මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
මලවුන්ගේ මාසය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ නොවැම්බර් මාසයයි. ඒ කියන්නේ කතෝලික අය මලවුන් සිහි කරන මාසයයි. ඉතින් මට හිතුනා මේ මාසයේ වැදගත්කම ගැන පොඩි දේවල් ටිකක් කියන්න.මේ මාසේ පළවෙනිදාට ගොඩක් කතෝලික අය කිරිබත් දාන දෙනවා. තම තමන්ට පුලු පුලුවන් හැටියට කිරිබත් ටිකක් හදාගෙන ඒවා පල්ලියට ගෙනල්ලා යාච්ඥා කරලා ඊට පස්සේ දුප්පත් අයටයි එන එන හැමෝටමයි බෙදලා දෙනවා. ඉස්සර අපි ඉස්කෝලේ යන දවස්වල නම් මෙදාට කිරිබත් ...
ඩොල්බි, ඒ මොනවද බං ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉන්නැද්දි අපේ පරිගණක සංගමයට අරමුදල් රැස් කරගන්න චිත්‍රපටි උළෙලක් සංවිධානය කලා. අපේ බැච් එකේ හැමෝම වගේ මේ වැඩේට මුල් වෙලා කටයුතු කලා. කට්ටියම කතා උනේ චිත්‍රපටිවලට ඩොල්බි ශබ්ද පද්ධතියක් ගේන්න ඕනෙයි කියලා.ඩොල්බි ??? ආයෙමත් නොදන්න දෙයක් ඇහුවා. වචනේ අහලා තිබුනට තේරුම දැනන් හිටියේ නෑ.වෙනදා වගේම මගේ ඔලුව උඩ ප්‍රශ්නාර්ථයක් මැවුනා.චිත්‍රපටි උළෙලේ පලවෙනි දවසත් උදා උනා කියමුකෝ. ...
කාවඩි බයිලා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා වැඩ ඇරුනට පස්සේ හවස හයයි විස්සට ආමර් වීදියෙන් ගමට යන බස් එක අල්ලගන්න මම මාර ම ගේමක් දෙන්නේ. ඒ වෙන මොකක්වත් හින්දා නෙමේ. ඒ බස් එකේ පැතලි තිර ටීවී එකක් තියෙනවා. ටීවී එකේ හැමදාම ඒ වෙලාවට සංගීත වීඩියෝ සීඩී එකක් දාගෙන යනවා. ගෙදර යනකන් ඕකේ සිංදු ටික අහගෙන යන්න පුලුවන් නිසා ගමන් මහන්සියක් දැනෙන්නෙත් නෑ. කාලයක් තිස්සේ ඉදන් ඔය බස් ...
ශබ්දය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය දවසක ගුවන් විදුලි නාලිකා වැඩසටහනක 'ශබ්දය' ගැන කරුණු ටිකක් කිව්වා. ඉතින් මට හිතුනා ඒ ටික පෝස්ට් කරන්න !!අපට දිවයි තොල් දෙකයි හොලවන්නේ නැතුව මොන භාෂාවකින් කතා කලත් පිටවෙන්නේ එකම ශබ්දයක් ලු. පොඩ්ඩක් උත්සහා කරලා බලන්න ! සුළං හමන දිසාවේ බාධකයක් නැත් නම් සුළඟෙන් කිසිම ශබ්දයක් පිට වෙන්නේ නෑ ලූ. සුළං හමන ශබ්දයක් ඇහෙනවා නම් අනිවාර්යෙන්ම සුළඟ, බාධකයක ගැටෙන්ඩ ...
ගූගල් සර්ච් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අන්තර්ජාලෙන් යමක් හොයනකොට සෙවුම් යන්ත්‍රයක් පාවිච්චි කලාම ගොඩක්ම ලේසියෙන් අවශ්‍ය දේ හොයා ගන්න පුලුවන්.එහෙම අන්තර්ජාල සෙවුම් යන්තර අතරේ ගූගල් සෙවුම් යන්තරේ මාරම ජනප්‍රියයි.අනිත් එවුවා ගූගල් තරම් ජනප්‍රිය නෑ. ඒ හින්දමයි නෙට් එකෙන් මොනවාහරි හොයනවා වෙනුවට 'ගූගල් කරලා බලනවා' කියලා කියන්නේ.ඉස්සර නම් ගූගල් සෙවුම් යන්තරෙන් මොනවාහරි හොයනකොට අවශ්‍ය දේ ටයිප් කරලා එන්ටර් ක්ලික් කරන්න ඕනේ. නමුත් දැන් එහෙම ඕනේ නෑ අවශ්‍ය ...
හැනොයි කුළුන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද කියන්න යන්නේ සෙල්ලමක් ගැන. සෙල්ලමේ නම තමා පෝස්ට් එකේ හෙඩිම.මේ සෙල්ලම ගැන අපට විශ්ව විද්‍යාලයේ දේශනයකදි කියලා දුන්නා. කට්ටිය නම් මේ සෙල්ලම ගැන මෙලහකටත් දන්නවා ඇති.මෙහෙමයි සෙල්ලම කෙරෙන්නේ.මේ තියෙන්නේ හැනොයි කුළුණක් (Tower of Hanoi)තරඟ කොන්දේසිවම් පැත්තේ තියෙන තැටි සේරම ටික දකුණු පැත්තේ කුළුණට ගිහින් දාන්න ඕනේ. හැබැයි එකවරකට එක තැටියයි කුළුනකට දාන්න පුලුවන් වෙන්නේ. තව එකක් තමා ලොකු තැටියක් ...
මෙඩූසා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔන්න එකෝමත් එක කාලෙක දෙවිවරුයි යක්ෂයොයි මහපොලව උඩ ජීවත් උනා. මෙන්න මේ කාලයේදි මහපොලවට අධිපති දෙවියගේ දුවයි මුහුදු වලට අධිපතියා දෙවියගේ පුතයි කසද බැඳලා ඒ දෙන්නට ලස්සන දූ කුමාරියක් ලැබුනා.ඒ දූ කුමාරියට මේ දෙන්නා 'මෙඩූසා' කියලා ලස්සන නමකුත් දැම්මා. මෙඩූසා කියන්නේ ගොඩාක්ම ලස්සන දූ කුමාරියක්.. දෙමවුපියනුත් මේ දූ කුමාරියගේ ලස්සන ගැන වර්ණනා කලා. ඒ තරම් මේ දූ කුමරියත් සෑහෙන්ඩ ලස්සනයි. ...
අක්කයි මල්ලියි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඕලු, නෙළුම් මල් අතුරා පාර දිගේ..කොක්කු පේලියට හිටුවා ඉවුර දිගේ..පුංචි පාරුවක නැගිලා මාදු ගඟේ..එනවද යන්න මා එක්කල නොකර අගේ...ඔය කවියයි පින්තූරයයි ගිම්හානි අක්කා බුකියේ ස්ටේටස් වල දැම්මට පස්සේ මම් ඒ කවිය ලස්සනයි කියලා කමෙන්ට් එකක් දැම්මා. ඊට පස්සේ අක්කයි මමයි අතරේ ඇති
පංතියෙන් එළියට !!! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දවසක් අපේ ගණිතය කරපු මිස් පාඩමක් කරනවා භාග සංඛ්‍යා සුළු කිරීම් ගැන ඔය සුළුකිරීම් කරනකොට බෙදලා ඉවර වෙලා වැඩි කලත් එකයි වැඩි කරලා බෙදුවත් එකයි. ඉතින් ඕක ටීචර් ළමයින්ට තවත් තේරුම් ගන්න පුලුවන් විදිහට "දැන් ළමා..යි ගහලා බැන්දත් එකයි !!! බැදලා ගැහුවත් එකයි !!!!" කියලා කිව්වා. ඕක අහගෙන හිටපු අන්තීම පේලියේ එකෙක්ට "නෑනේ ටීචර් !!!" කියලා කිව්වා. නෑ..හ් කිය උනා.පංතියේ ...
අලියා සහ කඹය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දවසක් එක මනුස්සයෙක් ගමනක් යනකොට ඇතෙක්ව දකිනවා.මූ ලොකු ඇතෙක් උනත් බැඳලා තිබ්බේ හිතා ගන්නවත් බැරි තරම් ශක්තියෙන් අඩු කඹයකින්. ඉතින් මේ මනුස්සයා මේක දැකලා පුදුම හිතිලා ඒ ලඟ හිටපු ඇත්ගොවුවාගෙන් අහනවා."මෙච්චර ලොකු ඇතෙක් වෙලත් ඇයි එච්චර ශක්තියෙන් අඩු කඹේකින් බැඳලා තියෙන්නේ ? දම්වැලකින් බැඳලා දාන්න තිබ්බා නේ ?" අර මනුස්සයා ඇත්ගොවුවාගෙන් අහනවා."මෙහෙමයි මහත්තයෝ ! මේ ඇතා පොඩි කාලේ ඉදලම ගැටගහලා ...
ඇයි ගැහැනු හැමතිස්සෙම අඬන්නේ ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා "ඇයි අම්මා අඬන්නේ ?" කුඩා දරුවෙක් අම්මාගෙන් ඇහුවා."මම් ගැහැනියෙක් හන්දා !!!" අම්මා උත්තර දුන්නා."මට තේරුනේ නෑ අම්මේ""ඔයාට කවදාවත් තේරෙන එකක් නැතිවෙයි පුතේ." අම්මා තම දරුවා තුරුල් කරගෙනම කිව්වා."ඇයි තාත්තේ අම්මා හේතුවක් නැතුව හැමතිස්සෙම අඬන්නේ ?" ඒ කුඩා දරුවා තම පියාගෙන් මේ ගැන විමසුවා."ඕන ගෑනු කෙනෙක් හේතුවක් නැතුව අඬනවා." එපමණයි පියාට කිව හැක්කේ. ඒ දරුවා කාලයත් එක්ක වැඩෙද්දිත් මේ ප්රශ්නය එහෙම්ම ...
මැරෙන මොහොතේ සිතුවිල්ල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපි මලාම කොහේටද යන්නේ ? පින් කරපු හැමෝම මැරුනම දිව්‍ය ලෝකයේ යනවද ? පවු කරපු හැමෝම මැරුනම අපායේ යනවද ?කෙනෙක් ජීවත් වෙලා ඉන්නැද්දි ගොඩක් පින් කරලා තිබුනට මැරුනට පස්සේ ඒ කෙනා නරක තැනක ආයෙම උපදින්නත්, කෙනෙක් ජීවත් වෙලා ඉන්නැද්දි ගොඩක් පවු කරලා තිබුනත් මලාට පස්සේ හොද තැනක උපදින්නත් ඒ කෙනා මැරෙන මොහොතේ හිතේ උපදින සිතුවිලි සමුදාය බලපානවා !අපි කොච්චර පින් ...
ලෝක පූජිත ආදර කතා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ ලෝකේ හිටපු මුල්ම මිනිහගෙයි ගැහැනියගෙයි පටන් ගත්තම අද වෙනකොට කොච්චර නම් ආදර කතා තිබිලා ඇද්ද.නමුත් ඒ ආදර කතාවලින් කීයෙන් කීයක්ද ලෝක පූජිත ආදර කතා වෙලා තියෙන්නේ. ආදර කතා ලක්ෂයක් ගත්තොත් ඒවයින් එකක්වත් ලෝක පූජිත ආදරයක් වෙලා නෑ.ඒකට තියෙන ලොකුම හේතුව තමයි ගොඩක් ආදර කතා විවාහයකින් කෙලවර වෙන එක. විවාහයකින් කෙලවර වෙන කිසිම ආදර කතාවක් ලෝක පූජිත ආදර කතාවක් වෙන්නේ ...
සිසේරියන් බබාලා Vs. ස්බාවික බබාලා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ සිද්ධිය උනේ මම කැම්පස් එකේ තුන්වෙනි වසරේ ඉන්නැද්දි. නිවාඩු දවසක පාඩම් කර කර ඉන්න අතරතුර අපිට ඉස්සරහා කාමරේ හිටපු යාලුවෝ දෙන්නත් පාඩම් කරලා අපේ කාමරේට සෙට් උනා. ඒකෙන් මේකෙන් උනේ මම් කර කර හිටපු පාඩම අල වගාවක් වෙච්ච එකයි.කොහොමහරි ආපු එකේ කතාකරකර හිටියා. කොහොමින් කොහොමහරි කතාව වෙන පැත්තටකට ගිහින් සිසේරියන් ළමයි ගැනයි නෝමල් විදිහට ලැබෙන ළමයි ගැන කතා කරන්න ...
ලංකාවේ චිත්‍රපටි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාලයක් තිස්සේ හිතේ තිබ්බ ආසාවක් තමයි ගාමනි චිත්‍රපටිය බලන්න යන්න ඕනේ කියන එක.අපේ මලයයි මායි දවසක් ගිහින් කිං හන්තර් බලපු නිසා මේක බලන්න යන්න ගානක් අතේ ඉතුරු වෙලා තිබ්බේ නෑ. දවසක් යාලුවෙක් ලඟ තියෙනවයි කිව්වා ගාමනි චිත්‍රපටියේ වීඩියෝ එක. කොහොමහරි ඒකාට කෝල් දෙක තුනක් දීලා වද දීලා ගෙදර ඉන්න වෙලාවක් අහගෙන පෙන් ඩ්‍රයිව් එකකට චිත්‍රපටිය දාගෙන ආවා.අද පෝය නිවාඩුවේ ගෙදර ...
නැටුම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා රූ සිරිනි අක්කාගේ බ්ලොග් එකේ පරණ ලිපියක් කියවන්න ලැබුනා. ඒක රැග් එක ගැන ලියවෙච්ච ලිපියක්. ඒ ලිපිය කියෙව්වම මටත් පොඩි රැග් කාලේ කතාවක් මතක් උනා. ගොඩක් කට්ටිය මේ දවස්වල රැග් කතා ලියන නිසා මාත් ඔන්න ඔහේ එකක් ලියනවා.ගොඩක් වෙලාවට අපට රැග් එක සෙට් වෙන්නේ හොස්ටල් එකේ කාමර වල. මොකද ගොඩක් කට්ටිය හොස්ටල් ඉන්න නිසා රැග් දෙන්නත් ලේසියි.මේක නැටුමක් !!!! ආහ් ...
මගේ වේදිකාගමනය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා එතකොට මම් හිටියේ එක වසරේ. අපේ පංතියට එකපාරම ටීචර්ලා දෙතුන් දෙකෙන් විතර ආවා. ඇවිත් අපේ පංතිභාර ටීචරුත් එක්ක ටික වෙලාවක් කතා කළා. ඊට පස්සේ අපේ පැත්තට හැරිලා අපේ මූනූ දිහා බලාගෙන බලාගෙන ගියා.එහෙම ටික වෙලාවක් අපේ දිහා බලන් ඉදලා එකපාරට මාවත් එක්කම තව දහ දෙනෙක් විතර තෝරගත්තා. මොකටද කියලා කිව්වේ නෑ. අපිව එක්කන් ලොකු ඉස්කෝලේ (මහ විදුහල් අංශය) සංගීත කාමරේට ...
මේ ලෝක විනාසය සිදුවන මාසයයි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ ගෙවෙන්නේ දෙසැම්බර් මාසයයි. එසේත් නැත්නම් සුවහසක් ජනී ජනයා ලෝක විනාශය සියැසින් දැකීමට පුල පුලා බලා සිටින මාසයයි. බලන බලන හැම අතම සියල්ලන්ගේම කතා බහට ලක් වන්නේ දෙසැම්බර් 21වනදා සිදුවන්නට නියමිත ලෝක විනාශය වේ. දිනක් මා වැඩ ඇරි ගෙට ගොඩ වන විටම "ඕං අයියේ දෙසැම්බර් 21 වෙනිදා ඉදලා දවස් තුනක් ඉර පායන් නෑ." යැයි අපේ මලයා කෑ ගසා කීය."උබ කොහොමද ...
උපාධියත් කල් ගියා. මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අනධ්‍යන සේවක වැඩ වර්ජනය නිසා මාර්තු මාසේ පළවෙනිදට තියෙන්න තිබ්බ අපේ උපාධි ප්‍රධානෝත්සවය දින නියමයක් නැතුව කල් ගියා. මදැයි ඉදලා ඉදලා උපාධි ගන්න හිතුවා !පහලින් තියෙන්නේ මේ කල් යාම අපේ බැච් එකේ එකෙක් මූනුපොතේ දාලා තිබ්බ ස්ටේටස් එකක් ! (මූ තුන්වෙනි පාර කැම්පස් ආපු එකෙක්.)උපාධිය සිහිනයාක් පමණයිලැබෙන දවසක් නෑඑදා first shy ගොඩ ගියා නම්මෙදා චාටර් නෑ !!පහලින් තියෙන්නේ ඔය ස්ටේටස් ...
හැදෙන එකා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. ඒකා පුදුම වසයි. අක්කට නංගිට එහෙම ඉන්න දෙන්නේ නෑ. කොහොමහරි මේකා මේ අවුරුද්දේ ඉස්කෝලේ දම්මා. ඉස්කෝලේ ගියපු මුල් දවස් ටිකේ නම් හොද එකා වගේ හිටියා. දැන් පංතියේ එවුනුත් එක්ක ගහ ගන්නවා කියලා දවස ගානේ ගෙදරට පැමිණිලි එනවා.ටීචරුත් හැමදාම දඩුවම් කරනවා. ඒත් මූ හැදෙන්නේ නෑ. කොහොමහරි බැරිම තැන ටීචර් මේකාගේ පොතක පොඩි සටහනක් දාලා එවලා ...