එලෙව්වේ.., "මහින්ද" පමණක්ම නොවේ.... - Rejected Politicians & Parties මාතලන් මහින්ද මහත්තයාට ගෙදර යන්න වෙයි කියලා, මහින්ද මහත්තයා ඉතරක් නොව, නිමල් සිරිපාලලාත් හිතුවේ නැතිය. අරලිය ගහ මන්දිර, ජනපති මන්දිර, රැනොවේසොන් කරලා මාළිගා බවට පත් කලාට, මැදමුලනයි කාල්ටන් එකටයි, ඒ ට්‍රීට්මන්ට්ස් දීලා නැත්තේ, පරලෝකාප්රාප්ත වන්නට හිතාගෙන උන්නේත්, අරලිය ගහ මන්දිරේ සැපසේ වාසේ කරනා අතරතුරේ නිසාමය. 18 වන විවස්ථාව ගෙනාවේ, ආයේ කාල්ටොන් වල එළි බහින්න නෙමේය. නැත්නම් කාල්ටර්න් කක්කුස්සියටත්, LCD TV, AC, ...
අළුත්ම ටෙලිය - Now Showing මාතලන් කාටූන් ගිෆ් එක දිසා ගේ බ්ලොග් එකෙන්. මේක මගේ වෙන බොගක දැම්මා. ඒකට විසිට්ස් අඩුයි. පොඩි සංස්කරණයකුත් එක්ක විප්ලවවාදීන්ගේ හිත සුව පිණිස මෙහි පළකලා. හැත්තැ දෙකේ ඇදන් නාපූ අසූ නමෙ ඉල්ලන්ම කාපු රතු වන් පස්සයක් තිබෙනවා පප්පා තහනම් කොරාපූ වැටි වැටි නැගිටලා ආපු ඒකට ජේ වී පී එකයි කියනවා ඒ පක්ෂෙ මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සු // මැඩම් එක්ක එකතු වෙතේ ...
පිස්සු හරක් - Mad Cow Decease මාතලන් මළම පැන්නේය. මළ කෙළියක්ම උනේය. ඒ නිසා පෝස්ට් එක ලියන්නත් පරක්කු උනේය. සිද්දිය මෙසේය. ඊයේ, අවුරුදු 15 ඉඳන් ආර්ථික විද්‍යාව කර, පන්ති සමාර්ථයක් සහිතව සමත්වී, නිසි තැන නොලැබ. අධ්‍යාපනය කන ඇමතිතුමා, 2500 න් මැරෙන්නේ නැතිව ඉන්න කියා දෙන ටියුෂන් පන්තියක් දෙරණේ ගියේය. මම අපේ ගෑනීට ඕක බලන්නට එන්න කිව්වේ, හැම තිස්සෙම බඩු ගනන්, හරි විදියකට කන්නත් නෑ, යුද්දෙ තියෙද්දිත් මීට ...
වෙනුෂා ඉමන්දි මරාදැමූ පින් ගොනා එළවනු... - Sack the Sex Maniac Immediately මාතලන් ෆේස් බුක් හුටපටයක් හේතුවෙන්, ගෙල වැලලාගෙන මිය ගිය දැරිය පිළිබඳ ,බ්ලොග් ලියන කීප දෙනෙක්ම ලියලා තිබුනත්, ඉතාම විචක්ශණශීලීව ඒම ප්‍රශ්ණය පිළිබඳ බුද්ධිමත් දැක්මකින්, ඉදිරිපත් කරපු ලිපිය ලියලා තියෙන්නේ, මම හිතපු විදියට වෛද්‍යවරියක්. ඒ "අනිත් කොන" කියන බ්ලොග් අඩවියේ, ඒ ළිපිය, මම හිතන්නේ ලංකාවේ සියළුම දෙනා කියවිය යුතු ළිපියක්. විශේෂයෙන් අධ්‍යාපනය කා විනාශ කර දමන කාළකන්නි ඇමතිවරුන් හා නිළධාරින්. (ඒ ළිපිය ...
රොක් හඩ්සන් "ගේ" කතාවක් - Rock Hudson in Hell මාතලන් ප්‍රථමයෙන්ම තිසරයාට ස්තූතී කොරන්න ඕනෑය. මේක මතක් කලේ ඌය. එමෙන්ම විසේසයෙන්ම කිව යුතු දෙයකුත් වන්නේය. එනම් අප කිසි ලෙසකින්වත් ඒඩ්ස් රෝගියකු පිළිකුල් කරන්නට හොඳ නැතිය. මොකෝ බොහෝ දෙනෙකුට එය ලැබී ඇත්තේ නොදැනුවත්වමය. මාතලන් ලිංගික නිදහස ඉහලින්ම අගය කරන්නෙක්ය. නමුත් සියළුම දෙනා දැනුවත් විය යුත්තේමය. මන්ද ඒඩ්ස් මාරාන්තිකය. ආවරණ දමාගෙන බැට් කොරන්න යාම කෝකටත් හොඳය. තිසරට මේක මතක් උනේ මම "ගේ" ...
බර්ලින් පවුර බිඳවැටීම - End of Cold War මාතලන් බර්ලිනයේ ලෙනින් ප්‍රතිමාව ඉවත් කිරීම..."හැරල්ඩ් මැක්මිලන්" කියන බ්‍රිතාන්‍ය ජාතික අගමැති තුමා, 1960 දී ළෝකප්රසිද්ධ කතාවක් පවත්වනවා "වින්ඩ්ස් ඔෆ් චේන්ජ්" (Winds of Change) කියලා, මේක අපේ භාෂාවෙන් නම් "නැවුම් සුළඟක්" එහෙම නැත්නම් "වෙනස් සුළඟක්" ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ කතාව ඔහු කළේ දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තුවේ. අප්‍රිකානූ මහද්වීපයේ රටවල් විශාල ප්‍රමාණයක් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිත වශයෙනුයි පැවතුනේ ඒ කාළේත්. ඔහු මේ කතාවෙන් අප්‍රිකානූ ...
අමරදේව, වින්දනය හා කළා පොලීසී - Maestro, Music Taste & Cultural Police මාතලන් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන, බොහෝ ජනප්‍රිය වීඩීයෝවක් හේතුවෙන්, නොලියා අමතක කොට දමා සිටිය යුතු යැයි තීරණය කළ කතාවක්, නැවතත් ලියා දැමීමට සිත් විය. වීඩියෝව නම්, පන්ඩිත් අමරදේවයන්ගේ ගීයක් වන, "පෙර දිනයක මා පෙම් කළ යුවතිය..." නම් ගීතයයි. එහෙත් එය ජනප්‍රියව ඇත්තේ, අමරදේවයන් විසින් ගීතය ගැයීමට පෙර, එම ගීතයට රසිකයින් ලබා දී ඇති වෙනත් අරථකතනයන්, ඉතා රසවත්ව, මහා සංගීත ඝාන්ධර්වයා විසින්ම ...
තොපි ආවෙ හොරා කන්නද, රට හදන්නද..? - Our Rulers are World Best Looters.. මාතලන් රනිල් කපටියෙක් බව බොහෝ දෙනෙක් කියනවාය. පොඩි පොඩි කපටි කම් කලත්, ජනතාව නම් කියන්නේ ඉල්ලාගෙන කන්න ඒ වගේ කෙනෙක් නෑ කියලාය. එජාපයේ සෙල්ලම් දාගෙන බලය අල්ලාගෙන උන්නද, රටේ බලය එහෙම අල්ලාගෙන ඉන්න බෑ කියලා ඊයේ පාර්ලිමේන්තුවේදි ඔප්පු උනාය. මෙතුවක් කල් "මිස්ට් ක්ලීන්" ලෙස සිටි පුදගලයා, ඊයේ පාර්ලිමේන්තුවේදි ලංකාවේ නොම්මර එකේ "හොරා" විය. පට්ට ජෝක් එක කියන්නේ, නොම්මර එකේ හොර කල්ලියකින්ම ...
කූඩැල්ලා - දෙවන කොටස (පොඩි අය අම්මිලගෙන් අහලා බලන්න) - The Leech - Part II මාතලන් කූඩැල්ලා පළවන කොටස - මෙතනින් කියවන්නමුලින්ම කියන්න ඕන.... මේක ටිකක් දිගයි... කේන්ති ගන්න එපා ඕන්...ඒත් මැනිකගේ මූන ලස්සන නෑ... මම පූජිත මෙන්ඩිස් වගේ අනික් උන් ඔක්කෝටම ඔරවනවා. ඔන්න හිනාව නවතිනවා. දැන් නම් මැණිකගෙ මූන හොඳයි. ඒත් තරහ වෙන්න කලින් හිටිය වගේ ලස්සන නෑ.උඹ තමයි ඔක්කෝම කරන්නෙ.. මැණිකා ප්‍රේමසිරිට කියනවා..ප්‍රේමසිරි නෙමේ කටක් හොලවන්නේ. ප්‍රේමසිරි මැණිකට බයයි. ප්‍රේමසිරි පොළොවේ දිහා බලාගෙන ඉන්න ඇස් දෙකේ, අර මැද තියෙන ...
කුණු කරෝල, කුණු අල, කුණු සීනී - Sri Lanka Smells Bad මාතලන් උන්නොත් දාහයි.... මලොත් දෙදාහයි.....බැන්දොත් නම් පන්දාහයි නෝනේ...දුප්පත් අපි රජවරු සුදු මා.....මේ.....දුප්පත් අපි රජවරු සුදු මා....මේ.....ඔය උඩ තියෙන සින්දු කෑල්ල, නිකන් ජොලියට වගේ කිව්වාට අවුලක් නැතිය. ඒ ගැන පොඩි ආතල් එකක් තියෙන්නේය. ඕවා ගැන මම කලින්ම කිව්වාම, එකෙක්වත් පිලිගත්තේ නැතිය. (මෙතනින් බලන්න.) දැන් ඉතින් බඳින්නනම්, සුපියල් 5000 ක්ම ගෙවන්න වෙනවාය. දුප්පත් එකෙකුට බඳින්න වෙන්නේ සමෘධි බැකුංවෙන ණයක් අරගෙනය. නැත්නම් කරේ දාන්න ඉන්න මාලේ උකස් ...
රථ ගාය - Mad Max මාතලන් "කොළුවට රථ ගාය" පට්ටම පට්ට ඇඩ් එකකි. බැලුවේ නැත්නම් දවසක්ම රූපවතී දිහා බලාගෙන ඉඳලා බැලුවත් පාඩූ නැත. ඉන්නේත් පට්ටම පට්ට නළු නිළි සැට් එකොකි. මටත් පොඩි කාළේ රථ ගාය තදටම තිබිනි. තාත්තාගේ ඇන්ජිම නැති පුස්සගන් එක තාප්පයට ඇන හොඳටම බැනුම් අසා ගත්තෙමි. මල්ලිගේ රථ ගායට, රතු පාට ලී කෑල්ලක් දෙහි ඇඹුලෙන් ඌරච්චි කර ගෑ බවත් මතක ඇත. ඒවා ගෑ විට ...
ඩයනගෙ මඟුල, සිංහල සිනමාව හා අපේ ටැලිවිසොන් එක... - History of Television මාතලන් නෙළුම් විලේ බැහලා ඉන්න බින්දි මේ මෑතකදි එයාලගේ ගෙදරට නමෝ විත්තියෙන් රූප පෙට්ටියක් ගෙනාපු විසතරේ ලියල තියෙනවා දැක්කම මටත් හිතේ ආසවක් ආවා අපේ ටැවිසොන් පෙට්ටිය ගැනත් මක්ක හරි ලියන්නම ඕනේමයි කියලා. ඒවා අපේ ජීවිතේ සංදිස්තාන, ටැලිවොසොන් එක ඉතරක් නෙව්යි, වොෂින් මැසින්, ස්ටීමර් අයන්, ග්‍රයින්ඩර්, අවන් අරක මේක ගැජ මැටික් ඔක්කෝම අපිට ඒ කාළේ මැජික්ම තමයි. ඉතිරියත් කියවන්න.....>>> ...
පොලිස් විස්ස විජ්ජාලේ - Police Campus මාතලන් ළෝකේ හොඳම පොලිසීය තියෙන්නේ ලංකාවේය, ආචාරශීලී බව අතිනුත් නොම්බර එකය. කොච්චර හොඳද කියනවා නම්, පොලීසියට උපහාර පිණිස ඉරාජ් සින්දුවකුත් කියා තිබෙන්නේය. මිනිසුන්ට ආමාන්ත්රණය කිරීම අතින් අපේ පොලිසීයට ගහන්න එක පොලීසියක්වත් නැත. සැකකරුවන්ට සැලකීම හා ඔවුනගේ මානුෂික අයිතින් සුරැකීම අතින්ද නොම්මර එකය. ඒ ආගන්තුක සත්කාර, පැය 24 ක් කරලා එයාලාගේ හිතට මදි නිසා. උත්තරීතර පාර්ලිමේන්තුවට කියලා, මේ ළඟදි පැය 48 ක්ම ඉල්ලා ...
සාපේ සිසුන්ට බන්දුල මාමාගෙන් නත්තල් තෑගී - Christmas Presents From Santa Bandula මාතලන් සංස්කරණය කරණ ලද ඉන්දික දිසානායකගේ කාටූනයකි...දුවේ පුතේ බන්දුල නත්තල් සීයා,සාපෙට නත්තල් තෑගිත් බෙදුවාය...ගෙඩිය පිටින් 19 ක් දෙනවාලු,අම්මගෙ අප්පගේ බූදලේ මිනිස්ට්‍රිය...ඉතිරියත් කියවන්න.....>>> ...
කාළගුණේ, මොකෝ උනේ - Funny Weather Forecast මාතලන් පැස්ටෝල් වල වතුර තියෙනවයි කියා, ඇමතිතුමාම, අමු කෙප්ප හිටගෙන කෙලියේය. ඒත් ලැජ්ජාවක් කියලා එකක් ගෑවීලාවත් නැත්තේය. ඇමතිවරු කෙප්ප කෙලින් රටේ නිළධාරින් කෙප්ප කෙලියාම, ඒක නිව්ස් එකක් නොවෙන්නේය. ඒ නිසා හිටිවන බයිලා වලින්ම දෙනවාය. අද කියන කතාව හෙට වෙනස් වන්නේය. ඉස්සෙල්ලම කිව්වේ අපි අනාවැකි කිව්වා කියාය. ඊට පස්සේ කිව්වේ, එහෙම එක පාරටම එන ඒවා කියන්න කාටවත් බැරිය කියලාය, පැස්ටෝල් ඇමති වගේ ...
සුදු අලි පාටිය (පලා බබා බොරුව) - White Elephent Party මාතලන් පලා බබා සුදු අලියෙක් කියන්නේ මම නෙමේය. දේශපාළණය කරන හැම එකාම ඒක දන්නේය. බබාලා කියන්නේ වටිනා සම්පතක් උනත්, වැඩි උනාමත් බොහොම කරදරය. සමහර උන් එහෙම බබාලා හම්බ උනාම, ඉස්පිරිතාලෙම දාලා යනවාය. සමහර උන් කුණු ගොඩට විසි කරලා දානවාය, සමහර උන් ඉපදෙන්නත් ඉස්සර වැඩේ දෙනවාය. සමහර උන් වෙන කාටහරි දීලා දානවාය. මේ එහෙම දීලා දාපු බබෙක්ය. නිකන් දීපූ බබෙක් නොවේය. පරිප්පු ...
නවත්තන්න එපා..!!! (21+) - Dont Stop....!!! (13+) මාතලන් මේ ළඟදි මගුල් ගෙදරක ගියා, හාමිනේගේ පැත්තෙන් නෑයෝ වෙන. ඒත් ඉතින් හාමිනේටත් වඩා එහේ සෙට් එක මා එක්ක ෆිට්. මේක නම් අර විකාර මගුල් ගෙයක් නෙමෙයි, බොහොම චාම් මගුල් ගෙයක්. අපි මනමාලිගෙ පාර්ශවේ. මනමාලීගේ අම්මයි තාත්තයි දෙන්නම නෑ. අම්මා නැති උනේ කැන්සර් එකකින්, තාත්තා නම් සිරෝසිස් වලින්. අම්මා නැති උන දවසේ ඉඳන් බලා ගත්තෙ පුංචි අම්මා. අර මල විකාර කේක් ...
"හොඳ" කොල්ලෙක් ලබාගැනීමේ, යාඤ්ඤාව - Prayer for Dreamed Prince මාතලන් කෙල්ලෝ මහ පුදුම ජාතියක්ය. ඔක්කෝම ඕනෑය. බඩුවක් ගන්න කඩේකට ගියත් එසේමය. බඩු ඔක්කෝම ඇදලා ඇදලා වෙන කඩේකින බලලා එන්නම් කියා යනවාය. ටවුමේ තියෙන ඔක්කෝම කඩවලට යනවාය. ඒතනින් නවතින්නේත් නැතිය. ලඟම තියෙන ටවුමේ කඩවලටත් යනවාය. ඊට පස්සේ නගරේ තියෙන කඩේටත් යනවාය. ඔහොම ගිහින් මොකක් හරි මළ ජරාවක් උස්සන් ඇවිත්, හොඳයි නේද අහනවාය. වර්චස් උනත් හොඳයි කියා අපි කියනවාය. ඒ එයාලාගේ හැටිය. ...
කොටස් වෙළද පොළ මාෆීයාව - CSE Manipulators මාතලන් මේ දවස්වල, අපේ කොටස් වෙළඳ පොළ, නිකන් දෙල්කඳ පොළවගේ.. සූ ගාලා සෙනග. ඒ මොකෝ කොටස් අම්බානක නැගලා. සමහර ෂෙයාස් 400% විතර ඉහළ ගිහින්. නියාමන කොමිසමේ හිටපු දේශද්‍රෝහියා එලෙව්වයින් පස්සේ තමයි මේ නැගිල්ල. ඔය කාළකන්නි යක්කු ඉන්න තැනකට හරියන්නේ නෑ. එලෙව්ව එකමයි හොඳ. ඌයි මායි දන්න ඉකොනමි. අපේ ඉකොනමි එක සුපිරි. ඒකට දාලා ඉන්නේ ළෝක බැකුවට උනත් උපදෙස් දෙන්න පුළුවන් උන්. ආර්ථික වර්ධන වේගයත් සුපර් සොනික් වලටත් ...