අනුන් හදපු සේනාව අරං යුද්දෙට යාම(මිනිස්සුත් එක්ක) ලංකාප්‍රියගේ සිතිවිලි මේ යටින් තියෙන දෙබසට අදාල අතීත කතාව මං ලියන්නං. ඒක පිරිස් පාලනය කරන වෘත්තීය ආරවුල් සහිත ආයතනවල නිළධාරීන් හැටියට සේවය කරන අයට ප්‍රයෝජනවත් වෙයි කියල මං හිතනවා. අනිත් අයට උනත් ඒකෙන් පාඩමක් ලැබේවි."සර් දකින්නත් ආසයි .. උපාලි මහත්තයත් සර් වගෙම තමයි.. අපෙ ගැන හොයල බලනවා.. ඕනෙම වෙලාවක ඇවිත් අපේ ප්‍රශ්නයක් කතා කරල විසඳගන්න පුළුවන්.."නිශ්ශංක කියන්නෙ දෙකන් දක්වා විහිදුන හිනාවක් එක්කයි.. ...
මේව වෙන්නෙ කොයි රටේද ? ඇමෙරිකාවෙ, ඇමෙරිකාවෙ.. ලංකාප්‍රියගේ සිතිවිලි වෙන්නේ කොහෙද මෙවුවා අපේ රටේ නොවේඇමෙරිකාව කියනා බුමියේම වේඅන්තර්ජාලයෙන් කොපියකි මම ගැහුවේ රස වැඩි වෙන්න එය මම කවියෙන් ලිවුවේඇමෙරිකාවේ හිටි ලොක්කා දවසක්දාඑබුනා සුපිරි බැංකුවකට අනෙ මන්දාසල්ලි ගන්න ආවොත් මෙහි මගෙ උන්දාඑක ඩොලරයක් නොදෙනුයි උපදෙස් බැන්දා“මේ උපදෙස් හැටියට වැඩ කරන්නට නැහැ කිසි ප්‍රශ්නයක් වෙන නම් දකින්නටආයතනයේ උපදෙස් පිළිපදින්නටඕනා ඔබගෙ හැඳුනුම්පත බලන්නට“ඇයි බොල මේ රටේ කවුරුද නොම දන්නේජෝජ් බුෂ් කියා එක අයෙකුයි ...
බූට්(ස්) කතාවක් ලංකාප්‍රියගේ සිතිවිලි බුට් කතා තරම එල කතා තවත් ඇති කියල මම හිතන්නේ නෑ . අඩුම ගන්නේ 50% වත් කොල්ලෝ මේක කාල රහ දන්නවා .. ඇත්තටම රහයි මතක් වෙන කොට… මායි ඉවාන් පව්ලූෂයි කතා උනා මේ සතිය බූට් සතියක් කරමු කියල .. ඔන්න මගෙන් කතාවක්.. දැන් තාත්තා උනාට මාත් කොල්ලෙක් වෙලා හිටියා නෙව.. හැබැයි මේ කතාව එසේ මෙසේ බුට් කතාවක් නෙවෙයි. මගේ ...
අනේ අපොයි සාධු ජනය සාදු කියනවා ලංකාප්‍රියගේ සිතිවිලි රා පොවලා නාලාගිරි ඇතු මග එනවාබුදු හිමියෝ සෙමින් සෙමින් පෙරට වඩිනවාආදරයෙන් කරුණාවෙන් මෙතින් බලනවානාලාගිරි දණගහලා බුදුන් වඳිනවා සඟුන්ගෙ නොපනත්කම් දැක කැලයට යනවාපාරිලෙය්ය්ය මහ කැලේදි වසක් වසනවාඇතෙක් ඇවිත් බුදු සමිඳුගෙ තනිය රකිනවාඑහෙව් ඇතුන් පන්සල්වල නොමර මරනවාකිරි නොවැරූ අලි පැටවුන් උදුර ගන්නවාකන්න නොදී බොන්න නොදී බැඳල තියනවාවද දීලා හීලැ කරල මුදල් කරනවාඅනේ අපොයි බුදු පුත්තුත් හවුලෙ ඉන්නවාසාදු සාදු සාදු සාදු සාදු කියනවාඩෙංකුටු ...
තවත් කජ්ජෙක් ලංකාප්‍රියගේ සිතිවිලි අපි නමේ පන්තියේ ඉන්න කාලේදී අපේ පන්තියේ හිටිය මරියානෝ කියල ගණන් කාරයෙක්. ඌ ගණන් කාරයෙක් උනේ කොහොමද දන්නවද ? ඔය කජ්ජෝ පුහුලමෝ කීපදෙනෙකුට ගහල තමයි.. හැබැයි ඌට ගහගන්න පුළුවන් කම තිබුනා. ටිකක් විතර සල්ලිකාර පවුලක ගොබිලෙක් හින්දා කැන්ටිමෙන් උගෙ ගානෙ කන්නත් එක්ක ඌට යාලුවොත් වැස්සක් හිටියා. ඕක ඉතින් ඔහොමනෙ. පල ඇති රුකට වවුලෝ වැහි වහිනවා කියනවනේ.. හැම තැනම මු ගියේ ...
ඇඳ උඩ සෙල්ලම ! ලංකාප්‍රියගේ සිතිවිලි නෝනාවරුනි මහතුනි විගසින් එන්නකතාවක් ලියමි කවියෙන් අහගන්නඇත්තට උනදෙයකි කලකට පෙර ඔන්නඇහුවට පස්සෙ හොඳ නම් ලකුණක් දෙන්නගොබිලෙක් මා මිතුරු ලොකු තනතුර දරනයුරෝපයේ අතරෙක මු සැරිසරන වරෙක ලැබුණි ලන්ඩන් වල නවාතැන මිනිහා සොයයි රස තැන් ගැහැනුන් සිටිනඅහල තිබුන සෝහෝ වල වරුනෙ ගැනගෑනුත් ඉන්නවනෙ එහි හෙළුවෙන් නටනඅමතර දේවලුත් ඇති යයි සිතා ගෙනගොය්යා ගියා සෝහෝ වල ඇවිදගෙනසෝහෝ පරසිඳුය හෙළුවැලි නැටුම් ගැනඑබැවින් අමුතු දැන්වීමට ...
විසි දෙවෙනි සියවසට ගියෙමි ලංකාප්‍රියගේ සිතිවිලි පැයට කිලෝමීටර් දෙසීයේ වේගයෙන් ධාවනය වූ ස්වයංක්‍රීය රිය වේගය බාල කලේ අනුරාධපුර පිවිසුම් මගට හැරෙන සංඥා පුවරුව නෙත ගැටීමත් සමගමයි.. මේ උතුරු දකුණු අධිවේගී මග සෑදීමට පිඹුරුපත් අනුමත වූයේ මෑතකදී බව මතක ඇතත් මාර්ගය තරමක් වියපත් බවක් දක්වන්නේ කොන්ත්‍රාත් කරුවන්ගේ අවංක බව නිසා වෙන්නට පුළුවනැයි මම සිතා ගත්තේ වෙනත් හේතුවක් සොයාගත නොහැකි නිසාමයි. අධිවේගී මගෙන් ඉවත් වූ හැටියේම පූජා නගරයට ...
අත තියෙන්නෙ නෑ !! ඕක බබාගෙ ලංකාප්‍රියගේ සිතිවිලි "යකෝ මේක හරි වැඩක්නෙ..මුරුක්කු කියන්නෙ ඉන්දියන් කෑමක්.. දැන් මේ යක්කු ඒකත් මැලේ කරගෙන" මුරුක්කු හපන ගමන් අච්චා කියන්නෙ තරහෙන්..අචු මගෙ රාජකාරි සගයා. තුන්වෙනි පරම්පරාවෙ ඉන්දියානු මැලේසියන් ජාතිකයෙක්.. "ඇත්ත තමයි..මුරුක්කු කියන්නෙ ඉන්දියන් කෑමක් කියල කව්ද නොදන්නෙ ?" මං කිව්වෙ අච්චගෙ කතාවට පොහොර දමමින්.ඇත්තම කිවුවොත් අපි ඊට හපන් නෙ.. ඉන්දියන් අදීරසම් අතිරස කියල හෙළ කරගත්තා. ඉන්දියන් අච්චු මුරුක්කු හෙළ කරගත්තා කොකිස් කියලා ...
නඩුත් බඩුත් දෙකම හාංදුරුවංගෙද ? ලංකාප්‍රියගේ සිතිවිලි උසාවි ගිහිල්ල ට්‍රැෆික් පොලිසියට එරෙහිව නඩු කියල තමුන්ගෙ නඩුව තමුන්ම කතාකරල දිනපු අර මහත්තයට වගෙ මටත් නඩු කියන්න වෙලාවත් සල්ලිත් තිබ්බ නම් කියල හිතිච්ච වතාවල් අනන්තයි.. මං අහල තියෙනවා ව්ලැඩිමිර් ඉලියිච් ලෙනින් මහත්තයත් රුසියාවෙ විප්ලවේ සංවිදාන කරන ගමන් ඔහොම ගඟක් හරහ යන්න ගිහින් බෝට්ටු කාරයත් එක්ක වෙච්ච හුට පටේකට බොහොම දිග කාලයක් තිස්සෙ දුර පලාතකට යමින් එමින් නඩුවක් කිව්වයි කියල ...
බුදු වෙන්නෙ බෞද්ධයෝ විතරද ? ලංකාප්‍රියගේ සිතිවිලි ගෞතම බුදුන් වීමට පළමුව බෝධිසත්වයෝ දස පාරමී පුරනකොට සාරාසංක්‍ය කල්ප ලක්ෂයක්ම ඉපදුනේ බෞද්ධයෙක් වෙලාද ? සිදුහත් කුමාරයා බෞද්ධයෙක් නෙවෙයිනෙ.. වෙස්සන්තර ජාතකයේ හැටියටත් මකාදේව ජාතකයෙ හැටියටත් තව ජාතක කතා රාශියකමත් හැටියට උන් වහන්සෙ ඒ ආත්මවල තපස් රකින්නයි කැලේට ගියේ. ඒ අබුද්ධෝත්පාද කාල නිසානෙ.. එහෙම නූන කාල වලදි තමයි සුමේද තාපසයා හැටියට දීපංකර බුදුන් දැක්කෙත් තවත් ආත්මෙකදි කාශ්‍යප බුදුන් දැක්කෙත්.. එතකොට උන්වහන්සෙ ...
ඉතින් ආයුබෝවන් සබඳ යලි හමුවෙනතුරු සසරේ..Goodbye to you my trusted friend ! ලංකාප්‍රියගේ සිතිවිලි අපි මුලින්ම හමු උන දවස මට අද වගෙ මතකයි..මං හිටියෙ මාන්නෙන් ඔළුව උදුම්මාගත්ත තරුණයෙක් හැටියටයි.මට වඩා ඒ සාස්තරේ දන්න කෙනෙක් නෑ කියල හිතාගෙන තමයි මං එදා ඔබත් එක්ක සාකච්ඡාවට ඉඳගත්තෙ.. එතකොට මං විදේශීය විශේෂඥයා. ඔබ ෆුජයිරා වරායෙ අංගන සැලසුම්කරුවා. මං වරාය කලමණාකරනය ගැන පශ්චාත් උපාධිධරයෙක්.. දියුණු වරාය කීපයක සේවයෙන් ලැබූ අත්දැකීම් වලින් පරිපූර්ණයි කියල හිතාගත්ත අලි ඔළුවක් එක්ක ලොකු තනතුරු ...
දෙමුකො උත්තර බලන්න ලංකාප්‍රියගේ සිතිවිලි නිවාඩු කාලෙ ලංකාවෙ ඉන්නකොට නිදහසේ රසවීඳින්න ලැබුණා ටෙලිනාට්‍ය වැස්ස.. සමහරවෙලාවට ඔක්කාරෙට වගෙ එනවා උනත් ඉඳහිට හරි අහුවෙච්ච එව්ව බලපු එක ගැන මං සතුටුයි.. ඒ මොකෝ ටෙලිනාට්ටි අපේ මිනිස්සුන්ගෙ ජීවිතේ අංගයක් වෙලා. කොයි චැනලයට ගියත් කොයි වෙලාවෙ හරි නාට්ටියක් බලන්න ඇහැකි නිසා මිනිස්සු වෙන කවර කාලෙකටවත් වඩා ඊට ඇබ්බැහි වෙලා කියල මං දැනගත්තා. ඉතිං පුදුමයක්ද ටෙලි නිලියො චන්දෙට එන එක ? ...
පිහිටවෙනකොට.. ලංකාප්‍රියගේ සිතිවිලි අන්තර්ජාලෙ බ්ලොග්කලාවට මං එකතු උනේ අවුරුදු තුනකට ඉස්සර දෙදාස් දහයෙ, එදා ඉඳන් අපේ සගයො (සහ සගිච්චියෝ ? සගය කියන එකේ ස්ත්රීවාච්යය මොකක්ද ?) අසරණ වෙලා හිටි අයට පිහිටට එකතු උන හැටි මං දැක්ක .. මගෙ අත්දැකීම් මේ පැත්තෙන් ඇරඹෙන්නෙ ඉලන්දාරියගෙ අසනීපය වෙනුවෙන් අපි එකතු උන දවසෙ ඉඳලයි.. එදා ඉඳන් හැකි පමණින් අපි හැම ඉල්ලීමකටම වගේ ආධාරත් කලා. අන්තිමට මේ විදිහට ...
ඔය ලමයට ඔහොම උනත්.... ලංකාප්‍රියගේ සිතිවිලි කරුණාව මෛත්‍රිය පෙරදැරි කරගත් ආගමක් වෙනුවෙන් මරන්න මැරෙන්න ලෑස්ති (අ)ඥානවන්තයෝ වැහි වහැල ඉන්න අපේ රටේ ශාරීරික හරි මානසික හරි අඩුපාඩුවක් ඇති දරුවෙක් දැක්කම පිළිකුල් කිරීම සහ දරුවාත් දෙමාපියනුත් පිටු දැකීම බොහොම දරුණුවට කෙරෙනවා.ඕකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි තමන් ගැන ඈතිවෙන බය,අර වගෙ දරුවෙක් මටත් ලැබුණොත් ? කියල මහ බයක් එනවා. ඔන්න ඔය බය නිසා අනුකම්පාව හිතේ ගුලි කරගෙන උනත් ...
වස පාඩම ලංකාප්‍රියගේ සිතිවිලි වසේ. ඔක්කොම ඔහු ඇමතුවෙ එහෙමයි.. අහිංසක හිනාවක් එක්ක පුංචි සරීරයක් හිමි මේ මිතුරා අපි සමග එක කාර්යාලයේ වැඩ කලේ දශක ගනනාවකට ඉස්සර,. වයසින් ඔහු හා එක්ව වැඩ කල අපි හැමෝටම වඩා වියපත් නමුත් නඩේ අතෝරක් නැති විහිළු තහළු වලට ගොදුරු උනේ වසේ. ඒකට හේතු ගොඩක් තිබ්බ,.එකක් තමයි කිසිම වාද විවාදයකදි වසේට මතයක් නොතිබීම. වසේගෙ මතේ හිනාවෙලා සහභාගීවීම විතරයි.. "කියපංකො බං ...
අම්මගෙ බාසාව ලංකාප්‍රියගේ සිතිවිලි මව් භාෂාව කියන්නෙ මොකක්ද ? කවුරුහරි උපදිනකොට නෙවෙයි බහ තෝරන කොට එතැන ඉන්න අම්මගෙ භාෂාව. ඔය විදිහට මව් භාෂාව බිහිකල අම්මගෙ හෝ හදාවඩාගත් අම්මගෙ භාෂාව වෙන්න පුළුවන්.. යුද්දකාලෙ කොහෙ හරි දාල ගිහිල්ල තිබ්බ අතදරුවෙක් අරං හදාගත්තානං එයා සිංහලද දෙමලද කියල කියන්න කාටවත් බැහැනෙ.. කාලෙකට පස්සෙ එයා ලොකුවෙලා හදාගත්ත අම්මගෙ භාෂාව වෙනුවෙන් අනිත් භාෂාව කතා කරන මිනිස්සු ඒ කියන්නෙ එයාගෙ වැදු ...
අප්පා කල දේ ලංකාප්‍රියගේ සිතිවිලි අප්පා කල දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා (නොට් උගෙ පුතා) වෙනවා කියල කතාවක් තිබ්බට තාත්තල යන විදිහට නොයන පුත්තු අනන්තයි.ඒක හොඳ පැත්තට වගේම නරක පැත්තටත් එකසේ වලංගුයි.. මේ ලඟදි අපෙ මිත්‍රයෝ සීයල ආච්චිල ගැන ලියල තිබ්බ කතා කියවනකොටයි මට හිතූනෙ මගෙ දරුවන්ගෙ සීයයි මගෙ සීයයි ගැන කතාව ලියන්න ඕනෙයි කියල..අපෙ සීය ඒ කියන්නෙ තාත්තගෙ තාත්ත මාතර පැත්තෙ ඉඳන් කොළඹට ...
තවත් තාත්තා කෙනෙක්-- මිනිස්සුත් එක්ක ලංකාප්‍රියගේ සිතිවිලි "සර් ඩෙල්ෆ්ට් එකේ ක්‍රේන් එකක් උඩට මිනිහෙක් නැගලා උපවාසයක්.."පාලන මැදිරියෙන් මට දැනුම් දුන්නෙ උදේ අටට විතර.. "ලොකු මහත්තුරු එක්ක මිනිහගෙ යාළු මිත්‍රයො පුලුවන් තරම් උත්සාහ කලා බස්ස ගන්න .. කාටවත් පෙඩස්ටල් එකටවත් නගින්න දෙන්නේ නෑ ඒ මනුස්සයා.. කවුරු හරි ක්‍රේන් එක ලඟට යනකොට උඩින් පනිනවා කියලා මොර දෙනවා. හරිම ප්‍රශ්නයක්.. ""එච්චර උඩකද ඔය මනුස්සය ඉන්නෙ ?" මං ඇහුවා."ඔව් සර් .. ...
යමපල්ලෝ සහ අපාය ලංකාප්‍රියගේ සිතිවිලි ඔන්න කිව්වා පටන් ගන්නකොටම.. මං දික්කරන ඇඟිල්ල දිහා නොබලා ඇඟිල්ල දික්වෙන දිශාව දිහා විතරක් බලන්න .. මං මේ ලඟදි චීන ස්වාමීන්වහන්සේ කෙනෙක්ගෙ දේශනයක් ඇහුවා සීඩී එකකින්.. උන්වහන්සෙ කතාකලේ සතුන් මැරීම ගැනයි..මස් මාංශ කෑමේ වරදක් නෑ කියන එක ඔප්පු කරන්න ගෙනා එක තර්කයක් ඔස්සේ හිතන කොට මට මෙහෙම ලියන්න හිතුනා. තර්කය මේකයි.. මස් සඳහා සතුන් මරන එක නරකයි. ඒත් කන නිසා ...
රාජගෙ රජ කතාව. ලංකාප්‍රියගේ සිතිවිලි "සරත් සරත්.. "මං ගැස්සිල වටපිට බැළුවෙ කවුරුත් නැති හුදකලා තැනක තනිවෙලා නිස්කලංකව ඉන්න මට සරත් කියල කතාකරන්නෙ කවුද කියලයි.. ඒ මොකද සරත් කියල මාව දන්නෙ බ්ලොග් අඩවි වල සැරිසරන්නො විතරයිනෙ.. ඔය කියවන්නන් අතරෙනුත් මාව දැකල මම දැකල තියෙන්නෙ ඉතින් නලිනුයි බිත්ති පැතුමුයි අටමයි අපෙ ඔබයි විතරයිනෙ.. ඔය කවුරුත් ඉන්න බැරි තැනකනෙ මං ඉන්නෙ දැන්.."සරත් මෙහෙ බලන්නකො.."ආයිත් අර කටහඬ මනුස්ස හඬක් ...