මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
නත්තල් සීතල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය අවුරුදු හතරම වගේ දෙසැම්බර් මාසෙම වගේ ගෙවුනේ පේරාදෙණියේ නේවාසිකාගාරයේ. ඒ නිසා නත්තල් සීතල උපරිමයෙන්ම වගේ අත්විඳින්න ලැබුනා. ඒත් සීත කාලේ වගේ යෑ මේ කාලෙට තමා අපිට විභාග ලියන්න වෙන්නේ. සීතලට පාඩම් කිරිල්ල කෙසේ වෙතත් හොදටම නින්ද නම් යනවා.මෙදාපාර නත්තල් සීතල කොළඹටත් හොදින්ම දැනෙනවා කියලා අද ප්රවෘත්ති වලටත් කිව්වා. කොළඹ උෂ්නත්වය 25ට අඩුවෙලා නුවර එළියේ උෂ්නත්වේ සෙල්සියස් 5 වෙනකම්ම අඩුවෙලා. ...
සුබ නත්තලක් වේවා ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය දවස් ටිකේම සෑහෙන්න කොම්පීතරෙන් ඈත් වෙලා ජීවත් උනේ. ඒ නිසා බ්ලොග් එකේ කිසිම ලිපියක් ලියන්න උනේ නෑ. නොලිව්වට මොකෝ මම බ්ලොග් කියවන එක නම් අතෑරලා නෑ. පුලු පුලුවන් වෙලාවට කට්ටියගේ බ්ලොග් වලට ගොඩ වැදිලා පෝස්ට් ටික කියෝලා කමෙන්ට් එහෙමත් දැම්මා.ඔන්න අද නම් මුකුත් ලියන්න කියලා අදහසක් නෑ. අද මම මගේ බ්ලොග් අඩවියට ගොඩ උනේ සුබ පතන්ඩ. ඔන්න එහෙනම් මගේ ...
බණ පදයක්... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පින්වතුනි...සංයුත්ත නිකායේ දුක නිපාතයේ කියවෙනවා සතුටින් ජීවත් වෙන්න බැරි දෙන්නෙක් ගැන. එක්කෙනෙක් තමා ලැබෙන ලැබෙන දේවල් ඉතුරු කරන කෙනා. අනිත් කෙනා තමයි ලැබෙන ලැබෙන දේවල් වියදම් කරන කෙනා.හැමදේම ඉතුරු කරන කෙනාට කොච්චර දුන්නත් මදි. ඉතුරු කරනවා.ඒ වගේම හැමදේම වියදම් කරන කෙනාට කොච්චර ලැබුනත් මදි. ඒ හැමදේම වියදම් කරනවා.ඒ නිසා අපට ලැබෙන දේවල් මධ්‍යස්ථව වියදම් කරන්නත් මධ්‍යස්ථව ඉතුරු කරන්නත් පුරුදු වෙන්නෝන.--------------------------------------------------------------ප.ලි.- ...
නිවාඩුවකට ගියෙමි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කැම්පස් එකෙන් අවුට් වෙච්ච දා ඉදන්ම ගෙදර ඉදලා ඉදලා එපා වෙලා හිටියේ. ඒ නිසා පොඩ්ඩක් ඇවිදලා එන්න කියලා පේරාදෙණි ආවා.වෙන කොහේවත් නෙමෙයි අපේ කැම්පස් එකට ආවේ.ගෙදර ඉන්න එක තරම් ජොලි වැඩක් නෑ කියලා හිතුනට මට නම් ගෙදර ඉන්න එක එපාම වෙලා තිබ්බේ.ගෙදර ඉන්න එකත් ලේසි නෑ. මොකද උදේ ඉදන් හවස් වෙනකන්ම කලිසම් ම මහන්න එපැයි. ආහ්... කියන්න අමතක උනා. අපේ ...
උපන්දින තෑග්ග මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය ජුලි මාසේ මම් අදුනන ගෑනු ළමයෙක් ගේ උපන්දිනයක් තිබ්බා.උපන්දිනේට කලින් දවසේ මට කෝල් එකක් දීලා කිව්වා එයත් එක්ක උපන්දිනේ දවසේ පන්සල් යන්න එනවද කියලා. උපන් දිනේ දවස නිසා එන්න බෑ කියන්නත් බෑ. අනිත් එක පන්සල් යනවා වගේ හොද වැඩකට එන්න කියන්නේ. ඔක්කෝටම වඩා කෙල්ලෙක් එන්න කියන්නේ. ඉතින් නොගිහින් කෝම !!!! මාත් එන්නම් කියලා කිව්වා. කොහොමහරි උපන්දිනේ දවසේ එන්න කිව්ව අදාල ...
නැතිවූ ඔරලෝසුව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔන්න එකෝමත් එක ගොවියෙක්, දවසක් තමන්ගේ ධාන්‍යාගාරයේ (අටුවේ) වැඩ කර කර ඉන්නකොට එයාගේ අත් ඔරලෝසුව නැති උනා. ඉතින් මේ ගොවියා තමන්ගේ නැති වෙච්ච ඔරලෝසුව හෙව්වා. කොච්චරවත් හෙව්වට ඔරලෝසුව හම්බ උනේ නෑ ලු.ගොවියටත් මේ ඔරලෝසුව සෑහෙන්ඩ වටිනවා ලු. (අපි හිතමු මේ ඔර්ලෝසුව තමන්ගේ බිරින්දෑ තෑගි දීපු එකක් ය කියලා).ඉතින් මේ ගොවියා අටුවෙන් එලියට ඇවිල්ලා අහල පහල සෙල්ලම් කරපු ළමයි ගාවට ඇවිදින්,"මගේ ...
හෙම්බිරිස්සාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මනුස්සයෙක්ට හැදෙන්න පුලුවන් සුලභම අමාරුම ලෙඩේ මොකද්ද කියලා ඇහුවොත් එක එක්කෙනා එක එක උත්තර දෙයි. මට නම් හිතෙන්නේ මනුස්සයෙක්ට සුලභවම හැදෙන්න පුලුවන් අමාරුම ලෙඩේ හෙම්බිරිස්සාව කියලා.හෙම්බිරිස්සාව පොඩි ලෙඩක් උනාම හැදුනට පස්සේ පුදුම අමාරුයි. හෙම්බිරිස්සාවේ රෝග ලක්ෂන විදිහට නාහෙන් හොටු ගැලීම ! විඩින් විඩේ කිවිසුම් යාම ! ඒ මදිවට උගුරේ අමාරුව හැදිලා කෙල ටිකක්වත් ගිල ගන්ඩ බැරුව යාම ! හදුන්වන්න පුලුවන්.අපේ ...
වලේ නාට්ටි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පේරාදෙනියේ සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදිහට කියනවනම් 'වල' කියලා කියන්නේ පේරාදෙණි සරසවියට තියෙන එකම එළිමහන් රංග පීඨයට. ඒක හදන්න මුල් වෙලා තියෙන්නේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයා නිසයි ඒකට 'එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය' කියලා කියන්නේ.පිහිටි බිම පාවිච්චි කරගෙන පැනොරාමා තියටර් වර්ගට අදාල වෙන විදිහට 'වල' නිර්මාණය කරලා තියෙනවා.
ඔවුවා අලි ගිලපු දිවුල් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දිවුල් ගස් ගොඩක් වෙලාවට හැදෙන්නේ ශුෂ්ක පරිසරවල. ඒ නිසා දිවුල් කියන පලතුර අපේ පැතිවලට වඩා ඈත පලාත්වල සුලභ පලතුරක් ! මම් පොඩි කාලේ අපේ නෑදෑ ගෙවල්වල ගියහම මලු පිරෙන්න දිවුල් අරගෙන එනවා.දිවුල් ගස් යට ඉදන් දිවුල් අහුලන එක පොලෙන් දිවුල් ගේනවට වඩා ජොලි වැඩක්. අනිත් එක තමයි පොලේ තියෙන කාබයිට් ගහලා ඉඳවපු දිවුල් වගේ යෑ. ගහේම ඉදිලා වැටෙන දිවුල් මාරම ...
මම හදපු උණ වෙඩිල්ල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මම කලින් ලිපියකදී කිව්වා නේ අපේ කන්තෝරුවේ උන්නු කෙනෙක් කියපු නිසා උණ වෙඩිල්ලක් හදන්ඩ ආසාවක් උපන්නා කියලා. ඉතින් ඒ ආසාවටම මමයි අපේ මල්ලිලා කට්ටියත්තෙක්ක උණ ගහක් හොයාගෙන ගියා. එතකොට අපට ගෙදරකින් කපලා දාපු ලොකු උණ ගහක් හම්බ උනා.අපි ඒකත් කර තියාන ගෙදර ගෙනල්ලා අඩි හතරක විතර කෑල්ලක් කැපුවා.මෙහෙමයි උණ වෙඩිල්ල හදන්නේ... ඒක හදන හැටි විචාරක මහත්මයාගේ වචන වලින්ම දැන ගනිමු ...
රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමු - 2වන කොටස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අම්මා හදලා දීපු සීනි සම්බලයත් එක්ක අපි තුන් දෙනා පාන් කෑවට පස්සේ ලඟ පාත තිබුණු කඩේකින් තේත් බීලා ගමන පිටත් උනා. අතරමගදි සිරිපාද මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රධාන දොරටුවත් හම්බ උනා. මං ඒ කිට්ටුව කඩේකින් නූලුයි ඉඳිකට්ටකුයි ගත්තා. මමනේ කිරිකෝඩුකාරයා :)ඒ කඩෙන්ම අපේ තාත්තා මගින් මඟට කන්ඩ කියලා බුලත් විටකුත් ගත්තා.... මේ සේරම දේවල් කරගෙන හිමි හිමිහිට ශ්‍රී පලාබද්දල කීර්ති ශ්‍රී ...
බිම්බරක් සෙනග මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කතාව පටං ගන්නේ අපේ මකරා සර් මූනු පොතේ සාමාන්‍ය දැනීම කණ්ඩායමක දාපු ප්‍රශ්නයකින්. සර්ගේ වචන වලින්ම කියනවා නං,අපි අහල තියෙනවා දසබිම්බරක් මාර සේනාව ගැන. මෙතන බිම්බරක් කියන්නේ යම් කිසි බර ප්‍රමාණයක් . "බිම්බරක්" යනු කොපමණ බර ප්‍රමාණයක්ද ? ඇත්තටම බිම්බරක් කියලා කියන්නේ කොච්චර ප්‍රමාණයකට ද ?බිම් + බරක්... ඒ කියන්නේ බිම බර වෙන ප්‍රමාණයක් ! මේ ප්‍රශ්නයට මම දීපු උත්තරය ...
අපේ කොරිඩෝව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාලෙකට කලින් කැම්පස් එකේ ෆොටෝ වගයක් ඕන වෙලා අන්තර්ජාලේ පීරලා හොයන කොට අපූරු පින්තූරයක් හම්බ උනා. ඒ පින්තූරේ තමා ඔය පහලින් තියෙන්නේ. මේ පින්තූරේ තියෙන්නේ අපේ කොරිඩෝව !!!අපේ කියලා කිව්වේ අපේ ඉංජිනේරූ පීඨයේ. කැම්පස් එකේ පින්තූර අන්තර්ජාලේ ගොඩක් හොයාගන්න තිබ්බට මේ කොරිඩෝවේ පින්තූර නම් හොයාගන්න තිබ්බේ නෑ. මේ කොරිඩෝව දැක්කම අපේ රැග් සීසන් එකේ දි අපට කියලා දීපු කතාවක් මතක් ...
ෆෝබියාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා එතකොට මම් හිටියේ දහතුනේ විතර. උසස් පෙළ ලියන්න මාස තුනකට වඩා තිබ්බේ නෑ. මේක පිරිමි ඉස්කෝලයක් !! ඒ උනාට අපරාදේ කියන්න බෑ අපේ ඉස්කෝලෙය යාර දහයකට විතර මෙහා සහෝදරියන්ගේ ඉස්කෝලයක් තියෙනවා. ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ මොකක් හරි උත්සවයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අපේ ඉස්කෝලෙට ආරාධනාවක් එවනවාමයි. අනෝන්‍ය සුහදත්වය කියන්නේ මේක වෙන්ටෑ !!!මට මතක විදිහට අපේ අල්ලපු වැටේ සහෝදරියන්ගේ ඉස්කෝලේ විද්‍යා දිනයක් තියෙනවා ...
සිටු කුමාරිය - 1 කොටස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක නුවරක ලස්සන සිටු කුමාරියක් හිටියා. මේ සිටු කුමාරිය, තමන්ගේ වයසක අම්මවයි අප්පච්චිවයි බලාකියා ගෙන ගේ දොර වැඩ කටයුතුත් කරගෙන ජීවත් උනා.ඔන්න ඔහොම ජීවත් වෙනකොට දවසක් මේ සිටු කුමාරි සඳළු තලයේ අවට සිරි නරඹ නරඹ ඉන්නැද්දි පාරේ එහා කොනේ ඉදලා මුව මස් විකුණන මනුස්සයෙක් එනවලු. ඉතින් මේ කුමාරියට මේ මස් වැද්දා එක්ක යාළු වෙන්ඩ ආලවන්ත ...
බල්ලා සහ මස්කටුව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ගෙවී ගිය සතිය මහ පුදුම සතියක් ! මාර වැඩ කන්දරාවක් තිබ්බේ ! ඒ නිසා ගොඩක් කට්ටියගේ පෝස්ට් කියවන්න වෙලාව හොයාගන්න බැරි උනා. අද නිවාඩු දවසේ ඒ ටික කියවන්න හිතන් ඉන්නේ. :)ගිය සතියේ දවසක දවල් කෑම එක ඔතලා තිබ්බ පත්තර කොළයක් කියවන්න ලැබුනා. මම් ඉතින් ඔහොම පත්තරයක් කියෙව්වොත් මිසක් පත්තර හොයාගෙන ගිහින් කියවන එකක් යෑ.ඒ පත්තර කෑල්ලේ තිබ්බේ මේකයි.බල්ලෝ, මස් කටු ...
ළමා දිනය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි. ඉස්සර මම ඉස්කෝලේ ඉන්න දවස්වල නම් ළමා දිනය දවසට උදේ රැස්වීම වෙලාවේ පොඩි උත්සවයක් තියනවා. නැටුම් ගැයුම් එහෙමත් තියලා ලොකු සර්ගේ එපාම කරපු කතාවකුත් තියෙනවා. ලොකු සර් වෙනදා වගේම ප්‍රේමදාස මහත්තයා ස්ටේජ් එකට නැග්ගා වගේ ඇඟිලි තුඩු වලින් ඉස්සි ඉස්සි කතා කරනවා.උත්සවේ ඉවර උනාම කට්ටියම පංති වලට යනවා. ටීචර් ඇවිත් රෙජිස්ටරේ නම් මාක් කරලා ...
ශාන්ත එල්මෝගේ ගින්න මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඉස්සර නාවිකයෝ රට රටවල් වල සංචාරය කලේ රුවල් නැවු ආධාර කරගෙන කියලා කවුරුත් දන්නවා නේ. දැන් වගේ අධිතාක්ෂණයෙන් යුක්ත කන්ටේනර් පටවපු නැව් ඒ කාලේ තිබ්බේ නෑ.රුවල් නැවු වල බඩු පටවගෙන සුළඟ ආධාර කරගෙන තමයි ඒ කාළයේ නවිකයෝ රට රටවල සංචාරය කරන්නේ. ඔන්න ඔය රුවල් නැවු වල තියෙනවා කුඹ ගස් ! ඒවගේ කුඹ ගස් වල තමයි රුවල් එල්ලලා තියෙන්නේ.අන්න ඒ කුඹ ...
නාගසේන වස්තුව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාෂ්‍යප බුදු හාමුදුරුවන්ගේ කාළයේ ගඟක් ළඟ තිබ්බ විහාරෙක හාමුදුරු කෙනෙක් වැඩ උන්නා. ඒ හාමුදුරුවෝ දවසක් වෙහෙර මළුව අතුගාලා කුණු ටික ගොඩ ගහලා තිබ්බා. ඊට පස්සේ උන්වහන්සේ තමන්ගේ ගෝල හාමුදුරු නමට කිව්වා "මම වෙහෙර මළුව අතුගාලා තියෙන්නේ. ඒ කුණු ටික අරන් දාන්ඩ" කියලා.එහෙම කියලා ලොකු හාමුදුරුවෝ විහාරගෙට වඩිනවා. උන්නාන්සේ ටික වෙලාවකින් එනකොටත් කුණු ගොඩවල් එහෙම්ම තියෙනවා දැක්කා. උන්නාන්සේ කියලා ගිය දේ ...
බෞද්ධ පාසලට හිජාබයක් ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද උදේ අපේ කන්තෝරුවේ අය වැඩට එනකොට නාවල ජනාධිපති බාලිකාව ලඟ ලොකු උද්ඝෝෂණයක් තිබුනලු... ඒ නිසාම පාරේ ට්‍රැෆික් එකකුත් ඇතිවෙලයි කිව්වා.උද්ඝෝෂණය කරපු තවත් කට්ටිය බස් වලට යන අයට කොළ වගයක් බෙදුවලු. අපේ යාළුවාටත් එයින් එකක් ලැබුන නිසා මං ඒක කියවලා බැලුවා. එතකොට තමා උද්ඝෝෂණයට හේතු බූත වෙච්ච කාරණාව දැනගත්තේ.මේ උද්ඝෝෂණයට හේතු වෙලා තියෙන්නේ නාවල ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනිය, මුස්ලිම් ශිෂ්‍යාවකට පාසල ...