මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
ගුරු පඩුරු මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දවසක් මම් පුංචි ලෑ ගෙදර යනකොට අපේ පුංචි කෙක් ගෙඩියක් හින්නිකිතර කෑලි වලට කපනවා. හෙට එයාලගේ චූටී දූගේ උපන්දිනේ ලූ. කේක් කපන්නේ ඉස්කෝලේ ළමයි එක්ක බෙදාගෙන කන්න ලු."මොකෑ පුංචිඅම්මේ කේක් පොඩිවට කපන්නේ ?" මම් නිකන් ඉන්න බැරුවට ඇහුවා."නැත්නම් කොහොමද කියහන්කෝ කේක් ග්රැම් 750ක් කෑලි 40කට කපන්නේ ?" පුංචි අම්මා කිව්වා."ඉතින් ඕකට කේක් කිලෝ එකක් විතර ගත්තා නම් ඉවරයි නේ ?""කේක් ...
මේ සීත දවස් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල සෑහෙන්න පායනවා.දවාලට ඉන්ඩ හිටින්ඩ අමාරුයි.. ඒ තරමට රස්නෙයි.කොළඹ නම් ඉර අවුවයි පාරෙන් එන රස්නෙයි දෙකම එකතු වෙලා සෑහෙන රස්නයක් දැනෙන්නේ..ඔය දවාලට නෙහ්...උදේට ඒකේ අනෙක් පැත්ත...පලාතම මීදුමෙන් වැහෙන්නම පින්න...ඒ මදිවට කට කට කට ගාලා වෙව්ලන තරමට සීතලයි. වැඩට යන්ඩ උදේ ඇහැරෙන එකත් මරන්නා වාගේ.. අපට මේ තරමට සීතල නං කන්ද උඩරට පැති වලට කොච්චර සීතල ඇද්ද කියලා වෙලාවකට හිතෙනවා.සීතල ...
වැඩකට නැති පෙට්ටිය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපි ජීවිත කාළය තුලදී බොහෝ පෙට්ටි දකින්නෙමු. සමහර පෙට්ටි ප්‍රමාණයෙන් විශාල ය. සමහර ඒවා කුඩා ය. පෙට්ටි වලින් ඇති ප්‍රධානම ප්‍රයෝජනය වන්නේ ඕනෑම දෙයක් ක්‍රමානුකූලව අසුරා තැබීමය. පෙට්ටියෙන් ගන්නා කාර්ය අනුව විවිධ වර්ග වලට වෙන් වේ. රටකින් රටකට බඩු ප්‍රවාහනයේදි ප්‍රමාණයෙන් විශාල පෙට්ටි භාවිතා කරයි. අපි ඒවාට කන්ටේනර් පෙට්ටි යැයි කියන්නෙමු. මීට අමතරව අපි අසුරන දේ අනුව පෙට්ටි නම් කිරීමක් ...
රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමු - 4වන කොටස(අවසානය) මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා තේ බීලා ගිමන් හැරියා පස්සේ ආයෙම ගමන පටන් ගත්තා. හැරමිටිපානෙන් පස්සේ පොඩි බෑවුමක් හම්බ වෙනවා. ඒ බෑවුම බැස්සහම ගල්වංගෙඩිය මංසංධිය හම්බ වෙනවා. මේ හරියෙදි තමා රත්නපුරාව පාරයි කුරුවිට-එරත්න පාරයි හම්බ වෙන්නේ. කුරුවිට පාරයි රත්නපුරාව පාරයි ගල්වංගෙඩිය හන්දියේ දී.. ගල්වංගෙඩිය හන්දියේ හම්බ වෙච්ච ගල්වංගෙඩියට කට්ටිය සල්ලි දාලාත් තිබුණා. ගල්වංගෙඩිය මේ හරියෙදි අපිට ඉදිරියේදි නගින්ඩ තියෙන මහගිරිදඹේ ලස්සනට පේනවා. අපි මහගිරිදඹත් ඈත ...
බස් කවි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද මම වැඩට ගියේ නෑ.. පොඩි නිවාඩුවක් දාලා ගෙදර නැවතුනා. අළුත් මාසයක් පටන් ගත්තු හන්දා අළුත් ලිපියක් දාන්න ඕන කියලා හිතලා මේ පැත්තට ගොඩ වැදුනා. පහුගිය මාස කීපයක් උඩදි මම බස් එකේ වැඩට යනකොට බස් එකේදි දකින්න කියවන්න හම්බවෙන හම්බවෙන හැම බස් කවියක්ම ලියා ගත්තා.බස් කවි කියලා කිව්වහම බස් කවි වලටම සෑහෙන ප්‍රසිද්ධියක් දරන්නේ විල්බට් අඹතලාව කියන කවියා.... !එයා ලියපු ...
මේ කොරොස්ම කාළයයි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද බදාදා දවසක් !මේ බදාදා දවස අනිත් බදාදා දවස් වගේ නෙමෙයි. ලෝවැසි කතෝලික බැතිමතුන්ට විශේෂිත වෙච්ච බදාදා දවසක් ! මේ බදාද දවස හඳුන්වන්නේ "අළු බදාදා" කියලා. මේ දවසට ඒ නම ලැබුන හේතුව මම බ්ලොග් වලට ආපුම කාලේ පෝස්ට් එකකින් ලිව්වා. ඒ නිසා ආයෙම ලියන්න යන්නේ නෑ.අද දවසින් පස්සේ කතෝලික අයගේ "කොරොස්ම කාළය" පටන් ගන්නවා. කොරොස්ම කියන්නේ ඉංග්‍රීසි වචනයක් නෙමේ. ඒක ...
යෝජිත විවාහ - බලන්නට යෑම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ කතාවේ පලවෙනි කොටස කට්ටියම බලන්ඩ ඇති නේ. ඊට පස්සේ ඒ කොල්ලයි එයාගේ මලයයි පොරකකා ෆොටෝස් බැලුවට පස්සේ දෙන්නම හිතන්නේ අයියට හොයලා තියෙන්නේ මාර ලස්සන කෙල්ලෙක් ය කියලා. උන් දෙන්නම දන්නේ නෑ මේ ඉන්නේ ෆොටෝ සෝප් ගාපු කෙල්ලෙක් ය කියලා සහා මේ ප්‍රොෆයිල් එක කලින් මනාව සකස් කරන ලද ප්‍රොෆයිල් එකක් කියලා !!!ඒ වෙලාවට තමයි ෆොටෝ සෝප් මෘදුකාංගය හදපු එකාව ...
කවියක් මට දෙන්න මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අකුරු වැලක් ගලපලාගී පදයක් මුමුණලාසුන්දර මතකයන් පිරුනුකවියක් මට දෙන්නමගේ හිතේ රඳවගන්නකවියක් මට දෙන්නජීවිතයට අරුතක් දුන්ඔබේ වදන් ඔබේ හඬින්කඳුලක් නැති ආදරයක්කවියක් කර දෙන්නමගේ හිතේ රඳවගන්නකවියක් මට දෙන්නඔබ යන බව මම දන්නවාවෙන් වීමේ දුක දැනෙනවාඔබ ගිය කල මට බලන්නකවියක් මට දෙන්නකඳුළු වැලක අමුණලාකවියක් මට දෙන්නසිතේ ඇඳුන සිහින සිතුම්බොඳ වූ වත් මැකී ගියත්ඒ මතකය විඳගන්නටකවියක් මට දෙන්නඔබ සිහිකර මුමුණන්නටකවියක් මට දෙන්න ...
යෝජිත විවාහ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා "හෙලෝ.... අපි අහවල් පත්තරේ මංගල දැන්වීමක් දැකලා කතා කරන්නේ...." කියලා දුරකතන ඇමතුම පටන් ගත්තම ඇමතුමේ එහා පැත්තේ ඉදන් උත්තර දෙන කෙනා "ඔවු අපි තමයි ඒ දැන්වීම දැම්මේ..." කියලා උත්තර දෙනවා.එතනින් එහාට තමයි කතාවේ හොදම හරිය !! ඇමතුම දුන්න කෙනාට මුලින්ම තමන් ඉන්නේ කොහේ ද, පවුලේ කී දෙනා ද, වාසගම මොකද්ද යන ඔය වගේ ඉතාමත් කෙටි අතුරු ප්‍රශ්න පත්තරයකට උත්තර දෙන්ඩ ...
ගෑනු සහ කැරපොත්තෝ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා එදා ගොඩක් වැඩ තිබ්බ දවසක්. සාමන්‍යයෙන් නම් 6.30 වෙද්දි වැඩ ඉවර වෙනවා. එදා 8.30 වෙද්දිත් වැඩ ඉවර වෙලා තිබ්බේ නෑ. මොනා කරන්නද දවසම ඔෆිස් එකට වෙලා ඉන්න කියලා යෑ.එතන වැඩ කරපු ගොඩක් කට්ටිය ගෙදර ගිහින්. හිටියේ මමයි තව කිහිපදෙනෙකුයි විතරයි. මම කම්පියුටරය ඕෆ් කරලා බෑග් එක අරගෙන ගෙදර එන්න හදනවත් එක්කම අපේ ප්‍රධාන තාක්ෂණික නිලධාරිනිය වොෂ් රූම් එකේ ඉදලා කෑගහගෙන ...
වාසනාවන්ත මරණයක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාටහරි හිතෙන්න පුලුවන් මරණයක් වාසනාවන්ත වෙන්නේ කොහොමද කියලා. මරණයක් වාසනාවන්ත මරණයක් වෙන විදිහක් තියෙනවා. අපි හිතමු කෙනෙක් ගොඩාක් ලෙඩවෙලා එකතැන් වෙලා ඉන්නවා කියලා. හරියට කෑමක් බීමක්වත් කන්න බැරුව වැසිකිලි යන්නවත් දොට්ට පිලට යාගන්න බැරුව ඉන්නවා නම් ඒක ඒ කෙනට කොච්චර නම් දුකක්ද. ඒක ගෙදර අයටත් කොච්චර දුකක්ද. එතකොට ඒ ලෙඩවෙලා ඉන්න කෙනා උනත් හිතන්නේ ඉක්මනට මැරෙනවා නම් හොදයි කියලා. මොකද ...
නීතිය ඉගෙන ගැනීම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපට උපාධියට ඉගෙන ගන්න තියෙන සාමාන්‍ය විශයන් වලට අමතරව ව්‍යාපාරික නීතිය, සිවිල් නීතිය වගේ විශයනුත් තියෙනවා. උපාධිය සම්පූර්ණ කරන්න නම් මේ විෂයයන් වලට අඩුම තරමේ C එකක්වත් තියෙන්න ඕනේ. මේ විෂයයන් උගන්වද්දි එක එක උදාහරණ පාවිච්චි කරනවා. පහලින් තියෙන්නේ එහෙම උගන්නද්දි පාවිච්චි කරපු උදාහරණ ටිකක්.යාළුවෝ දෙන්නෙක් කඩේකට ගිහින් බීම බෝතලයක් ගන්නවා. අඳුරු පාට වීදුරු බෝතලයක දාලා තියෙන බීම එකක්. එක ...
ක්‍රෙඩිට් කාඩ් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මං කලින් පෝස්ට් එකකත් කිව්වා නේ ගිය සතියේ අපේ උපාධි උත්සවය තිබ්බා කියලා. ඒ උත්සවයේ වැඩ කටයුතු ඉවර වෙලා ශාලාවෙන් එලියට එන්න හදනකොටම කළු පාටට යුනිෆෝම් එකක් ඇඳගත්තු කට්ටියක් අපි ඉන්න පැත්තට ආවා. "සර් ! අපි අහවල් බැංකුවෙන්. සර් ක්‍රෙඩිට් කාඩ් එකකට ඇප්ලයි කරන්න කැමතිද ?" කියලා ඔහොම්ම ප්‍රශ්න ගොඩක් අහගෙන ගියා.ඊට පස්සේ කාඩ් එකක් ගැනීමෙන් ලැබෙන වාසි එහෙමත් කියාගෙන ...
skype වෛරසයක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල මම ලොවෙත් අන්තරස්ධාන වෙලා ඉන්නේ. ඒ නිසා බ්ලොග් කියවන්නයි ලියන්නයි එන්නම උනේ නෑ. ඒත් අද අපිට මුහුන දෙන්න වෙච්ච සිදුවීමක් නිසා යන්තම් අකුරු තුන හතරක් ලියලා දාන්න හිතුවා.වෙනදා වගේම ස්කයිප් ලොග් වෙලා මගේ පාඩුවේ මම වැඩ කරගෙන ගියා. ස්කයිප් එකෙන් තමයි මෙහෙ වැඩ කරන අය අදහස් හුවමාරු කරන්නේ. ඒ නිසා ස්කයිප් ලොග්වෙන එක අනිවාර්යයයි.ටික වෙලාවක් මම වැඩකරගෙන යනකොට ...
බසයක් තල්ලු කලෙමි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අදත් වෙනදා වගේම වැඩට යන්න බ්ස් හෝල්ට් එකට ආවා.වෙනදට හරියට වෙලාවට එන බස් එක අද ප්‍රමාදයි !!! වෙනදා වෙලාවට වඩා ටික වෙලාවක් පරක්කු වෙලා බස් එක ආවා. අම්මෝ බස් එක කට කපලා සෙනග !!!! කෝමහරි ට්‍රැෆික් එකට එහෙමත් අහුවෙලා ආමර් වීදියට ආවා.ආමර් වීදියට එනකොට වෙනදා වෙලාවට වඩා පෑ බාගයක් විතර ප්‍රමාද වෙලා.ඊට පස්සේ ආමර් වීදියෙන් නුගේගොඩ දිහාවට යන බස් එකකට ...
අද හරි සතුටු දවසක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපෝ.. ගිය මාසේ තිබ්බේ එකම එක නිවාඩුවයි. ඒකත් පෝය නිවාඩුවක් ! මේ මාසෙවත් නිවාඩු දෙක තුනක් තිබ්බා නම් පාඩම් කරන්ඩ තිබ්බා. මොකද මේ මාසේ විභාගේ කරන්ඩ එපැයි. ඔහොම හිත හිත සතියකට උඩදි කැලැන්ඩරේ ජූලි මාසයට තියෙන කොළේ පෙරලුවා.ජූලි තුන්වෙනිදා නිවාඩුවක් තියෙනවා. ඒකත් අඟහරුවාදා දවසක්. දෙවෙනිදා බඩේගායක් හදාගත්තොත් දවස් හතරක නිවාඩුවක් තියෙනවා."ජූලි දෙවෙනිදා ! ජූලි දෙවෙනිදා !! ජූලි දෙක !! ජූලි ...
ඔච්චරටම මෝඩ ද මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දවසේ බ්ලොග් ටික කියවලා නිදාගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ටීවි එක දැම්මා. එතකොට ලස්සන වැඩසටහනක් විකාශනය උනා. වැඩසටහනේ 'මොංගල සිහිනය' වගේ නමක් තියෙන එකක්. ඒ වැඩසටහන තරඟයක් !!! තරඟ කරන්නේ බදින්න ඉන්න, වෙඩිම ගන්න සල්ලි නැති කපල් !!! තරඟයෙන් දිනපු ජෝඩුව නොමිලේම බන්දලා දෙනවා. සෝක් වැඩසටහනක් !!!!මම ටීවී එක දාපු වෙලාවේ එක කපල් එකක් තරඟ කරනවා. එයාලට දීලා තියෙන්නේ ගඩොල් ...
කබලෑව දෙවියෝ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මාර කම්මැලි හවස්වරුවක් !අම්මයි මල්ලියි හවස් අතේ ගමනක් ගිහින්. වෙද මහත්තයාගේ වැඩකට ගියපු අප්පච්චිත් දැන්ම එන පාටක් නෑ... ගෙදර මං විතරක් තනියම.. කරන්ඩ කිසිම දෙයක් නෑ. ටීවි එකක් කියලා තිබ්බට එකේත් හරි හමන් දෙයක් බලන්ඩ නැති හන්දා ටීවි බලන ඒ අතෑරලා දාලා ගොඩක් කල් !ප්ලේන්ටියක් හදාගෙන පුටුවට වෙලා කල්පනා කර කර ඉන්නකොට අපේ අම්මා යන්ඩ කලින් කලිසම් දහයක සාක්කු මහලා ...
චූටි කවි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපේ ගෙදර මල් වත්තේමල් පිපිලා හැම පැත්තේසමන් පිච්ච මල් අත්තේපුංචි කැදැල්ලක් ඇත්තේකුරුළු ගීත නද අතරේපැටවුන් දෙදෙනෙකි මිතුරේමාපිය දෙදෙනගේ අදරේපැටවුන් හිත් තුල පැතිරේදින සති කල් ගත වූවාපැටවුන් නිති කල් යැවුවාකිචි බිචි හඬ නැති වූවාපැටවුන් නැති බව දුටුවාකැලයෙහි පලවැල නෙලනාකුරුළු මව යි පිය දෙදෙනාපැටවුන් නැති දුක් සොවිනානෙතඟින් කඳුලැලි වැටුනාගහ මුල පොඩි පිහාටුවයිකුරුළු මවගේ නෙත ගැටුනයිකුරුළු ලොවේ දුක් සුසුමයිපුංචි අපේ හිත් රිදුනයි----------------------------------------------------------------------ප.ලි. - ...
මී වසංගතේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලඟකදී ඉදන් අපේ ගෙදර මීයෝ වගයක් බෝවෙලා මල කරදරේ ! පොතුයි ඇඳුම් කනවා මදිවට අල්මාරියේ දොර හිටන් මේ මීයෝ කොනහනවා. ඒ නිසා මේ දවස්වල මී වසංගතෙන් බේරෙන්න අපේ ගෙදර කට්ටිය එක එක ක්‍රම අත්හදා බලනවා.රෑ දෙගොඩහරි ජාමෙට 'සර සර' ගාලා සද්දයක් ඇහුනම ගෙදර කවුරුහරි ඇවිත් ලයිට් දාලා සද්දේ ආවේ කොහෙන්ද කියලා බලනවා.සද්දේ ආවේ කොහෙන්ද කියලා හොයන එක කෙසේ වෙතත් යසට ...