සබැඳි මිතුරා ? ලංකාප්‍රියගේ සිතිවිලි ඔක්තෝබරයේ එක් සැඳෑවකමදයෙන් හා පමාවෙන් සැතපීවැනෙමින් ගෑටුවෙමි මහ බඩගෙඩිය මගේඉරටු දෙපයින් දරාගෙන මහත් උජාරුවෙන් බෝතලයද කිසිලි ගන්නාඑනමුදු අකීකරු මාපා වර්ජනයක හිටි හැටියේපෙරලමින් මා අසලැතිකුනුවතුර කානුවකට..මා උනුහුමට තුරුලුව සැතපි හුන්නෙ ඌරෙකි" සංගමය ලබැඳි මිතුරන්ගේ සැපකි අහෝ " මතුලෙමි මම අතුරින් සැලෙන තොල් පෙති ..එක්තරා අඟනක් තොමෝ පසුකර යමින් කානුවනෙත් කොනින් බලමින් කියමින් ගැසූය කෙල පිඩක්.." ඇසුරෙන් සබැඳි මිතුරාගෙන් හඳුනාගනු හැකිය බේබද්දා"කන්පට ...
සංසාර පුරුද්දද මේ (බම්බුව තමයි) ලංකාප්‍රියගේ සිතිවිලි අපි ආයිත් ඉල්ලන් කන මාතෘකාවකට බහිමුද ? ඔන්න මේක මට ලියන්න හිතුනේ අර සීනි ගාල එහෙම වටෙන් ගොඩින් නවම් මලයා ලියල තිබ්බ කතා පොජ්ජ බැලුවාමයි.. ඔන්න ඉතින් කොල්ලෙකුට කෙල්ලක් හරි කෙල්ලෙකුට කොල්ලෙක් හරි හිතට අල්ලලා ගියාම " සංසාර පුරුද්දද මේ ? කියල සින්දු කෑල්ලක් සිහියට එනවා. ඉස්සර මට යාලුවෙක් හිටියා එකට වැඩ කරපු.. මිනිහට ඇහැට කනට පෙනෙන හැම ගෑනු ලමිස්සීම ...
ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද? ලංකාප්‍රියගේ සිතිවිලි ජීවත් වෙන්න අපි හැමෝම ආසයි... ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන ...
ජීවිතේ කියන්නේ අපි ණයට අරන් ආපු දෙයක්.. ලංකාප්‍රියගේ සිතිවිලි “මට අද උදේ සර්ව හම්බවෙන්න ඕන වැදගත් දෙයක් කතා කරන්න..”ඒ ඇමතුම ලැබුනේ උදේ පාන්දර මම පොඩ්ඩී ඉස්කෝලෙට ඇරලන්න ගෙයින් පිටවෙනකොටම.. ඒ කතා කලේ අපේ සවුක්ය රක්ෂණය බාර සමාගමේ මගේ රක්ෂණය ගැන කටයුතු කරපු රකේෂ්.. බොහොම ප්‍රිය මනාප පෙනුමක් තියෙන දක්ෂ තරුණයෙක්.. තමුන්ගේ රාජකාරිය ඉහටත් උඩින් අරන් වැඩ කරන මනුස්සයෙක් . “ඇයි රකේෂ්.. ඕක මට ටෙලිෆෝන් එකේම කියන්න පුලුවනිනේ..” “නෑ සර් ...
ඇයි පුතේ ඔයා තනියම ? ලංකාප්‍රියගේ සිතිවිලි "ඇයි පුතේ ඔයා තනියම මෙතන ?"පොඩි එකා කාෂ්ටක අවුවේ පිට්ටනියේ කුඩා ළමයින්ට ක්‍රීඩා කිරීමට සාදා ඇති උපකරණයේ තනිවම ක්‍රීඩා කරනු දැක මම අසමි.. මොහොතකට පෙර එතැන සෙල්ලම් කල ළමෝ කිසිවෙක් දැන් එහි නැත.. ඔවුන් සියල්ලෝම උපන්දින සාදයේ රසවත් අංගෝපාංග නරඹමින් ඒවාට සහභාගී වෙමින් ශාලාව ඇතුලේය.. පැතුම් මා දෙස බලා අවිහිංසක ලෙස සිනාසෙයි.. “මම සෙල්ලම් කරනවානේ.. “"ඉතින් වෙන කවුරුත් නැහැනේ ඔතන.."ඔහු ...
පරචිත්ත විජානන ඥානය ලැබීම හොඳද නරකද ? ලංකාප්‍රියගේ සිතිවිලි මෙහෙම නෑදෑයො සීයකට වඩා එක හොඳ යාලුවෙක් වටිනවා. ඔය සිතිවිල්ල මට පහල උනේ මේ පාර නිවාඩුවට අපේ රටට ගිහින් ආයිත් පාරක් මගේ සමහරක් නෑදෑයින් බලන්න ගිය වෙලාවෙදි.. ඒ ඒ ගොල්ල මට ඒ වෙලාවෙ සලකපු හැටියෙ වැරැද්දක් නිසා එහෙම නෙවෙයි.. මූනිච්චාවට බොක්කෙන්ම ආදරේ කියාල පෙන්නුවාට තමුන්ගේ වැඩේ කර ගත්තට පස්සෙ මං ගැන තඹ දොයිත්තක්වත් මායිම් කරන්නේ නැති බව කාලීන අත්දැකීමෙන් ...
සිරි ලංකාවේ වාහන එලවිල්ල- විදේශිකයෙකුගේ ඇසින්. ලංකාප්‍රියගේ සිතිවිලි සිරි ලංකාවේ සංචාරයක් ගිහින් ලංකාවේ පාරවල්වල වාහන එලවන්න තමුන්ටත් පුළුවන්ය කියල හිතන් ඉන්න ඔක්කොම ටොම් ඩික් සහ හැරීලාගේ යහපත උදෙසා මම වැදගත් කරුණු කීපයක් කියන්නට කැමතියි.. මේවා ජීවිතේ ගැන ආසාව අතැරලා මිස වාහනෙන් බහින්න බැරි උතුරට හැර මුළු සිරිලන්කාවටම වලංගුය.මෙහෙ මාර්ග නීති ක්‍රියාත්මක වෙන්නේ කර්මය පලදීමේ නියායට අනුකුලව හෙයින් ඔබට කලහැක්කේ හැකිතරම් ප්රවෙසම්වී පලවිපාක රක්ෂණ සමාගමට පැවරීමය. උපදෙස් මෙසේය.ඔබ එලවියයුත්තේ ...
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි ලංකාප්‍රියගේ සිතිවිලි හැමදාම වගේ මේ පාරත් නිවාඩුවට අපි කතරගම ගිහින් ආවා. බොහොමයක් අපේ මිත්‍රයො කිවුවෙ අපිට අලුත් මහා මාර්ගයෙන් යන්න කියලයි.. ඒත් අපි තොරාගත්තෙ රත්නපුරේ ඇඹිලිපිටිය හරහා නෝනාගම හන්දියට වැටෙන ටිකක් දුෂ්කර මාර්ගයයි. අපි ඉන්න රටේ ඉතින් ඔය සුරුස් ගාල එක තැනකින් තවත් තැනකට යන එක සාමාන්‍යය දෙයක්.. ආයිත් අපේ උපන් රටටත් ගිහින් මොන හදිස්සියකට අපි එහෙම යනවැයි ආයිබොවං ?අපේ හාමිනේ නම් ...
පියාණනි පසක්වෙයි මට මගේ නොතරම්කම ලංකාප්‍රියගේ සිතිවිලි හැඩි දැඩි ඔබේ දෑතින් මට සිලුටුවට නිමැවුනු ලොවුතුරා බුදු සමිඳුන් සුවිසි මහ බුදු වරුන් යදඬු මෙන් නොසැලුනු ඔබේ විස්කම් දෑතින්ඇඳුනු නෙක බිතු සිතුවම් සුවහසක් සිත් සතන්පුරවාවී බොදු බැතියෙන් ජීවක ඔබේ දෑතින් වෙද හෙදකම් ලබාගත්බොහෝ අසරණ මිනිසුන් ඉබෝ කල් යෙහෙන් වැසඔබ ගුණ සිහිකරනු ඇතිබී සිප් කිරි ඔබ පෙවුමිනිසුන් වූ බෝ දනන්ඒ ශිල්ප මතු පරපුරකට දී තව පහන් සහසක්දල්වනු ඇති අඳුර නසමින් ...
ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහලා මරා දාපිය ලංකාප්‍රියගේ සිතිවිලි කියල කියන්නේ අපේ මිනිස්සු තරහකට මරහකට නෙවෙයි නිකම් සොමියට.. ඕකට එරෙහිව කාන්තාවොත් "පිරිමි ජාතිය ජරා ජාතිය ගලේ ගහලා මරා දාපිය කියල කියන හින්දා වැඩේ සමබර වෙනවානෙ අපේ රටේ ! ඒ උනාට සමස්තයක් වශයෙන් ගත්තාම වසර දෙදහස් පන්සීයකට තරම් ඉහතදී ලෝකයට සමානාත්මතාවය හඳුන්වාදුන්න බුදුවරයෙකු බිහිකල ඉන්දියාවේ තරම් අපේ රටේ ගෑනුදරුවෙකුට අපරාධ සිද්ද වෙන්න නැහැ.. කාලෙකට ඉස්සර මං බොම්බායේ ජීවත්වෙන කාලේ තාත්තා ...
සුද්දන් වන්දනාව නොහොත් සුද්දන් සුදු කිරීම ලංකාප්‍රියගේ සිතිවිලි මේ මොකක්ද ? මාතෘකාවෙන්ම තේරෙනවා නේද.. පෙරදිග මැද පෙරදිග සහ ඈත පෙරදිග මං ඇවිදපු සුදු ජාතියකගේ යටත් විජිතයක් වෙලා නිදහස ලබපු හැම රටකම බොහොම සරුවට කෙරෙන සුද්දන් වන්දනාව මහා අප්‍රසන්න අත්දැකීමක්..එක කාලයක් අදාළ බටහිර රටවල මේ කල්ලන් ආසියාතිකයන් හෙළාදැකීම බොහොම තදින් තිබුනානේ.. ඒ යුගේ සම්පුර්ණයෙන් ඉවර නුනත් කළු ජාතිකයෙක් එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් උනායින් පස්සේ කළු මිනිස්සුන්ට ඔලුව උස්සගෙන ...
වරදකාරයෙක් හැංගිලා ඉන්නවා ලංකාප්‍රියගේ සිතිවිලි මේක බොහොම පරණ කතාවක්.. මං හදාපු එකක් එහෙම නොවෙයි. කියවපු එකක් .මගෙ මලකඩ කාපු මතකෙට නම් ගම් රටවල් විස්තර එන්නෙ නැති හින්දා ඔන්න එකමත් එක රටක කියල පටන් ගන්නම්. ඔන්න එකමත් එක රටක වෙරල අයිනෙ නගරෙක හිටි හැටියේ මහ දරුණු මිනීමරුවෙක් මිනිස්සුන් මරාගෙන මරාගෙන යන්න පටන් ගත්ත. මේ වැඩේට තමයි අර සින්ගිරිසියෙන් සිරියල් කිලිං කියාල කියන්නෙ. කීප දවසකට වරක් වෙරලෙ ...
යාලුවො .. වෙනස්වෙලා නැහැනේ ලංකාප්‍රියගේ සිතිවිලි එකමත් එක කාලෙක මං ගෙයක් හදන්න ඕනයි කියල වැඩේට අත ගැහුවා කියමුකො.. හැබැයි පුතෝ නයකුත් ගත්තට පස්සෙ මගෙ අතේ තිබුනෙ ඔය වැඩේ යන්තමින් පදිංචියට සුදුසු ගානට කරගන්න තරම් දනයක් තමයි. මොකද එතකොට මම රාජ්‍ය ආයතනෙක නිලදාරියෙක්.. කියන්න ඕන නැහැනේ .. ජරාව නොකන මහ ජනතාවගේ ධනය කොල්ල නොකන රාජ්‍ය නිලදාරියා කියන්නෙ හිඟන්නෙක්..ඉතින් මං ඔය ගෙයි වැඩේට අවශ්‍ය ලී ගත්තෙ සංස්තාවෙන් කොට ...
ඇයි මේ මිනිස්සු අපිට පාඩුවේ ජීවත්වෙලා මැරිලා යන්න දෙන්නෙ නැත්තේ ? ලංකාප්‍රියගේ සිතිවිලි ඔන්න එනවා දඩි බිඩිස් .. හපොයි.. දැන් ඉතින් මොනවා කරන්නද? ආපහු යන්නත් වෙලාවක් නැහැ අපේ වේගෙ හැටියට.. හැමදාම උස්සන් යන ගේ අස්සට රිංගා ගත්තත් පලක් නැහැ මේ මෝඩ මනුස්සයා එක්ක. ඔයි යකා ගේත් එක්ක මාව උස්සලා පඳුරක් අස්සට දාලා යාවි..ඊයෙත් කලේ ඒකනෙ.. ඒ මදිවාට අපේ හාමිනෙත් ඔය විදිහටම වැදගත් ගමනක් යනකොට ගේත් එක්කම උස්සලා පඳුරක් අස්සට දාල ඒ මදිවට මෙහෙමත් ...
ජුන්ඩා බේරා ගැනීමේ සටන. ලංකාප්‍රියගේ සිතිවිලි මන් පුංචි කාලේ අපේ ගෙදර තිබුනේ එල් අකුරේ හැඩයට .. තාත්තාගේ කාමරේ තිබුනේ ඉස්සරහින් .. එකේ ඉඳල ගෙයි අනිත් පැත්තට යන්න නම් විවුර්ත ඉස්තෝප්පුව හරහා යන්න ඕනෑ. දවල්ට මේ ඉස්තෝප්පුවේ ඉඳගෙන පාරේ යන එන අය දිහා බලන් නිදි කිරණ එක සොමි වැඩක් උනත් තාත්තගේ කාමරේ නිදාගත්ත මටයි අයියටයි ඔය ඉස්තෝප්පුව හරහා කළුවර රෑට ගෙයි අනිත් පැත්තට යන වැඩේ මහ මෙරක්.. ...
හඬන්නනි මේ ඔබටයි.. ජයග්රහහනයේ මන්තරය මෙන්න ලංකාප්‍රියගේ සිතිවිලි ප්‍රේමයේ විරහවෙන් පරාජයේ වේදනාවෙන් නොයෙකුත් ජීවිත ඉලක්ක වැරදීමෙන් හඬා වැටෙන දිවි නසා ගන්නට පතන පසු තැවෙන්නන්ගෙන් පිරී ඇති ජංජාලයේ අපට ..මගේ එකක් නොවේ.. ජංජාලයෙන් ගත් එකක්.. පහනෙන් තවත් පහන් දල්වමි.. අඳුර නිවන්නට.. ඔබන්න මෙතන ඔබන්න.. අසන්න මන්තරය.. ...
අපි වෙනස් වෙන්නේ කවදාද ? ලංකාප්‍රියගේ සිතිවිලි අද මං කතාකරන්න යන්නේ අපේ රටේ තියෙන සමහරක් යල් පැනපු නීති රීති රෙගුලාසි නිසා වැරදි ආකල්ප නිසා දුක් විඳින මිනිස්සු අපහාස විඳින මිනිස්සු ගැන කතාවක්.. මීට හුඟ කාලෙකට ඉහත වෙච්ච ඇත්ත සිද්දියක්.. මගේ හිතේ තවමත් රැඳිලා තියෙනවා එකේ කම්පනය. එක සිද්ද උනේ මම රාජ්‍ය සේවේ ඉන්න කාලෙයි.. ඒ කාලේ මම දැරුවේ මද්යම කළමනාකරණයේ තනතුරක් පරිපාලනෙට අදාළ. ඒ ආයතනේ විශාල සංක්‍යාවක් ...
අපි ගියෙ අහවල් කොලීජියට හරිද ? ලංකාප්‍රියගේ සිතිවිලි ඔන්න ආයිත් දෙබරෙකට ගලක් ගහන්න හිතුනා. කොහෙද ඉල්ලන් කන්න පුරුදු එකාට ඉන්න බැහැනේ නොලියා. මේ පාර මට අත කසන්නේ මේ ඉස්කෝල කතාව ගැන ලියන්නයි.ඉස්කෝල කතාව කිවුවේ රසවත් සිදුවීමක් නෙවෙයි.. මේ අපේ කෂ්ටිය තමුන්ගේ සියලු අඩුපාඩු වහගන්න එලියට දාන මන් අහවල් කොලීජියේ එකෙක් කියන කතාවයි.. මේක මෙහෙම ලියන්න තුඩුදෙන සිදුවීමක් ළඟදී උනා. ප්‍රශේනේ මේකයි.. ඉස්කෝලේ හොඳ නාමය ඒකට ගිය එකාට නම්බුවක් ...
අපේ රයිගමයයි ගම්පොලයයි ලංකාප්‍රියගේ සිතිවිලි මට ඉන්නවා බාල මල්ලිලා දෙන්නෙක් ..උන් දෙන්න නිවුන්නු. පුංචි කාලේ දෙන්නම එක වගෙයි අඳුන ගන්න බැහැ පවුලේ අයට හැර.. ඒ කාලේ උන් දෙන්න කල දේවල් මතක් උනාම තාමත් හිනා එනවා.අපේ රයිගමයයි ගම්පොලයයි දෙන්න ඉතින් සාමාන්‍යයෙන් වැඩ කරන්නේ කලින් කතාකරගෙන සැලසුම් කරගත් පරිදි උනාට උන් දෙන්න ඔවුව සාකච්චා කරන්නේ කොහෙදිද කොයි වෙලාවේදීද කියල අපි කවුරුත් දන්නේ නැහැ. හිටි ගමන් එකෙක් ඇඳුම් ...
කාටද ආඩම්බර ? ලංකාප්‍රියගේ සිතිවිලි එදාසුද්දන් තුවක්කුවේ බලෙන් පාරම්පරික ඉඩම් අයිතිකරගෙන ..තේ කෝපි වවන්න පටන් ගත්තම..තමුන්ගේ රටේ තමුන්ගේ ඉඩම්වල වහල් සේවෙට යන්න...තුවක්කුවේ බලේටවත් අපේ මිනිස්සු යට නොවෙච්ච හින්දයි ..දකුණු ඉන්දියාවෙන් වහල් සේවයට… අහිංසක දමිල මිනිස්සුන් පවුල් පිටින් කුදලාගෙන ආවේ..අද එහෙවු පරපුරෙන් පැවතෙනවයි කියන ආඩම්බරකාර තාත්තලා.... අරාබියේ ඒ කාලේ තමුන්ට කියල බිම්කඩක් නැතිව ඉබාගාතේ ගිය .. තණකොළ වැවෙන තැන් හොයා හොයා හරක් දක්කපු ..බෙඩුයින් ගෝත්රිකයින්ගේ ගෙවල් වල වහල් ...