වියරු කැසිල්ලක කතාන්දරය මාධව's කථා....... ඒ නහය කැහිල්ල පටන් ගත්තෙ උදේම. මාධව බස් එකට නගිද්දිත් උගේ නහය කසනවා. කීප වරක්ම ලේන්සුවෙන් පිස දැම්මත් නහයේ කැසිල්ල අඩුවක් උනේ නෑ. කැසිල්ල වදයක් වගේ උනත් හෙමීට නියපොතු තුඩින් කසනකොට දැනෙන සහනය අපමණයි. එහෙම හිතමින් බස් එකේ අන්තිම අසුනේ ඈඳිගෙන ජනේලෙන් ඈත බලාගෙන නහය කසමින් උන් මාධව කටයුතු නොනවත්වාම ඉදිමින් සිය අසුනේ මගීන් දෙස බැලුවා! මාධව දැඩි විස්මයට ...
සාදයේ කතාව 02 මාධව's කථා....... ඉර බැහැලා ගිහින් හඳ පායලා තිබුනා. ඊට පහලින් දෙල්තොට ගලහා ෆයිනස් කන්දේ ෆයිනස් තුරු හිස් බැබලුනා. මීට කලින්දාක කිව්ව මතක ඇති මිත්‍රවරුණි එකෝමත් එක රටක කුමාරයා ගැන. ආන්න ඒ කුමාරයාගේ ගේ අතේ තිබුනා දිලිසෙන පොරව. ඒකේ කදිම මුවහත තියෙන නරක තලය හඳ එලියට බැබලුනා. අඳුරේ අත් සවලකින් පරිස්සමින් බිම හාරන පුද්ගලයෙකු ඔහුට ඉස්සරහින් පිස්සුවෙන් වගේ අවට පරිසරේ ගැන අනවබෝධයෙන් ...
බඹරා ඉන් අස්ලාම් මාරකැට්ටුව. පිටකොටුව! මාධව's කථා....... කපුටෝ කලබලෙන් අහසටම ඉගිල්ලුනා. පෙටා වල අස්ලාම් මාකට් එක දෙදුරුම් කන සද්දෙන් ඒ් හඬ ඇහුනා. කවුදෝ කාන්තාවක් පරුෂ වචනයෙන් හරි අපූරුවට කදිමෙට බෙරිහන් දුන්න..බැල්ලීඊ...හ්.. හ් හ් හ් හ් හ්............( හ් හ් හ්. එකෝ එකහ් හොඳේ මිත්‍රවරුණි )තුෂ්නිම්භූත වූ පිරිස බලා ඉද්දී ක්‍රියාදාම සටන පටන් ගත්තා...බඹරාත් ඒ අසල ඉද්දී.....අහස රෝසපාට වෙලා ගොඩනැඟිලි වලට ඉහලින් තිවුනා...........................උදේම බඹරා ගම්මානේ ඉඳන් පියැඹුවේ කොලඹ ...
තුඩ ගිලිහී ගිය පන්හිද හමුවේ වියලුනු නෙතගක් තෙත් වූවා........... මාධව's කථා....... හසුනක ගොනු වූ අකුරු රටා මැද කඳුලු කතාවක තතු මැවුනා වියලී ගිය හිස් වූ ඒ නෙතගට ඇවිලෙන පන්හිඳ නොම පෙනුනා සුදු පිරුවට මෙන් දිලෙනා පිටුවක ඉස්පිලි පාපිලි හැඩ කෙරුනා ඒ අක්ෂර මත පැතිරෙන ගින්දර සිතේ සරනු ඔහු හට දැනුනා නිවා දමනු බැරි ගිනි ජාලා මැද පන්හිඳ තෙරපී තුඩ බිඳුනා තුඩ ගිලිහී ගිය පන්හිද හමුවේ වියලුනු නෙතඟක් තෙත් වූවා.... ...
පළමු හාදුව දැනෙන්නේ ඒමය.............. මාධව's කථා....... හිම බිඳුවක් සේ සීතලට දැනෙන විටමල් පෙත්තක සිනිදු පහස ලැබෙන මොහොතකගැහෙන හද රාවයන් එකට නිම්නාද වෙද්දීප්රථම හාදුව උදෙසාදෙතොල් සූදානමින් හිරිගඩු පිපේවිසතුටු දැනේවිතව තවත් උවමනා යැයිතෙත හාදුසිත පවසාවිප්රථම හාදුවඒම දැනේවි දෑස් පියේවීහුස්ම පැටලේවීඅඳුරේදී පවාඋනුන්ගේ දෙතොල්හඳුනාගෙනඇතිල්ලේවීඅනිච්ජානුගව, ආන්න ඒකයිප්රථම හාදුවේ අරුමය................. ...
මාධවලාගේ සාදය................. මාධව's කථා....... මේ කතාව එක විදියක්. කිසි කෙනෙක් විශ්වාස කරන්නෙ නැති කතාවක්. එත් මාධව මේ කතාව කියන්ට හිතුවා. ඒ කතාව කෙලවර උන විදිය ඇත්තටම, තවමත් මාධව විශ්වාසයත් අවිශ්වාසයත් අතර දෝලනය වෙනවා. සිදුවීම් ඇති පමණ මේ ජීවිතයේ සිද්ධ වෙනවා මිත්‍රවරුණි. සමහර දේවල් විශ්වාස කරන්න අපහසුයි. එක්තරා හවසක, සාදය අවසානයේ රැයක් පුරා දිග හැරුනු කතාන්දරයක් දින වකවානු සහ නම් ගම් එක්කම! 2023-04-15 වැනිදා: ...
බට මාලුවා! මාධව's කථා....... මාධව පොඩි කාලයේ ඉඳලාම මාලුවොන්ට ආසා කරන්නේය. උන් අපූරුය. වරල් නලවා දිය කපාන ඒහෙ මෙහෙ පිහිනන හැටි බලා ඉන්න මාධව ආසාය. පුංචි කාලයේ සිටම ඔහුගේ අප්පච්චීගේ මාලු ටැංකි කන්දරාව මැද්දෑවේ සැරි සැරූ මාධව ජංගි කොල්ලාගේ පටන් අද දක්වාම හැමදාම මින් මැදුරක් දුටු මනතම පිනා යන්නේ ය. ඒක මානසික පිස්සුවක් ය. මාලු පිස්සුව ඇත්තටම පිස්සුවක් ය. මාධව පුංචි කාලයේදී නිවසේ ...
කඩතොලු..... මාධව's කථා....... ඔහු ඒ අටපට්ටම ලස්සනට හැදුවා. ශ්වේත වර්ණිත, රැලි නෑවෙන කදිම කූඩුවක්. ඒක එල්ලුවා ගෙදර බැල්කනියේ..මඳ සුලඟින් රැලි නැලවෙනවා..ගෙදර බිරිඳත් දරුවනුත් ඒක මොහොතක් රස වින්දාඑකම එක මොහොතක්,විදුලි බල්බය නිවී දැල්වී යලිදු නිවී ආලෝකය ලබා දුන්නා.සුන්දරයි. ඇත්තටම සුදු රැලි ගවුමක් හැඳි දිව්‍යාගනාවක් වගෙ...කූඩුව දෙසට අත දිගු කල ඔහුඑක පාරටම වෙසක් කූඩුවේ කොටසක් රැලි වෙලා යන සේ ඉරලා දැම්මා..දැන් සැකිල්ල පේනවා..මේ වියරු ක්‍රියාව ...
දර පැලීමේ කතාන්දරය මාධව's කථා....... දර පලනවා කියන්නෙ භාවනාවක් වගේ. හිතේ වේදනා දර කොටේ පිටින් යවන්න ඇහැකි නෙව. වේලිච්ච මහ කඳක් කර මතින් ගෙනැල්ල මිදුල මැද්දේ අතාරිනව. හරියට සිහිය නැති කරපු මනුස්සයෙක් වගේ..කඩාගෙන පොලවේ වදිද්දි, හරි හැඟුම්බර වෙන්න පුලුවන්. කදිම ශබ්දයක් එන්නෙ..තඩ්! ඊලඟට අඩය හෙම උස්සන් ඇවිල්ලා අදාල.කටයුතු සඳහා භූමිය සූදානම් කරගන්න උවමනයි. ඉන් පස්සෙ දර කොටේ උස්සලා අඩේ උඩින් තියාගන්නවා.. ඊලඟ වාරය, කීස් ගාලා ...
සිතුවම.... මාධව's කථා....... සිතුවමක්අඳින්නෙමිනග්න සිත විදාරණය වනනුඹගේ කලුම කලුයි සිත්තමම වෙන කිසි වර්ණයක් එහි නැතිය!
ශෘංගාරී............. මාධව's කථා....... තවත් දුරක්යන්න සිතුනිඅහස කඩංවැහි වැටෙද්දී මහ වැස්සේ පිනි බිදු වල තෙමී තෙමී පියමනින්න හෙවනක් නැතිතණ නිල්ලේපිය නගන්නසිනහ සෙමින් වැහි දිය යට මේ දෑතින් නුඹට සෙවන සදා දෙමින් අඳුරු වලාවියන යටින්හිරිකඩ මැදවෙවුල වෙවුල මද සුලඟින් නලවාලන ගවුම් පොඩිය තෙරබරී වී ඇඟට ඇලුනුවිලාසිතාහැඩ මතු කරඉලිප්පේවි නෙත් ගැටේවි වැහි බිඳු මැද අකුණු එලිය හිත් මඬලෙම ශෘංගාරීඔය ඉඟ වටදෑත යවාලංකරගෙන වෙවුලන සුලු සීත ...
උගත යුතුය තව නුඹ නෑඹුල් කණිෂ්ඨ.............. මාධව's කථා....... කණිෂ්ඨ ප්රේමයක්ඉදිරී වැටීපැලවේ ජේෂ්ඨ හදක් ලඟසුසර කර පලපුරුදුදෑත් අභියස,අසරණවකුලෑටි කණිෂ්ඨ පෙම් කරන්නට දිය කෙලින්නට උගත යුතුය තව නුඹ නෑඹුල් කණිෂ්ඨ
නුඹ නොඑන බව නොදැන මාධව's කථා....... නුඹ නොඑන බව නොදැනඇද හැලෙන වැස්සෙම නුඹ එන තුරා හිඳීමී බලාගෙන සොහොන් කොත අභියස නුඹ නොඑන බව නොදැන බලා පෙරමගම තෙමෙන්නට නොහැකිද අවතාරයකටඅම්ල වැස්සකට වුව!
මකාලමි.............. මාධව's කථා....... කවියක් දුටිමි ඒ කවියේ අකුරක් නෑර කියවමිඅකුරක් නෑර විඳිමිකවිය මත වැතිරෙමිකවිය වැලඳගනිමිපද වැල් යලිත් මුමුණමිහෙමින් සැරේ කවිය හිමි කරගනිමිඉක්බිතිකවියමකාලමි! ...
රොන් ගනිමී මල් කෙල්ලේ නුඹ නොතලා... මාධව's කථා....... එකෝමත් එක දවසක, අද වාගේ දවසක, ඇත්තටම කිව්වොත් අද, කම්මැලි කමේ වැඩට යන්න උන්නු වේලාවක, ලඟදි හිතවත් උන දුඹුරු පාට ඉස්කෝලේ නෝනා බඹරාව උනන්දු කලා නොවැ. ඉතින්.. ල ලාවට දත් ටික මැදගත්තු, ආඩතඩේට ඇඳුම් පටලගත්තු බඹරා කෙටි නිවාඩුව පහු වෙන වෙලාවත් පන්නලා වැඩට යන්ට පියෑඹුවා.ඉර ඒ වෙද්දිත් පායලා මල් පිපිලා පිනිබර උදෑසන කල්ල කුජිත වෙලා ගිහින් විනාස වෙලා. ලෝකේ උදේට ...
"ආල" මරම් ප්‍රේමය! මාධව's කථා....... "ආල"මරම් යට හිඳලිව්වා පුංචි කවියක්එකෝමත් එක දවසකඉක්බිති යලිත් එහි යන විටඇය උන්නා නුදුරින් "ආල"මරම් අසලම ඇවිද ගියාගිනි ගහන අව්වේමඇදී ඇදී හරිත වර්ණ කඳු මුඳුනටමනිහඬවම.මඳ නලත්මිහිදුමත් ගෙන ආ සිසිලසදොඩමලු කලා දෙදෙනාව.මතක ගොන්න සේයාරූඑක්කාසු උනා තෙල බනුවක් තුලසහහදවත් වල රාවයේ ද,මොණරගලම තුෂ්නිම්භූත ඌ අයුරුඔවුන් බැඳුනු ඉක්මණ දැකලාම....අන්න ඒකයි කෙටියෙන්මසැබෑවූ "ආල" මරම් කවියආල මරම් ප්‍රේමයේ කතාන්දරය ...
උගුල! මාධව's කථා....... තරුණ බඹරිඳුපියඹා ආවා..සුවද පැතිරෙනමලක් දුටුවා....පහස ඕනාබවට හැඟුනානටුව නොතකා"මල" ම සෙව්වා....සුලඟෙ ලෙලෙනාකුසුම් කුමරීබඹර පහසක්එපා කීවා...පෙන්නමින් උන් සිරිය හින්දමදිරිය බඹරා මලට වැසුවා...යලි යලිත් මලනොදෙමි රොන් බිඳුදැඩිව හඬගා කියා සිටියා....රොන් උරනු රිසිතරුණ බඹරාමලේ සිත් පොඩිතලා දැම්මා....ඉතින් "රොන් බිඳු"නොදෙමි දිවුරාබාඳුරා ඇගෙඋගුල වැසුවා.....අනේ බඹරිඳුබාඳුරා මල්පියල්ලේ ඇතිඋගුලෙ ගිලුනා.......! ...
සංවර්ධන නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාගය - තොරතුරු තාක්ෂණ ප්‍රශ්න පත්‍රය ගැන මාධව's කථා....... මේ දිනවල රජයේ ආයතන වල සේවය කරනා සංවර්ධන නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩයිම් විභාගය (EB EXAM) පැවැත්වෙන බව දන්වා ඇති අතර ඒ සඳහා මාධවගේ ද මිතුරු නිලධාරීන් කඩිනමින් යුහුසුලුව පාඩම් කරනු දක්නට ලැබේ. මෙම කාර්යක්ෂමතා කඩයිම් විභාගය උදසා ප්‍රශ්න පත්‍ර තුනක් ලැබෙන අතර 1 – කාර්යාල ක්‍රම 2 – ගිණුම් 3 - තොරතුරු තාක්ෂණය යන ප්‍රශ්න පත්‍ර තුන ලැබෙනු ඇත.එසේ ...
පරිගණකයක් වෙත දුර සිට ලං වීම - Anydesk ගැන බිඳක් මාධව's කථා....... අද කියන්නට යන්නේ පරිගණක මෘදුකාංග දෝශ නිරාකරණය කර ගැනීමේදී පහසුවෙන් කටයුතු කිරීමට හැකි අවස්ථාවන් උපයා දෙන Remote desktop Control හැකියාව ඇති කරන පරිගණක මෘදුකාංගයක් ගැන ය. දුරස්ථව සිට පරිගණකයට ප්‍රවේශ වී මෘදුකාංගයක හෝ මෙහෙයුම් පද්ධතියේ දෝශ නිරාකරණය කිරීමට හැකි වීම අපූරුයි නෙව! මේ කතාව ආන්න එක කරනා ආකාරය ගැනය. අරඹුමේ සිටම ඇරඹීම සුදුසුය. අන්තර්ජාලය භාවිතයෙන් දුරස්ථව පිහිටි පරිගණකයක් වෙත ...
අති උත්තම මාධව's කථා....... අති උත්තම මුලාදෑනිමහතැන එනවා ඈතිංලොකු කෙල්ලේගොහින් වරෙන්දෙනියෙ නැන්දලගෙ දිහාවෙආ පොඩ්ඩක් හිටිං කෙල්ලපොඩි එකියත් ඇන්නම පලනැතහොත් මට සිද්ද වෙන්නෙඋඹලාවත් පුදකරන්නමුලාදෑනී උත්තමයගෙනීති පුරාජේරු වලට පොටෝව ගූගල් වෙතිනි! ...