මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
ඉස්කෝලෙට පාලමක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සෙනසුරාදා දවසේ හැන්දෑවරුවේ නිවාඩු පාඩුවේ ඉන්නකොට නිකමට වගේ හිතුනා රෑට කඩේකින් කෑම එකක් ගෙනත් කෑවොත් හොඳා කියලා. හැමදාම නැතත් ඉදලා හිටලා හරි කඩේකින් කෑම කන එකෙත් පොඩි ගතියක් තියෙනවා. ඒ නිසා හවස් අතේ හන්දියට ගිහින් ආවා. ගිහින් එනකොට මාමා අපේ ගෙදර ඇවිදින් !මුන්දෑ මූඩ් එකත් එච්චර හොඳ මට්ටමක නෑ.... මං ගෙට ගොඩ වෙනකොටම,"බලහං ලොකු එකෝ... මගේ පර්ස් එක බස් එකේදි ...
ලංකාවේ පාලම් - 3 වෙනි කොටස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලංකාවේ පාලම් ගැන මම ලියපු ලිපි මාලාවේ තුන්වැන්න තමයි අද ලියන්න තියෙන්නේ. දෙවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන ක්ලික් කරලා කියවන්න.කලින් කියපු පාලම් වලට අමතර ගංගාවල් හරහා එල්ලෙන පාලම් නිර්මාණය වෙලා තියෙනවා. පේරාදෙණිය උද්භිද උද්ග්යානයේ ඒ වගේ පාලමක් තියෙනවා. ඒ මහවැලි ගඟ හරහා ඉදිවෙච්ච සංගිලි පාලම. පහලින් තියෙන්නේ පේරාදෙණියේ සංගිලි පාලමේ පින්තූරයක්.ඒ වගේම තමයි කොළඹ ඉදලා පොල්ගහවෙලට කෝච්චියේ යනවා නම් පොල්ගහවෙල ...
නිකවැව නාගල රජමහා විහාර වන්දනාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්දේ හා හා පුරා කියලා ලියන පළවෙනි බ්ලොග් ලිපිය තමයි මේ. මේක මම අපේ කන්තෝරුවේ කිහිපදෙනෙක් එක්ක හදිසියේ ගියපු වන්දනා චාරිකාවක්. මේ චාරිකාව ගියේ 2018 අවුරුද්දේ දෙසැම්බර් 30 වෙනිදා.මේ චාරිකාව යන්නට මූලිකම හේතුව උනේ ඒ දවස්වල මුහුණු පොතේ හුවමාරු වෙච්ච පින්තූර කිහිපයක් නිසා. ඒ පින්තූර සෙට් එකෙන් එක පින්තූරයක් පහලින් දාන්නම්.මහාමේරූ පර්වතය වාගේ තියෙන සද්දන්ත ...
නිදහස් දවසේ අලගල්ලට ගිය ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මං පහුගිය සතියක් තිස්සේ ලාහෙට කොල්ලෝ (ගෙම්බෝ නෙමේ) එකතු කලා... ඒ වෙන මොහොකටවත් නෙමේ අලගල්ල කන්ද නගින්ඩ යන්ඩ. අහන අහන එකා හා කියලා දින ලං උනාම බෑයි කිව්වා. මොනා උනත් කමන් නෑ කියලා අපේ මලයත් ගමනට එකතු උනා.යාන්තං තව එකෙක් ආවා. දැන් තුන් දෙනයි !අපි තුන් දෙනා කතා කරගත්තේ උදේ 5.55ට කොටුවෙන් තියෙන පොඩි මැණිකේ කෝච්චියෙන් යන්ඩ. මමයි අපේ මලයයි ...
වතුර දඩුවම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපිත්තෙක්ක කන්තෝරුවේ වැඩ කරන කෙනෙක් කියපු කතාවකින් තමා අද පෝස්ට් එකට ඕන කරන මාතෘකාව හැදුනේ. උන්දෑ කිව්වේ මේකයි...එකපාරක් සිරිපාදේ වඳින්ඩ බීලා ගියපු සෙට් එකක් කන්ද උඩදි වතුරෙන් නාවලා එවලා ලූ.සිරිපාදේ තියෙන සීතලත්තෙක්ක සීතලම සීතල වතුරෙන් නාවන එක කොච්චර වදයක් ද ? එකදිගට වතුර හලලා නාවනවා නං ටිකක් හරි ඉවසලා හිටියෑකි.ඒත් කඩින් කඩ නාවනකොට පුදුම අමාරුවක් දැනෙනවා ඇති.ඔය ගැන එක එක ...
හැලොවීන් දවස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා බස් එකේ වාඩි වෙලා නිදිකිරා වැටි වැටි එනකොට නාවල කිට්ටුවෙනකොටම දැක්කා මොන්ටිසෝරියක් ඉස්සරහා අමුතු විදිහට සරසලා. අමුතු විදිහට කිව්වේ වට්ටක්කා භූත රූප එහෙම එල්ලලා. වට්ටක්කා භූත රූපයක් දැක්කහම තමා මට ක්ලික් උනේ ඒ හැලොවීන් රූපයක් කියලා. :)ඊට පස්සේ ඔපීසියට ඇවිත් කොම්පීතරේ ඔන් කරපු හැටියෙම බැලුවේ හැලොවීන් දවස අදද කියලා. ඔවු හැලොවීන් දවස අදයි ලූ !!!!ඔය හැලොවීන් දවස මුලින්ම සමරලා තියෙන්නේ ...
බස් වර්ජනය හා අද මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දෙසැම්බර් දෙවෙනිදා පටන් ගත්තු බස් වර්ජනය තවමත් හරිහැටි නතර වෙලා නෑ වාගේ. පාරට බැස්සහම වෙනදා දුවන පුද්ගලික බස් දකින්න ලැබෙන්නේ නැති එකෙන්ම ඒ බව තේරුම් ගන්න පුලුවන්.පුද්ගලික බස් අඩු උනාට ඒ අඩුව යාන්තමින් හරි පුරවන්න ලංගම බස් සේවක සංගමය ලොකු වෙහෙසක් දරනවා. පානදුර ඩිපෝවට අයිති දුර ගමන් සේවා බසුත් කෙටි දුර ධාවනයේ යොදවලා තියෙන්නේ. ඒ කියන්නේ දුර ගමන් සේවාව නැවතිලා ...
පාවෙන පහන් කූඩුව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා වෙනදා නිවාඩු දවසක් නම් මම ටිකක් දවල් වෙනකන් නිදියා ගත්තත් අද නිවාඩු දවසේ එච්චර වෙලා නිදියෑවේ නෑ. උදෙම්ම ඇහැරුනා. ඒකට හේතු උනේ ඊයේ දවසේ අලවලා ඉවර කරන්ඩ බැරි වෙච්ච මගේ දහ අට පට්ටම අලවලා ඉවර කරන්ඩ.මම ඔය දහ අට පට්ටම සතියක වෙලේ ඉදන් හැදුවත් තාම හදලා ඉවර උනේ නෑ.උදෙම්ම ඒක ඇලෙව්වා. ඊට පස්සේ ආසාවක් ආවා ගුවන් ගත කරන්ඩ පුලුවන් වෙන ...
ලංකාවේ සැතපුම් කණු මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා යම්කිසි බරක්, යම්කිසි දුරක් හෝ යම්කිසි කාළයක් ප්‍රමාණාත්මකව ප්‍රකාශ කිරීම සදහා මිනුම් ඒකකයක් ඈත අතීතයේ පටන්ම මිනිසුන්ට උවමනා කර තිබුණි. ඒ සදහා කලින් කලට ඔවුන් විවිධ මිනුම් ඒකකයන් නොයෙකුත් රාශීන් මැනීම සදහා භාවිතා කර තිබුණි.එකල ලාංකිකයෝ තම තමන්ගේ එදිනෙදා ගමන් බිමන් ගියේ පයින් හෝ ගොනුන් බැඳි ගල් වලය. තමන් ගමන පටන් ගත් තැනෙහි සිට ගමනාන්තය දක්වා කොපමණ දුරක් ඇත්දැයි තවෙකෙකුට ...
කොරෝනා කාටූන් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ ටිකේම මුහුණු පොතේ කතාබහ ඇතිවෙලා තියෙන්නේ කෝරෝනා හා ඒ සම්බන්ධ නානාප්‍රකාර දේවල් ගැන. ඒ වගේම තමා කොරෝනා ගැන විවිධ කාටූන් ශිල්පීන් විව්ධාකාරයේ චිත්‍ර ඇදලා තියෙනවා. අද පෝස්ට් එකෙන් ගෙනෙන්නේ විවිධ කාටූන් ශිල්පීන් ඇඳපු කාටූන් කිහිපයක්.පළවෙනි කාටූනයකොරෝනා කියන්නේ දොස්තර හා මාරයා අතර සිදුවන චෙස් ක්‍රීඩාවක් බවයි මේ කාටූන් ශිල්පියා විස්තර කරන්නේ.දෙවෙනි කාටූනයනිවසින් එළියට බහින්නේ නැතුව නිවස තුළම රැදී සිටිය යුතු ...
ආදරණීය කතාවක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඉස්සර අපි කැම්පස් එකේ ඉන්නකොට මොකක් හරි අමාරු ඇසයිමන්ට් එකක් හරි අමාරු ප්‍රෝග්‍රෑම් එකක් හරි දුන්නහම ඒක උත්සහ කරලා කරලා බැරිම තැන කරන්නේ කවුරු හරි ලියපු එකක් ඉල්ලගෙන ඒක වෙනස් කරලා අපි ලිව්වා වාගේ බාර දෙන එක.එහෙම බාර දෙන ඒවා සමහරදාට අදාල පරීක්ෂකවරයාට අහු වෙලාත් තියෙනවා. එහෙම අහු උනොත් ඒ පරීක්ෂකවරයා අපට එන්ඩ කියලා පණිවිඩයක් දැන්වීම් පුවරුවේ දානවා.එතකොට අපි ගිහින් ...
රන්මුදු ඇල්ල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සීතාවක තෙත්බිම් උද්‍යානය බලලා ඉවර වෙලා අපි දවාලට කෑමත් අරගෙන පාරට ආවා. ඒ රන්මුදු ඇල්ල බලන්න. කොළඹ දිස්ත්‍රික්කයේ සුන්දරම ඉසව්ව විදිහට මම හදුන්වන්නේ අවිස්සාවේල්ල පැත්ත. කොංක්‍රීට් ගොඩනැගිලි අතර හිරවෙච්ච ජීවිත ගත කරන අපට ගහ කොළ එක්ක ස්වබාවධර්මයේ සුන්දරත්වය විඳින්න කියාපුම ලඟපාතම පිහිටි නගරය තමයි අවිස්සාවේල්ල.වාසනාවටම වගේ උද්‍යානයෙන් එලියට එනකොටම වගේ අපිට බස් එකක් හම්බ උනා. අපි ඒකට ගොඩ වෙලා රන්මුදු ...
පැටි පස් පරාණය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔන්න මම කාළයකට පස්සෙ මොනවහරි ලියලා දාන්න ආවා. පහුගිය මාස කිහිපයේම මම අපේ කන්තෝරුවේ එක ව්‍යාපෘතියකට හිර වෙලා හිටියා. හුස්මක් කටක් ගන්නවත් විවේකයක් තිබ්බේ නෑ. කොටින්ම සතියේ දින හතම වැඩ කළා. (අතිකාළ දීමනා එහෙම ගෙව්වා ඉතිං) උදේ 8 වෙද්දි වැඩට ගියහම ආයේ ගෙදර එන්නේ රෑ 10-11 වගේ වෙලාවට.ඔහොම රා වෙලා ගෙදර ආපු ගමන් ඇඟපත සෝදගෙන තේකක් කාරිය හදාගෙන රේඩියෝ එකත් ...
ලංකාවේ ලොකුම නත්තල් ගහ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලංකාවේ ලොකුම නත්තල් ගහක් හදන්න යනවා කියලා පහුගිය දවස් ටිකේම කතා උනා. ඊට පස්සේ කාදිනල් තුමා මැදිහත් වෙලා ඒ නත්තල් ගහ හදන වැඩේ නතර උනා. ඒ සල්ලි දුප්පතුන් අතරේ බෙදා දෙන්නයි කියලා.නමුත් සමහරු නම් මේකට කැමති උනේ නෑ. ඒ අය කිව්වේ මේ නත්තල් ගහ නිසා ඒක බලන්න එන අයට කඩල විකුණන අයිස් ක්‍රීම් විකුණන මිනිස්සුන්ට එයාලගේ ආදායම් මාර්ගය අහිමි වෙනවලු. ...
මිතුරාගේ හමුවීම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද මට උදේ බස් එකේ එද්දි හිතුන දෙයක් තමයි අපේ ජීවිතේ සමහර හමුවීම් හරිම පුදුමාකාරයි නේද කියන එක. ඒකට මූලිකවම හේතුව උනේ අපේ පංතියේ මට එහා පැත්ත ඩෙස්ක් එකේ අවුරුදු ගානක් මගෙත්තෙක්ක උන්නු යාළුවෙක්ගේ හමුවීම.ඒ හමුවීම මෙහෙමයි සිද්ධ උනේ...දිනය හරියටම කියනවා නං මාර්තු 29 වෙනිදා. එදා තමයි මමයි අපේ කන්තෝරුවේ කිහිපදෙනෙකුයි එකතු වෙලා ආදර කන්ද නගින්ඩ ගියේත්.එදා අපි කට්ටියම පාන්දර ...
දියගම සෙල්ලිපිය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා එදා සෙනසුරාදා දවසක්. උදේ ඉදන් ගෙදරට වෙලා පොතක් කියව කියා ඉදලා කම්මැලිකමක් හිතුනා. ඊට පස්සේ කොහේටහරි ගිහින් එන්ඩ ඕන කියලා හිතුන නිසා යන්නේ කොහේද කියලා මම ටික වෙලාවක් කල්පනා කළා. එතකොටම මතක් උනා මම කලින් දාක කළුතර ඉදලා හොරණට එනකොට දැකපු පුරාවිද්‍යා ස්ථානයක් තියෙනවයි කියලා. අන්න එහෙට ගිහින් එන්ඩ තිබ්බා නම් හොදයි කියලා හිතුනා.ඒක සෙල්ලිපියක්.මේ සෙල්ලිපිය තියෙන්නේ කළුතර හොරණ පාරේ ...
හිරු තනිවෙලා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දැන් වගේ නෙමේ අපි පොඩි කාලේ ටෙලි නාට්ටියක් ගියේ රෑ අටේ ප්රවෘත්ති වලින් පස්සේ. අටහමාරට... මායි අපේ මලයයි ඇරුනහම අපේ අම්මයි තාත්තයි සීයලා ආච්චිලා කෑම කෑවේ අටහමාරේ නාට්ටිය බලන ගමන්.(අපි දෙන්නා නං හත වෙද්දිම කෑම කනවා.) පස්සේ පස්සේ හතහාමාරටත් නාට්ටියක් විකාශනය වෙන්ඩ ගත්තා.ඒ වගේම තමයි ඉස්සර නාට්ටි, දැන් තියෙන මෙගා නාට්ටි වගේ නෙමේ. සතියට එක පාරයි. සම්පූර්ණම නාට්ටිය මාස 5ක් ...
හිරු බට නිම්නය කොත්මලේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සෑහෙන කාලයකට පස්සේ හොඳ පොතක් කියවන්න ලැබුණා. මේ පොත ලියලා තියෙන්නේ පේරාදෙණි සරසවියේ මහාචාර්ය වරයෙක්ව කටයුතු කරපු අනුරාධ සෙනෙවිරත්න මහත්මයා.එතුමා කොත්මලේ ගැන කරපු පර්යේශණ වලින් තමයි මේ පොත ලියලා තියෙන්නේ. කොත්මලේජන ජීවිතය ගැන, කොත්මලේ ආගමික පසුබිම ගැන වගේ විවිධ පැති කිහිපයක් ගැන මේ පොතේ සදහන් වෙනවා.පොතේ තිබුන ජනප්‍රවාද කතාවක පොඩි කොටසක් පහලින් ලියලා තියෙනවා." එකමත් එක කාලෙක, යකැදුරෙ කඳු මුදුනක් ...
නොසිතූ ඇබැද්දියකට මුහුණ දුනිමි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඊයේ දිනය (නොවැම්බර් 25) අපට රාජකාරි නිවාඩු දිනයක් වූ නිසා මා ඇතුළු අපේ කාර්යාලයේ මගේ සගයන් කිහිප දෙනෙක් එකතුවී චාරිකාවක් ගියෙමු. අප ගියේ වැඩි ඈතකට නොවේ. කොළඹ දිස්ත්‍රික්කයේ සුන්දරම කොටස වන අවිස්සාවේල්ල ප්‍රදේශයට ය.ඒ අවිස්සාවේල්ල ප්‍රදේශය කිට්ටුව ඇති සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානය නැරඹීමට ය. ඒ විස්තර පසුව ඉදිරිපත් කිරීමට මා පොරොන්දු වෙමි. උද්භිද උද්‍යානය නැරභීමෙන් පසු අප සියළුම දෙනා ...
පළාත් වලියක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල බුකිය පුරාම ඇහෙන්න තියෙන්නේ මාතර, නුවර සහ කොළඹ වලියක්. එක පළාතක ප්‍රාදේශීය ජන වහරේ එන වචන කිහිපයක් අල්ලගෙන අනිත් පළාත් වල අය ඒ පළාතට විහිලු කරනවා.. මේ විහිලු අතර අපි කවුරුත් දන්න කිඹුලා බනිස් ගෙඩියට හිමි වෙලා තියෙන්නේ සුවිශේෂි තැනක්.මාතර අය කිඹුලා බනිසට කියන්නේ "සීනි කුරුල්ලා" කියලා ලු. කොළඹ අය නම් "කිඹුලා බනිස්" කියලා කියනවා ලු. මේ නම් ...