මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
ආයෙත් ලෙඩක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මීට මාසෙකට උඩදි මගේ කොම්පීතරේ කැඩිලා හදන්න දුන්නා. ඒ කරලා ඕන් නම් වැඩිම උනොත් සති දෙකක් හොදට වැඩ කරන්න ඇති. ඕං දැන් ආයෙමත් ලෙඩක් ඇවිදින්. දැන් තියෙන්නේ කොම්පීතරේ ඔන් කරලා ටික වෙලාවකින් කොටු කොටු වැටෙනවා.මම් ආයෙමත් කොම්පීතරේ ඕෆ් කරලා ඔන් කලාම අර විදිහටම ටික වෙලාවක් හොඳට වැඩ කරලා ඊට පස්සේ කොටු කොටු පේන්ඩ ගන්නවා. මට පෙනුන විදිහට මෙදාපාර VGA කාඩ් ...
ඉතුරු රුපියල කෝ ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දැන් මේකයි කතාව !යාළුවෝ තුන් දෙනෙක් කෑම කන්න කඩේකට ගියා ලු. ගිහින් හොදටම කාලා වේටර් ට බිල ගේන්ඩ කිව්වා ලු.වේටර් බිල ගෙනාවලු. ගාන රුපියල් 25යි ලූ !!!එක්කෙනා රුපියල් 10 ගානේ රුපියල් තිහක් බිල ගෙනාපු දීසියට දැම්මා ලු.වේටර් ඒ බිලත් එක්ක සල්ලි අරගෙන ගිහින් ඉතුරු සල්ලි ගෙනාවලු.කවුරුත් දන්නවා නේ ඉතුරු රුපියල් 5ක් කියලා. මේ ඉතුරු සල්ලි රුපියල් පහ ගෙනාවේ රුපියලේ කාසි ...
කොළඹ නටපු දහ අට සන්නිය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මීට සති දෙහෙකට විතර උඩදි අපේ ජනියා මලයා එයාලෑ විශ්ව විද්‍යාලයේ පවත්වන්න යන දහ අට සන්නි ශාන්තිකර්මයක් ගැන ලියලා තිබ්බා. ඉතින් මේ ලිපිය කියවපු වෙලේ ඉදන් ඒ ශාන්තිකර්මය බලන්ඩ යන්න මට මාර ආසාවක් තිබ්බේ. ඒ නිසාම ජනියා මලයට බුකියෙන් පණිවිඩේකුත් තිබ්බා අපට එන්න බෑ ද කියලා අහලා.අවුලක් නෑ එන්ඩ පුලුවන් කියලා ප්‍රතිචාරයක් දාලා තිබ්බ නිසා ගිය සිකුරාදා සන්නි බලන්ඩ යන්න ...
නිලාවැලි ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හැම අවුරුද්දකම වගේ අපේ පීඨයෙන් දුෂ්කර පලාත්වල සාමාන්‍ය පෙල කරන නංගිලා මල්ලිලාට අරුණැල්ල කියලා සාමාන්‍ය පෙල සම්මන්ත්රණ මාලාවක් කරනවා. එක අවුරුද්දක අපේ අරුණල්ල වැඩසටහන් මාලාවේ සමාරම්භක දේශනය තිබ්බේ කන්තලේ පැත්තේ තියෙන බොහොම දුෂ්කර පාසලක !අපිත් උදේ රැයින් ඇහැරිලා පීඨයේ බස් එකෙන් කන්තලේ ආවා.උදෙම්ම පිටත් උනාට කන්තලේට එනකොට 11 විතර වෙලා. ඊට පස්සේ අපිව පිලිගන්න පොඩිවට පෙරහැරකුත් සූදානම් කරලා තිබුනා. අපිත් ...
අම්මා කියපු කතාව - පළවෙනි කොටස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අදත් මොනවහරි ලියන්ඩ ඕනේ කියලා හිතුනා. ලියන්නේ මොනවද කියලා කල්පනා කරගෙන යනකොට අපේ අම්මා අපට පොඩි කාලේ කියපු කතාවක් මතක් උනා.කතාව මේකයි !!දන්නවනේ විහාරමහා දේවිය. ඔවු ඔවු දුටුගැමුණු රජතුමාගේ අම්මා තමා.මේ කියන්න යන කතාවත් විහාර මහා දේවිය ගැනම තමයි. ඉතින් කාවන්තිස්ස රජතුමා විහාරමහාදේවියව සරණපාවාගෙන ගොඩක් කල් ගත උනත් දේවියට දරුවෝ හිටියේ නෑ ලූ.ඒ හන්දම මේ දේවිය ගොඩක් දුකෙන්ලු හිටියේ.දවසක් විහාරමහා ...
ඇතීනා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔන්න එකෝමත් එක කාලෙක දෙවිවරුන්ගේ රජ්ජුරුවෝ විදිහට ඉන්න සියුස් දෙවියෝ මෙටිස් (Metis) කියලා කුමාරිකාවක් සරණ පාවා ගන්නවා. මෙටිස් කුමාරිය කියන්නේ සෑහෙන බුද්ධිමත් කුමාරිකාවක් !ඉතින් මේ කුමාරියයි සියුස් රජතුමායි සතුටින් ජීවත් වෙනවා. ටික කාලයකට පස්සේ මේ කුමාරිය දරුවෙක් පිළිසිඳ ගන්නවා. මේ කුමාරිය දරුවෙක් පිලිසිඳ ගන්න ආරංචිය අහපු සියුස් රජතුමා ඒ තරම් සතුටු වෙන්නේ නෑ.රජතුමා කලබල වෙනවා. එහෙම කලබල වෙන්නේ බැරිවෙලාවකවත් කුමාරිය ...
අඟුරුකාරමුල්ල පන්සලේ චිත්‍ර මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මතකනේ මම කලින් දවසක මීගමුවේ අඟුරුකාරමුල්ල පන්සල බලන්ඩ ගියා කියලා. ඒ පන්සලේ ලස්සන ලස්සන චිත්‍ර ටිකක් තිබුනා. චිත්‍ර වලට අමතරව පිළිමත් ගොඩක් තිබ්බ පන්සලක්. අද නිවාඩු දවසේ කතාවක් නොලියා ඒ පින්තූර ටික දාන්ඩ ඕන කියලා හිතුනා.එහෙනං චිත්‍ර ටික බලලා ඉම්මු.චිත්‍ර බලන්ඩ නම් විහාර ගෙට යන්ඩ ඕන. ඒකට යන්ඩ තියෙන්නේ සිංහ කටක් ඇතුලෙන්.ඔය පල්ලෙහා පින්තූරේ තියෙන්නේ සිංහ කට. පිළිම ගෙයි ඉදිරිපස ...
දන්නවද ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා යමෙක්, තමන් නොදන්නා බව නොදන්නේ නම් ඔහු මෝඩයෙකි.ඔහුගෙන් ඈත් වී සිටින්න.යමෙක්, තමන් නොදන්නා බව දන්නේ නම් ඔහු දරුවෙකි.ඔහුට උගන්වන්න. යමෙක්, තමන් දන්නා බව නොදන්නේ නම් ඔහු නින්දේ පසු වෙන්නෙකි.ඔහුව අවදි කරවන්න.යමෙක්, තමන් දන්නා බව දන්නේ නම් ඔහු බුද්ධිමතෙකි.ඔහු අනුගමනය කරන්න.ප.ලි. - අන්තර්ජාලයේ සැරිසරනකොට අහම්බෙන් කියවන්ඩ ලැබුන සිතුවිල්ලක් සිංහලයට පරිවර්තන කලා. ...
අලි ගැට පේර බීම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මම පොඩි කාලේ ඉදන්ම ආසම නැති පලතුරක් තමයි අලිගැටපේර කියලා කියන්නේ. ඒ උනාට ගෙදර කට්ටිය ගේන්නේම අලිපේර. එදාට ඉතින් මාරම කේන්තියි. මොකද කට්ටියම මට පෙන්න පෙන්න රහ කර කර තමා ඕක බොන්නේ. වෙලාවකට අපේ තාත්තා මට එයැයිගේ වීදුරුවෙන් මට පොවන්න හදනවා. අම්මෝ මම නම් කට අහලකටවත් ගන්නේ නෑ."උබලට ඉතින් හොද දෙයක් කන්න පින තියේ යෑ " තාත්තා හැමදාම මන්තරේ වගේ ...
ජෙරුසලමේ බිඳවැටිම.. මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මම කලින් ලිපියක කිව්වනේ නෙබුකත්නසාර් කියන්නේ බැබිලෝනියානු එල්ලෙන උයන හදපු කපටි රජෙක් කියලා. ඉතින් මේ රජතුමාට සෑහෙන්ඩ ආසයි තමන්ගේ බැබිලෝනියනු රාජ්‍යය සෑහෙන විශාල රාජ්‍යයක් කරගන්ඩ. ඒ කියන්නේ අහල පහල රාජ්‍යයන් අල්ලගෙන තමන්ගේ බලය ව්‍යාප්ත කරන්ඩ. ඔහොම තමන්ගේ බලය ව්‍යාප්ත කරන ගමනෙදි මේ රජතුමාගේ ඊලඟ ඉලක්කය වෙලා තිබ්බේ ජෙරුසලම් රාජ්‍යය !මේ වෙනකොට ජෙරුසලම් රාජ්‍යය සෑහෙන්ඩ පිරිහිලා තියෙන්නේ. ඒ කියන්නේ දුශ්චරිතවත් සමාජයක් ...
මවුන්ට් ලැවීනියා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද කතාව මේකයි !1805 අවුරුද්දේදි තෝමස් මේට්ලන්ඩ් කියන එංගලන්ත හමුදා ජෙනරාල්වරයා ලංකාවට ගොඩ බහිනවා. මේට්ලන්ඩ් ජෙනරාල්වරයා , ලංකාවට එන්නේ ලංකාවේ ආණ්ඩුකාරවරයා බවට පත් වෙන්න.ඉතින් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට නවාතැන් ගන්ඩ ලැබෙන්නේ එච්චර සුවපහසු නවාතැනක නෙමෙයි. මේ නිසා මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික පරිහරණයට සුවපහසු මන්දිරයක් ඉදි කරනවා. 1806 අවුරුද්ද වෙනකොට මේ මන්දිරයේ වැඩ කටයුතු නිමවෙලා ආණ්ඩුකාරවරයා මන්දිරයේ පදිංචියට යනවා.මන්දිරයේ ජීවත් වෙන මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා, තමන්ගේ ...
පැන්සලයි මකනයයි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පැන්සල :මට සමා වෙන්න !!!මකනය :ඒ මොකටද ? ඔයා කිසි දෙයක් කළේ නෑනේ !!!පැන්සල :මම නිසා ඔයාට තුවාල වෙන හන්දා මට සමාවෙන්න. මම් වැරදීමක් කරන හැම වෙලාවකම ඔයා ඇවිත් ඒක මකලා දානවා. ඒ වැරද්ද නිවැරදි කරන්න ගියහම ඔයාගෙන් කොටසක් ඒකට වැය වෙනවා. එතකොට ඔයාගේ ප්‍රමාණය එන්න එන්නම පුංචි වෙලා යනවා.මකනය :ඒක ඇත්ත තමයි !! ඒ උනාට මං ඒක ගනන් ගන්නේ ...
අම්මා කියපු කතාව - අන්තිම කොටස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කතාවේ පළවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන කොටලා කතාව කියවන්න. මෙහෙම ගර්භනී කාලය ගත කරන දේවියට දොළදුකක් ඇති වෙනවා. ඒ තමයි රියන් සියයක් දිග මීවදයක් හොයලා ඒ මීවදේ දොලොස් දහසක් භික්ෂුන් වහන්සේලාට දන් දීලා ඉතුරු ටික දේවියට වලඳන්න !මේ රජතුමාත් දේවියගේ දොළදුක සංසිඳවන්න රියන් සියයක් දිග මීවදයක් ගේනවා. ඒ මීවදය හොයාගන්නේ මීගමුව ප්‍රදේශයෙන් ලූ. (ඒකලූ ඒ ගමට මීගමුව කියලා නම වැටුනේ ...
ආවේග මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සමාජයත් එක්ක ගැටිලා ජීවත් වෙනකොට කොච්චර නම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද. ගොඩක් ප්‍රශ්න කාලයත් එක්කම වගේ විසදිලා යනවා.සමහර ප්‍රශ්න එහෙම ලේසියෙන් විසදිලා යන්නේ නෑ.ඒවා වලට අපිම විසදුම් හොයන්න වෙනවා.එහෙම ප්‍රශ්න වලට විසදුම් හොයනකොට හිතේ ඉපදෙන ආවේග වලට නැතුව බුද්ධියට ඉඩ දීලා තීරණයක් ගන්න පුලුවන් නම් කොච්චර හොදයිද.ඒත් මෙහෙම හිතුවට අපි සමහර ප්‍රශ්නවලට විසදුම් විදිහට තෝරන තීන්දු තීරණ නිසා ...
මොකද උනේ ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේක මේ පහුගිය ටිකේ මමයි මගේ යාළුවෙකුයි මතක් කරලා හිනා උන කතාවක්. අපි දෙන්නා හිනා උනාට එක අතකට පවු කියලත් හිතෙනවා.මේ සිද්ධිය උනේ මමයි මගේ යාළුවායි පේරාදෙණියේ ඉන්න දවස්වල.මමයි යාළුවායි හවස 4ට විතර දේශනයක් ඉවර වෙලා පොතට දාපු මහපොල වාරිකයෙන් කොටසක් ගන්ඩ බැංකුවට යන්ඩ ආවා. බැංකුවට යන්ඩ නං මහවැලි ගඟෙන් එහා පැත්තට යන්ඩ ඕන. මායි ඌයි කතාවක් දාගෙන ගම්පොල පේරාදෙණිය ...
පොතක් අහමු. මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඉස්සරම පොත් ආවේ කොළ වල මුද්‍රණය කරලා. ඊට ටික කාලෙකට පස්සේ කොළ වල මුද්‍රණය කරන පොත් වලට අමතරව pdf විදිහට පොත් ප්රකාශනයට පත් උනා. කොළ වල මුද්‍රණය කරපු පොත් වගේ නෙමෙයි. මේ පොත් අඩුක් කරලා තියන්න ලොකු රාක්ක ඕනැන්නේ නෑ. ඒ වගේම තමා මුද්‍රණ වියදමකුත් නෑ. වැඩි බරකුත් නැතුව යන යන තැන අරගෙනත් ගියෑකි.ඒ උනාට මෘදු පිටපත් විදිහට තියෙන පොත් ...
ගිනි අවි සහ ගිනි කෙළි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මතකනේ මම ඊයේ පොතක් ගන්ඩ කියලා මරදානේ ගොඩගේ පොත් සාප්පුවට ගියා කියලා. එතකොට තමයි මට නුගේගොඩ කියන නම හැදුන හැටි කියවන්ඩ ලැබුනේ.මම පොත් රාක්ක අතර ඇවිදලා පොඩි පොත් දෙකක් ගත්තා.ඊට පස්සේ නිකමට වගේ නව කතා පොත් ටිකකුත් අතගාලා බලන්ඩ ආසාවක් ආවා. කාලෙකින් පොතක් ගන්ඩත් බැරි උනා නෙව.ඔහොම පොත් ගොඩවල් අතරේ ඉන්නකොට තමා මට ගිනි අවි සහ ගිනි කෙළි පොත දකින්ඩ ...
ඇඟිල්ලේ ගාපු තීන්ත මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය දවස් සතියේ ලංකාවේ පලාත් කීපයකට ඡන්දේ තිබ්බා. කට්ටියත් කිරි කිරි පාන්දරම ලැහැස්ති වෙලා ඡන්ද පොලවල් වලට ගිහින් ඡන්දේ දීලා එන්ඩ ඇති නේ.ඉස්සර මම් පොඩි කාලේත් සෑහෙන්ඩ ආසයි අපේ අම්මෑ අතේ එල්ලිල ඡන්ද පොලට යන්ඩ..ඒ වෙන මොකවත් හන්දා නෙමේ ඡන්දේ දාන අයගේ ඇඟිල්ලේ ගාන දම් පාට තීන්ත එක හන්දා !අපේ අම්මා මාවත් ඇඳගෙන ගිහින් ඡන්ද පොළට ගියහම,"ඕකෙන් චුට්ටක් අපේ පුතාගෙත් ...
රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමු මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සෑහෙන කාළෙක ඉදලා හිතේ තිබ්බ අදහසක් තමයි සිරිපාදේ කරුණා කරන්ඩ ඕන කියන එක. අවුරුදු දෙකක් තිස්සෙම මේ අදහස හිතේ තිබ්බා. තනියම යන්ඩ අමාරු ගමනක් කියලා කට්ටිය කියන නිසා යන්ඩ උනේම නෑ..මේ අවුරුද්දේ නම් කොහොමහරි සිරිපා වඳිනවාමයි කියලා හිත හදාගෙන උන්නා.. ඒකට කට්ටියකුත් එකතු කරන්ඩ ලෑස්ති කර ගත්තා. නමුත් එක එකා හැලිලා හැලිලා ගිහින් අන්තිමේදි ඉතුරු උනේ අපේ මලයයි මායි විතරයි. ...
බල්ලා කරපු වැඩේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සෙනසුරාදා ඉරිදා දවස් කියන්නේ මම ටිකක් විතර වැඩිපුර නිදාගන්න දවස් දෙක.. ටිකක් කිව්වේ අටහමාර වෙනකන්වත්... ඒකත් ඉරිදට එච්චර උදේ වෙනකන් නිදියන්ඩ වෙන්නේ නෑ මොකද ඉරිදා උදේ පංතියක් තියෙන හන්දා.ඒත් අද මගේ සැප නින්ද නිදියන්න උනේ නෑ. ඒකට මූලිකම හේතුව උනේ අල්ලපු ගෙදර අක්කාගේ කෑ ගැහිල්ල.. !උන්දෑ උදේ කියලා බලන්නේ නැතුව කාටද මන්දා දෙස් දෙවොල් තියනවා. අපේ අම්මත් හනි හනිකට ගිහින් ...