මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
ඔතෙලෝ සිංඩ්‍රෝමය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔතෙලෝ කියන්නේ වැනීසියේ හමුදාවේ හිටපු දක්ෂ ජෙනරාල් කෙනෙක්. මේ ජෙනරාල්ගේ දකුණු අත වගේ සගයෙක් උන්නා ඉයාගෝ කියලා. ඔතෙලෝ වැනීසියේ හමුදා මෙහෙයුමේ වැඩකටයුතු කරගෙන ඉන්නකොට ඒ සේවයේම හිටපු මයිකල් කාසියෝ කියලා ආධුනික හමුදා සෙබලෙක්ව ලෙෆ්ටිනන් තනතුර දක්වා උසස් කරනවා..මේ ආධුනික සෙබලාගේ තනතුරු උසස් කිරීම ඉයාගෝගේ ප්‍රසාදයට ලක් වෙන්නේ නෑ.. ඔහුට ඊර්ෂ්‍යාවක් හට ගන්නවා.. තමන්ට වඩා ආධුනික සෙබලෙක්ගේ තනතුර හිටපු ගමන්ම උසස් ...
පුදුම බයක් නේ. මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ ලඟදි දවසක මගේ යාළුවෙක් අපේ ගෙදර ආවා. උන්දෑව මට හම්බ උනේ මම් විශ්ව විද්‍යාලයේ ඉන්නැද්දි. මේකා අපේ ම බැච් එකෙක් එකෙක්. මේකාගේ නම විජිත ! හැබෑම දක්ශයෙක් ! කොටින්ම ඉගෙන ගන්න සෑහෙන පෙරේතකමක් තියෙන කොල්ලෙක් ! තමන් නොදන්න දෙයක් කවුරුහරි කියනවා ඇහුනොත් මූ එතෙන්ට වෙලා කටත් ඇරගෙන අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා විතරක් නම් මදෑ. මූ නොසෑහෙන්ඩ ප්‍රශ්නත් අහනවා.විජිතව දැක්කම ...
කොත්තු රොටි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සීමිත ද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කර විනාඩි කිහිපයක් තුළදී සාද ගත හැකි ක්ෂණික ආහාරයකි, කොත්තු රොටිය. මෙයට කොත්තු රොටිය යැයි කීවාට එය ගෝදම්බ රොටි කිහිපයක සංකලනයකි. ගෝදම්බ රොටි එකතු කර සාදන කොත්තුවට කෙටියෙන් රොටි කොත්තුව යැයි ව්‍යවහාර කරන අතර ගෝදම්බ රොටි වෙනුවට ඉදි ආප්ප හෝ බත් ද භාවිතා කළ හැකිය.එවිට එය බත් කොත්තුව හෝ ඉදිආප්ප කොත්තුව නම් වේ. මා රොටි කොත්තුවට ...
නාට්ටි දහයක් ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද සිකුරාද දවසක් ! ඒ වගේම අපේ පැත්තට උදේ ඉඳන්ම සෑහෙන්ඩ වහිනවා. අද වැඩට යන්ඩ මාරම කම්මැලිකමේ හිටියේ... ඒත් ලෙඩ නිවාඩු ඇරෙන්ඩ වෙන නිවාඩු ඉතුරු වෙලා නැති හින්දා අකමැත්තෙන්ම හරි ගෙදරින් පිටත් වෙලා ආවා.ගෙදරින් අකමැත්තෙන් ආවට මොකෝ වැඩපොලට ආවට පස්සේ වැඩ කරන්ඩ සෑහෙන උද්යෝගයක් තියෙන්නේ. ඇයි ඉතින් හෙට සෙනසුරාදා නෙව.ඒ උනාට මම් කියන්ඩ ආව කාරණේ ඒක නෙමෙයි ! ඔන්න මේ ...
උගුරැස්ස සාත්තරේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල අපේ ගේ ඉස්සරහා උගුරැස්ස ගහේ ගෙඩි පිරිලා තියෙනවා. නත්තල් නිවාඩුව නිසා මගෙයි මලයගෙයි වැඩේම දවස් දෙකෙන් දෙකට උගුරැස්ස කඩන එක. ගොඩක් අය මේවට උගුරැස්ස කිව්වට අපි නම් කියන්නේ කටු ලොවි කියලා.සමහරු නම් කටු කුරුඳු කියලාත් කියනවා. පින්තූරය ගූගල්ගෙනි.ඒ කොයි හැටි වෙතත් නියම පලතුරක් තමා මේක. ගෙඩිය තලලා කන තරමට රසය වැඩියි. අපේ උගුරැස්ස ගහ ගෙයි ඉස්සරහා පැලවෙලා අවුරුදූ ...
ආච්චි අම්මා සමඟ ගෙවුනු සති අන්තය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මිනිස්සු වයසට ගිහින් එකතැන් උනාම තමා තනිකම පාළුව වැඩියෙන්ම දැනෙන්නේ. ඒ වෙලාවට ඒ තනිකම මකන්න කවුරුහරි ළඟ ඉන්නවානම් ඒකත් සතුටක්. ඒ නිසාමයි අපි මේ සති අන්තයේ අපේ ආච්චිඅම්මලෑ දිහෑ ගියේ. ආච්චි අම්මා කිව්වේ අම්මගේ අම්මා !අපි ඉතරක්ම නෙමේ අපේ අම්මාගේ සහෝදර සහෝදරියෝ සේරම ඇවිත් හිටියා. ඒ නිසාම සෑහෙන සතුටින් ගෙවුන සති අන්තයක්. සතුටු සාමිචියේ යෙදුනා විතරක් නෙමේ. අපි බොංගෝ ගගහා ...
අපේ තේ වෙලාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කොම්පීතරයත් එක්ක හරි හරියට ඔට්ටුවෙවී වැඩ කරන මට තේ වෙලාව කියන්නේ සෑහෙන වටින කාලයක් ! වැඩ කරන පැය අටට වඩා තේ වෙලාවට ලැබෙන පැය කාල මට සෑහෙන සතුට ගේන කාලයක්. සමහර දවස්වලට කොයි වෙලේද තේ වෙලාව එන්නේ කියලා බලාගෙන ඉදපු දවසුත් නැතුවම නෙමේ. තේ වෙලාව කියන්නේ හරියට දෙයියන්ගේ අපට ලැබිච්ච තෑග්ගක් වගේ.මගේ ජීවිතයේ මතක හිටිනම තේ වෙලාව ලැබුනේ මම මුලින්ම ...
පහන්තිර මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද මැයි පළවෙනිදා.... කම්කරු දිනය අදයි !කම්කරු දිනය හන්දා මට අද නිවාඩු. ඒ නිසාවෙනදා වගේ උදෙන්ම ඇහැරුනේ නෑ. ටිකක් දවල් වෙන්න නිදිය ගන්න පුලුවන් වෙච්ච දවසක්. ටිකක් එලි වෙනකන් නිදියගෙන දත් මැදලා මූනකට හෝදගෙන උදේ කෑමත් කාලා මම අපේ තාත්තලෑ මහ ගෙදර ආවා.අපේ ගෙදර ඉදන් ආච්චිලෑ ගෙදරට මහ දුරක් නෑ.. මම ආච්චිලෑ දිහෑ යනකොට අපේ ආච්චි අම්මා උදෙන්ම වැඩ පටන් ...
මෙගා නම් අජූතයි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඒ දවස්වල ප්‍රාසාංගික නාට්ටි කළාවක් වගේම ඒකාංගික නාට්ටි කළාවකුත් තිබ්බා. කාලයක් යනකොට ඒකාංගික නාට්ටි වලට සුවිප් එක ඇදිලා ප්රසාංගික නාට්ටි විතරක් ඉතුරු උනා. දැනුත් ඉදලා හිටලා ඒකාංගික නාට්ටියක් දෙකක් පෝයට දවසට යනවා. ඒ ඇරෙන්න මං දන්න තරමින් ඒකාංගික නාට්ටි නෑ.ප්රසාංගික නාට්ටි ටික කාලයක් යනකොට මෙගා බවට පත්වෙලා. මට මතක විදිහට කෝපි කඩේ, දූ දරුවෝ, නෑදෑයෝ වගේ නාට්ටි ඇරුනහම මෙගා රැල්ලක් ...
දුම්වැටි විරෝධය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද මම පුරුදු විදිහට කන්තෝරුවට එන්ඩ නුගේගොඩ බස් එකට ආමර් වීදියෙන් ගොඩ උනා. සෙනග ගොඩක් පුරෝගෙන බස් එක මරදාන බොරැල්ල පහු කරගෙන රාජගිරිය ආයුර්වේදය කිට්ටුවට ආවා. ඔන්න එතනින් එහාට්ට බස් එක අඩියක්වත් යන්නේ නෑ.සෑහෙන ට්‍රැෆික් එකක්... !වෙනදා නැති තරම් ලොකු ට්‍රැෆික් එකක් ඇති වෙන්ඩ නං මොකක් නමුත් හේතුවක් තියෙන්ඩ ඕන කියලා මම පොඩ්ඩක් විපරම් කලා.ඒත් හේතුව හොයන්ඩ නෑ. පෑ කාලක් ...
ඉති කුමාරි කතා වස්තුව - 2 කොටස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය ලිපියෙදි මතක ඇතිනේ ඉති කුමාරිය සාමණේර නමකගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අන්න ඒ ප්‍රශ්නයට පිලිතුරක් දෙන බලාපොරොත්තුවෙන් මේ සාමණේර නම විහාරයට වඩිනවා. පහුගිය කොටස බලන්ඩ බැරි කෙනෙක් ඉන්නවා නං මෙතෙන්ට දුවලා ගිහිං බලලා එන්ඩලා..අද කතාව එතැන ඉදං.......මේ සාමණේර නම විහාරයට වැඩියට පස්සේ දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් මේ ගැන විමසලා පිලිතුරක් ලබා ගන්නවා.ඉති කුමාරියගේ ප්‍රශ්නයට පිලිතුරු ලබා ගත්තට පස්සේ උන්නාන්සේ ආයෙම සිටු මැදුරට වඩිනවා. ...
එක එකාගේ බලාපොරොත්තු මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා නීතීඥයෙකුගේ බලාපොරොත්තුව ඔබ කරදරයකට පත්වී සිටිනු දැකීමයි.වෛද්‍යවරයෙකුගේ බලාපොරොත්තුව ඔබ රෝගී වී සිටිනු දැකීමයි.පොලිසිය බලාපොරොත්තු වන්නේ ඔබ අපරාධකරුවෙකු වී සිටිනු දැකීමයි.ගුරුවරයෙකුගේ බලාපොරොත්තුව ඔබ මෝඩයෙකුව ඉපිද සිටිනු දැකීමයි.මල්ශාලා අයිතිකරුවකු බලාපොරොත්තු වන්නේ ඔබ මියගොස් සිටිනු දැකීමයිතවද,ඔබ සැපවත් ජීවිතයක් ගත කිරීම බලාපොරොත්තු වන්නේ හොරෙකු පමණි !!!ප.ලි. - ඊ මේල් එකකින් ලැබුනු අදහසක්. ලද විවේකයෙන් සිංහලට පරිවර්තනය කලා. :) ...
ලිලිපුට් -බ්ලෙෆුස්කු යුද්ධය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඈත අතීතයේ ඉදලා ලිලිපුට්ටන්ගේ ආගමික නීතියක් තියෙනවා එයාලා බිත්තරයක් කඩන්නේ ලොකු පැත්තෙන් කියලා. තමන්ගේ ආගමෙන්ම ආපු නීතියක් නිසා ලිලිපුට්ටෝ ඒ නීතිය ඉස්මුදුනෙන්ම පිලිගත්තා.ඒ විතරක් නෙමේ අකුරටම පිලිපැද්දා.ඔහොම ටික කාලයක් ගත උනා කියමු. ලිලිපුට්ටන්ගේ අධිරාජ්‍යයා දවසක් බිත්තරයක් කඩනකොට බිත්තරේ කටුවට එයාගේ ඇඟිල්ල කැපෙනවා. ඔන්න එදා ඉදලා ඒ අධිරාජ්‍යයා නීතියක් ගේනවා මෙතැන් පටන් සියළුම ලිලිපුට්ටන් එයාලගේ බිත්තර කඩන්න ඕන ලොකු පැත්තෙ ඉදන් ...
ඉති කුමාරි කතා වස්තුව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හුඟ දවසකින් බණ කතාවක් ලියැවුනේ නැති නිසා අද බණ කතාවක් ලියන්ඩ කියලයි බලාපොරොත්තු වෙන්නේ. ලියනවා නං ලියන්ඩ බණ කතා අටෝරාසියක් තියෙනවා. පුලු පුලුවන් විදිහට මාසෙකට එක ගානේවත් ලියන්ඩ ඕනෑ..මේක මේ කාළයකට උඩදි අහපු බණ කතාවක්. ඒ බණ කතාවේ නම තමා ටයිටලේට දාලා තියෙන්නේ.හරි එහෙනං අහගම්මු ! මුලිංම කියන්ඩ ඕන මේක අපේ ගෞතම බුද්ධ රාජ්‍යය කාලේ සිද්ධ වෙච්ච කතාවක් නෙමේ. මේ ...
නිවාඩු දවසේ රඹුටන් ප්‍රශ්නයක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද මම නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න දවසක්... අවුරුද්දේ අන්තිම මාසය නිසාත් ඉතුරු කරගත්තු නිවාඩු ටිහිකුත් තිබුන නිසා අද නිවාඩුවක් දැම්මා. ඒ නිසා ටිකක් දවල් වෙනකන් නිදාගන්ඩ පුලුවං උනා. නිදියන එක තරං සැපතක් තියෙන එකක් යෑ..(හැබැයි ඉතිං නිදියන්න කලින් ෆෝන් එක සයිලන්ට් දාන්න... නැත්නම් නිදියනවා බොරු. !) ටිකක් විතර පරක්කු වෙලා ඇහැරිලා මූනකට හෝදගෙන උදේ කෑමත් කාලා ලෑස්ති උනේ මම කලින් ...
මගේ දන්සැල් වන්දනාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ගණිත ගැටලුව දැම්මට පස්සේ එක ලිපියක්වත් ලියන්ඩ හම්බ උනේ නෑ. ඒකට මූලිකවම හේතුව උනේ වෙලාව මදිකම. කන්තෝරුවේ කරන්ඩ තිඋනු වැඩ ගොඩක් තිබ්බ නිසා බ්ලොග් ලියවිල්ලයි කියවිල්ලටයි දෙකටම තිත තියන්ඩ උනා.පොසොන් පෝයටවත් මොනවාහරි ලියන්ඩ ඕන කියලා හිතුනත් උදෙ හිටන්ම දන්සල් වලට දුව දුවා හිටියා මිසක්කා අකුරක් කොටන්ඩ බ්ලොග් පැත්ත පලාතේ ආවේ නෑ..ඔය දන්සල් දිවිල්ලෙදි මට අපේ ගමේදී අපූරු දන්සල් දෙකක් හම්බ ...
ගතවුනු අවුරුද්ද ගැන... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද මේ අවුරුද්දේ අන්තිම දවස !ඒ හන්දමද මන්දා අද අපේ කන්තෝරුව සෑහෙන පාලුවට ගිහින් එක තට්ටුවකට ඉන්නේ කීප දෙනයි. මගේ කණ්ඩායමටම මම විතරයි ඉන්නේ. අනිත් අය නිවාඩු ගිහිං. මටත් නිවාඩු ඉතුරු වෙලා තිබුනා නං මාත් අද ගෙදර !මගේ බස් සගයා කියන විදිහට අද වගේ දවසක් උදා නොවෙනවා නං හොඳයි ලූ. ඒකට හේතුව විදිහට කියන්නේ අවුරුද්දේ අවසානයයි මාසයේ අවසානයයි දෙකම එකට ...
අපොයි පොතට ගිය සල්ලි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මං බ්ලොග් ලියන්ඩ කම්මැලි වෙලා හිටපු මාස අටක විතර කාලේ පුරාම කම්මැලිකම යවා ගන්ඩ කරපු දේවල් වලින් පලවෙනි තැන තිඋනේ පොත් කියවීම. ඒ කාලේ සෑහෙන නවකතා කෙටි කතා ගොඩක් කියෙව්වා. කොටින්ම ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වෙච්ච පොත් වලින් සෑහෙන ගොඩක් ඒ වෙනකොට කියවලා තිඋනා.ඔන්න ඔය පුරුද්දටම මෙදාපාර කොළඹ පොත් ප්‍රදර්ශනෙන් පොත් ටිකකුත් ගත්තා.ඒ පොත් අතරේ මෙදාපාර ස්වර්ණ පුස්තක සම්මානය හිමි ...
කොම්පීතරේ ලෙඩ වෙලා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද නම් මහ එපාම කරපු දවසක්. කිසිම වැඩක් කරගන්න බැරි උන දවසක්. ඒකට මූලිකම හේතුව උනේ මම වැඩ කරන කොම්පීතරේ ලෙඩ වීම. මුලදි මුලදි ටික ටික ලෙඩේ තිබ්බට ඒ හැටි ගනන් ගත්තේ නෑ. දිගටම වැඩ කරගෙන ගියා.ඔන්න අද හොඳටෝම ලෙඩ වෙලා. !මේක ලෙඩක් කිව්වට ලෙඩ දෙකක් තියෙනවා. පලවෙනිම ලෙඩේ තමා වැඩ කරගෙන යනකොට එක වතාවෙම නිල් පාට තිරයක් ඇවිත් කොම්පීතරේ ...
සුබ නව වසරක් වේවා ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අළුත් අවුරුද්දේ පළවෙනිම දවස ගෙදර අයත්තෙක්ක සමරන්න කියලද කොහෙද අද අපට නිවාඩුවක් දීලා තියෙන්නේ. නිවාඩු දවසේ කරන්න තිබ්බ වැඩ වලට කලින්ම මම බ්ලොග් එක පැත්තේ ආවේ මාත්තෙක්ක අවුරුද්දක් රැදී හිටපු බ්ලොග් යාළුවන්ට සුබ පතන්ඩ.අළුත් අවුරුද්දේ මට ඉස්ස ඉස්සෙල්ලම ආපු සුබ පැතුම් මැසේජ් එකෙන්ම සුබ පතන්නම්. මේ සුබ පැතුම ලැබුනේ මගේ ඊ මේල් මිතුරිය ගෙන්. මෙන්න මේකයි සුබ පැතුම,නව වසරට ලැහැස්තියයිසැමගේ ...