කොච්චර හොඳද අපේ මිනිස්සු (බයේ ජීවත්වෙනකොට) ලංකාප්‍රියගේ සිතිවිලි මේ අපි ඉන්න රට කොච්චර දියුණු උනත් හොරු බොහොමයි. ලැපක් වාහනේක තිබ්බොත් බුට් එක හරි කඩලා ඒක ගන්න නිසා අපේ කොම්පැනිය පවා චක්‍රලේකයක් මගින් අපට කියල තියෙනවා මොන හේතුවක් නිසාවත් ලැප වාහනයේ තියල යන්න එපා කියල. මේ ඊයේ ඕක මට අමතක වෙලා ටික දුරක් ගිහින් ආපහු මැරතන් රන් එකක් දුන්න ඒක අරන් යන්න. ඔන්න ඔය වෙලාවේ මට මතක් උනේ මේ ...
මෙන්න ප්‍රශ්න ටිකක් -දෙන්නකෝ උත්තර. ලංකාප්‍රියගේ සිතිවිලි මං මේ ප්‍රශ්න අහන්නේ ඇත්ත දැන ගන්න මිස වෙන අදහසකින් නෙවෙයි.. මං බුද්ධ දර්ශනය පිළිගන්න මගේ රටට "ලාංකීය ජාතියට" අපේ කියන හැමදේටම ආදරේ මිනිහෙක්.. ඒ නිසා මට බනින්නේ නැතුව කරුණු විතරක් ලියනවද පිළිතුරු හැටියට ?1. සිංහල බුද්ධාගම (සිංහල බෞද්ධයා ) .."මේ බුදුන්ගේ දේශයයි" කියල ගහගත්ත ඉන්දියාවෙන් ගෙනා බජාජ් ටුක් ටුක් එකක මරපු ඌරු පලු දෙකක් හරහට දාගෙන ...
පුදමි මගෙ උපහාරය ලංකාප්‍රියගේ සිතිවිලි ලියා පුරා සය මසක් සතලිසක් කුරුටුලිපිඔබේ පිය සටහන් දස දහසක් දුටිමි අදජංජාලේ හසරක් නොදත්මටඅකුරු සතර උගන්වා දෙපයින් සිටවාලුපොඩි කොල්ලෝ දෙන්නෙක් ...උඹල දෙන්නාට බෝ පින්..කුනුහබ්බෙනුත් බැන මට මග පෑදුවට එන්නට .ඔහේ ලියනවා මේ පිටුව පුරවාවීයාලුවෙක් ළඟ නැති පාළුවලියුවෙමි මගෙ නිවහනේදොර උළුවස්සේ මමඔබ සැම මෙහි 
චන්දරේ ලංකාප්‍රියගේ සිතිවිලි උඹ කොහෙද ඉන්නේ ? උඹ තාමත් කොන්ඩෙ පීරන්නේ අමිතාබ් බච්චන්ගේ වගේද ? අර උඹ ඒ කාලේ බෝඩිමේ ඉන්දැද්දී හොඳට අතින් මැදල තලලා සමතලාකරලා දුවිලි හැරලා සැපට නිදාගන්න හදපු එච් බීගේ යහනට පැනල ඒකත් වන කරලා ඒකෙන් පහලට ලිස්සල වැටෙන හැටි මතකද ? තාමත් &nbs
ලංකාවේ තියෙන්නේ සෝබන බුද්දාගමක් (සෝබිත හිමි) ලංකාප්‍රියගේ සිතිවිලි බෝ සමිඳු බඳ වසනාදාගැබ වටට එතෙනා වටිනා සිවුරු ගෙනගොස්දිය හැකි නම් දුගී හිමිවරුනටගතටම දිරාගිය සිව්රු හැඳි …..බෝමළුව තෙමනාකිරි කල හතෙන්එකම එක කලයක් සාගින්නේ පෙලෙනා කුඩා දරුවන් කැලතක කුසගිනි නිවයි නම් හෙට ……ලොවැ මහා බුදු පිළිමයලොව උසමැ ස්තුපයබෝ සමිඳු සිර ගතකර ඉදිවෙනා ඒ රන්වැට හදනා දන කඳින් ඈත වනපෙතේ කොන්වු ගම්මානෙකහාමතේ නොමැරී මැරෙන මිනිස්සුන්ගේ දනින් අඩ හාමතේ ඉන්නාදුගී යතිවරුනට ඉසට වහලක් ගතට අහර
කරුණාවයි මයිත්රියයි.. (දෙවියෝ සහ මිනිස්සු 2) ලංකාප්‍රියගේ සිතිවිලි මම හැම ආගමකටම ගරුකරන මනුස්සයෙක්. මගේ මහ පවුලේ ක්‍රිස්තියානි දහම අදහන හොඳ මිනිස්සු ගොඩක් ඉන්නවා. බවුද්දයින් වන අප උගතයුතු බොහෝ හොඳ ගතිගුණ ඒ අය සතුව තියෙනවා.. ඒ නිසා මගේ පළමු කතාවෙන් යම් හිත් රිදීමක් නියම ක්‍රිස්තියානි බැතිමතුන්ට ඇති උනා නම් මට සමාවෙන්න.. සත්‍යය වෙනුවෙන් කුරුසියේ දිවි පිදු උතුම් මනුස්යයෙකුගේ උතුම් දේශනාවලින් ඇරඹුණු ආගමේ යයි ප්‍රචලිත සමහර ආයතන අද පිරිහිලතියන තත්වය ...
දෙවියෝ සහ මිනිස්සු ලංකාප්‍රියගේ සිතිවිලි අපේ පුංචි පුතා ගැන මං ඉස්සරලා කියලතියෙනවනේ..අර හැරී පොටර් කතාවේ ඉන්නේ.. දැන් එයාට අවුරුදු දහයක්. එයාගේ උපන් දිනේ ලඟයි …එයා ගණන් හදල කියනවා “ඊළඟට මට එකොළහයි..ඊළඟට දොළහයි දහතුනයි..දහ…යි.. දහඅටයි.. මම වැඩිහිටියෙක්.. හරී.. මට 18+ මුවීස් බලන්න පුළුවන් එතකොට” කියල.. එයා බොහොම පුංචි කාලේ අපිට තේරුමක් තිබුනේ නැහැ එයාට ඉගෙනීමේ ආබාදයක් (attention deficiency) තියෙනවා කියල. ඉතින් අපි එයාව සාමාන්‍ය විදිහට පුද්ගලික මොන්ටිසොරියකට දැම්ම. ඔන්න එතනත් ඉතින් ...
දෙබරයකට ගලක් ගසමි.. ලංකාප්‍රියගේ සිතිවිලි ඉඳල ඉඳල ලොකු දෙබරෙකට ගලක් ගහන්නයි මන් හදන්නේ.. මේ දවස්වල මං කියවන බොහොමයක් බ්ලොග්වල විවාහය මාතෘකා කරගෙන සටහන් තැබෙනවා. ඒවා ගොඩක් ලියල තියෙන්නේ තවම විවාහ නුන ගොබිලෝ කැකුලියෝ.. සමහරු තව බොහොම කාලයක් තනියෙන් ඉන්න බව පෙනෙන තනිකඩයෝ.. ඉතින් මං වගේ විවාහ වෙලා ඉන්න මිනිහෙක් ඕක ගැන ලිවුවම මොකෝ ?මම බ්ලොග් කීපයක තිබුන ලිපි සහ ගැටළු වලට සටහන් ලියනකොට මට ...
අම්මත් එනවද එතෙන්ට අම්මේ තාත්තත් එක්ක ? ලංකාප්‍රියගේ සිතිවිලි ගේ මිදුලේ අඹගහ තාමත් එහෙමමයි...අපි ඉඳගෙන රෑ බෝ වෙනකම්.. තාත්ත එනකම්.. අම්ම එක්ක කතා කර කර හිටිය බංකුව .. අම්ම අපි එනකන් ඉඳගෙන පාර දිහා බලන් හිටිය බංකුව... මං ඈතකට ගියාට පස්සේ ඉඳහිට ගෙදර ඇවිත් යනකොට මාව නොපෙනී යනකන් අම්ම පාර දිහා බලන් ඉඳගෙන හිටිය ඒ බංකුව…. එහෙම බලන් ඉඳල අම්ම “අනේ මගේ කොලු පැටියා” කියල මහාමේරුව තරම් බර හුස්මක් හෙලලා එතනින් නැගිටලා යනකොට වැටුණු කඳුළු ...
නොදරුවන් ගසා කෑම ලංකාප්‍රියගේ සිතිවිලි මං තනිකඩව ඉන්න කාලේ එක්තරා ළමා නිවාසයක් එක්ක බොහොම කිට්ටුවෙන් හිටිය. මගේ උපන්දිනේ සමරන්න මම කළේ එතනට දානයක් දීල ඒ දවස එතන ගත කරන එකයි.. පස්සේ පස්සේ ඉතින් පවුල් පන්සල් උනාමත් ඉතින් ඔය පුරුද්ද මම මගේ බිරිඳ සහ දරුවන් එක්කත් මේ විදිහටම නොකඩවාම කලා. හැබැයි ඒ නිවාසයට කොච්චර ඉල්ලුමක් තිබුනද කිවුවොත් මගේ නියම දිනයට හැම අවුරුද්දෙම දානයක් ගන්න බැරි උනා. පෙනුන හැටියට ...
පුලුවන්ද ඔබට තේරුම් ගන්න ? ලංකාප්‍රියගේ සිතිවිලි ගොවියා එල්ලීය දැන්වීමක් කඩුල්ලේ.. සඳහන් විය "බලු පැටවුන් විකිණීමට තිබේ" යයි එහි. කුඩා දරුවෙකි කඩුල්ල අසල උදෑසනම සිටියේ .. ආයාචනාත්මක බැල්මකි ඔහු දෑසේ ඇත්තේ . “දරුවා නුඹ සතු වේද මුදල් ගැනුමට කුඩා බලු පැටවෙකු ?” ගොවියා අසයි.. “මහතාණනි නැත. රුපියල් දහයක් පමණි මා සතුව ඇත්තේ .” “රැගෙන එය පෙන්විය හැකිද මට ඔවුන් ? . ..” හඬ ගසයි ඔහු ..ඩොලී !! යැයි ..බැටළුවෙක් වැනි මවයි එලියට එන්නේ මොහොතකින් ගෙයි දොරින් ..
මගේ සතුරා ලංකාප්‍රියගේ සිතිවිලි මං මේ නිදැල්ලේ බොරුව රස විඳ විඳඉන්නවා හිත සතුටින් ඇවිත් උඹ දුක දෙනවා.ඒයි සත්‍යය උඹ නොඑන් මා පස්සෙන්දිග අඩි තිය තියාමං එපා කියද්දී ආ ගිය හැමතැනම ලේ කඳුලු ගංගා මිනී කඳු විතරයිඉතිරිකර ගියේ නුඹ සත්‍යය උඹ මැරුණා යුද බිමදී හැමදාමත්ආපහු නැගිටලා උඹඑනවා මා පස්සෙන්සත්යය උඹ නිසා සොක්රටීස් වස බිවුවා ගැලිලියෝ හිරේ ගියා ජේසුස් කුරුසයේ මලා උඹ පස්සෙන් එනවාදඩ බල්ලෝ රෑනක්උඹවත් කාල උංමා
වින්ඩෝස් ක්‍රමයට දුක නිවා නිදාගැනීම- ප්‍රත්‍යක්ෂයි. ලංකාප්‍රියගේ සිතිවිලි හැමදාම ඇඬේන කතා ලියල හරියන්නේ නැහැනේ.. අඬන මිනිස්සු බොහොමයි.. අඬන්න හේතුත් බොහොමයි.. සැප කියන්නේ සිතිවිලි මාත්‍රයක් විතරයි ...එක දැනුන... ඊටපස්සේ ඉවරයි.. වමාර වමාර ආපහු ගිලින්න බැහැ.. හැබැයි දුක එහෙම නෙවෙයි." චක්කන්ච වහතෝ පදං " .. අර බුදු හාමුදුරුවෝ කීව වගේ ගොනු පසුපස එන කරත්ත රෝදය වගේ දුක අප ලුහු බැඳගෙන එනවා.. හිත අරා ගන්නවා. කොච්චර එලෙවුවත් ආපහු එනවා. කොච්චර කාලෙකට ඉස්සර වින්ද ...
මහ පාරේ මලත් සැපයි (අරයගෙ කතාව - නිමාව ? ) ලංකාප්‍රියගේ සිතිවිලි එදත් මං පුරුදු විදිහට පාර දිගේ යනවා. අර ගල් ගහන ලොක්කගේ ගේ පැත්ත මග ඇරලා අනිත් පාරෙන් තමයි.. මට කීප දවසක්ම ඔය උස තාප්පේ තියෙන කළු පාට උස ගේට්ටුව දාපු වත්ත ඇතුලෙන් අපේ එක්කෙනෙක්ගේ සින්දුවක් ඇහුනා. මං ගේට්ටුවට නහය තියල බැලුවම මට තේරුනේ නෑ කවුද කියල.. අපේ අය ගොඩක් ඇවිත් ඒ ගේට්ටුව ලකුණු කරලා ගිහින් තිබුන නිසා ඔක්කොම අංජ ...
මහ පාරේ මලත් සැපයි (අරයගෙ කතාව 2) ලංකාප්‍රියගේ සිතිවිලි පාරට බැස්සට කොහේ යනවද කියල මට නිනවුවක් තිබුනේ නැහැ.. වැස්සට තෙමුනා අවුවට වේලුනා . මං නිදා ගත්තේ ගහක් යට නැත්නම් වහපු කඩයක ඉස්තෝප්පුවේ. හෝටලේ ළඟ කරකැවී කැවී ඉඳල පිටිපස්සේ විසිකරන කෑම කන එක ඒ තරම් නරක දෙයක් නෙවෙයි.. සමහර කෑම හරි රසයි..හැබැයි හෝටලේ ඉස්සරහ පැත්තෙන් ගියාම හම්බවෙන්නේ ගල් පාරවල්.. ඇත්ත කියනවනම් ගලුත් නෙවෙයි ඔහේ අහුවෙන ඕනෑම දෙකින් ...
මහ පාරේ මලත් සැපයි (අරයගෙ කතාව 1) ලංකාප්‍රියගේ සිතිවිලි මේ කතාව කොහෙන් පටන් ගන්නද ? මං පන්සලට ආවේ කොහොමද කියල නම් මට මතකයක් නැහැ.. මං වගේ තව යාලුවෝ කීපදෙනෙක් පන්සලේ හිටිය.. ලොකු හාමුදුරුවෝ ටික සැර උනාට හරිම හොඳයි.. පුංචි සාදුලා නම් අපිට බොහොම ආදරෙන් හිටියේ.. මාත් එක්ක දුවන්න පනින්න බොහොම කැමතියි..ලොකු හාමුදුරුවෝ උනත් ඔය අපි එක්ක පුංචි සාදුලා දුවන වෙලාවට පොඩිතැන ... ! කියල රවල බැලුවට මං දැක්ක තනියම හිනාවෙවී ...
මං කොහොමද කියන්නේ ? ලංකාප්‍රියගේ සිතිවිලි මේ ගෙදරට මං ආවේ බොහොම පුංචි කාලේ. මට අද වගේ මතකයි..ගෙදර හැමෝම කිවුවේ මං හරියට පුංචි පුළුන් බෝලයක් වගේ කියලයි.. මගේ පාට නම් දුඹුරු උනාට මගේ හැඩේ ගැන හිතල තමයි ඒ ගොල්ල එහෙම කිවුවේ. අම්මගෙන් කිරි බිබී ඉන්න කාලේ තමයි ගෙදර මහත්තය මාව වඩාගෙන උස්සල බැලුවේ.. මෙයා ගෑනු සතෙක්නෙ.. කියල බොහොම අසතුටින් වගේ එයා කිවුවේ.. මගේ අම්ම හිටි ...
පෙරුම් පිරුමට නොවේ ලංකාප්‍රියගේ සිතිවිලි හඳිනෙමි නුහුරු වත් උලා නිය තොල් වරුනින් ඉඳිනෙම් වීදි කොන එතැයි වෙසතුරු රජවරුවැල නොකැඩි පේලියටඑතේ ෂයිලොක් සිටුවරුවෙසතුරුන් වල් වැදී තවුස්දම් රකිනා කල ඇස් ඉස් මස්ද සම් ලේඇට නහර දන් දෙන්නෙමිවැදු දරු දන් දෙනුනොහැක්කෙන් ජුජකයිනට ...
අඳ මිනිස්සු ලංකාප්‍රියගේ සිතිවිලි ගණඳුරුය මහ රෑ ඒ විසල් පුරවරයේපා නගයි අඳ මිනිසෙක් මුට්ටියක් හිසමතැතිවගිනිහුලෙකි එකතෙකදුටු දනට කුතුහලයකිදෑස් නැති මුග්ධයෙක් කුමට මු හට එළියක් ?එකෙක් විමැසී ඔහුගෙන් පුරා හඬ උපහාසෙන් එම්බා අඳ මිනිසකුමට ගෙන යනු එළියක් ? "එලිය තිබුනද නැතද අඳ මෙමට දැකිය හැක ඇස් ඇති නුඹ සැමමඅන්දයෝ වෙති අඳුරෙහි" "අඳවු ඔබ වෙනුවෙනි මේ එලිය.. නොව මාහට ඔබ මසිරුරෙහි ගැටී මුට්ට්ටිය නො බිඳ
ගුරුන්නාන්සේ ලංකාප්‍රියගේ සිතිවිලි මේ උතුම් සාමාන්‍ය මනුස්සය ජීවත් උනේ බොහොම කාලෙකට ඉස්සර.. උතුම් මිනිස්සු සාමාන්‍යයිනේ .. මං නම් හිතන්නේ එහෙමයි.. අපේ ගෙදර තිබුනේ ගම් සබා පාරක් අයිනේ. මහ පාර පේන දුරින්.. දැන් නම් ඒකත් පාරක් වෙලා..පාරට එහායින් තිබුනේ වෙල් යාය.. අපේ ගෙදර ඉස්සරහ තිබුනේ පඩි පෙළක්. අපි තාත්ත&nb