සුනිලාට වෛර කරනා අඳබාලයෝ... - In respect of Sunila Abeysekara මාතලන් මේ ළෝකයේ පරිපූර්ණත්වයට පත්වූ කිසිම මනුෂ්‍යයෙක් ජීවත් වී නොමැත. අද ජීවත් වන්නේද නැත. අනාගතයේ පහල වන්නේත් නැත. මේ ළිපිය ලියන්නට සිත් වූයේ, බුකියේ, සමහර බ්ලොග් අඩවි හා වෙබ් අඩවි වල පලවු ළිපි දැකීමෙන් සිතේ හටගත් කළකිරීමයමය. මේ ළිපිය කියවීමට කලින්, "සුනිලා අබේසේකර" කොතරම් අපූරූ මිනිසෙක්දැයි දැන ගැනීම සඳහා කරුණාකර මේ ළිපිය කියවන්න.ඉතිරියත් කියවන්න.....>>> ...
මලාලාට වෙඩි තැබූ උන්ට ස්තූතියි....!!! - Thanks, Who shoots Malala...!!! මාතලන් මලාලා නොබෙල් සාම ත්‍යාගයෙන් පුදලාය. ඇත්තටම ඒ සම්මානයට නියම වටිනාකමක් ලැබෙන්නේ මලාලා වන් වීර දරුවකුට, උඩුගම් බලා පිහිනන කෙල්ලෙකුට, ගොන් තකතීරු ආගම් වලට මුවාවි කරනා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට එරෙහිව, යක්ෂයාගේ දත් තිස් දෙක මැද සිටම, නිර්භීතව තම අදහස ලෝකයාට දැන ගැනීම සඳහා, බ්ලොග් අඩවියක් පවත්වා ගෙන ගිය එඩිතර මුස්ලිම් කෙල්ලෙකුට ලැබීම නිසාය.ඉතිරියත් කියවන්න.....>>> ...
අනේ හිරු නිකා ඉන්න.... මාතලන් කැළඹුනා විශ්වයම. හිරු පියා මියගියා . අනේ හිරු විතරමද, සඳ තරුද, කුජ බුදද, කේතූ සනි, සෙනසුරුද, හෙන පවා කැඳවුවා.... වෘශ්චිකද, කන්‍යාවී, මේෂ, ධනු, මකරුන්ද, උණු කඳුළු වැගිරුවා... (දන්න උන් හිනැහුනා.) එහෙත් හිරු නොසැලුනා.. සඳ තරුද, ග්‍රහ මඩළ, ඒ බලා සැනසුනා... අහෝ දුකකි ! ඉරකි තිතකි හිරුට සිඳුවූ දේ... බලන් සකි..! රන් අභරණැයි සිතා.. ගෙල පැළඳ ඉඟි පාති.. පිත්තලද තඹ කෑලී. ...
කොලවරි තීන්දූ - Instant Justice මාතලන් මේ ගීතය, ඉඩම් නඩුවකඩ යුක්තිය ඉටුකරවා ගැනීමට අවුරුදු 30 උසාවියේ රස්තියාදූ වී නීතීයේ දේවාලයේ මිය ගිය මව වෙනුවෙනි."මාස්ටර් සර්" ගීතයේ තාලයට ගයා සැනසෙන්න, නැතිනම් දුක්වන්න, එහෙමත් නැතිනම් ඕන එකක් කර ගන්න.------------------------------x---------------------------------ඉතිරියත් කියවන්න.....>>> ...
සොයාගෙන කියවන්න - සාහිත්‍ය මාසයේ පොත් ගැන පළමු ළිපිය - Books to read මාතලන් සැප්තැම්බර් මාසේ කියන්නේ සිරි ලංකාවේ සාහිත්‍ය මාසේ. මේක නැගලා යන්නේ පොත් ප්‍රදර්ශනේ නිසා. එක එක සෙල්ලම් ගොඩක් අස්සේ, හොඳ පොතක් අඩුවට හොයාගන්නත් මේක මහඟු අවස්ථාවක්. පොත් පත් වලට ආදරේ කොරන අය මේ අවස්ථාව එනකල් බලාගෙන ඉන්නේ දින ගැන ගැන. පොත් හතක් අටක් දැනටත් ලියා දාලා, එතකොට මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා ඉන්න අපේ කතන්දර මහත්තයා පොත් ප්‍රදර්ශනේදි ගන්න ඕන පොත් ...
සිල්වා ඇවිල්ලා...!!! - Silva back in Siri Lanka මාතලන් අළුත් අවුරුද්දත් ළඟ ළඟම එන නිසා.. මේ අවුරුදු ගීයේ තාලයට ගයා සැනසෙන්න....ඇවිල්ලා ඇවිල්ලා.... කොළොන්නාවේ සිල්වා ඇවිල්ලාවරෙල්ලා වරෙල්ලා... අළුත් කඩේ.. පදිමු රං උංචිල්ලා//හිරුනිකාලා නඩු කියනවා..., සිල්වාටත් එමු කියනවා..//වෙඩි තිබ්බද උඹ ඇහුවම,අනේ මතක නෑ කියනවා....ඉතිරියත් කියවන්න.....>>> ...
අධිකරණ ඇමති සිහිණෙන් ඇවිදීම - Sleepwalking Towards Justice මාතලන් ලංකාවේ අධිකරණ ඇමතිවරයා අත ගහන හැම වැඩේම අඤ්ඤකොරොස් වෙලා, හත් පොලේ ගාගෙන, අකුල ගන්නා බව අප කවුරුත් දන්නවාය. එයා මහා ප්‍රාඥ්ඥයෙක්ද මොකෙකද කියලා කියන්නෙත් එයාමය. අපි නම් ලෝයර්ලාට කියන්නේ ගල් ආඳෝ කියලාය. සමහර උන් නම් කියන්නේ ඩීල් කාරයෝ කියලාය. ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන දන්නා ඕනම එකෙක් ඒ කියනා කාරනය ඇත්තයි කියලාත් දන්නවාය. මොකෑ කියනවා නම්, ඒ වාගේ ඩීල් කාරයෙක් බලවපු ...
හදිසි නීතීය හදිසියෙන්... - Lifting off Emergency Law මාතලන් ගෙවුණු පුර සඳට පෙර ලොඹු කටින් කෙලපු පච කප්පරක්, මෙච්චරක් කියා නිම කළ හැකිද කවුරු හෝ ලියා දෙන කොල කෑලී අරන් එන ගිරව් මෙන් දෙසාලන මේත් අගමැතිවරුද නිම කළද කොටි හටන ඩයස්පොරා වෙතින එල්ලවෙයි කුමන්ත්‍රණ මෙරට මෙන් පිටරටත් අප රටට විරුද්ධව බටහිරින් කුමන්ත්‍රණ ලොව මහා බලවතුන් දිරිය දෙයි කැත සිතින් මේ සියළු බලවේග මසක් යන්නට කලින් නිමකලෙමි පුදුමයක් නොවේ කිසි ලෙසකවත් සැබවින්ම එසේමද ලොකු අයිය බල කලෙද ඔබා ...
Why this මට වෙරි මට වෙරි මට වෙරි වී........... - Sad Song, (Dope Song) මාතලන් Your Boys..I'm singing song.... Sad song..... Dope song..... Oh............. Why this මට වෙරි මට වෙරි මට වෙරි වී. My life Boring, අරක්කු ඇත වැඩිවී (Rhythm Correct..) Why this මට වෙරි මට වෙරි මට වෙරි වී. (Maintain This.) My life ..........................ඇත වැඩිවී අවුරුදු කාළේ, Eating Drinking How To Do, I'm Thinking... While Waiting, Hammerය හැටකින්One.. Rupee for.. Smoking.... ...
ජිනීවා, කොල්ලා, දුෂ්ඨයා සහ සපෝටර් හෙවත් ජෝකර් - Geneva Stars මාතලන් ජිනීවා වල හුට පට ගැන ලියන්නෙයි කියලා මළ වදේය. මේ ටිකේ සුට්ටක් වැඩද වැඩිය. මට ඔය මලදාන ගැන ලියන්න, මොකෝ මම අන්තර්ජාතික සම්බන්ධතා ගැන පස් තාච්චි ඇදලා නැතිය. මම පාස් තාච්චි ඇද්දේ ගමේ කඳු කඩාගෙන වැටුනාම විතරය. ඒ නිසා එහේ උනේ මොකක්ද කියන්න මං දන්නේ නැතිය. ඒවා පිළිබඳ විසාරද මහාචාර්ය පීරීස්ගෙන අසා ගන්නට හැකිය. නැතිනම් බඩු ගහන්න ජිනීවා ගිය ...
කණගාටුයි.... මේ මාගේ අවසාන ළිපියයි - Sorry.... This is my last Post මාතලන් මේ මාගේ අවසාන බොග් ළිපිය බව ඉතාම කණගාටුවෙන් දැණුම් දීමට සිඳුව ඇත්තේය. අකුරු ටයිප් ගසන්නේද බොඳවූ දෑසින්ය. එම නිසා වැරදි ඇත්නම් සමා විය යුතුය. හොටුද බේරෙන්නේය. ඒවා සූරා කොම්පියුටරයේම අතුල්ලන්නේය. මන්ද මින් පසු ඒ ලබ්බෙන් වැඩක් නැත්තේය. ඇඟිලිද වෙව්ලන්නේය. ඒ වෙන හේතුවක් කියා ඔහේලා හිතනවා ඇතිය. එහෙම එකක් නෙමේය. දුකටමය. ඉතින් ආයෙත් කවදාක හමුවේදයි කිව නොහැකිය. නමුත් කනගාටුවෙන් වූවද මෙය ...
බල්ලෝ - Dogs මාතලන් බල්ලෝ ගැන ලියන්න ගියොත්, බලු එන්සක්ලෝපීඩියා එකක්, එහෙම නැත්නම් විස්සකෝසයක්ම ලියන්න වෙනවාය. මේ ලියන්න යන්නේ දේශපාලනේ ඉන්න බල්ලන් ගැනය. දැනටත් එංගලන්තේ රජ පවුල් වල උදවියගේ එක එක ආතල් තියෙනවාය. ඒවා මේ හැම එකාටම කොරන්න බැරිය. රජ පවුලේ උන්ට විතරය. මේ ආතල් එක අපේ රජවරුත් කරලා තියෙනවාය. නමුත් අපේ උන්ගෙයි එංගලන්තේ උන්ගෙයි වෙන්සක් තියෙනවාය.ඉතිරියත් කියවන්න.....>>> ...
මත විමසා, කරන්ට් ඇල්ලීම - Electricity tariffs to rise by 60% මාතලන් By - Awantha Atigalaඅපි පොඩි කාලේ ටැලිවිසොන් තිබුනෙ නැතිය, ඒ කාලේ තිබුනේ සිංහල සිනමාවේ සුවර්න යුගයද මොකක්ද එකක්ය. අන්න ඒක හැම තැනම වගේ පිචැර් හෝල් වල තිබුනේය. ඒවාවල මේ බයිස්කෝප් පෙන්නනවාය. චිත්තරපටි කියලාත් කියනවාය. ඔය බොග දාන සැමාගේ තාත්තා හදන සෝ බලන්න, හරිම අමාරුය. ඒ මොකෝ එවා හවුස් පුල්ය. ඒ කියන්නේ, හෝල් එක පිරෙන්න කට කපලා සෙනගය. එයාගේ ඒව්වාවල නම්, ...
කිව්වද නහී, නොකිව්වද නහී - Live or Die මාතලන් ටෙනියගේ ෆිල්ම් ආවම මම තනියෙන් හරි බලනවාය. හැමෝම හොඳයි කියනවාය. ආචාර්ය සෝමේත්. මහ ඇදුරු සුනිලුත් බලලාය. පට්ටයි කියනවාය. ගානක් දීලාද දන් නැතිය. එයාලත් ට්‍රෙඩ් එකේ නිසා එහෙම නොවන්නටත් බැරිය. එහෙම තනියෙන් යන්නේ අයවැය අස්පැට් යන නිසාය. පරිපූරක ඇස්තමේන්තු අපිටත් තිබුනනම් සෙට් එකටම යන්නට තිබුනේය. එහෙම යන කොට හරි ජොලිය. පොඩි එකානම් කැමති ඉන්ටවල් එකටය. ඒ අයිස් චොක් එක නිසාය. ජේ ...
සාමූහික කැබිනට් වගකීම හා චම්පික රණවකගේ දෙබිඩි දේශපාලනය - Collective Cabinet Responsibility and Champika Ranawaka's politics මාතලන් -- චානුක වත්තේගම - 1970 දී එඩ්වඩ් හීත්ගේ කන්ස’වේටිව් කැබිනට්ටුවේ අධ්‍යාපනය හා විද්‍යාව පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරය හිමි වන්නේ එවකට හතළිස් පස් වැනි වියෙහි හුන් මාග්‍රට් තැචර්ටයි. ඇමැතිවරියක සේ තම ධුර කාලයේ පළමු මාස කිහිපය තුළම ඇය දැඩි අප්‍රසාදයට ලක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්රයේ වියදම් කැපීම් නිසාය. ඉන් එක් වියදම් කැපීමක ප්‍රතිඵලය වන්නේ වයස අවුරුදු හතේ සිට එකොළහ දක්වා වූ දරුවන්ට ...
කාන්තාවන් දූෂණයෙනුත් ලංකාව පෙරමුණේ - 14.5% of men in SL 'admit rape' මාතලන් ලියන්න මක්කාදැයි කියා හිතා ගන්නට බැරිය. ගැබිනියක් මරා, දියණිය පුළුස්සා මැරූ කේස් එකක් පත්තරේ ඉස්සරහම පිටුවේ දාලාය. අද සෝමාගේ වාහිනියේ, මේවා ඇක්ට් කොරලාම පෙන්නන්න පුළුවන්ය. එයාලාට මේවා මාර ආතල්ය. ඒවා බලන උන්, ඊළඟට ඊට වඩා ගේම් එකකට සෙට් වෙනවාය. ඒ උනාට, මේක ළෝකෙන් උතුම් රටය. නොවේ මෙවන් වින්දනයක් ළොවේය. ආසීයාවේ ආස්චර්යද මොකක්ද එකය. මුලු ළොව මේ රටට යටය. මේවා ...
රිසානා දුව මරා දමයි - RIZANA NAFEEK EXECUTED මාතලන් මේ පනිවිඩය ලද විගසම මගේ හද කම්පාවූවා. රාජ් මා අමතන විටත් මා සිටියේ නියම තත්වයේ නොවේ, අනෙක් කරුන මා සිටියේ සමාගමේ රැස්වීමකයි. රාජ්ද කම්පාවි සිටී බව මට හොඳටම තේරුනා. මුදල පමණක් පසු පස හඹා යන කෘර මිනිස් ජාවාරම්කරුවනට ගොදුරු වූ අහිංසක දුවේ. ඔබේ ආගමේ ඔබට ලබා ගත හැකි ඉහලම තැන ඔබට හිමි වේවා....!!!ඉතිරියත් කියවන්න.....>>> ...
කොළබ ට්‍රැෆික් අවසන් - No More Traffgic in City of Colombo මාතලන් මීට ටික දවසකට කලින්, "අන්සතු දිනපොත" බ්ලොග් අඩවියේ, "කොළඹ ට්‍රැෆික්" නමින් සම්පූර්ණයෙන්ම වෙනස් මානයක, අපූරූ ළිපියක් තිබුනා. (මෙතනින් බලන්න.) එයා ලියලා තිබුනේ, කෝට්ටේ ඉඳන් පිටකොටුවට තියෙන දුර කි.මී. 15 උනත්, ඒ සුළු දුර ප්‍රමාණය සම්පූර්ණ කිරීමට, පැය එකහමාරකටත් අධික කාළයක් ගතවන බවයි. මෙය අතිශෝක්තියක් නම් නොවේ. එම මාර්ගයේ ගමන් කරන්නකු, මේ කාලකන්නි වාහාන තදබදයට, දිනපතා මුහුණදීම ඉතාම ගනගාටු දායක තත්වයකි. ...
පාලකයින් වෙනුවට කපුවන් පත් කර ගමු මාතලන් මේ අම්මට හැමිනෙන රටේ දේශපාලුවෝ කියා පිරිසක් ඉන්නවාය.ඒකේ ඉස්සර ඉදලා තියෙන්නේ රජවරුය.උනුත් රටට මක්කා නොකෙරුවත් සාසනේටයි ඇති වෙන්න කරගෙන තියෙනවාය.කොච්චරනම් කරලා තියෙනවාද කියනවා නම් සීගිරිය ඇර පෙන්නන්න්ට වෙන මෙලෝ මගුලක් ඇත්තේ නැතිය. ඉතිරියත් කියවන්න.....>>> ...
ආතල් මල් - Real Flowers මාතලන් මේ මොකද මේ ..රෝසී, සකුරා, සේපාලිකා .. මා වටකරන් .. හරි ලස්සනලු, සුවඳයිලු .. නෙළුම්, මානෙල්, ඕලූ ත් ඇවිල්ලා.. පූජනීයයි කියන්නේ .. ඉතිං මයෙ මොකෝ..... එපා මට කෙහෙල් මල් .. ලොවේ කොතනක ගියත් .. මං ආදරේ කරන, මට ආදරේ කරන .. උඹට පමණයි ආදරේ මං.. මගේ මල් එතනෝ ... පොලිටික්ස් ආතල් වගේද .....? සංතාප අර තාප මේ තාප ... නැති බංගස් වෙලා යන්න .. මගෙ මල් එතනෝ .. මම මල් ඔතනෝ .. එන්න එන්න අපෙනුත් ගන්න ...