුවන් ටිකක් ඇස් කන් ඇරගෙන හිටියොත් එහෙම....! මේ ගැන ගොඩක් දෙනෙකුට ...
මිලින්ද රජු පැරදවූ නාගසේන හාමුදුරුවෝ -2 ලාහිරු දහසක් දිලී ........ කලින් සතියෙ සටහන ඉවර කළේ ග්‍රීක රජ කෙනෙක් වුණ මෙනැන්ඩර් හෙවත් මිලින්ද රජතුමා සහ සාගල නුවර රාජධානිය ගැන විස්තරයෙන් නේ. මේ දෙන්නා අතර මේ විදියට වාදයක් ඇතිවෙන්න පෙර කර්මයක් බලපෑව හැටි ගැන අපූරු කථාවකුත් තියෙනවා. හැබැයි ඒ කථාව දැනගන්න නම් මේ සටහන අන්තිම වෙනකල් ම කියවන්න වෙනවා. නාගසේන හාමුදුරුවෝ ක්‍රි.පූ 150 දී විතර හිමාල පර්වතය අසල කජංගල කියන බමුණු ග්‍රාමයේ ...
මිලින්ද රජු පැරදවූ නාගසේන හාමුදුරුවෝ.... ලාහිරු දහසක් දිලී ........ මිලින්ද-නාගසේන ප්රශ්නය කියන කතාව තමයි අද කියන්න යන්නේ. මේක බොහෝම ඵෛතිහාසික ප්‍රසිද්ධ කතාවක්. මෙතනදි නාගසේන කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේ නමක්. මිලින්ද කියලා හඳුන්වන්නේ රජකෙනෙක් ව. මිලින්ද රජතුමා ගැන විස්තර කරද්දි මෞර්ය රාජ වංශයේ ධර්මාශෝක රජතුමා ත් සම්බන්ධ වෙනවා. ධර්මාශෝක රජතුමාගේ පියා තමයි බින්දුසාර රජතුමා. බින්දුසාර රජතුමාගේ පියා තමයි චන්ද්‍රගුප්ත රජතුමා. මේ චන්ද්‍රගුප්ත රජතුමා මෞර්ය රාජ වංශය ආරම්භ කරමින් ක්‍රි.පූ 321 ...
නගර අසූහතරදාහක් අතරේ වහළෙන් වහළෙට පැන පැන යන කුකුළෙක්... ලාහිරු දහසක් දිලී ........ කලින් සටහනේ නැවැත්තුවේ, ලෝකයේ හිටිය බොහෝ දෙනා එකිනෙකා මරාගෙන විනාශ වුණ තැනින් නේ. අම්මා පුතා ව වත් පුතා අම්මාව වත්, තාත්තා දුවව වත් දුව තාත්තව වත් අඳුරාගන්නෙ නැතුව එකිනෙකා මරාගන්න එක කොයිතරම් නම් ශෝචනීය දෙයක් ද? කොහොම වුණත් ඒ දේවල් අනාගතයේ දි සිද්ධ වේවි කියලා හිතෙනවා දැන අහන දකින දේවල් වලින් පවා. ඒත් ඒ දේවල් සිදුවෙන එක නවත්වන්න කාටවත් බැහැනේ. ...
අවුරුදු පහෙන් විවාහ වෙන ගෑණු ළමයි... ලාහිරු දහසක් දිලී ........ කලින් සටහනේ දි දැනගත්තනේ කොහොමද මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 ඉඳන් අවුරුදු 1000 කට අඩුවුණේ කියලා. සොරකම් කරන්න පටන් අරන්, ප්‍රාණඝාතය කරලා ඒවයින් බේරෙන්න බොරු කියලා, කේලාම් කියලා වගේ එක එක විදියේ පව් වැඩ කරලා තමයි ඒ විදියට ආයුෂ අඩු වුණේ. හැබැයි ඉතින් මේක ක්ෂණික ව සිදුවුණ දෙයක් නම් නෙවෙයි, අවුරුදු කෝටි ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් වුණ දෙයක්. එහෙනම් අද කියන්න යන්නේ ...
සොරකම් කරන්න කරන්න ධනය දෙන රජතුමා...! ලාහිරු දහසක් දිලී ........ ලෝකයේ ඉන්න ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි පරලොවක් තියෙනවද නැද්ද, අපි කරන කියන දේවල් වල විපාක තියෙනවද, මරණයෙන් පස්සෙ අපිට මොකද වෙන්නෙ කියන එක. එහෙම වෙනවා නම් කෝ ඒවට සාක්ෂි? මේ ප්රශ්නය ම ඒ කාලේ හිටිය පායාසි කියන උප රජතුමාටත් ඇතිවුණා. ඒ ගැන විමසුවා ම කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ අපූරු උපමාවක් කියනවා. අපරාධ කළ කෙනෙක් රාජපුරුෂයන්ට අහුවෙලා රජතුමා හිසා ගසා ...
මොළයට පොඩි ව්‍යායාමයක්! පරෙවි කතා, කාර් කතා ඇතුළු තවත් කතා.... ලාහිරු දහසක් දිලී ........ මේ ඊයේ පෙරේදා දවසක මට තිබුණා පොඩි IQ ජාතියේ ටෙස්ට් එකක්. ඒකේ ප්‍රතිඵල නම් එද්දි තව සතියක් විතර යයි. ඉතින් මේ අපූරු වීක් එන්ඩ් එකේ මොළයට පොඩි ව්‍යායාමයකටත් එක්ක, (ඔන්න මොළේට වද දෙන්න කැමති නෑ කියන්න බෑ...) මේ කතන්දර ටික කියවන්නකෝ. කියවලා කියවලා කියවලා හිතලා හිතලා හිතලා අසා ඇති ප්‍රශ්නයට පිළිතුරු සපයන්න එහෙනම්..ප්‍රශ්න අංක එකඔන්න පරෙවියො ඇතිකරන මනුස්සයෙක් ඉන්නවා. ඔය ...
අම්මට කොයිතරම් ආදරේද...? හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා! ලාහිරු දහසක් දිලී ........ ඇත්තට ම අපි අම්මට, තාත්තට (අප්පච්චිට) කොයිතරම් ආදරෙයිද? අපේ හිතේ ඒ දෙන්නා ගැන තියෙන ආදරය, ගෞරවය ගැන කෙළවරක් අපිට හිතාගන්න බැහැ. අපි මව්කුසට ආව දවසේ ඉඳලා, අපි මේ ලෝකෙ එළිය දකිනකල් ම අම්මා කොයිතරම් පරෙස්සම් වෙනවා ඇතිද? අප්පච්චි, අම්ම ව කොයිතරම් පරෙස්සම් කරනවා ඇතිද? අපි ඉපදුනාට පස්සෙ ලස්සන මලක් පරෙස්සම් කරනවා වගේ, අඩුම තරමේ මැස්සෙක්, මදුරුවෙක් වත් ඇඟේ වහන්නෙ නැතිවෙන්න ...
අහසින් යන ඇතෙක් සහ අශ්වයෙක් ! සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද -2 ලාහිරු දහසක් දිලී ........ කලින් සටහන බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලලා ම එන්නකෝ. අද ඉතුරු මාණික්‍යරත්නයන් ගැන විස්තර කියන්න කලින් පුංචි කතාවක් කියන්නයි යන්නෙ. දවසක් ගෞතම බුදුරජාණන් වහන්සේ යි අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේයි පා ගමනින් වඩිද්දි බුදුරජාණන් වහන්සේ එක තැනක නතර වෙලා පාර හරහට යන කඩි රැලක් දැකලා මෙහෙම කියනවා. "ආනන්දය මේ කඩි රැළේ කඩි අතරින් පෙර භවයක සක්විති රජ බවට පත් නොවුණු ...
සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද? ලාහිරු දහසක් දිලී ........ ඒ කාලේ දඹදිව තිබුණ රජ සිරිත තමයි අළුතින් කුමාරයෙක්/ කුමරියක් ඉපදිලා ටික දවසකින් උත්සවයක් පවත්වන එක නමක් තියන්න. ඒකට ආරාධනා ලැබෙන්නෙත් බොහෝ උගත් වියත් බ්රාහ්මණයන්ටයි. ඉතින් බෝසතාණන් වහන්සේත් තව්තිසාවෙන් චුත වෙලා මහා මායා දේවියගේ කුසින් ඉපදුණාට පස්සෙ සුද්ධෝදන පිය රජතුමාත් කුමාරයාට නමක් තියන්න උත්සවයක් සූදානම් කළා. මේ උත්සවයට බ්‍රාහ්මණයන් 108 දෙනෙක් ඇවිත් හිටියා. මේ හැමෝම කුමාරයාගෙ අංග ලක්ෂණ පරීක්ෂා කරලා ...
කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්... ? ලාහිරු දහසක් දිලී ........ සිතක සංකල්පනා ලියන මධුරංග ට වගේ ම මටත් මේ දවස් වල ස්ට්‍රෙස් එක ටිකක් තියෙනවා. ඒකට හේතුව දැනට කරගෙන යන ප්‍රොජෙක්ට් එක, ඉවර වෙන්න ළඟ හින්දා. අන්තිම හරිය කොහොමද කරන්නෝන කියලා සෙනඟ පිරුණු බස් එකේ ඉඳගෙන කල්පනා කරමින් යද්දි මගේ දැහැන බිඳුණේ බස් එකේ දාලා තිබුණ රේඩියෝවේ අයියා කියෙව්ව එක පත්තර සිරස්තලයක් ඇහිලා. ඒක අහලා ලොකු කළකිරීමක් ඇතිවුණා අපි වගේ ...
ගමේ ඉඳන් කොළඹ ආව අහිංසකයා … ලාහිරු දහසක් දිලී ........ Using කොළඹ කෙල්ලො ;ඇස් කරකවයි ඇස් කොණින් බලයි ඇස් ලොකු කරයි හොරැහිනුත් බලයි ඇස් පියවමින් සැරින් සැරේ අහක බලයිඒ මදිවාට දොර කවුළුවෙන් එළිය බලයිඅහුවෙන්නෑ මං අහුවෙන්නෑ....බසයේ බිම ඉරි අඳියිබොරු කැස්සකුත් තිබෙයිසැරින් සැරේ පා විහිදයිසුසුම් හෙලයි තොල් පෙරළයිඅහුවෙන්නෑ මං අහුවෙන්නෑ....බඩ අල්ලයි සාරිය ද හදයිසමහරු බ්ලව්සය ද හදයිඒ අතරින් නාභිය දක්වයිතව එක එක දේ පෙන්නයිඅහුවෙන්නෑ මං අහුවෙන්නෑ...බොරු ලැජ්ජාවක් පෙන්නයිඒ අස්සෙම ඉඟ පද්දයි ...
ෆන් එක නිරතුරු මතකෙට එන්නෙ- නොදැනිම වයසත් ගෙවිලා යන්නේ..... ලාහිරු දහසක් දිලී ........ ගොඩාක් පින් කරලා දිව්‍ය ලෝකයේ ඉපදුනු දිව්‍යාංගනාවක් තවත් දෙවියකු සමගින් කල් යවමින් ඉද්දී එක දවසක් උදේ ඒ දිව්‍යාංගනාව ආයුෂ අවසන් වෙලා දිව්‍ය ලෝකයෙන් චුත වුණා. ඒක නොදන්න දිව්‍ය පුත්‍රයා උදේ වරුව තිස්සෙ ඇයව හෙව්වා. ඒ අතර කාලයේදි ඒ දිව්‍යාංගනාව මිනිස් ලොව කාන්තාවක් විදියට ඉපදිලා විවාහ වෙලා දරුවෝ කිහිපදෙනෙකුත් බිහි කරලා නැවතත් ගොඩාක් පින්දහම් කරලා වසර හැත්තෑ ගණනක් ආයුෂ විඳලා පෙර ...
ලැබෙන Email, Desktop එකට ම ගෙන්නා ගන්න... (Gmail) ලාහිරු දහසක් දිලී ........ Google සමාගමෙන් නොමිලේ ලබාදෙන, අපි හැමෝම වගේ පාවිච්චි කරන දෙයක් තමයි Gmail කියන්නෙ. Hotmail සහ Yahoo වගේ නොමිලේ සේවාවන් ලබාදෙන්නන් අතරින් Google සමාගම ඉන්නේ ප්‍රමුඛතම ස්ථානයේ. එහෙම හැමෝම අතරේ ජනප්‍රිය වෙන්න හේතුව ඔවුන් ලබාදෙන සේවාවේ තියෙන ගුණාත්මක බව නිසා වෙන්නෝන. කාලෙකින් ටෙක්නිකල් සම්බන්ධ දෙයක් ලියන්නත් බැරිවුණ නිසා ම අද කියන්න යන්නෙ කොහොමද ඊමේල් පණිවුඩයක් ඩෙස්ක්ටොප් එකට නොටිෆිකේෂන් එකක් විදියට ගෙන්නාගන්නේ ...
පසේබුදුවරුන් ගැන සිත පහදා ගන්නේ.... ලාහිරු දහසක් දිලී ........ බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නෙත් උතුම් වූ රහතන් වහන්සේ කෙනෙක්. නමුත් යම් යම් කාරණා වලින් බුදු කෙනෙක් රහතන් වහන්සේ නමකගෙන් වෙනස් වෙනවා. ඒ එක කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ සතුව පවතින විස්මිත ඥාණ සමුදාය. ඒ එක ඥාණයක් තමයි අනාවරණ ඥාණය කියන්නෙ. අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඥාණයක් කියනවා කියන එක තමයි එයින් අදහස් වෙන්නෙ. ඒත් එක්කම ...
අලි ජරමරේ : ජූල් මුත්තගෙ කතා... ලාහිරු දහසක් දිලී ........ ඉස්සර කාලෙ අපෙ ගම්වල පොදු වැඩ විතරක් නෙවෙයි පුද්ගලික වැඩක් වුණත් කෙරුණේ ශ්‍රමදාන ක්‍රමේට. මේත් ඒ වගේ දවසක්. වැවේ සොරොව්ව අළුත්වැඩියා කරලා ඇළ ශුද්ධ කරන එක මහා ශ්‍රමදානයක් විදියට පටන් අරගෙනයි තිබුණෙ. ගමේ ප්රභූවරු, වැඩිහිටියෝ, කොල්ලො කුරුට්ටො විතරක් නෙවෙයි බවලත් උදවියත් මේ වැඩේට එකතු වෙලා හිටියෙ.එක කට්ටියක් වැඩ කරනවා. ඒ අයට මහන්සි දැනුනම තව කට්ටියක් වැඩ පටන් ගන්නවා. කලින් වැඩ ...
ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.... ලාහිරු දහසක් දිලී ........ මේ දවස් ටිකේදි කරන්න ලැබුණ ප්‍රොජෙක්ට් එකේ මගේ කොටස දඩ බඩ ගාලා ඉවර කරලා නිවාඩු පාඩුවේ ඉන්න ගමන් කරන්න දේකුත් නෑනෙ කියලා කල්පනා කරකර ඉද්දි (ඇත්තටම හිත හිත ඉන්නෙ හවස කොහොමද ටිකක් කලින් ඔපීසියෙන් පනින්නෙ කියලා ගෙදර යන්න! ) කැම්පස් එකේ එක වසර ඉද්දි වුණ සිද්ධියකුයි අපේ සැට් එක පිරිතකට ගිහින් වුණ සිද්ධියකුත් මතක් වුණා. එක වසර සිද්ධිය නම් මතක් ...