මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
ශ්‍රී රාවණ්ණා පුවත මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සුපර්ණිකා නම් වූ රාවණගේ අක්කණ්ඩිය, රාමගේ සහෝදරයෙක් වෙච්ච ලක්ෂ්මණට ආදරය කිරීමට පටන් ගන්නවා. නමුත් මේ ආදරය තේරුම් නොගත් ලක්ෂ්මණ, සුපර්ණිකාට අඩත්තේට්ටම් කරනවා.කොටින්ම සුපර්ණිකාගේ නහයයි කන් දෙකයි කපා දමනවා.ඊට පස්සේ සුපර්ණිකා මේ සිද්ධය රාවණට සැල කරනවා.තමන්ගේ අක්කට ලක්ෂ්මණගෙන් වෙච්ච අතවරය දැකලා රාවණ කෝප වෙනවා. ලක්ෂ්මණ ලංකාද්වීපයට ඇවිදින් සුපර්ණිකාගෙන් වැඳලා සමාව ගන්න ඕන. රාවණා එහෙම හිතනවා.මේ නිසා රාවණ රජතුමා සීතාව දඩුමොනරයෙන් ලක්දිව ...
නවකතා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ මාසේ සාහිත්‍ය මාසේ නිසා පොත් ගැන මොනවා හරි නොලිව්වොත් ඒක ලොකු අඩුවක්.පොත් කිව්වම මම් ඉස්සර ඉදන්ම ආසයි ඔය පරිවර්තන නවකතා කෙටි කතා එහෙම කියවන්න. නවකතා කිව්වම ඉතින් ආයේ කන්න ඕනෙත් නෑ. පොත කියවලාමයි නවත්තන්නේ.ඉස්සර මම් උසස් පෙළ කරන්න ආපුම දවස්වලත් ඔය නව කතා කියවන පිස්සුව තිබ්බා. කොච්චර පිස්සුවක් තිබ්බද කියලා කියනවනම් අම්මා ඉස්කෝලෙදි දවල්ට කන්න දෙන සල්ලිත් එකතු කළා ...
ලම්ප්රයිස් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දවසක් හවස් වරුවක මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. මම් හිතුවා වගේම ඒ මම් ආදරේ කරපු ගෑනු ළමයාගෙන්. ඒ වෙලාවේ එයා කෑම ගේන්න ටවුමට ගිහින් එනගමන් ලු හිටියේ. මම් ඇහුවා මොනාද කන්න ගත්තේ කියලා. මෙන්න එකපාරටම කියපි 'ලම්ප්රයිස්' ගත්තා කියලා."මොනවද ලම්ප්රයිස් කියලා කියන්නේ ?" මම් දන්නේ නැති කමට ඇහුවා."අයියෝ සුදු ඔයා ලම්ප්රයිස් කාලා නැද්ද ? ලම්ප්රයිස් කියලා කියන්නේ කෙහෙල් කොලේක ...
එකමත් එක කාලෙක මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔන්න එකෝමත් එක කාලෙක රජ කෙනෙක් ජීවත් උනා ලූ. මේ රජතුමාට පුත්තු දෙන්නෙක් හිටියාලු. ඉතින් මේ රජතුමා වයසට යනකොට තමන්ගේ රාජ්‍යයේ පාලනය වැඩිමහල් පුත් කුමාරයාට භාර දුන්නලු. මෙන්න මේ අයියා කුමාරයාත් දැහැමින් රට පාලනය කරගෙන ජීවත් උනා ලූ.ඔහොම කාලයක් ගත වෙනකොට මේ අයිය කුමාරයා, රාජ කුමාරිකාවක් සරණ පාවාගත්තාලු. මේ අයියා කුමාරයයි එයා සරණ පාවාගත්ත රාජකුමාරියයි මල්ලි කුමාරියයි සතුටින් මාලිගාවේ ජීවත් ...
මම ආසම මේල් දෙකක් ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල එක එක වැඩබිම් වලට යන නිසා වැඩ ඇරිලා ගෙදර එනකොට සෑහෙන්න රෑ වෙනවා. ඒ ආපුවාමත් මහන්සියට වැටිච්ච වැටිච්ච තැන් වල නින්ද යනවා. මේ හින්දම රීඩර් එකේ තියෙන බ්ලොග් ටිකවත් කියවගන්න වෙලාවක් නෑ. මොනා කරන්නද රස්සාවේ හැටි තමා !වැඩබිම් වලට යන එකෙන් කොම්පීතරයක් ලඟ කොටු වෙලා ඉන්න වෙලාව සෑහන්න අඩු වෙනවා.එක අතකට ඒක සෑහෙන්න වාසියක් ! නැත්නම් දවස තිස්සෙම ...
ආනවිලුන්දා අභය භූමියට ගිය ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය සතියේ සෙනසුරාදා මට බ්ලොග් බීච් පාර්ටියට එන්ඩ උනේ නෑ. ඒකට හේතුව උනේ මම අපේ යාළුවෙක්ට උන්දෑ ගෙදර එනවයි කියලා කලිං ඉදලම පොරොන්දු වෙලා උන්නේ.. දෙයක් පොරොන්දු උනා නං ඒක ඉටු කරන්ඩ එපැයි.. ඒ නිසාම උන්දෑ ගෙදර ගියා.යාළුවා ඉන්නේ ආනවිලුන්ඩාවේ !ආනවිලුන්ඩාව තියෙන්නේ පුත්තලම් කොළඹ පාරේ බංගදෙනියයි බත්තුළුඔයයි අතර මැදක. ඔන්න ඉතිං කියපු දවසේ උදේ අටට තිබ්බ පුත්තලම් කෝච්චියට නැග්ගා ආනවිලුන්දාවට ...
සුබ නත්තලක් වේවා !!! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලෝ වැසි කිතුනු බැතිමතුන්ටත් බ්ලොග් කියවන ලියන සියළු දෙනාටත් සාමය සතුට සපිරි සුබම සුබ නත්තලක් වේවා !!!පහලින් තියෙන්නේ මෙදාපාර නත්තලට මම් හදපු කාඩ් එක.Feliz NavidadFeliz NavidadFeliz NavidadProspero Año y Felicidad.Merry ChristmasMerry ChristmasMerry ChristmasProsperous Year and Happiness. ...
ගෙවී විසිපස් වසක්... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අදත් සුපුරුදු විදිහට අම්මා උදේ ඇහැරුවාට පස්සේ ඇස් වල නිදි ගැට කඩ කඩ අම්මා හදපු තේ එක බොන්න ආවා. අපේ අම්මා තේ එක දෙන ගමන්."සුබ උපන්දිනයක් වේවා ලොකු පුතේ... !!!" කාටත් කලින් ඉස්ස ඉස්සෙල්ලාම අම්මා මට උපන්දිනේට සුබ පැතුවා. එතකොට තමයි යන්තන් පියවි සිහියට ආවේ.කාලය ගෙවෙන්නේ අපි හිතනවටත් වඩා මහා පුදුම වේගයකින්. මම තව අවුරුද්දකින් වයසට ගියා. හරියට කියනවා නම් ...
පාං කතාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පාං යනු අපේ ගෙදර අයගේ ප්‍රියතම කෑමය. කොච්චර ජනප්‍රියද කියලා කියනවනම් පාං නොගෙනෙන දවසක් නැති තරම්ය. සමහරක් දාට බත් මදිවේයැයි කියා අපේ අම්මා පාං බාගයක් ගෙන එන්නීය. එදාට ඒ පාං බාගේ කන්න මල්ලියි මායි පොර කන්නේය. මල්ලිට කලින් මං පාං බාගේ කන්න ගත්ත දාට "අපේ අම්මා අයියට තමයි වැඩියෙන්ම ආදරේ !!! ඒකනේ අයියට පාං දෙන්නේ !!!!" යැයි මල්ලී දෝස්මුර නගන්නීය.පානුයි ...
දවසින් ට්‍රිප් යන්ඩ බෑ බං ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය මාස හතරෙම මගේ ජීවිතය ගෙවුනේ වැඩපොලයි ගෙදරයි අතරේ. උදෙම්ම වැඩට යනවා හවස් වෙලා ගෙදර එනවා ! පහුවෙනිදා උදේට ආයෙමත් වැඩට යනවා ගෙදර එනවා ! ඕක නිකන් චක්‍රයක් වගේ එක දිගටම මාස හතරක් කැරකුනා !!!සති අන්තයේ ගෙදර ඉන්නවා තමා. ඒත් මං ගෙදර ඉන්ඩ වැඩිය ආස නෑ. මට එහෙම හිතෙන්නේ පොඩි කාලේ ඉදන් ගෙදරින් පිට ආච්චි අම්මා ගාව හැදුන නිසා වෙන්ඩෑ. ...
ආදරය අන්ධයි(ද) මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා "මචං ආදරේ අන්ධයි නේද බං ?" යාළුවා දිහාට හැරිලා මම් කිව්වා."ඈ යකෝ !!! මෙච්චර වෙලා හොදට හිටපු උඹට එකපාරට මොකෑ උනේ ? උඹට ඔල්මාදෙ ද ?" යාළුවා උත්තර දුන්නා."එහෙම එකක් නෙමේ බං. අර කෙලවරේ වාඩි වෙලා ඉන්න කපල් එක නහුතෙට තොල් විකා ගන්න එක උන් හිතන්නේ අපට පේන්නේ නෑ කියලා නේ !!""කෝ .... බං !!""අර පෙම් මුල්ලේ වාඩි වෙලා ඉන්නේ. ...
අළු මතින් බලයට.... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අතීත රජ දවස මතට ලොල් වෙච්ච සල්ලාල රජෙක් ලක්දිව පාලනය කරපු යුගයක් තිබුනා. දස පුරාම මධුවිතෙන් මත් වෙච්ච මේ රජතුමා ගැන රටවැසියන් හිටියේ බලවත් කනස්සල්ලකින් ! කොටින්ම මේ රජතුමා රට පාලනය කළ විදිහ ගැන රසවැසියෝ ජීවත් උනේ එච්චර හිත හොඳකමකින් නම් නෙමෙයි !රටවැසියෝ උනත් මේ රජතුමාව හැඳින්වුවේ රූකඩ රජෙක් හැටියට !මේ රූකඩ රජාව බලයෙන් පහ කරලා ධාර්මිෂ්ට පාලනයක් ඇති කරන්ඩ ...
ආච්චිව මරන්ඩද යකෝ යන්නේ... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මං පූර්ණකාලීන බ්ලොග් පාඨකයෙක් විදිහට බ්ලොග් කියවන්න පටන් ගත්තට පස්සේ ලියන්නම හිතුනේ නෑ. හැබැයි නොලිව්වට මොකෝ මම දවසගානේ බ්ලොග් ටික නම් කියෝ ගන්නවා. අද සති අන්තයේ ගෙදර කට්ටියම ගමනක් ගිහින් මං විතරයි ඉතුරු.ඒ නිසා කම්මැලිකම යන්ඩත් එක්ක මොනාහරි කුරුටු ගාන්න ඕනේ කියලා හිතුනා.මොනවද ලියන්නේ කියලා කල්පනා කරනකොට මට පරණ කතාවක් මතක් උනා. මතකද ඒ දවස්වල රොබින් හුඩ් කතාව ටීවි එකේ ...
ප්‍රශ්න වලට පිලිතුරු මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මතකනේ මම එක ලිපියක කිව්වා බැබිලෝනියානු එල්ලෙන උයනක් ගැන. අන්න ඒ ලිපිය කියවපු සමහර අය එක එක ප්‍රශ්නත් අහලා තිබ්බා. ඒ අහපු එක ප්‍රශ්නයක් තමයි ඇත්තටම ඒ උයන එල්ලෙනවද කියලා.සරලම උත්තරේ තමයි 'නැහැ' කියන එක ! ඇත්තටම මේ උයන එහෙම කිසිම දෙයකින් එල්ලෙන උයනක් නෙමේ.ඒක වෙලා තියෙන්නේ kremastos කියන ග්‍රීක වචනේ පරිවර්ථනය කරන කොට වෙච්ච වැරැද්දක් ලූ. මේ උයනට ඇත්තටම ...
යෝජිත විවාහ - අවසානය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ගෑල්ලමයා රැගත් කාර් එක ප්‍රධාන පාරට හරවනවත් එක්කම වගේ අපිත් බස් හෝල්ට් එකට ආවා.කට්ටියම වැඩිය හාවක් හූවක් නැතුව ගෙදර ආවා."ගෑල්ලමයාගේ නම් කිසි වරදක් මට පෙනුන් නෑ. සිරියාවන්ත කෙලි පොඩ්ඩ !!!" මහන්සියට පුටුවේ හාන්සි වෙනගමන් අම්මා කිව්වා."මොකද ලොක්කෝ කියන්නේ ?? ගෑල්ලමයට කැමතියි ද ?" එහෙම කියපු අම්මා, මගේ පැත්තට හැරුනා. මගෙත් කිසි අකමැත්තක් මේ ගෑල්ලමයා ගැන තිබ්බේ නෑ. මොකද මේ ගෑල්ලමයා ...
ලෝක ළමා දිනය අදයි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද ඔක්තෝම්බර් පළවෙනිදා ! වෙන විදිහකින් කියනවා නම් ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි !මට නම් අද දවසත් වෙනදා වගේම එක දවසක් විතරයි. නමුත් ලෝක ළමා දිනය සමරන අයට නම් අද දවස සුවිශේෂි දවසක් වේවි. කොටින්ම ඉස්කෝලේ යන අයගේ ඉස්කෝල වලින් ජයටම ළමා දිනය සමරනවා ඇති.ළමා දිනය වෙනුවෙන් මොනවහරි ලියන්ඩ ඕන කියලා හිතුනත් අදහසක් පහල උනේ නෑ තාම. අද දවස ...
කිඹුලා ගැන කටකතා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපේ පැත්තේ මේ දවස් ටිකේම එක එක්කෙනා කතා වෙන්නේ ඊයේ රාගමදි අල්ලපු කිඹුලා ගැන. මේ කිඹුලා අල්ලපු සිද්ධිය කොච්චර ප්‍රසිද්ධයිද කියනවා නම් බස් හෝල්ට් එකේ කඩපිල්වල කවුරු කවුරුත් කතා වෙන්නේ කිඹුලා ගැන.මූ එසේ මෙසේ කිඹුලෙක් නෙමෙයි තඩි කිඹුලෙක් ! මිනී කන කිඹුලෙක් !කිඹුලව ඇල්ලුවාට පස්සේ ඌ ගැන සෑහෙන්න කටකතා ගොඩක් පැතිරීගෙන යනවා.සමහර එවුවා ඇත්තද බොරුද කියලා හිතාගන්න බෑ. මේ ඉන්නේ ...
මොස්කිටෝ බැට් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල ලංකාවේ ප්‍රධාන පාරක ගියොත් බැඩ්මින්ටන් පිති අරගත්තු මිනිස්සු දකින්න හම්බ වෙනවා. ඒවා බැඩ්මින්ටන් පිති වගේ පෙනුනට ඒවට කියන්නේ මොස්කිටෝ බැට් (mosquito bat) කියලා ලූ. මදුරුවෝ ඉන්න තැනකට ගිහින් ඒ පිත්ත වැනුවම මදුරුවෝ ඒකට අහු වෙනවලු.තෝරගන්න මාදිලි රැසකින්මදවසක් වැඩ ඇරිලා ගෙදෙට්ට ගොඩ වෙච්ච හැටියෙම අපේ අප්පච්චිගේ අතේ ඔය බැට් එකක් තියෙනවා දැක්කා."අද මාත් නාරාහේන්පිට පැත්තේ ඔයවගේ බැට් විකුණන මනුස්සයෙක් ...
මගේ ජීවිතය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සීතල කුටියක පහස විඳකැරකෙන පුටුවක වැතිර හිදඅඟල් දාහතකට ජීවිතය පුදතිරයට එපිට ලොවක් තියෙනවද?
ආදරය සහ කාළය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔන්න චූටි දුවේ පුතේ එකෝමත් එක කාලෙක අපූරු රටක් තියෙනවා සියළුම මනුස්ස හැඟීම් සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙන. සතුට, දුක දැනුම, ආදරය වගේ මානුෂික හැඟීම සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙනවා. ඔහොම කලක් ගත වෙනකොට මේ අය හිටපු එකෝමත් එක රට, ගිලෙන්න යනවා.මෙහෙම මේ රට ගිලෙන්න යනකොට ආදරය ඇරෙන්න අනිත් හැමෝම බෝට්ටු වල නැඟලා වතුර පාර දිගේ පාවෙවී යනවා. ඉතින් මේ ...