මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
ටීක් ටීක් සූත්තරේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ ලඟදි මට කොම්පීතරයක් හදන්ඩ හම්බ උනා. මම නෙට්වර්කින් කරන කෙනෙක් හන්දා සාමාන්‍යයෙන් කොම්පීතර් හදන්ඩ ලැබෙන්නේ නෑ.. ජාලයේ මොකක් හරි අවුලක් ආවොත් තමයි මට වැඩ තියෙන්නේ.මේ කොම්පීතරේ හැදිල්ල මට ආපු විශේෂ ඉල්ලීමක්... ඒ ඉල්ලිම ආවේ අපේ සුදු නෝනගෙන්.. !ඒ නිසා ඒ ඉල්ලීම අහක දාන්ඩ බෑ නේ.මම සුදු නෝනලාගේ ගෙදර ගියා ඒයැයිගේ කොම්පීතරේ හදන්ඩ. කෝල් කරලා කිව්ව විදිහට නං ප්‍රශ්නේ උනේ ...
ඇයි ද කලූ පින් නොකලේ ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද දවසම වාගේ කලේ අම්මා ගෙදර වැඩ කරනකන් කලිසම් වගයක් මහපු එක.ඊයේ නම් මම දඹාදෙණිය ටවුමේ කරක් ගැහුවා. අද ගෙදර...!සාක්කු අල්ලලා තිබ්බ හන්දා වැඩේ ලේසියි.කලිසං විසි ගානක් පෑ හතරකින් විතර මහ ගත්තට පස්සේ යන්තං විවේකයක් ලැබුනා. ඒ විවේකයේදි කලේ කලින් ගෙනත් තිබුනු පොතක් කියවපු එක. ඒ පොතේ තිබුනු එක කතාවක් කියෙව්වට පස්සේ අපේ අම්මා අපි පොඩි දවස්වල කියලා දීපු කතාවක ...
ඉති කුමාරි කතා වස්තුව - අවසානය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කලින් ලිපියේ දී දීපංකර බුදු හාමුදුරුවෝ වදාලපු විදිහට, ඉති කුමාරිය අබ නැලියක් අරගෙන දෙමව්පියගේ ආශිර්වාදයයි ඒ දෙන්නගේ දුක් සුසුම් මැද්දේ ගෙදරින් පිට වෙලා එනවා කියලා මං කිව්වානෙ. ඒ ලිපිය කියවන්න බැරි උනා නං මෙතනට දුවලා ගිහිං කියවලා එන්ඩ !මුළු කතාවම අහගන්ඩ බැරි උනා නං මෙන්න පාර !පළවෙනි කොටස | දෙවෙනි කොටසඅද කතාව එතැන් සිට....... ගෙදරින් පිට වෙච්ච කුමාරිය දිවා රෑ ...
ගුරුතුමාගේ තෑග්ග මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා එදා ඉස්කෝලේ ගුරු දිනය සමරපු දවසක්.ගුරු උපහාර වැඩසටහන ඉවරවෙලා ළමයි ඔක්කොම පංති වලට ගියා. මේ කතාවේ කතා නායකයා වෙච්ච ගුරුවරයත් එයාට භාරව තිබ්බ පංති කාමරයට ගියා. අපි ඒ ගුරුවරයට ජනක කියලා කියමු. ජනක කියලා කියන්නේ සංචාර වලට ගොඩක්ම කැමති ගුරුවරයෙක්. මට ගම්පහ දිස්ත්‍රික්කයේ බලන්න වටින තැන් ගැන කියලා දුන්නෙත් මේ ගුරුවරයාම තමයි.සර් පංතියට ආවට පස්සේ, "සර්!!!! අපි ගුරු දිනය හන්දා ...
අවසන් තීරණය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය සති අන්තය අපේ ගෙදර අයට ගොඩක් කාර්ය බහුල සති අන්තයක්. ඒකට මූලිකම හේතුව උනේ මගේ නැන්දම්මයි මාමණ්ඩියයි අපේ දිහෑවේ එන නිසා. ඒ වෙන මොහොකටවත් නෙමේ අපේ කටයුත්ත ගැන කතා කරගන්ඩ.ඒ දෙන්නා එනවයි කිව්ව සතියට කලින් සතියේ ඉදන් අපි ගේ අස්පස් කෙරුවා. මකුළු දැල් එහෙමත් කඩලා ගෙයි බිම පොලිෂ් කලා.ඒ විතරක් යෑ අපිලිවෙලට තිබුනු ගෙයි බඩු මුට්ටු ටික ගානට පිලිවෙලට ...
අමතක වෙනවාද ??? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පෝය දවසේ බණ කතාවක් ලිව්වට පස්සේ මොනවමහරි ලියන්ඩ ඕන කියලා හිත හිතා ඉන්නකොට තමයි අපේ තේ වෙලාවේ සාකච්ඡාව පටන් ගත්තේ. අපේ මාතෘකාව උනේ ඉස්කෝලේ දවස්වල එක එක පාඩම් මතක තියාගන්ඩ පාවිච්චි කරපු කෙටි ක්‍රම ගැන !පාඩම් කරනවා කිව්වහම සමහර එවුවා කොච්චර පාඩම් කලත් මතක හිටින්නේ නෑ..එහෙම උනහම ඒ ටික මතක තියාගන්ඩ කවියක්, වාක්‍යයක් වගේ කෙටි ක්‍රමයක් පාවිච්චි කරලා ඇතිඋදාහරණයක් විදිහට...ලංකාවේ ...
සති අන්තයට පෙර මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද ජනවාරි 10 වෙනිදා !අළුත් අවුරුද්ද පටං අරගෙන දවස් දහයකුත් ගෙවිච්ච ඉක්මන.... රතිඥ්ඥා පත්තු කරලා අළුත් අවුරුද්ද පිලිගත්තේ අද ඊයේ වාගේ. අපි හිතනවටත් වඩා ඉක්මනින් කාළය ගත වෙනවා.මේ සතියට මම එක පිට එක ලිපි තුනක්ම ලිව්වා. මේ ලියන එකත්තෙක්ක හතරයි !අද පෝස්ට් එකක් ලියන්ඩ හිතුවේ කාළය ගැන කියන්ඩවත් අවුරුද්ද ගැන කියන්ඩවත් නෙමේ. මතකනේ මීට කලින් ලිපි වල ඉති කුමාරි කතා ...
සිටු කුමාරිය - 2 කොටස (අවසන් කොටස) මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කට්ටියට මතකනේ අර සිටු කුමාරිය මස් වැද්දා කෙරෙහි උපන් ආදරය නිසා මස් වැද්දා පස්සෙන් වැටිලා දිව්වා කියලා. අද කතාව එතැන් සිට...කුමාරිය මෙහෙම මස් වැද්දා පස්සෙන් එනකොට මස් වැද්දා "මගේ පස්සෙන් එන්නේ මොකටද ?" කියලා ඇහුවා."මම් ඔහේගේ පස්සෙන් එන්නේ නෑ. මම් යන්නේ පාර දිගේ !" කුමාරියත් උත්තර බැන්දා. මස් වැද්දාත් ආයෙත් තව ටික දුරක් ඇවිත් පිටිපස්ස හැරිලා බලනකොට අර කුමාරිය පස්සෙන් ...
පුදුම මිනිස්සු මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අම්මා...පල්ල ! ඇත්තමයි මිනිස්සු කියන ජාතිය නං කිසිමදාක විස්වාසයට ගන්න හොඳ නැති ජාතියක්..කොච්චර හොඳ හිත පෙන්නගෙන හිටියත් උන් කවදාහරි අපිටත් නොදැනිම අපිට අංචිය ඇදලා හිමීට මාරු වෙන ජාතියක් !මට අද මෙහෙම හිතුනේ අපිත් එක්ක වැඩ හරපු හාදයෙක් කරපු වැඩක් හන්දා..මේකයි උනේ...අපි මේ ටිකේ කරගෙන යන ව්‍යාපෘතියේ සාම්පල් එක පෙන්නන්ඩ තිබ්බේ පහුගිය සිකුරාදා. ඔන්න එදාට කලින් දවස් දෙකක ඉදලා මේ සිද්ධියට ...
තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තුව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කලායින් පස්සේ බිම්බිසාර මහ රජතුමාට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්ඩ රජගහනුවර බිම්බිසාර රජමාලිගාවට වඩිනවා.රජතුමා, බුදු හාමුදුරුවන්ට ඇප උපස්ථාන කලායින් පස්සේ දන් පැන් පූජා කරලා බුදුහාමුදුරුවන්ගේ ඕනෑකරන පහසුකම් හොයා බලන්ඩ කාලය ගත කරනවා. මේ නිසා රජතුමාට කිසිම කෙනෙකුට පින් දෙන්ඩ අමතක වෙනවා. මේ අමතක වීම හන්දා රජ මාලිගයේ පිටත බිත්තියෙන් (පාලියෙන් තිරෝකුඩ්ඩ කියලා හඳුන්වනවා) ...
x වල අගය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද දෙසැම්බර් පලවෙනිදා !අවුරුද්දක් ගත වෙච්ච ඉක්මන.... මේ අවුරුද්ද ඉවර වෙන්ඩ තව මාසයක් විතරයි තියෙන්නේ... කාලය අපි හිතනවටත් ඉක්මනටම ගත වෙනවා. දෙසැම්බර් පලවෙනිදාම තමා ලෝක ප්‍රජාව, එඩ්ස් මර්ධන දිනය විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙත් !ඒවයිං කාරි නෑ...ඔන්න අද නිවාඩු දවසේ ගණිත ගැටලුවක් ගෙනාවා.පල්ලෙහා තියෙන රූපේ බලන්ඩ... ! ගැටලුව තමා x වලට එන්න ඕන අගය හොයලා දෙන එක...මං මේ ප්‍රශ්නේ මූනු ...
නැවුම් බලාපොරොත්තු සමග නව වසරක් ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අවුරුද්දකුත් ගෙවිලා තවත් අවුරුද්දක් උදාවෙලා. ගිය අවුරුද්දේ නම් මගේ හිතේ තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමයි විශ්ව විද්‍යාල ජීවිතයේ අන්තිම අවුරුද්දේ අධ්‍යයන කටයුතු හොදින් කරගෙන හොද පංති සාමාර්ථයකුත් එක්ක විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා එනවයි කියන එක. සෑහෙන විෂයන් ගණනක් කරලා කොහොමහරි ඒ බලාපොරොත්තුවත් ඉෂ්ඨ කරගත්තා.ගිය අවුරුද්දේ තිබ්බ අනිත් බලාපොරොත්තුව තමා ඉක්මනටම රස්සාවක් හොයාගෙන ගෙදර කඩාවැටිච්ච ආර්ථිකය යලි නඟා සිටුවන්න ඕන කියන එක. ඔන්න ...
නුගේගොඩ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මම අද පොතක් ගන්ඩ කියලා මරදානේ ගොඩගේ පොත් සාප්පුවට ගොඩ උනා.අපේ ගෙදරට ලැබුනු අවුරුදු කෑම පිගානත් එක්ක යවන්ඩ ඕන නිසයි මම පොතක් ගන්ඩ ගියේ. ඔය අවුරුදු කෑම පිඟාන ලැබුනේ අපේ ඉස්සරහා ගෙදර මල්කාන්ති අක්කලෑ දිහෑවෙන්. ඉස්සර නං කෑම පිඟන් වලට සබන් කෑල්ලක් දෙකක් දාලා යවනවා. ඒවා ඉතිං ගාලා ඉවර වෙන නිසා වටින කියන යමක් යවන්ඩ ඕන කියන අදහස නිසාමයි පොතක් ...
ශිෂ්‍යත්වය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ශිෂ්‍යත්වය, ළමයින්ට වඩා අම්මලාගේ තරඟ විභාගයක් කියලා කිව්වොත් සාධාරණයි. මොකද ඒ තරමටම මහන්සි වෙන්නේ දෙමව්පියෝ හන්දා.ළමයි බෑ කියලා කියද්දි ඇදගෙන ගිහින් ශිෂ්‍යත්ව පංති වලට ගිහින් අතාරිනවා. ඉතින් එදා ඉදන් ප්‍රශ්න පත්තර කිරීම්, යුගල පද තනි පද සමාන පද විරුද්ධ පද කටපාඩම් කිරීම් වලින් වලින් ඉවරයක් නෑ.ඔය සේරම පාඩම් කරවලා ප්‍රශ්න පත්තරත් ලියවලා විභගයට යැවුවයි කියමුකෝ. එදා ඉදන් බලන් ඉන්නේ කොයි ...
කෙකටියා මල් කෑමේ ආසාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපේ ගමේ සති පොළ තියෙන්නේ බ්‍රහස්පතින්දා දවසක. ඒකෙන් තමා අපේ අම්මා සතියකට හරියන්ඩ එලෝලු හාල් තුනපහ ජාති ගන්නේ. සතියකට හරි යන්ඩ උයන කලමනා ගේන හන්දා ලොකු මල්ලක් උස්සන් එන්ඩ වෙනවා.ඒකට ගොඩක් වෙලාවට උදව් වෙන්නේ අපේ මලයා.. !මොකද බ්‍රහස්පතින්දා දවසට මම වැඩ නේ. මම නිවාඩුවේ උන්නු දවසක අම්මත්තෙක්ක පොළේ ගියා. පොළේ ඇවිදලා ඇවිදලා එළවලු ජාති ගොඩක් ගත්තා. ඕං ඔහොම ඇවිදින කොට ...
ඉඩම් හෙවිල්ල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අවුරුදුත් ගෙවිලා දවස් හතරකුත් ගෙවුනා. දැං ඉතින් ආයෙම පරණ විදිහට නවත්තපු වැඩේ පටං ගන්ඩ ඕන. නවත්තපු වැඩේ කියන්නේ ඉඩං හෙවිල්ල. අවුරුද්ද මුලදි නං හිතුවේ රෝද හතරකට ගොඩ වෙනවයි කියලා. ඒත් අපේ උන්දෑ කියනවා වාහනේකට කලින් ගේ පොඩ්ඩක් හදාගම්මුයි කියලා.ඒ නිසා වාහන ගැනිල්ලට කොමාවක් දාලා ඉඩං කෑල්ලක් පස්සේ දුවන්ඩ තියාගත්තා... ! ඔය ඉඩං හෙවිල්ල නිසා මමයි අපේ සුදු නෝනයි පහුගිය දවස් ...
සුබ නත්තලක් වේවා ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා නත්තල ලබන්න තව තියෙන්නේ පැය කිහිපයක් විතරයි.. ඉතිං ඒ හන්දම නත්තල් සමරන අපේ බ්ලොග් ලියන හිතවතුන්ටයි බ්ලොග් පාඨකයින්ටයි සුබ නත්තලක් පතන්න ඕන කියලා හිතුනා. ඒ නිසාමයි මේ පෝස්ට් එක ක්ෂණිකව ලියන්නේ... !ගිය වතාවේ නං නත්තල් කාඩ් එහෙකුත් හැදුවා.. මේ වතාවේ නං කාඩ් එකක් හදන්න උනේ නෑ.. එහෙනං,සියළුමදෙනාට ලබන්නාවු නත්තල සාමය සතුට සපිරි සුබම සුබ නත්තලක් වේවායි පතන්නෙමි !මං එහෙනං යන්ඩ ...
සති අන්තයේ ප්රශ්නය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද ටිකක් විතර වැඩ අඩු දවසක්.ඒත් එක්කම කම්මැලි දවසක්. ගොඩක්ම කම්මැලියි කියලා හිතෙන්නේ සිකුරාදා දවසක් නිසා වෙන්ටෑ. කම්මැලි කම යන්නත් එක්ක අන්තර්ජාලය පීරලා එක එක කතා කියවන්න ගත්තා.බ්ලොග් අඩවි බ්ලොක් කරලා නිසා ඒවට නම් යන්ඩ වෙන්නේ නෑ. ඔන්න බොස්ගේ නෙට්වර්ක් එකට වයර් එකක් අමුණ ගත්තා නම් බ්ලොග් කියවන්නත් ඇහැකි. කතා ටික කියවලා ඉවර වෙලා මේල් එකවුන්ට් එක පැත්තටත් ලොග් උනා. ...
ඇතෑන්ස් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කලින් ලිපියෙදි සියුස් දෙවියන්ගේ හිස දෙබෑ කරගෙන ඇතීනා දෙවඟන ඉපදුන කතාව කිව්වා මතක ඇති නේ. ඔන්න මේ දෙවඟන ටිකෙන් ටික තරුණ වියට එලඹෙනවා. මේ කාලෙදි පොසයිඩන් කියන මුහුදු වලට දෙවියයි ඇතීනයි අතර අමුතු තරඟයක් ඇති වෙනවා.ඒ තමයි තමන්ගේ නමින් නගරයකට නමක් දාන්න. ! කවුරුත් ආසයි නෙව තමන්ගේ නමින් නගරයක් තියෙනවා නම්.ඉතින් මේ පොසයිඩනුයි ඇතීනයි දෙන්නම කරට කර තරඟ කරනවා තමන්ගේ ...