බලු වලිගේ උණ පුරුකේ ... ලංකාප්‍රියගේ සිතිවිලි "මිස්ටර් සරත්.. දන්නවද වැඩක්.. දැන් ඉතින් ඔහොම ඉඳල හරියන්නේ නැහැ.. මං වගේ භාවනා කරන්න පටන් ගන්න ඕනෙ.. ජීවිතේ හැමදම එක විදිහට තියෙන්නේ නෑනෙ.. අපි සෙට්ල් ඩවුන් වෙලා හිත සැනසිල්ලේ ඉන්න කාලෙ.. .. නැද්ද හොඳයි ? මං නම් දැන් සෑහෙන දුර ගිහිල්ලයි ඉන්නේ.." මං නම් මේ ලඟදිත් බණ්ඩාරවෙල ආශ්රමයට ගිහින් දවස් ගනනක් භාවනා කරල ආවා." ජීපී බයිට් කෑල්ලක් කටේ දාගන්න ගමන් ...
"තුරුම්පු කියල ගේමට බහිමු" 2.. ආදර්ශ ගොඩයි. ලංකාප්‍රියගේ සිතිවිලි ඔන්න මට හිතෙන හැටියට ගන්න තියෙන දේවල්.. පලවෙනි කොටස කියෙවුවෙ නැත්නම් මේක අපබ්බ්රංශයක් වෙයි.. ඒ හින්දා ඒකට මෙතනින් යන්නකො..1. මං කල පලවෙනි වැරැද්ද මවිසින් කලයුතු දෙය අනිකෙකුට පැවරීමයි.කවදාවත් තමුන්ට වඩාත් හොඳින් කරන්න පුලුවන් තමුන් විසින් සැලසුම් කරන ලද සහ උපක්රමික කරන ලද ප්‍රශ්නවලට තුඩු දෙන්න පුලුවන් තීරන ක්‍රියාතමක කිරීම වෙනත් අයට පවරන්න එපා. ඒක විනාශයට මුලක් වෙන්න පුලුවන්,, කරුමෙකටවත් අර ...
"තුරුම්පු කියල ගේමට බහිමු"(මිනිස්සුත් එක්ක 8 ) ලංකාප්‍රියගේ සිතිවිලි හුඟක් ආයතන පාලකයො හිතන්නේ සේවකයො කියන්නෙ තමුන්ට ඕන විදිහට දාම් ලෑල්ලක වගේ එහා මෙහා කරන්න බ්ලාස් අරින්න පුලුවන් රවුම් හතරැස් ඉත්තො කියලයි.. ඉස්සර කාලෙ නූගත් මිනිසුන්ගෙන් වහල්සේවෙ ගන්නකොට එහෙම වෙන්න ඇති.. ඒත් වහල් සේවෙ ඉවර වෙලා ශතවර්ශ ගනනාවක් ගතවෙලා තියෙන බවත් අද සේවකයා ලෙසින් හඳුන්වන පුද්ගලයා දියුනු මනසක් බුද්ධියක් ඇති තමුන්ගෙ අයිතිවාසිකම් හොඳින් දන්නා ආර්ථික සත්වයෙක් බවත් වටහාගෙන තීන්දු තීරන ...
අදට වඩා හොඳ හෙට දවසක් උදෙසා ලංකාප්‍රියගේ සිතිවිලි ඒථ තුම්හේකාලාමා; මා අනුස්සවේන; මා පරම්පරාය; මාඉතිකිරාය;මා පිටකසම්පදානේන; මා තක්කහේතු;මානයහේතු;මා ආකාරපරිවිතක්ක්කේන; මා දිට්ඨිනිජ්ජානක්ඛන්තියා;මාභබ්බරූපතාය; මා සමණෝනෝ ගරූති. යදාතුම්හේ කාලාමා, අත්තනාවජානෙයියාථ ඉමේ ධම්මාඅකුසලා. අථ තුම්හේපජෙයියාථ , ඉමේ ධම්මාකුසලා. අථ තුම්හේඋපසම්පජ්ජ විහරෙයියාථ ..කාලාමයෙනි යමක් ඇසූපමණින් භාර නොගන්න.. පරම්පරාවෙන් පැවත එනනිසාවත් එය එසේයයනආරංචියෙන්වත් ආගමිකපොත් පත්වල තිබුණුපමණින්වත් තර්කානුකූල නිසාවත්එය පවත්නා න්‍යායය නිසාවත්මේ කාරණය කියාතිබෙන හැටි මැනවැයිසිතාවත් තමන් කලින්සිතූ අදහ
ආගම හින්දාද ? නෑ නේද ? ලංකාප්‍රියගේ සිතිවිලි “අයියා දන්නවාද ? නිශාදි බැන්දනේලඟදී .”“ මොනවා.. අර චුට්ටංකෙල්ල ? මේ ඊයෙ පෙරේදා කොන්ඩකරල් දෙකක් ගොතාගෙනඉස්කොලේ ගිය පොඩිඑකී කසාද බැන්දා? ““පොඩි කොහෙද එයාටවිසි තුනක් විසිහතරක් ඇති මගේ හිතේ..” නංගී කිවුවා... “අනේ පවු.. අහිංසකකෙල්ල. කොච්චර කරදරමැද්දේද ඉගෙනගත්තේ.. ““දෙන්නම රස්සාව කරන්නෙත්එකම තැන.. හොඳකොල්ලා. දෙන්නා හොඳටගැලපෙනවා. අයියා යනවාදබලන්න ?”“කොහෙද ඉන්නේ දෙන්නාදැන් ? යන්න ඕනේබලන්න..” මං කිවුවා.ඉන් පස්සෙමගෙ ඊලඟ නැවතුමඋනේ අර දෙන්නගෙපොඩි කැදැල්ල. කොලඹනගරෙ ...
පියාණනි ලංකාප්‍රියගේ සිතිවිලි දස වසරකි පියාණනිමිනිසුන් අතර දෙවියකුදෙවියන් අතර දෙවියකු වීමනුලොව අප හැර ගිය දිනටඔබ ලොව වෙත ඉතිරිකල දෙයින්දුහුවිල්ලක් පමණවත්මා ඉතිරි කර යාදැයිසැකයකි මට පියාණනිඑතෙකුදු වුව සැමදාඔබ දුන් සවිය මා වෙතමැයිමිනිසකු ලෙස දිරියෙන්මිනිසුන් අතරපියමං කරන්නට ...
ලෝකය අයිති සුපිරි මිනිසුන්ට විතරද ? ලංකාප්‍රියගේ සිතිවිලි "ඔයගොල්ලා බබා හම්බවෙන්න ඉඳිද්දී වෛද්‍ය පරීක්ශණයක් කලේ නැද්ද ? දැන් කාලෙ අඩු මාස ගානක් ඇතුලත පරීක්ශණයකින් හොයාගන්න පුලුවන් බබා සාමාන්‍යද නැද්ද කියලා." මගේ බිරිඳගේ මිතුරිය අපෙන් අහනවා. උපතින් ටික කාලකට පසුව අපේ දරුවා ඩවුන්ස් සින්ඩ්‍රොම් නමැති තත්වයට අයත් බව දැනගත්තේ. ඒ දැන ගැනීමත් එක්ක ඇති වූ කම්පනයත් එය විඳ දරා ගැනීමට පිලි ගැනීමට සහ එයත් සමග සටන් කරමින් දරුවා හදා ...
මේ බොසා එක්ක හැප්පුනොත් ඔහොමයි (.මිනිස්සුත් එක්ක 7) ලංකාප්‍රියගේ සිතිවිලි ප්‍රධාන මෙහෙයුම් කලමනාකරු හැටියට මට පත්වීම ලැබෙන්නේ මම කවදාවත් නොහිතු ආකාරයටයි.. සාමාන්‍යයෙන් මේ තනතුර හැමදාම පිදුනේ වැඩි ජ්‍යේෂ්ඨත්වයක් ඇති මෙහෙයුම් ක්ෂේත්රයේ නම් දරාපු තලතුනා අයටයි.. එහෙම සුදුසුකම් ලබපු අය ඉන්දදී මට මේ තනතුර දුන්නාම කලබැගෑනි බොහොමයක් ඇති උනා. තම තමුන්ට ඒ තනතුර ලැබිය යුතු යයි සිතා සිටි කිහිපදෙනෙක්ම ලිකිත වාචික ඉදිරිපත්කිරීම් අමාත්‍යාංශය දක්වා කර තිබුන බවයි මට දැනගන්න ලැබුනේ. අනුන්ගේ ...
දන්න යකා( යකින්න )බැඳගනීම ලංකාප්‍රියගේ සිතිවිලි හොඳම මිතුරා පෙම්වතාවීම හොඳම මිතුරිය පෙම්වතිය වීම නැත්නම් ඔහු හෝ ඇය සමග විවාහවීම හොඳද නරකද ? ඔන්න මට ලියන්න කියල අපේ ජංජාල සගයෙක් දුන්න මාතෘකාව. මං ඉතින් ඕක ගැන සෑහෙන්න කල්පනා කලා. ඊට පස්සෙ ඔන්න ඔහේ ලියනවා වෙන දෙයක් වෙද්දෙන් කියලා ලියන්න ගත්තා. කවුද හොඳම මිතුරා ?හොඳම මිතුරා කියන්නෙ දෙමාපියන් සොහොයුරු සොහොයුරියන් හෝ පෙම්වතිය පෙම්වතා හෝ නො එසේනම් සැමියා බිරිඳ ...
මිතුරු තුමෝ- 2 ලංකාප්‍රියගේ සිතිවිලි අවුරුදු හයකට පස්සේ මුම්බායි නගරෙට නැවත වතාවක් යන්න මට ගිය සතියේ වරමක් ලැබුනා. වෙනදා ඔය විදිහට කොහේ හරි යන්න උනාම නහයෙන් අඬ අඬ යන මම මුම්බායි වලට නම් ගියේ බොහොම සතුටෙන්.. ඒ මොකද දන්නවද ? මගේ මිතුරන් ආපහු දකින්න තිබුන ආසාව හින්දා. මගේ පුංචි මිතුරා කියවපු අය නම් දන්නවනේ සරත් කාරයා මුම්බායි වල හිටියා කියලා ඉස්සර. මේ පාර ඉතින් මට ...
මිනිස්සු එක්ක 6 (ජීවිතයක අගේ ) ලංකාප්‍රියගේ සිතිවිලි මේ බ්ලොග් ලියන බහුතරයක් අපේ තරුණ අයට අසුවේ අග භාගේ ඉඳන් අනුවට විහිදුනු භීෂණ සමය ගැන ඇත්තේ ඇසු දේවල් මත ඇති දැනීමක් පමණක් උනාට ටික දෙනෙක් හරි ඒක අත්දැකපු අය ලියන අය වගේම කියවන අය අතරෙත් ඇති.. එහෙම කාලයක් දේශයක් දීපයක් වනේ වන හතුරෙක් ඉන්න තැනකටවත් ඇතිවෙන්න එපා කියනවා හැර වෙන මොනවා කියන්නද මතක් කරලා. මම වැඩ කලේ අත්‍යාවශ්‍ය සේවයක් ...
මිනිස්සු එක්ක 5- අපේ දොස්තර නෝනා ලංකාප්‍රියගේ සිතිවිලි බල්ලට ඇති වැඩකුත් නැහැ හෙමින් ගමනකුත් නැහැ කියනවනෙ.. මටත් එහෙම තමයි..මට නම් හැබැයි හැමදාම හොම්බෙන් යන තරමට වැඩ නම් තිබුනා.බහුතරයක් කරන්නෙ දඩි බිඩි වැඩ.. පරිනත වෙලා කියලා හිතන් හිටියාට අදත් එහෙමම තමයි.. ඔහොම කිවුවට ඉතින් හෙමින් සීරුවෙන් කරන වැඩ ටිකක් තියෙනවා. මොනවද කියලා අහන්න එහෙම එපා.. ඔහොම දඩි බිඩි වැඩක් කලා බොහොම ඉස්සර නොහොබිනා තැනක. මම අපේ වෙන්ඩ හාමිනේගෙ ගෙදර ...
මිනිස්සුත් එක්ක -4 (ඇත්ත තිත්ත වෙලාවේ..) ලංකාප්‍රියගේ සිතිවිලි “මල මිනියක්ඇම්බියුලන්ස් එකේ ගෙනියන්නදෙන්න බැහැ.. ඕකස්ට්රෙචර් එකටගන්නත් එපා ,..” දොස්තරනෝනා බොහොම තදින්ඒ වගේම හයියෙන්තමුන්ගෙ සෞඛ්‍ය සේවක මහත්තුරුදෙන්නට අණ කලා. වට වෙලාහිටිය සිය ගනනක්මිනිස්සු මුනු මුනුවෙන් පටන් ගත්තවිරෝධය කුනාටුවකතත්වෙට වර්ධනය වෙන්න ගතඋනේ ඇසිල්ලක්විතරයි..චන්ද්රසිරිඅහිංසක පෙනුමක් තිබුනබොහොම කෙඳෑරි මනුස්සයෙක්.. ඔහු පර්යන්තයෙ සේවයකලේ බර එසවුම්යන්තර සහකරුවෙක් හැටියටයි.. ඔහු වැඩ කල යන්තරේ රියදුරුඋනේ රත්නෙ .. චන්ද්‍රසිරිගෙ රාජකාරිය උනේරියදුරාට ආරක්ෂාකාරී විදිහට වැඩකරන්න සහය වීම වාහනයබලා කියා ...
මිනිස්සුත් එක්ක -3 (ඇත්ත තිත්ත වෙලාවේ..) ලංකාප්‍රියගේ සිතිවිලි “මල මිනියක්ඇම්බියුලන්ස් එකේ ගෙනියන්නදෙන්න බැහැ.. ඕකස්ට්රෙචර් එකටගන්නත් එපා ,..” දොස්තරනෝනා බොහොම තදින්ඒ වගේම හයියෙන්තමුන්ගෙ සෞඛ්‍ය සේවක මහත්තුරුදෙන්නට අණ කලා. වට වෙලාහිටිය සිය ගනනක්මිනිස්සු මුනු මුනුවෙන් පටන් ගත්තවිරෝධය කුනාටුවකතත්වෙට වර්ධනය වෙන්න ගතඋනේ ඇසිල්ලක්විතරයි.. ...
මිනිස්සුත් එක්ක -3 (.කවුද බෙල්ල දෙන්නේ ?.) ලංකාප්‍රියගේ සිතිවිලි සුදු ජාතික ඇඳුම තමයි ටියුඩර් මහත්තයා හැමදාම ඇන්දේ. කොයිතරම් දුවිලි කළුතෙල් අපද්‍රවය පිරුණු පරිසරයක උනත් කවදාවත් ඔයිට වෙනස් ඇඳුමක් ඇඳගෙන ඉන්නවා මම දැකල නැහැ.. ඔහු සේවය කලේ මම ඒ කාලේ වැඩ කල අංශයේ වැඩ මුලික (ෆෝමන්) කෙනෙක් හැටියටයි.. බුලත් කහට ටිකක් තිබ්බත් හිනාවෙනකොට බොහොම සිරියාවයි මුහුණ .. මට අපේ තාත්තා තමයි මතක් වෙන්නේ. අඩි හයකට කිට්ටුව උස මගේ හිතේ. ...
මිනිස්සු එක්ක -2 ලංකාප්‍රියගේ සිතිවිලි මිනිස්සු එක්ක 1 බැලුවොත් ඉතින් හොඳයි.. නැතත් කමක් නැහැ.. බණ්ඩාර සුදු සරම අත්දිග කමිසය ඇඳගෙන ඇවිත් ඇඳුම මාරුකරගන්නේ බර වැඩ කරන දොඹකර යන්තරයට නගින්න ඉස්සෙල්ලයි.. හුඟක් වෙලාවට දිවා මුරයේ බණ්ඩාර දොඹකරයට නගින හැටි මම දකිනවා. ඒ මොකද එතකොට මම කාර්යාලේ පැත්තක දාල ක්ෂේත්රයේ ඇවිදින නිසා. සරම කැහැපොට ගහගෙන ඉනිමගට නගින්න එනකොට මාව හම්බ උනොත් සුරුස් ගාල අර සරම පහලට වැටෙනවා. ...
මිනිස්සු එක්ක .. ලංකාප්‍රියගේ සිතිවිලි ලංකාවේ රස්සාව දාල ආ එකෙන් මට වැඩියෙන්ම අහිමි උනේ මොකක්ද කියල ඇහුවොත් මට කියන්න තියෙන්නේ පුංචි මිනිස්සු කියන එකයි.. මිනිස්සු එක්ක වැඩ කිරීම කලාවක්.. ඒක කෙනෙකුට සහජයෙන්ම පිහිටන්න පුළුවන් දෙයක් උනත් ඕනෑම කෙනෙකුට හදා වඩා ගන්න බැරි දෙයකුත් නෙවෙයි.. රාජ්‍ය සේවේ වගේම පුද්ගලික අංශෙත් ආයතන ගණනාවක සියරටේ මෙන්ම විදේශ ගතවද සේවය කල කෙනක් හැටියට මගේ සුදු කළු අත්දැකීම් මම බෙදා ...
ලංකා උණ 2-"අයියේ ඔයා ලංකාවේ නේද ?" ලංකාප්‍රියගේ සිතිවිලි ලංකා උන 1 බැලුවද මන්දා. බැලුවේ නැත්නම් මෙතනින් යන්න. අවුරුද්දක්ම කට්ට කාල හැබැයි ඉතින් යුරෝපේ වටේ රට තොට හොඳින් බලා කියාගෙන යකඩ වැටෙන් එහා පැත්තෙත් රටවල් කීපයක සවාරි එහෙම ගහල යාලු මිත්රයොත් ගොඩක් හදාගෙන ගිය වැඩෙත් පළමු කැලාසියක් සහිතව ගොඩ දාගෙන ඔන්න ගෙදර යන්න කාලේ ආව.. නොමිලේ හම්බවෙච්ච ආපසු ගමන යන්න හදල දීල තිබුනේ බ්‍රසල්ස් ඇම්ස්ටර්ඩම් හරහා. නමෝ විත්තියෙන් ඔක්කොටම ...
සිනිඳු ගවුම් කෑල්ලේ බලේ .. ලංකාප්‍රියගේ සිතිවිලි http://lankapriyagesithivili.blogspot.com/2012/08/blog-post_5178.html මෙතන ඔබලා යනවද ?
සිනිඳු ගවුම් කෑල්ලේ බලේ .. ලංකාප්‍රියගේ සිතිවිලි දැනට අවුරුදු දහයකට එකොළහකට ඉස්සර මං විදේශ රටක පුද්ගලික ආයතනයක උපදේශකයෙක් හැටියට සේවය කලා. ඔය උපදේශක රස්සාව බාර ගත්තට මොකද අන්තිමට මට සිද්ද උනේ ඔය ව්‍යාපාරේ මෙහෙයුම් කටයුතු බාරව වැඩ කරන්නයි.. මෙහෙයුම් අංශය භාර ප්‍රධානියා හැටියට මගේ උසස් නිලධාරියා උනේ මේ සමාගමේ ප්‍රධාන කොටස් අයිතිකරුවෙක් උන අදාළ රටේ පොහොසත්ම අයගෙන් එක අයෙක් වූ සභාපති වරයාමයි. ඒ වගේ බොහොම දක්ෂ කාර්යක්ෂම ...