අලස සුවය ලංකාප්‍රියගේ සිතිවිලි ලියන්නට ඇතත් සිතකෝ ඊට වෙලාවක්ගත උනා එක් මසක්අකුරකුදු නොලියවීලැබුණුවිට ඉසුඹුවක්කියවන්න බොහෝමැයිආ බවට සටහනක්නොතිබ්බොත් සෝලිවෙයිඔබ ලියූ පිටු අතරඅතරමං වෙනු මිසකමගේ බ්ලොග කොටන්නටරිසියකුදු නොමැත මට..කොන්ක්‍රීට් බ්ලොග ලියනප්රසන්නය වගෙ මමත්කියව කියවා ඉඳිමිඑය සැපය මට සිතේ ! ...
මැලේසියාවට හොරෙන් රිංගන්න එපා ! ලංකාප්‍රියගේ සිතිවිලි පහුගිය සතියේ මේ රටට ආව අපේ බ්ලොග් සගයෙක් සහ ඔහුගේ අනිත් සගයින් දෙදෙනෙක් සිංගප්පූරුවේ සිට මැලේසියාවට සංක්‍රමණය වූ අවස්ථාවේදී නීත්‍යානුකූලව ලබාගත් වීසා සහ වෙනත් ලියකියවිලි තිබියදීම ආගමන විගමන නිලධාරීන් හමුවේ ඉමහත් අපහසුතාවයන්ට මුහුණදුන් බව දැනගන්නට ලැබුණා. මේක අළුත් දෙයක් නම් නෙවෙයි.. සංචාරක වීසාවක් හෝ හොර වීසාවක් ඇතිව මේ රටට පැනගත්පසු වීසා කාලය ඉක්මවා රැඳෙමින් නොයෙකුත් ජාවාරම් කරුවන්ට රැවටෙමින් දුක් විඳ ...
සැනසිල්ලේ මැරෙන්න දෙනවද ? ලංකාප්‍රියගේ සිතිවිලි "අනේ බුදු තාත්තේ අපිව දාල යන්න එපෝ... අනේ දෙවියනේ අපේ තාත්තාව බේරලා දෙන්න.. මොකක්ද මේ උනේ අයියෝ.." වටවෙලා ඔක්කොම හඬාවැටෙනවා.. තාත්තාගෙ අවසන් හුස්ම යන්න තව ටික කාලයයි.. " අනේ මං මුංව දාල කොහොම යන්නද ? මං නැතුව මුං කොහොමද ජීවත්වෙන්නේ ?" තාත්තගේ දෑසින් කඳුලු බේරෙන්නෙ එතකොටයි.." කෝ අතක් පයක්වත් හොල්ලන්න බැනෙ.. කතා කරන්නත් බෑ.. හිතන්න විතරක් පුළුවන් උනේ මොකටද මට ...
අවසන් හුස්ම පොද ලංකාප්‍රියගේ සිතිවිලි පිලිගැන්වීමමරණීය දණ්ඩනයට නියමිතව දිනය එනතෙක් කැලිෆොර්නියාවේ සැන් ක්වෙන්ටින් සිරගෙදර සිර මැදිරියක සිරගතවසිටි ජාටුරුන් සිරිපොංස් තමා සිටි දුර්දාන්ත අවස්ථාව අධ්‍යාත්මික වර්ධනයට කරුණාව මෛත්‍රිය දියුණු කරගැනීමට හා මරණයට නොබියව මුහුණ දීමට යොදගත් අයුරු මේ කතාවෙන් ඔබට පෙනේවි..ඔහුගේ අවසන් දින කීපය තුල අධ්‍යාත්මික උපදේශකයා ලෙසින් කටයුතු කරන ලෙස ඇරයුමක් ලැබීමට මම වාසනාවන්ත වීමි..කිසිදා කලින් මුණ නොගැසුණු ඔහු කවර අයුරක චරිතයක්දැයි මම නොදතිමි..එහෙත් නොසිතු ...
ජංජාල මිතුරෝ ලංකාප්‍රියගේ සිතිවිලි පුරා මසක් නොලියූ මංඑබී බැලිමි බ්ලොග් පිටුවටසැරි සැරිමි ඊ ලිපි අතුරක් නෑරඋන්නාදැයි මැරුණාදැයිකිසිවෙක් මාගැන සොයා ඇතිදැයිසැක හැර දැනගනුවස්..කාටවත් නැති හැටි වගක්සරතා උන්නාද මලාදැයි !මදැයි මං හිතන් උන්නාමට ජංජාලෙ මිතුරන් ඇතැයි.. ...
පුරසාරම් අස්සේ ගොන්කම්ද ඇත්තේ .. (මිනිස්සුත් එක්ක) ලංකාප්‍රියගේ සිතිවිලි "ටොප් ලිෆ්ටර් එකට යට කරලා සුපර්වයිසර් ධර්මසේනව මරන්න හදලා ලෝගුස්.." පර්යන්ත භාර ප්‍රධාන කලමණාකාර මගේ මිත්‍රයා බොහොම කලබලෙන්.."බලන්න සරත් මූ කරල තීයන වැඩේ ? මිනිහාට ඕනෙ විදිහට නටපු නැති හින්දා මැෂිම ලඟින් ධර්මසේන මෝටර් සයිකලෙන් යනකොට මූ වෙට්ටුවක් දාල මැෂිමෙ පස්ස පැත්තෙ හප්පන්නයි හදල තියෙන්නෙ.. වහාම වැඩ තහනම් කරන්න මං ඕඩර් කලා.. මෙහෙම වැඩක් කලාම මුංව නලවන්න මට බෑනෙ.. අර ...
ගහට ගහක් වරායෙදි ? (මිනිස්සුත් එක්ක ) ලංකාප්‍රියගේ සිතිවිලි "මොකද ඔයා මේ කලේ ?" මං ලොරියෙ රියදුරාගෙන් ඇහුවෙ කෙලවරක් නැතුව කඩා හැලුන වැහි වතුර නාන ගමන්.." ඒක තමයි මහත්තයෝ මාත් මහත්තයගෙන් අහන්න හැදුවෙ..""මහත්තය හන්දියට ආවා වාහනේ සොලෝ කලා නවත්තන්න. මාත් සොලෝ කලේ ඉතින් පුරුද්දට .. මහත්තයා නවත්තයි කියල හිතන් මං ඉස්සරහට ආවා.. මං ආවෙ ප්‍රධාන පාරෙනෙ.. එතකොට තමයි මහත්තය වාහනෙ ඉස්සරහට අරං ලොරියෙ හැප්පුවෙ.. මං අමාරුවෙං දකුනට කැපුවෙ නැත්තං ...
නේන ගමන ලංකාප්‍රියගේ සිතිවිලි දොස්තර මහත්තය නලාව පපුවෙන් අහකට ගත්තෙ එයා ඉවරයි කියන සංඥාව මූනෙන් වටේ හිටි අයට හැඟවෙන විදිහට රවුමක් බලල හුස්මක් හෙලුවට පස්සෙයි.. සාත්තු සේවකයා සුදු රෙද්දෙන් ලෙඩාගෙ මූනත් එක්ක වහල දැම්ම.. හැබැයි ලෙඩාගෙ මූන මං දැකගන්න කලින් නෙවෙයි.. "මොනවා ? ඒ මං නේද ? "එතකොට මං මැරිලා. අදහාගන්නත් අමාරුයි..කවුද හිතුවෙ මං මැරෙයි කියලා ? "දරුවො හතරදෙනෙක් හදල මුණුබුරොත් මිණිබිරියොත් දැකල උනත් ...
මං මේ හිතන්නෙ මොනවද දන්නවද ? ලංකාප්‍රියගේ සිතිවිලි අර පාරෙ යන වාහන ඔක්කොම රෝද උඩ තියං මුනිං අතට අහසෙ පාවෙන්නෙ කොහොමද තටු නැතුව ?ඇයි ඔයාල වලාකුලුවල ඔලුවෙන් හිටගෙන පොලොවෙ එල්ලිලා ඇවිදින්නෙ හූනො වගේ ?කුරුල්ලන්ට හිටං උඩ යට මාරුවෙලා.ඒ මදිවට අපේ කුක්කාත් කකුල් හතරෙන් පොලොවෙ එල්ලිලා අහසෙ පාවෙන එකනෙ ඉවසන්න බැරි..මං විතරයි පොලොවෙ පය ගහල වලාකුල්වල ඔලුවෙන් ඇවිදින්නෙ නැත්තෙ..ඇයි ඔයාලට මං වගෙ වෙන්න බැරි ? ...
මේ ගහත් ඒ ගහත් ඇර තවත් ගස් තිබේද ? ලංකාප්‍රියගේ සිතිවිලි කෝලිත පොඩි සාදු හිතේ තියෙන ප්‍රශ්නෙ ලොකු හාමුදුරුවන්ගෙන් අහනවද නැද්ද කියල විපිරියාසෙන් කීප වතාවක් උන්නාන්සෙ අසලින් එහාට මෙහාට ගියා..ලොකු හාමුදුරුවෝ භාවනාවක ගිලිලාවගෙ බොහොම අවධානයෙන් පන්සල් මිඳුල අතුගාගෙන අතුගාගෙන ගියා. එක පැත්තකින් ඉදලට අසුවෙලා අතුගෑවිල යන බෝකොල .. අනිත් පැත්තෙ බොහොම සීරුවට ලස්සනට පොල් අත්තෙ රටාවට අතුගාපු බෝ මලුවෙ වැලි තලාව.. පොල් අතු රටාවෙ අතරින් පතර පොඩි සාදුගෙ පුංචි අඩි සලකුණු.. ...
චිංචි මානවිකාවන්ගෙන් පවුල රැක ගනු(කාන්තාවන්ට පණමයි) ලංකාප්‍රියගේ සිතිවිලි "ඔයාට තෙරෙන්නෙ නැද්ද ? ඔයා හරියට දුක් විඳිනව..සරත් කරන්නෙ ඔයාව හූරගෙන කන එක .. මට ඔයාගැන හරි දුකයි.."මූනෙ ලේ කලඳක් නැති චීන හොල්මන අපේ හාමිනේට ඔහොම කිවුවෙ අර කුණ්ඩහට්ටියක් වගෙ මූනෙ පුදුම දුකක් රඳවාගෙන වෙන්ඩ ඇති.. එතකොට අනෝරා වැස්ස.. පොඩි එකා අර හොල්මනගෙ පන්තියට අරන් ගිහින් ආපහු එතන ඉඳල එයාව තව කිලෝ මීටර තුනක විතර දුරකින් තිබුණ සෙන්සරි ව්‍යායාම කරන ...
මං මැරිලද ? ලංකාප්‍රියගේ සිතිවිලි "ඔහෙගෙ නම සරත් නෙවෙයි දැන්... ඇත්තටම කිවුවොත් ඔහෙට තාම නමක් නැ. මේ ඉන්නෙ අන්තර්භව අවස්තාවෙ..""මොනවද මේ පිස්සා මේ කියවන්නෙ ? මේ ඉන්නෙ මම නෙවෙයි නං වෙන කවුද ?මේ තියෙන්නෙ උදේ මං ඔෆිස් එන්න ඇඳන් ආපු කමිසෙයි කලිසමයිනෙ. ආ. මේ තාමත් ටයි පටියත් එහෙමම. මට මතකයි එලියට බහින්න හදනකොටම ලමයින්නෙ අම්ම කියනවා ....."ඔයා අද ඇඳන් ඉන්නෙ නොගැලපෙන පාටක ටයි එකක්." කියල. ...
ගැහැණියකගේ/පිරිමියකුගේ ස්වාධිනත්වය දරාගත නොහැකි කාලකන්නි පිරිමි/ගෑණු !! ලංකාප්‍රියගේ සිතිවිලි ගැහැනියකගේ ස්වාධීනත්වය... පිරිමියෙකුගේ ස්වාධීනත්වය.. හ්ම්ම්... ස්වාදීනත්වය නිදහස ... විවාහය.. බැඳීම..අපි ඉස්කෝලෙ ඉගෙන ගන්න කාලෙ පුද්ගලික නිදහස ගැන අර්ථ කථනයක් කරපු අපේ සර් කිවුවෙ "කෙනෙකුගෙ නිදහස සීමාවෙන්නෙ එයත් එක්ක ජීවත්වෙන සමාජයෙ අනිකුත් අයගෙ නිදහසෙන්" කියලයි.. ඔය අර්ථ කථනය දිගේ ගියාම පෙනෙන්නෙ සම්පූර්ණයෙන්ම නිදහස්ය ස්වාධීනය කියල හිතන්න පුලුවන් වෙන්න නම් කෙනෙක් ජීවත්වෙන්න ඕනෙ තට්ට තනියම සතෙක් සරුපයෙක්වත් නැති පට්ටපල් කාන්තාරයක හරි දක්ෂිණධ්රවයෙ ...
දෙවියෝ දේවාල සහ කපුවෝ..(මිනිස්සුත් එක්ක 9) ලංකාප්‍රියගේ සිතිවිලි ආණ්ඩු එනවා ආණ්ඩු යනවා ඇමතිවරු එනව ඇමතිවරු යනවා සංස්ථා සබාපතිල එනවා ඒ ගොල්ලත් යනවා. අපේ ආයතනෙට ඔය විදිහට අවුරුදු දහයක් තුල සබාපතිල නමයක් ආවා ගියා.. රජයෙ සේවකයො වෙච්ච අපි කවුරු ආවත් ගියත් අපේ රාජකාරි දේවකාරි වගේ කලා ආයතනෙ ආරක්ෂා කලා. මිනිස්සුත් ආරක්ෂා කලා.. වෙනස්වෙන වෙන සැරේට පෙස්සං ගියා.. හැබැයි හොරුන්ට තක්කඩින්ට විරුද්දව නෙවෙයි.. අවංකව වැඩකරපු අපි වගෙ අතලොස්සකට විරුද්දව. එක ...
ඕං විස්වාසෙට ගංට මහත්තයෝ ලංකාප්‍රියගේ සිතිවිලි "බාසුන්නැහේ මට කිවුවෙ නෑනෙ අර මන්නාරමේ ගිහින් වෙච්ච සංගදිය.." මං කලින් එයා නිකමට සඳහන්කල කතාවක මුල මතක් කලා."අහ්.. ඇත්ත නේන්නං..""ඔන්න මං ඒ කාලෙ මාසෙකට වතාවක් යනෝ මන්නාරං. .. වෙන මොහොකටවත් නොවෙයි..අපෙ මස්සිනත් එක්ක මං කරෝල බිසිනෙස් එකක් කලානෙ.. ඕක උනේ ඔය පනස් ගනං වල තිබ්බ මහ ගංවතුර කාලෙ,""ඔය ගංවතුර මන්නාරමටත් ගැලුවද බාසුන්නැහෙ "?"මහත්තය මේ මොනව අහනවද ? මන්නාරමට ගලාපු තරං ...
ඕං විස්වාසෙට ගංට ලංකාප්‍රියගේ සිතිවිලි "විස්වාසෙට ගංට මහත්තයා.. මං ඇහැපියාගන්ට කොට්ටෙට ඔලුව තිබා විතරයි.. ඕං ඇහෙනවා සද්දෙ.. සර සර සර සර ගාල ගේ පිලිකන්නෙන්.. එදා ගේ හරියකටම හිටියෙ මායි අපෙ ගෑනියි විතරෝමයි.." බාස් උන්නැහේ කිවුවෙ රහසක් කියන්න වගේ. වට පිට බලල ප්ටෲස් ගාල බුලත් කෙල පාරක් මිදුලට අතෑරියාට පස්සෙ ආයිත් කතාව පටං ගත්ත.."මහත්තයට කියංට මං ඉතිං මෙලෝ යකෙකුට බය එකෙක්යැ.. ගත්ත කෙටේරිය අතට.. ම්හු.. දැන් ...
සමිඳුනි කියනු මැන (2) ලංකාප්‍රියගේ සිතිවිලි මතක නැත කල වරදක්උපත හැර මේ පින් බිමවිඳින්නට වද හිංසා යදමින් බැඳ විලංගුද ලා පවුරු මැද වැඩහිඳිනාබෝ සමිඳු අබිමුව හිඳඅනේ බුදු හාමුදුරුවනේආපහු මේ මාතෘකාව ඇදගන්න හිතුනේ මේ සතියෙ ප්‍රසිද්ද පුවත්පතක ගංගාරාමෙ අලිපැටියෙක් ගිණිමද්දහනෙ පිච්චි පිච්චි දුක් විඳින හැටි දැකල ඊටත් පස්සෙ සමකය වටේ ලියලතිබුන මේ ලිපියට දුකාගෙ සටහන කියෙවුවට පස්සෙ. වහෙන් ඔරෝ නොකියා කෙලින්ම කියමුකො.. මං කියන්නෙ බෞද්ධ විහාර පන්සල්වල ...
සිල් අරං ලංකාප්‍රියගේ සිතිවිලි තාත්තේ.. !!තරුණිය සද්ද නගා කෑ ගැසුවේ උමතුවෙන් මෙනි.අපෙ ගම් පලාතට නුදුරු ඉපැරණි පින්කෙතක බවුන් වඩනා ස්වාමීන් වහන්සේ කෙනෙක් රහත් භාවයට පැමිණ ඇතැයි යන ප්‍රවෘත්තිය ලැවු ගින්නක් මෙන් පැතිර යද්දී පුවත් පත්වලට එය ඉව වැටීම අරුමයක් නොවීය. කිසිම ප්‍රසිද්ධියක් නොමැතිව කල්ප කාලයක් තිබුණු ඒ අරම ලක පුරා පරසිදු වුයේ දින කිහිපයක් ඇතුලතදීයයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ. පත්තර වලට යන්නත් කලින් අම්මාට ...
සැබෑ මිනිසෙක්-(මිනිස්සුත් එක්ක 8.) ලංකාප්‍රියගේ සිතිවිලි ආණ්ඩුවේ නිවාඩු දවස් පෝය දවස් සති අන්ත කියන්නේ ගොඩක් ඉස්තීර රස්සාවල් කරන අයට නම් සතුටු දායක දවස්නෙ.. පවුල්කාරයො දරු මල්ලෝ එක්කයි පුරේම වන්තයෝ වන්තියෝ තමුංගෙ ඉතිරි බාගෙ හරි බාගවල් එක්කයි හරි සොමියෙ ඉන්න දවස්..එහෙම එකක්වත් කරගන්න බැරි කොල්ලෝ යාලුවො එක්ක කදේ ගහං විනෝදෙන් ඉන්න දවස්. ඒ උනාට වරායෙ වැඩ කරපු අපිට නම් ඔය දවස් හිස රදේ හැදෙන දවස් කියල කිවුවොත් ...
අබිලික් පුරස්නවලට අබිලික් විසඳුම්..නොහොත් දිට්ට ධම්ම වේදනීය කර්ම ලංකාප්‍රියගේ සිතිවිලි "උඹේ ආගමේ කියන විදිහටම උඹට පඩිසන් දුන්නා. හූ හූ.." ඩොමින්ගස් මං පස්සෙන් එලවිල්ල නතර කරල බඩ අල්ලං දෙකට නැමි නැමී කැකිරි පලන්න ගත්ත.. උගෙ බොක්ෂිංද නැත්නම් මගෙ කරාටෙද වැඩිය ලොකු කියල අත්හදා බලන්න වෙන එකෙං ගැලවෙන්නයි මං දිවුවෙ..මං කරපු අසමජ්ජාති වැඩේ හින්දා ඌ හිටියේ මාරාවේශ වෙලයි.. ඩොමින්ගස් කියන්නෙ කියුබාවෙන් ඇවිත් අපිත් එක්ක කැම්පස් එකේ හිටි මගෙ මිතුරා. බොක්ෂින් ක්‍රීඩාවට හොඳ ...