මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
Walking Park එකක ඇවිද ගියෙමි. මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා Walking Park සංකල්පය ගොඩක් බටහිර රටවල් වලට නම් ආධුනික සංකල්පයක් නෙමෙයි. කාර්යබහුල ජීවිත ගත කරන අයට අවශ්‍ය ව්‍යායාම ලබා ගැනීම සදහා නගර වල මේ වගේ Walking Park ඇති කරලා තියෙනවා කියලා මම් චිත්‍රපටි වල දැකලා තියෙනවා.අපේ රටෙත් කොළඹට සීමා වෙලා තිබ්බ Walking Park සංකල්පය දැන් අපේ ගමටත් ඇවිදින්. අවුරුදු 25ක් තිස්සේ පුරන් වෙලා තිබ්බ වෙල් යායක ප්‍රධාන නියර පාදක කරගෙන ...
ජෑම් ගොරකා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපේ අප්පච්චිට ඒ කාලේ ඉදන් ආසාවක් තිබ්බා සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැති එලවළුවක් පලතුරක් එහෙම දැක්කොත් ඒක ගෙදරත් පැලකරලා බලන්න. ඉතින් ඒ ආසාව නිසා ගොඩක් වෙලාවට සුලභව දකින්න ලැබෙන්නේ නැති එළවලු පලතුරු එහෙම අපේ වත්තේ පැල කරලා තියෙනවා.මතකනේ එක වතාවක් අපේ අප්පච්චි ස්ටෝබෙරි වැවුවා. අන්න ඒ වගේ උන්දෑ එක වතාවක් බූල් ලොවේ ගහක් ගෙනත් පැල කලා. බූල් ලොවි අනිත් ලොවි වලින් ...
වතුර රොකට්ටුව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මම පහුගිය ටිකේ දනිස්සක් පන්නගෙන ගෙදර හිටියා කියලා මතකයි නේ. ඔන්න මේ සති අන්තය වෙනකොට යාන්තන් කෙලින් කටින් හිටගන්ඩ පුලුවන් උනා. ඒ සංතෝශයටත් එක්ක අපේ පොඩි රෑන මාවත් එක්කං වෝකිං පාක් යන්ඩයි කල්පනාව !අම්මෝ එහේ ඇවිදින්ඩ ගියොත් ආයෙම බෙහෙත් බඳින්න වෙනවා සිකුරුයි ! ඒ නිසාම මේ අයත් එක්ක අපි පොඩි සෙල්ලමක් දැම්මා. මේක වතුර රොකට්ටුවක් !මුලින්ම කියලා හිටින්නංකෝ ඕන කරන ...
ඊයේ අහපු බණ පදයක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සෑහෙන කාලයකට පස්සේ මොනවාම හරි ලියන්න ඕන කියලා හිතුනා. ඒත් ලියන්න මාතෘකා වල හිඟයක් තිබ්බ නිසා ඔන්නොහේ බ්ලොග් ටික කියෝලා විතරක් හිටියා. ඔහොම ඉන්නකොට තමා ඊයේ වැඩ ඇරිලා ගෙදර යනකොට රේඩියෝ එක අහන්ඩ හිතුනේ.මුලින්ම සේරම රේඩියෝ චැනල් ටික සුසර කරගෙන මම හැමදාම අහන්ඩ ආස බෞද්ධයා චැනල් එක දාගත්තේ. හැමදාම වගේ ඒකේ දායකත්ව ධර්ම දේශනාව අහගෙන ආවා. ඊයේ නම් කිව්වේ රූප ...
චුයිංගම් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද මට අන්තර්ජාලයේ කරක් ගහනකොට අපූරු ලිපියක් කියවන්ඩ ලැබුනා. ලිපිය තිබ්බේ චුයිංගම් හොයාගත්ත විදිහ ගැන. චුයිංගමුත් හොයාගෙන තියෙන්නේ පෙන්සිලින් හොයා ගත්තා වගේ පැරෂුට් ක්‍රමේකින්. හොයා ගත්තා කිව්වට නැතිවෙලා තිබිලා නෙමේ. :)චුයිංගම් එකක් මුල්වරට හදලා තියෙන්නේ තෝමස් ඇඩම් කියන මනුස්සයා. ඒකත් අහම්බෙං..ඒ 1870 අවුරුද්දේ..... ඒකයි මං කිව්වේ පැරෂුට් ක්‍රමේකින් කියලා. මුන්දෑ වැඩ කරලා තියෙන්නේ සැන්ටා ඇනා කියන සමාගමේ. ඒක රබර් සෙල්ලම් ...
අක්කපාන මල් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අක්කපාන කියන්නේ තෙතමනයට කැමති ගස් වර්ගයක්.. ඒ නිසා වතුර රැඳෙන තැන් වල ලේසියෙන්ම පැලකරන්ඩ පුලුවන්...අපේ ගෙදර වතුර කරාමේ ගාවත් අක්කපාන පැල ගොඩක් හිටෝලා තියෙනවා. හැබැයි ඉතිං අපේ තාත්තා අක්කපාන හිටෙව්වට අක්කපාන කොළ මැල්ලුමට නං මං එච්චර මනාප නෑ.. මනාප නැති උනත් අපේ තාත්තා ආස හන්දා අකමැත්තෙන් උනත් කන්ඩ වෙනවා.අක්කපාන කොළ සම්බෝලය මුත්‍රා අමාරු වලට ගුණයි කියනවාලු නෙහ්..අද මං උදේ කරාමේ ...
ජන කතාවක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මට අපේ එක්කෙනාගේ ගෙදර පරණ පොත් ගොඩක තිබිලා ජන කතා පොතක් ලැබුනයි කියලා මම කලින් ලිපියක කිව්වා මතක ඇතිනේ. අද මම වැඩ ඇරිලා ඇවිල්ලා ඇඟපත හෝදගෙන ප්ලේන්ටියක් එහෙම හදාගෙන ඇවිදින් පොත කියවන්ඩ ගත්තා..ශා.... අගේ ඇති පොතක් !දන්නවානේ මම ජනකතා, ජනප්‍රවාද වලට ගොඩක් මනාපයි කියලා. මේකත් එහෙම කතාවක්.ඔන්න එකමත් එක ගමක උන්නා අම්මෙකුයි පුතෙකුයි. මේ අම්මයි පුතයි දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙන් ...
කාලෙකට පස්සේ අහපු ලස්සන සිංදුවක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපේ මලයයි මමයි එකතු වෙලා සිරිපා ගමනේ ජනප්‍රවාද කතා ටික එකතු කරලා ලිපි 4ක් ලිව්වා. ඒවට කට්ටියගෙන් සෑහෙන හොඳ ප්‍රතිචාර තිබ්බා. අපේ මලයත් මේ ලිපි ටික එක කියවලා අඩුපාඩු තිබ්බ තැන්, තව එකතු වෙන්ඩ ඕන දේවල් ටික මට පැහැදිලි කලා.ඔය ලිපි සෙට් එකෙන් පස්සේ මේ මාසෙට කිසිම ලිපියක් ලියන්නේ නෑයි කියලා හිත හදාගෙන උන්නත් අද කරන්න වැඩක් නැති කම්මැලිකම නිසා ...
ඕලන්ද බලකොටුව සොයා ගිය ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාළයක් තිස්සේ ආසාවක් තිබ්බා මීගමුවේ අඟුරුකාරමුල්ලේ පන්සල බලන්ඩ යන්ඩ. ඔය ආසාව මුලින්ම ඇති උනේ අපේ ඉස්කෝලේ සර් කෙනෙක් මට ගම්පහ දිස්ත්‍රික්කයේ බලන්ඩ වටින තැන් ටික විස්තර කරපු දවසේ. එදා ඒ ආසාව ඇති උනාට යන්ඩ අවස්ථාවක් ලැබුනේ නෑ.ගිය සතියේ තමා ඒ අවස්ථාව උදා උනේ !අපේ කන්තෝරුවේ මලයෙක් එක්ක තමයි ගමනට සෙට් උනේ. අපේ එකාට මේ ටිකේ විභාග නෙහ්. මගේ ගමන් සගයා ...
ආදර කඳු තරණය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපි උදෙම්ම සුරතලී ඇල්ල බලාගෙන එතනින් නාලා ප්‍රධාන පාරට ආවා. ඒ ආවේ පඹහින්න බස් එකක නගින්ඩ.සුරතලී ඇල්ල හරියේ පාරේ විනාඩි විස්සක් විතර ඉන්නකොට බස් එකක් ආවා. ඒක කොළඹ බදුල්ල බස් එකක්.. අපි එකේ නැගලා පඹහින්න හන්දියට ටිකට් ගත්තා.පෑ කාලක් විතර යනකොට අපිට පඹහින්න ඔර්ලෝසු කණුව ගාවින් බැහැගන්ඩ පුලුවන් උනා. ආදර කඳු නගින්ඩ එනවා නං කොළඹ-බදුල්ල බස් එකේ ඇවිත් පඹහින්න හන්දියෙන් ...
බැංකු පොත මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාලෙකට පස්සේ ඊ මේල් එකකින් කතාවක් කියවන්න ලැබුනා. ඉතින් මට හිතුනා ඒක කාට කාටත් කියවන්න පුලුවන් වෙන්න කියලා බ්ලොග් එකේ පෝස්ට් කරන්න. මේ කතාවේ ගෑනු ළමයා සහ පිරිමි ළමයා අනුපිලිවෙලින් නදීශානි සහ චරිත ලෙස ගනිමු.කතාව මේකයි.මේ කතාවේ නදීශානියි චරිතයි කසාද බඳින දවසේ නදීශානිගේ අම්මා නදීශානිට අළුතෙන්ම පටන් ගත්තු බැංකු ගිනුමක් රූබල් 1000ක විතර තැන්පතුවක් එක්ක නදීශානිට දෙනවා. මේ බැංකු පොත ...
කාළය හරහා ගියෙමි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා වැඩ ඇරිලා ගෙදර එන ගමන් අහම්බෙන් වගේ බෞද්ධයා ගුවන් විදුලිය සුසර කළාම වෙනදා වගේ යන ධර්ම දේශනාවක් විකාශනය උනා. ඒක ඉවර උනාම ඊලඟ වැඩසටහන පටන් ගන්න කලින් සිංදුවක් විකාශනය උනා.සිංදුව තමයි,සෙංකඩගලපුර දළදා බුදු රැස්විහිදෙන තුරු නෑ වරදින්නේසිංහලයන් හට සිංහල දේසෙටසරණයි දළදා සමිඳුන්ගේමේ සිංදුව අහනකොට මම් නොදැනුවත්ම වගේ අතීතයට ගියා. ඉස්සර හැම ගුවන් විදුලි නාළිකාවකම වගේ උදේට විකාශනය වෙන්නේ දේශාභිමානී ගීත ...
නින්දෙන් ගෙරවීම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කැම්පස් එකේ ඉන්න දවස්වල තනියම පාඩම් කරන්න හැදුවට මට නම් තනියම පාඩම් කරලා විභාගේ ගොඩ දාගන්න බෑ. ඒ නිසා කට්ටිය එකට සෙට් වෙලා තමයි පාඩම් කරන්නේ.කාගේ හරි කාමරේකට කට්ටියම එකතු වෙලා රෑ වෙනකන් පාඩම් කරලා ඊට පස්සේ වැටිච්ච වැටිච්ච තැන් වල නිදා ගන්නවා. ආයේ ඉතින් තමන්ගේ කාමරේටම යන්නෝන කියලා හිතෙන්නේ නෑ.ඔහොම නිදාගන්න කොට තියෙන ලොකුම කරදරේ තමා සමහර එවුන් නින්දෙන් ...
කුණ්ඩසාලේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා "ඔන්න මෙහෙමයි පුතේ... ඒ දවස්වල ඉන්දියාවේ බ්‍රාහ්මණයෙක් ජෝතීර්ෂ වැඩක් කර කර ඉන්නකොට ශනී ගුරු කියන ග්‍රහ දෙයියෝ අතර යුද්ධයක් ඇති වෙනවයි කියලා හොයා ගත්තාලූ.ඒ යුද්දෙදි ශනීගේ කුණ්ඩලාභරණයකින් කෑල්ලක් කැඩිලා පොලවට වැටෙන බවත් දැනගත්තලු.ඉතින් මේ බමුණා හිතුවලු කොහොමහරි මේ කුණ්ඩලාභරණය හොයා ගන්නවමයි කියලා. එහෙම හිතපු මේ බමුණා නැවු නැගලා ලංකාවට එනවලූ. ඇවිදින් මහනුවර කිට්ටුව ගුරුදෙනිය ගමේ පන්සලේ නවාතැන් ගත්තලු.""ඉතින් අම්මේ මොකෝ ...
වලල්ලාවිට ගමන සහ මගේ සංකල්පනාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා එදා පොසොං පෝය දවසක්... මං උදේ වරුවක තිබ්බ සරුවත් දන්සලක් වඳින්න ගෙදරින් එලියට අඩිය තිබ්බා. එතකොටම,"අයියේ උබත් එනවනං නැගහං ලොරියට !" පාරේ නවත්තලා තිබ්බ ලොරියේ තට්ටුවේ ඉදන් මල්ලි කෑගැහුවා."උබ කොහේද මේ යන්නේ ?" මුගේ යාළුවෝ රෑනත් හිටපු හන්දා මං ඉවෙං වගේ දැනගත්තා මේ නම් කොහේ හරි ට්‍රිප් එකක් යන වැඩක් තමා කියලා. මං සරුවත් දන්සලට යන ගමන අතෑරලා ලොරියට ගොඩ ...
කොළඹට සේන්දු වීම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ සතියේ ඉදලා මට වැඩ පටන් ගත්ත නිසා උදෙම්ම ඇහැරිලා කොළඹ දුවන්න වෙනවා. ඊට පස්සේ හවස වැඩ ඉවර වෙලා ආයේ ගෙදර දුවනවා.ඉස්සරහට සතියේ දවස් පහම ගෙවන්න වෙන්නේ ඔහොමයි. අපේ ගෙදර ඉදලා මම් වැඩ කරන තැනට යන්න අඩුම තරමේ පෑ දෙකක්වත් යනවා.ඒ දුර නිසාම නෙමෙයි මගින් මගට වාහන තදබදේට අහුවෙලා කාලේ නාස්ති වෙන හන්දා. ( දුරත් නැත්තෙම නෑ.) වාහන තද බදය ...
කපටි රජෙක්.. මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ක්‍රිස්තු පූර්ව 650 ගණන් වල බැබිලෝනියාවේ රජකමට පත් වෙනවා නෙබුකත්නසාර් කියලා රජ කෙනෙක්. රජෙක් කියලා කිව්වට නෙබුකත්නසාර් කියන්නේ අධිරාජ්‍යයෙක් කියලා හැඳින්වුවාට වරදක් නෑ... ඉතිහාසය උනත් සාක්ෂි දරන්නේ යුද්ධ කරන්ඩ දස්කම් තියෙන රජෙක් හැටියට !!!දවසක් මේ රජතුමාට හිතෙනවා තමන්ගේ බැබිලෝනියා රාජ්‍යයට උතුරින් තියෙන 'මෙඩ්ස්' (Medes) කියන රාජ්‍යය අල්ල ගන්ඩ.මෙඩ්ස් කියන රාජ්‍යය ගහ කොල පිරුණ කඳුවැටි වලින් ආරක්ෂිත රාජ්‍යයක්. කොටින්ම බලන බලන ...
පොශ් කෑම කඩ වන්දනාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අගෝස්තු මාසයත් පටන් අරගෙන දවස් කීපයකුත් ගත උනත් තාම මුකුත් ලියන්න උනේ නෑ..එක එක වැඩ නිසා ලියන එකයි බ්ල්ලොග් කියවන එකයි දවසින් දවස කල් ගත වෙනවා. අද වැඩ ටිකක් අඩු දවසේ මොනවහරි ලියන්න ඕන කියලා හිතුනා.පහුගිය දවසක මමයි අපේ උන්දැයි ඔය ස්ටූඩියෝ එකේ වැඩකට බම්බලපිටි පැත්තට ගියා. ස්ටූඩියෝ වැඩේ ඉවර උනාට පස්සේ අපේ එක්කෙනාට ඕන උනා එම්සී එකට ගොඩ වෙන්ඩ...මුකුත් ...
සියඹලා අච්චාරු මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මම කලින් දාක ලියපු අලියා ගිලපු දිවුල් කතාවේ කමෙන්ට් වලට රිප්ලයි කරන කොට අපි ඒ දවස්වල කාපු අපූරු කෑමක් මතක් උනා. අපි කියලා කිව්වේ මායි මයේ මලයයි !ඉස්සර අපි ඉස්කෝලේ ඇරිලා එන පාර අයිනේ වත්තක තිබ්බා ලොකු සීනි සියඹලා ගහක්.ඒක සෑහෙන විශාල ගහක්. ඒකේ සියඹලා කරල් සෑහෙන්න තියෙනවා. අවුරුද්ද පුරාම එක වගේ සියඹලා තියෙන ගහක් !මායි අපේ මලයයි පාරේ තියෙන ...
රීලෝඩ් මැෂිම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දැනට මාසෙකට විතර උඩදි සෙනසුරාදා දවසක මට අපේ එක්කෙනාගෙන් කෝල් එකක් ආවා පානදුර පැත්තේ ඉඩමක් තියෙනවා ය ඒක බලන්ඩ ඉරිදට එන්ඩ පුලුවන්ද කියලා. මාත් ඉඩම් හොය හොයා ඉන්න හන්දා නෑ බෑ නොකියා හා කියලා කිව්වා.මගෙත්තෙක්ක ඉඩම බලන්ඩ යන්ඩ අපේ මාමණ්ඩිව ලෑස්ති කරලා තිබුනා. අපි කතා කරගත්තු විදිහට ඉරිදා උදේ මම පානදුර අළුත් බස් ඩිපෝව ගාවට ආවා.ඇවිත් මාමණ්ඩිට කෝල් එකක් දුන්නහම ...