Windows 7 සිංහලකරණය කරමු.... ලාහිරු දහසක් දිලී ........ Windows 7 ඇවිල්ලත් දැන් අවුරුදු දෙකකටත් වැඩියි වගේ. ලබන අවුරුද්දේ Windows 7 එන්නත් තියෙනවා. ම්ම්ම්... ඔයාලට හිතෙනවා ඇති ඒ අස්සේ මොනවද මේ කියන්න යන්නේ කියලා නේද? හැබැයි ඉතින් එක අතකට මේකේ කාලින වැදගත්කමකුත් තියෙනවද මන්දා. දේශප්‍රේමය, ජාත්‍යාලය ගැන වැඩියෙන් කතා කරන කාලයක් නිසා!!!! හ්ම්... ඒවයින් කමක් නෑ, මම මේ කියන්න යන්නේ Windows 7 වල වැඩි දෙනෙක් දන්නේ නැති පහසුකමක් ගැනයි. ...
හන්තානට පායන සඳේ ඇතුළු කථාව .... ලාහිරු දහසක් දිලී ........ අද නම් තරමක් වෙනස් විදියේ දෙයක් ගැන කතා කරන්නයි මම ලෑස්ති. අපි හැමෝම විනෝදාංශයක් විදියට, එහෙමත් නැත්තම් සමහරු කාලේ ගෙවාගන්න කරන දෙයක් තමයි සින්දු අහන එක. සමහරු කැමති වේග රිද්ම, බයිලා, තවත් සමහරු කැමති ශාස්ත්‍රීය ඒවාට, තවත් සමහරු කැමති හින්දි, ඉංග්‍රීසී සින්දු වලට, සමහරු විරහ ගීත වලට. ඔය කොයි විදියට බැලුවත් අඩු වැඩි වශයෙන් ලොකු පොඩි භේදයක් නැතුව හැමෝම එක ...
Trojan Horse ගේ කතන්දරේ.... ලාහිරු දහසක් දිලී ........ ඔන්න හා හා පුරා කියලා දෙවෙනි වතාවට මම කතන්දරයක් කියන්නයි යන්නේ. කතන්දරයක් කිව්වට මේක තාක්ෂණික කතන්දරයක්. සමහර අයට මතක ඇති මගේ පළවෙනි තාක්ෂණික කතන්දරේ දුරකථනය ගැන. ඒකෙයි මේකේ සම්බන්ධයක් නම් නෑ ...සමහර දේවල් තියෙනවා කොයිතරම් ඉගැන්නුවත් වැඩක් නෑ, අපිට උදාහරණ වලින් කිව්වම නම් නියමෙට තේරෙනවනේ, ගොඩාක් හොඳට මතක හිටිනවනේ! මමත් Trojan Horse ගේ ක්‍රියාකාරීත්වය ගැන හරියටම තේරුම් ගත්තේ ඒ විදියට. ...
Hibernate කිරීමත් Sleep කිරීමත් අතර වෙනස දන්නවාද ...? ලාහිරු දහසක් දිලී ........ Laptop එකක් හරි වෙනත් මොනාහරි බැටරියෙන් වැඩ කරන්න පුළුවන් උපාංගයක් තියෙන ඕන ම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමන් පාවිච්චි කරන බැටරිය එකේ උපරිම ම භාවිතා කරන්නයි. මොකද ඔය බැටරි අස්ප ගණන් නිසා කියලා හැමෝම දන්නවානේ. ඒ කොහොම වුනත් Laptop එකක බැටරිය භාවිතා කරද්දි පුලුවන් හැම වෙලාවෙම වගේ ප්‍රධාන විදුලියත් එක්ක සම්බන්ධ කරලා පාවිච්චි කරන්න ඕනනේ. ඒ වගේ ම යම්කිසි කාලයකට වරක් ...
කියවන බිරින්ඳෑවරු ඉන්න සැමියන් ට පුංචි උදව්වක්! ලාහිරු දහසක් දිලී ........ ම්ම්ම්ම්.... කියවන බිරින්ඳෑවරු ගත්තම මම අහලා තියෙන විදියට තුන් ජාතියක් ඉන්නවා! (මීට වඩා ඉන්නවා කියලා දන්නවා නම් කියන්න මටත්!) පලවෙනි ජාතිය තමයි ඇත්තටම කියවන බිරින්ඳෑවරු. ඒ කියන්නේ පොතක් පත්තරයක් කියවගෙන මහත්තයටත් උදව්වක් කරගෙන පාඩුවේ ඉන්න අය. මේ වර්ගයේ අය නම් කියන්නෝන ඉතාම දුර්ලභයි. හැබැයි ඉඳලා ඉඳලා පරණ පිනකට හරි ලැබුණොත් නම් ජීවිතේ ම ගොඩ තමයි. ජීවිතේ දුක සැප දෙක ම ...
Baththalangunduwa දූපතේ අපේ ජීවිතේ ( අවසන් දිගහැරුම ) ලාහිරු දහසක් දිලී ........ කලින් සැරේ කතාව නැවැත්තුවේ අපි බත්තලංගුණ්ඩුව දූපතට ගොඩ බහින්න ළං වෙලා නේ. ඒ කොටස කියෙව්ව නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න. දූපතේ නම් ජැටියක් නැහැ බෝට්ටු නවත්තන්න, ඒ නිසා බෝට්ටුව හෙමීට ගිහින් වැල්ලේ ඇනුනා. අපිත් හෙමීට ඉණිමඟ දිගේ බහින්නේ නැතුව වැල්ලට පැන්නේ සතුටටමයි දැනුන!! හලාවත හිටිය අපේ යාලුවා ගේ නෑදෑ කෙනෙක් හොයාගෙන යන්නයි අපේ දැන් ලෑස්තිය. බඩු මලුත් කරගහගෙන වැල්ලේ ...
බත්තලංගුණ්ඩුවේ ගිහින් එමුද....(පළමු අඬහැරය ) ලාහිරු දහසක් දිලී ........ මේ සැරෙත් Semester end exam එක ඉවරවෙලා අපේ කස්ටිය සෙට් උනා ට්‍රිප් එකක් යන්න. ගොඩක් වෙලාවට කැම්පස් එකේ ඉද්දී අපි කස්ටිය ගොඩාක් ම කරන්නේ කොහේහරි ඇවිදින්න යන එක තමයි, ලෙක්චර්ස් යනවට අමතර ව. මීට කලින් හැමසැරේම ගියේ ලංකාව ඇතුලේ නේ. ඒ නිසා අපි හිතුවා ලංකාවෙන් එළියට ගිහින් බලන්නෝන කියලා!!! අපි තීරණය කලා ඒ නිසා බත්තලංගුණ්ඩුවේ යන්න. අපේ සෙට් එකේ හලාවත ...
Data encrypt කරන්න Truecrypt පාවිච්චි කරන්න... ලාහිරු දහසක් දිලී ........ මේක එන්ක්‍රිප්ට් කිරීමක් විදීයට කිව්වත් එන්ක්‍රිප්ට් කිරීමක්ම මත් නෙවෙයි, හැබැයි එන්ක්‍රිප්ට් කිරීමක් නෙවෙයි කියලා කියන්නත් බෑ....ම්ම්ම්ම් මොකක්ද මේ හතර බීරී කතාව? තව ටිකක් ඉස්සරහට කියවගෙන යන්නකෝ, එතකොට තේරේවි මම එහෙම කිව්වේ ඇයි කියලා! සාමාන්‍යයෙන් අපේ පරිගණකයේ තියෙන ෆයිල්, ෆෝල්ඩර් අපි ආරක්ෂා කරගන්නේ මුරපදයක් දාලා නේ. අන්තර්ජාලයේ තියෙන සාමාන්‍ය මෘදුකාංග වලින් මේ දේ කරන එක ටිකක් විතර වදයක්( මගේ අත්දැකීම් අනූව! ...
අළුත් ම ඉන්ටනෙට් ප්‍රොටෝකෝලය IPv6....- 2 ලාහිරු දහසක් දිලී ........ මේ ගැන මම දැම්ම මුල් ම සටහන කියවන්න බැරි වුනා නම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ, මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වේවි. එහෙම නතිවුනොත් සමහරවෙලාවට අගක් මුලක් තේරෙන්නේ නැතුව යාවි. මම කලින් කිව්වනේ ලෝකේ පුරා IP address බෙදන රාජකාරිය අයිති ICANN කියන සමාගමට කියලා. මේ සමාගමට අයත් IANA (International Assigned Numbers Authority) කියන සමාගම තමයි මුලු ලෝකයම කලාප වලට බෙදලා ඒ ...
Google Headquarters පැත්තේ රවුමක් යමුද...? ලාහිරු දහසක් දිලී ........ ඔයාලා තාමත් හිතාගෙන ඉන්නේ ඔයාලා වැඩ කරන්නේ හරි ම තැන කියලද? කිව්ව්ට අහන්නේ නෑනේ, එහෙනම් මේ ටික බලලා ම තේරුම් ගන්නකෝ. ඊට පස්සේ ඔයාලා ම තීරණය කරන්නකෝ හරිද තැන කියලා! වැඩ කරන අතරේ පුංචි විවේකයක්! එහෙ මෙහෙ පීනන මාළු බල බල මනසට විවේකයක් ලබාගන්න ගමන් ම මේ පුටු වලින් ඉබේ ම සම්බාහනයක් ලැබෙනවා. ම්ම්ම් කොහොමද ඒක? තමන් වැඩ කරන පරිගණකයේ මොනා ...
අළුත් ම ඉන්ටනෙට් ප්‍රොටෝකෝලය IPv6.... ලාහිරු දහසක් දිලී ........ අපි අන්තර්ජාලය පුරා සැරිසරන අවස්ථා වලදි, එහෙමත් නැත්නම් ලෝකය පුරා ඇති කෝටි සංඛ්‍යාත පරිගණක අතර දත්ත හුවමාරු වෙන්නේ ඊටම ආවේණික විශේෂ ක්‍රමයකින් කියලා ඔයාලා දන්නවනේ. ඒ තමයි IP Address හරහා. දැන් දැන් පරිගණක විතරක් නෙවේ ස්මාට් ෆෝන්, අයිපෑඩ්, නෝට්බුක්, අළුත් ම රූපවාහිනී, ශීතකරණ, වායු සමීකරණ වගේ උපකරණ ත් IP Address හරහා දත්ත හුවමාරු කරගන්න එකතු වෙලා ඉන්නවා(ඔයාලා Home network ගැන ...
දුවේ ඔයා වර්ජින් ද ? ලාහිරු දහසක් දිලී ........ වෙනදා ලියන ටෙක්නිකල් කතා වලින් පොඩ්ඩක් ඈතට ගිහින් අද කියන්න යන්නේ පොඩි කතාවක්. මේක වුනේ අපේ නෝනා ගේ කොලේජ් එකේ...( හෙහ් හෙහ්.. නෝනා කිව්වට මම තාමත් පෝරුවට නැග්ගේ නෑ තාම, ආදරේට එහෙම කියන්නෙ!). මේ දවස් වල එහේ ස්පෝර්ට් මීට් වලට ලෑස්ති වෙනවා. ඒකට ඕන කරනවලු ග්‍රීක් වර්ජින් (Greek Virjin) ලා හත් දෙනෙක්! දැන් ඔයාලා බලනවා ඇති මේ මොක්කුද කියලා නේද! ...
දුරකථනය ගැන අපි නොදන්න කතාවක්....? ලාහිරු දහසක් දිලී ........ අද කියන්න යන්නේ නම් ටිකක් විතර වෙනස් විදියේ කතාවක්. දුරකථනය නිර්මාණය කලේ ( 'සොයා ගත්තා' කියලා දැම්මා නම් කවුරු හරි අහන්න බැරි නෑ ඒක නැති වෙලා තිබුනද කියලා... හික් හික් ! ) ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් කියලා අපි ඉගෙන ගන්නේ පොඩි කාලේ නේ. ඒක වුනේ 1876 වගේ කාලෙක. ඒත් දුරකථනය සොයාගත් අළුතම ඒක හිතුව තරම් ජනප්‍රිය වුනේ නෑ. බෙල් තමන් ...
Blogger Updated New Interface එක දැක්කද...ගිහින් ම බලන්නකෝ... ලාහිරු දහසක් දිලී ........ මේ අද මගේ බ්ලොගේ කඩයිමක් පසු කරනවා. 50 වෙනි බ්ලොග් පෝස්ට් එක විදියටයි මේක ලියවෙන්නේ. අදට මට මටක විදියට මාස 7ක් විතර. කොහොම උනත් මේ දක්වා මාත් එක්ක හිටිය හැමෝටම ගොඩාක් ස්තූතියි. Blogger Interface එක අළුත් කරලා... ඔයාලා දැක්කද ඒක? ම්ම්ම්... අළුත් වෙලා වගේ ම ලස්සනත් වෙලා...මම පහලින් Screenshots ටිකක් දාලා තියෙනවා, බලන්නකෝ කොහොමද කියලා. මෙතනින්http://draft.blogger.com/ ගිහින් බලන්නකෝ ඔයාගේ Dashboard ...
ඇස් අන්ධවන සේ ඇසිඩ් ගැසීමට උසාවියේ අවසර......!!! ලාහිරු දහසක් දිලී ........ වෙනදා ලියන ලිපි වලින් තරමක වෙනස් ආකාරයක දෙයක් ගැන තමයි අද කියන්න යන්නේ. කියවලා බලන්නකෝ මේ කථාව. විසි හතර වියේ පසු වු සුරූපී අමීනා බ්රාහ්මී හට විවාහ යෝජනාවක් ඉදිරිපත් වුණා. විවාහ යෝජනාව ඉදිරිපත් උනේ ඈ හා ඉගෙන ගත් තවත් තරුණ සිසුවෙකු වූ මොවාහ්දිගෙනි. (Movahedi) මේ දෙදෙනාම විසුවේ ඉරානයේ ටෙහෙරානයේ. අමීනා විවාහ යෝජනාවට අකමැති වීම නිසා කෝපයට පත් මොවාහ්දි ඇයට ...
හැමෝම History Clean කරගන්න................. ! ලාහිරු දහසක් දිලී ........ ම්ම්ම්ම්.... සෑහෙන කාලෙකින් බ්ලොගේ පැත්තේ ආවේ....! එන්න ඕනකම තිබුනත් වෙලාවක් තිබුනෙ ම නෑ, ඇවිත් අනිත් අයගේ බ්ලොග් කියවලා යනවා. ඒ නිසා ම ගොඩාක් දෙනෙකුට මාව අමතක වෙලා ත් ඇති! ඒ කොහොම උනත් කාලේකින් අලුත් මොනාත් දෙන්නත් බැරිවුන නිසා හැමෝටම වගේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන මෘදුකාංගයක් ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ..... මේකේ නම Browser Cleaner . නමින් ම හිතාගන්න පුලුවන් නේද ...
දිලුම් සොයුරා වෙනුවෙන් පැවැත්වෙන සත් දින පින්කම... ලාහිරු දහසක් දිලී ........ සඳ මඬල මුදුන් වන තුන් යම් රැය පුරාවට වැසී ගිය වලා පටලයක සැඟවුනිද නුඹ..... මතක මංපෙත පුරාවට රැඳුණු මතකය නුඹ රැගෙන නොගියේ මන්ද කඳුල පමණි අද.....ඇස ගැටෙන නෙත රසඳුනකි ඔබේ සොඳුරු සිනහව කොහි ගියෙද අද.... උදාවන මතු දිනෙක පරයන්න රුදුරු මරු පතමි සවි බල නැඟ ඒවි දිලුම් සඳ.... දිලුම් සොයුරා වෙනුවෙන් පැවැත්වෙන සත් දින පින්කම මේ මස 24,25 (බදාදා, බ්‍රහස්පතින්දා) දෙදින කොටුවේගෙදර නිවසේ දී පැවැත්වේ. ඒ සඳහා ඔබට කෙරෙන ...
දිලුම් සොහොයුරා ගේ අවසන් කටයුතු ගැනයි මේ... ලාහිරු දහසක් දිලී ........ සයිබර් අවකාශයේ ආදරණීය ඉලංදාරියාගේ අවසන් සුසුම් පොද වා තලයට මුසු ව ගොසින් අදට හරියට ම දින තුනකි. ආදරණීය දෙමාපියන් ගේ, එකම සොයුරාගේ, ළබැඳි මිතුරන්ගේ සෝ සුසුම් නොඅසමින් දෝ හේ නිසල ව උඩුකුරු ව සයනය කරමින් සිටියි. නිබඳ සොවින් වැළපෙන ආදරණීය අම්මා ගේ විලාපය ඔහුට ඇසෙන්නේ නම්.... නැඟී සිටින්නට හේ දෙවරක් නොසිතනු ඇත. ඔහුගෙන් පිය වදනක්, සිනහවක් නොලැබූවෙකු නොමැති තරමට රැස් ...
ඉලංදාරියා නික්ම ගිය වගයි..... ( එනව නම් පාර මෙහෙමයි ) ලාහිරු දහසක් දිලී ........ ඉලන්දාරියා හෙවත් දිලුම් දිසානායක සොයුරා අප වෙතින් සදහට ම සමුගෙන ගොසිනි. හිතවත් අහිතවත් අපි බොහෝ දෙනෙකුට ළබැඳි මිතුරෙකු, සොහොයුරෙකු වූ දිලුම් අය්යා ආයේ අපි අතරට පැමිණ සිනාසෙන්නේ නැත. අප හා සෙනෙහසින් කතා නොකරනු ඇත. සොඳුරු මිනිසුන් බොහෝ කල් ජීවත් නොවෙන වග නැවත වරක් පසක් කරමින් දෝ ඔහු අපෙන් සමුගෙන ගොසිනි. අප සියලු දෙනාටම මෙය තරමක් ඇදහීමට අපහසු ආරංචියක් වුව ...
ලෝකයේ විශාලතම වාහන.... ලාහිරු දහසක් දිලී ........ අද අපූරු ඡායාරූප තුළින් අරන් එන්නේ Mover වර්ගයට අයත් ලෝකයේ දැනට භාවිතා වන විශාලතම වාහන පිළිබඳවයි. බලන්නකෝ කොහොමද කියලා.....