උගුරට හොරෙන් බෙහෙත් බීම ලංකාප්‍රියගේ සිතිවිලි මේ සිදුවීම් ටික කියවල කියන්න බලන්න අදහස්.බුදු හාමුදුරුවෝ සතුන් මැරීම බවුද්දයින් විසින් නොකළයුතු දෙයක් හැටියට පැහැදිලිවම දේසනා කලා.. ඒ ගැන කිසිම විවාදයක් නැහැනේ ? මැලේසියාවේ චීන ජාතික බවුද්දයෝ විශේෂ ආපන ශාලාවලට ගිහින් මාළු ටැංකි වල ඉන්න මාළුවෝ පණපිටින් තෝරලා දීල ඊට පස්සේ සතුටින් උන්ගේ මස් උයවාගෙන අනුබව කරනවා. ඒ අයත් හොඳ බවුද්දයෝ.. ඔය වැඩේ වියට්නාමයේ බවුද්දයෝ ඔයිටත් වැඩ හොඳින් කරනවා. ඒ ගොල්ල පුංචි ...
වංචා ලන්තය නොහොත් පගා ලන්තය ලංකාප්‍රියගේ සිතිවිලි වංචාලන්තය කිවුව ගමන්ම මේ කතාකරන්න යන්නේ අපේ සකල සිරින් පිරි සිරි ලංකාව ගැන කියල එහෙම හිතන්න එපා.. අපේ පුංචි රටත් ඉතින් ඔය වංචාලන්ත මාවතේ ගමන් කරන්නේ අද ඊයේ ඉඳල නෙවෙයිනේ.. හැබැයි තාම මේ කියන ලන්තයේ තත්වයට උසස්වෙලා නැහැ ..මං එක කාලයක උපදේශක සේවාවක් කරන්න බාරගත්ත අප්‍රිකාවේ රටක .. නයිජීරියාවේ .මේ රට තියෙන්නේ අප්‍රිකාවේ බටහිර පැත්තේ .. සමකයට කිට්ටුව ...
ටයිටැනික් නොහොත් උත්තර නැති ප්‍රශ්නේ ලංකාප්‍රියගේ සිතිවිලි අම්මොයි !! මතක් වෙනකොටත් සකල සරීරය හිරි වැටෙනවා.. ඔය පුරස්නේ මගේ පොඩි එකී ඇහුව වෙලාවේ මගේ සකල සරුවාන්ගෙම සීතල උනයි කිවුවම හිතාගත්තෑකිනේ ..?මේක වෙනකොට මගේ පොඩ්ඩිට වයස අටක් විතර ඇති.. මායි මගේ ප්‍රියම්බිකාවයි කය්යක් දාගෙන ඉන්නවා කියමුකෝ.. ඉතින් ඔය වෙලාවට තමයි අපේ පොඩ්ඩි හැම දාම උදැල්ලක් අරගෙන එන්නේ.. "මට තාත්තීගෙන
මෙහෙම මගුල් කමුද අපිත් ? ලංකාප්‍රියගේ සිතිවිලි මේ ලියන ටිකට නම් අපේ ගෙදර පාලනයට අදිගෘහිත උත්තමාවියවත් (බය බෝයි ගැත්තාට සමාවෙන සේක්වා)වෙන කාන්තා පක්ශයේ එක සාමාජිකාවක්වත් සතුටු නොවෙන බව මට ප්රත්යක්ශය .. එහෙත් මියෙම්වා රැකෙම්වා කියා ලියා තබනවග නම්...මෙකියන කාලයේ මන් තුමා මලයාසියාවෙ රැකියාවකට ගොස් සිටිනා වකවානුවේ එහි අපේ කාරියාලයේ සේවය කොරන බුවෙක් කර කාර බන්දනයකට ලක්වීම නිමිත්තෙන් පවත්වන්නට යෙදුනු මහොත්සවයකට මන් තුමාටද ආරාදනා කොරන්නට ...
හදවතට තේරෙන සංගීතය ලංකාප්‍රියගේ සිතිවිලි . තේරුම නොදන්නා ගීතයක් රස විඳින එක මං හිතන්නේ තේරුම දන්නා එකක් රස විඳිනවට වඩා අපුරුයි.. බොහෝවිට සංගීතෙනුයි.. ගායනය කරන්නාගේ ගායන විලාශයෙනුයි කට හඬිනුයි හදවතට දෙන හැගීම් , චිත්ත රුප ගීතයේ අරුතට සම්බන්දයක් නැති වෙන්න පුළුවනි.. මට මේක විස්තර කරන්න තේරෙන්නේ නැහැ.. පහලින් මම ලියන ඒවා කියවල බලන්නකෝ. ඔන්න එක ගීතයක්. http://www.youtube.com/watch?v=7FPiVrDCyio අහන්න මුල කොටස. ගායනය පටන් ගන්න ඉස්සරින් තියෙන සංගීත &
සමීකරණය මෙහෙමයි ලංකාප්‍රියගේ සිතිවිලි මේක අමුතු කතාවක් නෙවෙයි.. අපේ රටේ අද්යාපන ක්‍රමේ හොඳකම නිසා කීදෙනෙක් අතරමන් වෙනවද කියන එක ගැන පුද්ගලික අත්දැකීමක්.මන් උසස් පෙළ පලවෙනි පාර කරන්න ඉස්කෝලේ යනකාලේ අපේ පන්තියට වෙන ඉස්කොලයකින් ගොබිලෙක් ආවා දෙවැනි පාරට උසස් පෙළ කරන්න.. මගේ මේ යාළුවා සාමාන්‍ය පෙළ ගොඩදාගෙන තිබුනෙත් දෙපාරට යන්තමින් තමයි.. ඉතින් කොච්චර උත්සාහයෙන් ඉගෙනගත්තත් මිනිහ ඒ