මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
ස්ට්‍රෝබෙරි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මම් නුවරඑළි ගිහින් ලොකාට් ගෙනාපු දවසේ ස්ට්‍රෝබෙරිත් ගෙනාවා. ලොකාට් වගේ තමා ස්ටෝබෙරිත් ටිකක් විතර ඇබුල් ! අපේ ගෙදර කට්ටිය ඇඹුල් උනත් කාලා නැති නිසා ස්ටෝබෙරි ටික රහ කර කර කෑවා ! අපි නම් කාලා නිකා හිටියට අපේ අප්පච්චිට ස්ටෝබෙරි වගා කරන්ඩ ආසාවක් ඇති උනා. උන්දෑ අපේ වත්තෙත් එක එක එවුවා වගා කරන නිසා ස්ටෝබෙරිත් වගා කරලා බලන්ඩ ඕන කිය කිය ...
මම පානදුරේට ආවා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද මම උදේවරුවේ වැඩට ගියේ නෑ.. වරු නිවාඩුවක් දැම්මා. ඒකට හේතුව උනේ මම ගන්ඩ යන ඉඩමට මූලික ගෙවීම සිද්ධ කලේ අද.කට්ටියටම මතක ඇතිනේ මීට මාසෙකට දෙහෙකට උඩදි ඉඩම් කෑල්ලක් හොයන්ඩ එහේ මෙහේ දිව්වයි කියලා. ඔන්න ඔය දුවපු දිවිල්ලෙන් මට පානදුරේ පැත්තෙන් පොඩි ඉඩං කෑල්ලක් හම්බ උනා. අන්න ඒකට තමා අද මූලික ගෙවිම සිද්ධ කලේ.මමයි අපේ එක්කෙනයි කලින් කතා කරගත්ත විදිහට ...
කන්ද පිරිමැද පිරිමැද මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පාසල් යන වයසේ ආදර සම්බන්ධතා ඇතිවීම ගොඩක් සුලභ සිදුවීමක්. ඔන්න පාසල් යන වයසේ ගෑනු ළමයෙක් තමන් නිතර දෙවේලේ දකින පිරිමි ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තා.කාලයත් එක්කම මේ ආදර සම්බන්ධය දළු ලා වැඩෙන්න ගත්තා.ඉතින් මේ ගෑල්ලමයට ආස හිතුනා තමන් ආදරේ කරන කෙනා ලඟටම වෙලා ඉන්න. ඒ කියන්නේ එයාව කසාද බඳින්න. කොයි ගෑල්ලමයද අකමැති තමන් ආදරේ කරන කෙනාගේ ලඟටම වෙලා ඉන්ඩ. ...
මනම්පිටිය රේල්-බස් පාලමේ මතකය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මට අපේ ගෙදර ඉදන් ඔපීසියට එන්න පැය දෙකක් දෙකහමාරක් විතර ගත වෙනවා. ඒ නිසා ඒ කාලේ ගෙවා ගන්ඩ මම එක එක දේවල් කලා. මුලදි පොතක් ගෙනාවා බස් එකේදි කියවන්ඩ. ඒත් බස් එකේ යනකොට ඔලුව ගැස්සෙන නිසා කියවන්ඩ වෙන්නේ නෑ. ඇස් වලට හරිම ආයාසයක් දරන්ඩ වෙන්නේ. ඒ නිසා මං සිංදු අහන්ඩ පුරුදු උනා. ඒක මරු වඩේ. ෆෝන් එකේ සිංදු දාගෙන හෙඩ් ...
බටර් ගෑම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා බටර් යනු මේදය සහිත ආහාරයකි. මාජරින් යනු බටර් හා පෙනුමෙන් සමාන තවත් ආහාරයකි. බටර් වල මාජරීන් වලට වඩා මේද අම්ල වැඩිපුර ප්‍රමාණයක් ඇත. තවද බටර් වලට වඩා මාජරීන් වල ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් ප්‍රතිශතය ද වැඩි ය. සියළුම කරුණු සලකා බලන කල මාජරීන් වලට වඩා බටර් ගුණදායක වේ. එසේ උවත් ලංකාවේ ජනගහනයෙන් වැඩිපුර කොටසක් ආහරයට ගන්නේ බටර් නොව මාජරීන් ය.එහෙත් බටර් ...
පත්තර කියවීම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඉස්කෝලේ යන දවස්වල ඉදන් මගේ විනෝදාංශ අතර පත්තර කියවීම අංක එකටම වගේ තිබ්බා. මුලින්ම පත්තරේකට කියලා කියවන්න ලැබුනේ අපේ අම්මා හැම සතියකම වැඩ ඇරිලා එනකොට අරගෙන එන චූටි තරු පත්තරේ. ඊට පස්සේ කැකුළු පත්තරේ. ඊටත් පස්සේ බිංදු, හපනා, විජය වගේ පත්තර කිහිපයක් කියවන්ඩ ලැබුනා.පස්සේ පස්සේ ලංකාදීප, දිවයින වගේ පත්තරත් කියෙව්වා. ඒත් දැන් නම් ඔය එක පත්තරයක්වත් කියවෙන්නේ නැති තරම්. ...
ෆෝන් කතා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මහේෂ් නම් සැරිසරන්නාගේ බ්ලොග් එකේ තිබ්බ ෆෝන් ගැන පෝස්ට් එක කියෙව්වට පස්සේ මටත් ෆෝන් ගැන මොන මොනවා හරි ලියන්න ඕන කියලා හිතුනා.ෆෝන් කිව්වහම අද නානාප්‍රකාර ෆෝන් තියෙනවා. දැන් ෆෝන් පාවිච්චි කරන අයගෙන් ගොඩක් දෙනෙක් ගාව තියෙන්නේ බොත්තම් නැති ෆෝන්.ඒ කිව්වේ ටච් ඉස්කිරිං ෆෝන් !ඉස්සරෝම ආවේ දිග ඒරියල් එහෙකුත් තියෙන ගඩොලක් ඉතර සයිස් ෆෝන්. ඒවනං සාක්කුවේ දාන්ඩත් බැරි තරම් ලොකුයි.ඒ වගේම ...
රාගම ගවලෙන් තරඟය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය ඉරිදා නිවාඩු දවසේ.. කොහේ හරි ඇවිදින්න කියලා සූදානම් වෙලාහිටියේ. ගෑල්ලමයට එන්ඩ කිව්වේ රාගමට. මම රාගමට ඇවිත් කෝල් එකක් දුන්නා. ඕං එතකොට හීනි හඬින් කියපු "අනේ මම එනකොට තව ටිකක් වෙලා යයි" කියලා.මං දන්නවනේ එයාගේ "ටික වෙලාව" !මං උන්දෑ එනකන් රාගම බස් හෝල්ට් එකේ ඉන්නකොට තමා දැක්කේ රාගම පල්ලියේ තිබ්බ ගවලෙන් තරඟය !අරුන්දෑ කීයට ඒවිද කියලා දන්නේ නැති නිසා ගොඩ ...
යාපහුවට ගිය ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා යාපහුවට යන ගමන මුලින්ම පටන් ගත්තේ මං අපේ නදී අක්කලාගේ ගෙදර ගිය දවසේ. එදා එයත් එක්ක ඇති වෙච්ච කතා බහේ දී අපි යාපහුවේ යන්න ඕන කියල හිතා ගත්තා. එයගේ යාළුවෙකුත් ඉන්නවා යාපහුව රජමහා විහාරය ලඟ. එයාවත් එකතු කරගෙන මේ ගමන යන්ඩයි අපි එදා කතා උනේ.ඔය කතාවෙන් පස්සේ අද (29 වෙනිදා) යාපහුවේ ගමන යන්න දින දාගත්තා.මාත් අපේ අම්මවයි මල්ලිවයි එක්ක යන්න ...
සබරගමු සුරතලිය සොයා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය ලිපියකදි මම කිව්වා මතක ඇති නෙහ් ආදර කන්ද නගින්ඩ යනවා ය කියලා. දවස හරියටම කියනවා නං මාර්තු 29 වෙනිදා... බස්නාහිර/දකුණු පලාත් සභා ඡන්දේ දවසේ.... !අපි කට්ටිය කලින් දවසේ.. ඒ කියන්නේ සිකුරාදා සමීර අයියලෑ බෝඩිමට සෙට් උනා. බෝඩිමේ රෑ ඉදලා පාන්දර තුනට විතර ඇහැරිලා නුගේගොඩ බස් හෝල්ටෙකට ආවා.ඒ එනකොට පාන්දර හතරයි... !බස් හෝල්ටෙකට ආව හැටියෙම මාර්ග අංක 99 බදුල්ල- කොළඹ ...
ලොකාට් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මම් ට්‍රේනින් ඉන්න දවස්වල මම් වැඩ කරපු කම්පැණියේ හැම අවුරුද්දකම වගේ යන ට්‍රිප් එක යන්න ලැබුනා. අපේ වාසනාවට වගේ අපි ට්‍රේනින් ඉන්න දවස්වල තමයි ට්‍රිප් එක යන්න තීරණය කරලා තිබ්බේ. ඒ අවුරුද්දේ අපි ගියේ නුවරඑළියට. දවස් දෙකක ට්‍රිප් එකක්. කෝමහරි පළවෙනි දවසේ හවස් වෙනකොට නුවර එළියට ලඟා උනා.අපිට වෙන් කරලා තිබ්බ හෝටලයේ කාමර වලට ගෙනාපු බෑග් ටික දාලා ඇවිදින් ජර්සි ...
මෙහෙමත් මිනිස්සු මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල හැමදාම වගේ හවසට හවසට වහින්ඩ පටන් අරන්. වැස්ස නම් කමන් නෑ කියමු.. ඒත් කොළඹට පොඩ්ඩක් වැස්සත් පාරවල් වල යන්ඩ බැරි තරම් ට්‍රැෆික් ! ට්‍රැෆික් මදිවට පාර අයින් වල කාණුත් උතුරලා පාර පේන්නේත් නෑ...ඒ මදිවට පාරේ අයින් වෙලා ගියහම වහන හයියෙන් ගිහින් මඩ වතුරත් ඉහගෙන යනවා...කොළඹට වහින වැස්සේ මෙලෝ ලස්සනක් නෑ...ඔහේ චිරි චිරි ගාලා වහිනවා විතරයි. මම් මගේ ජීවිතේටම ...
ඩාවින්සි දුටු අනාගතය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා "මිනිසා විසින් නිෂ්පාදනය කළ සෑම නව නිර්මාණයක්ම මුලින්ම උපදින්නේ ඔහුගේ හිතේ ය. "මම් ඉස්කෝලේ යන දවස්වල දවසේ ආදර්ශ පාඨය විදිහට පංතියේ කළු ලෑල්ලේ ඔහොම ලියලා තිබ්බා මතකයි. තමන්ගේ හිතේ උපදින සෑම සිතුවිල්ලක්ම නව නිර්මාණයක් කරගැනීම හැමකෙනාටම එකවිදිහට කරගන්න නම් බෑ. ඒකට උත්සහයත් කැපවීමත් ඕන කරනවා.ඒ උනත් අඩුම තරමේ තමන්ගේ හිතේ උපදින හැම අළුත් සිතුවිල්ලක්ම චිත්‍රයට නගන්න පුලුවන් නම්, එතකොට කවදාහරි ...
සත පනහේ හුටපටයක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කොළඹ තියෙන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන රථ වාහන සැලැස්මක් ! මේ නිසා තියෙන ට්‍රැෆික් වලට අමතරව අළුතෙන් ට්‍රැෆික් ඇති වෙනවා. දැං පංචිකාවත්තේ සංගරාජ වටරවුමේ ඉදලා ටෙක්නිකල් හන්දියට යන පාර වන් වේ කරලා නිසා එතන අළුතෙන් ට්‍රැෆික් එකක් ! හවසට ගෙදර යන්ඩ ගියහම එපා වෙනවා !අදත් වෙනදා වගේ වැඩ ඇරිලා කම්මැලිකමේ සීට් එකේ නිදිකිරා වැටි වැටි එනකොට ඊට ටිකක් එහායින් කොන්දොස්තරයි ...
අපාය හා දිව්‍යලෝකය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අහලා තියෙනවද මේ කතාව ?ඔන්න එක මනුස්සයෙක්ට දිව්‍යලෝකයයි අපායයි බලලා එන්න පුලුවන් වෙන විදිහේ අපූරු වරයක් ලැබුනාලු. ඒ වරය ලබාගත්ත මනුස්සයා මුලින්ම ගියේ අපායට ලූ. ඒ යනකොටත් අපායේ දවල් කෑම, මේසෙට ඇරලලු තිබ්බේ.හරි අපූරු කෑම වේලක් ලු.. කෑම ටික දැක්කහම අපායේ කෑමද කියලා හිතාගන්ඩ බැරි තරම් ලූ. කොටිංම හිතාගන්ඩකෝ හොඳ වෙඩිමක තියෙන කෑම වේලක්.. අන්න එහෙම කෑම මේසයක්ලූ අපායේ තිබ්බේ. ...
රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමු - 3වන කොටස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කටුකිතුල වංගුවේ දන්සැලෙන් බත් කාලා අපි ආයෙම ගමන පටන් ගත්තා. කඳු අතරින් සෑහෙන පඩි ගොඩක් නැග්ගහම ගැටනෙතුල හරියට එන්න පුලුවන් උනා. මෙතැනට ඒ නම කියන්නේ ඇයි කියලා නං කිසිම කතාවක් හම්බ උනේ නෑ....ගැටනෙතුලත් පහු කරගෙන එනකොට අපිට හම්බ උනේ කොඩිය කියලා තැනක්.කොඩියත් පහු කරගෙන තව දුරටත් එනකොට කළු ගඟ පටන් ගන්න තැන හම්බ උනා. මේ හරියෙදි කළු ගඟේ පළල අඩියයි... ...
දඹදෙණිය මාලිගාගලට ගිය ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මතකනේ මම දඹදෙණිය විජයසුන්දරාරාමය වැදපුදාගෙන පල්ලම් බැස්සේ මාලිගාගල නගින්ඩ කියලා. මුලින්ම මම මාලිගාගල් නැග්ගේ ඉස්කෝලේ හතේ පංතියේ ඉන්නකොට. ඒ නිසා මාලිගාගලට යන පාර ඒ හැටි මතක නෑ.යාන්තමට මතකයි කුඹුරක මහනියරක් උඩින් දුවලා ගියා කියලා. කොයික උනත් කමන් නෑ කියලා පන්සලේදි හම්බ උන කෙනෙක්ගෙන් ඇහුවා මාලිගාගලට යන්නේ කොහොමද කියලා. උන්දෑ කියපු විදිහට පාරට බැස්සා.පාරේ ඇවිදලා ටික දුරක් එනකොට ඈතින් මාලිගාගල පේනවා ...
බර වැඩි වෙයි ද ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා "අයියේ... ?""මොකෝ බං ?" පාඩම් කර කර හිටපු මම් පොතෙන් යාන්තමට ඔළුව උස්සලා මලයා දිහා බැලුවා."තේරවිල්ලක් අහන්නම් උත්තර දෙනවද ?""හා... කියහන්කෝ බලන්ඩ ""ගෑම් 5ක සුදු පාට නෙළුම් මලකට ග්‍රෑම් 10ක පිණිබිඳුවක් වැටෙනවා..""ඉතින්... මට මොකෝ කරන්ඩ කියන්නේ ?""එතකොට දැන් ඒ මලේ බර කොච්චර ද ?"ටික වෙලාවක් මලයගේ මූන දිහා බලන් හිටියා මූ එක පාරට මොකටද මේ නෙළුමක් ගැන අහන්නේ කියලා.ෂුවර් එකටම ...
සසරේ තවමත් මග ගෙවමි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සඳ නැති කළුවර අහසක අරුමයජීවිතයේ දුක මට කිව්වාජීවිතයේ ගන අඳුර මකන්නටපහනක් ම දසතම සෙව්වාපහනක් සොයමින් ම යන කලදිවෙසක් සඳේ ඔබ පායා සිටියාසඳ කිරණින් ඔපවත් වූ නගරයේමාවතකට ම ඇවිද ගියාදෙවුරම් වෙහෙරේ ගාණ්ඨා නාදයමගෙ සවන්පත් හා ගැටුනාකිසිවක් නොසිතා කිසිවක් නොඳොඩාමගේ දෙපා ඒ වෙත ඇදුනාගලන මදනල දෙවුරම් වෙහෙරේරාගයේ ගිනි නිව්වා මතකයිනැති වූ දේ ගැන සිත පෙලමින් තිබුසෝක සුසුම් නිව්වා මතකයිබුදු හිමිගේ හඬ, දම් ...
සති අන්තයේ දිගාමඩුල්ලේ ආශ්චර්යය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද දවසට මට තියෙන ප්‍රධානම වැඩේ තමා උදේ තියෙන සාමාන්‍ය පෙළ පංතිය කරන එක. ඒ නිසා ඒකට සූදානම් උනා. අද ඉගැන්නුවේ භාග සංඛ්‍යා සුළු කිරීම !ඒක මරු පාඩමක් ! මං අපේ අම්මගෙන් ටොකු කාපු තරමක් කෑවේ ඔය පාඩම ඉගෙන ගන්න ගිහිං. අපේ අම්මා ඒ දවස්වල ඉගෙන ගෙන තියෙන්නේ අංක ගණිතය හන්දා භාග සංඛ්‍යා සුළු කිරීම, කොටස් නාමික අගය, ලාභාංශ, පොලී ...