~ මන්දාරම සහ නුඹ ~ බාඳුරා අසපුව සෙනසුරාදා.. හැමදෙනෙක්ම බලාගෙන ඉන්නේ සති අන්තය එනකන් උනත් මට සති අන්තය කියන්නේ මහා භයානක හීනයක්.. සතිය පුරාවට එක සීරුවට වැඩ කරගෙන හිතට එන්න නොදී වැටක් බැඳලා තියෙන දහසකුත් එකක් මතක සති අන්තය එනකන් බලගෙන ඉන්නේ මගේ හිත බදු ගන්න. සෙනසුරාදා ඉරිදා දවස් දෙක පුදුම තරම් දිගයි.. අවුරුදු ගානක මතක මොලේ ආක්රමනය කරකොට හිතෙන්නෙම ඔලුව පිපිරිලා මැරිලා යනව නම් කොච්චර එකක්ද ...
~ ඔක්කෝටම මුල බෝනික්කා ... ~ බාඳුරා අසපුව මතකද බෝනික්කව ..?අමතක ඇති ..පණ තියෙන, හිනා වෙන, හැරෙන පෙරලෙන මිනිස්සු අතරේ පණ නැති බෝනික්කෙක්ව මතක තියාගෙන ඉන්නේ කවුද ...හැබැයි ...බෝනික්කට මුකුත් අමතක නෑ ...මේ ඒ බෝනික්කගේ කථාව ... !!මම බෝනික්කෙක්...හිතක් පපුවක් නැති...දුකක් වේදනාවක් දැනෙන්නේ නැති ...මිනිස්සුන්ගේ කාන්සිය මකන්න ...සෙල්ලමට ගන්න හදපු ...නිකන්ම නිකන් බෝනික්කෙක් ...මම ආවේ පුංචි බබෙක්ගේ තනිය මකන්න ... මම ආපු මුල දවස් වල හැමෝටම මාව හරිම ...
අතැර යන යෞවනය, සෙනෙහසින්.. නුඹට .. බාඳුරා අසපුව දවසේ රාජකාරියට පිටව යන්නට මොහොතකට පෙර, සුවඳ විලවුන් වත්සුනු අතර තනි උන මම .. ඇස් යටින් ලාවට මෝදු වෙන, දස දහසකුත් ක්ෂුද්‍ර රේඛා මකන්නට දරන තැත..දයාබර යෞවනය ...එක පිට එක, එක පිට එක අතුල්ලන, පුයර තට්ටු වලට, තව කී කාලයක් හැකි වෙයිද නුඹේ පලායාම සඟවන්ට..හිස පීරන්න බයයි මට, කෙස් ගස් පදාසයක් මගේ වට බිම හැම තැනම එක පනා පාරට.කෙස් ...
සුරංගනා කතාවක් ... !! බාඳුරා අසපුව හෙට විභාගයක් ..පොත හෙව්වේ දැනුයි ...ඔන්න එතකොටයි දන්නේ හෙට විභාගෙට ඕනි කරන පොත මගේ ලග නෑ කියලා ...ඉතිං මම තීරණය කලා අධ්‍යාපනේ අමතක කරල වැල් වටාරමක් ලියන්න ..මොකෝ ඉතිං නැති පොත මම කොහෙන් මවන්නද දැන් .... :( සුරංගනා කතාවහිතිලා තියෙන්වද අපේ ජීවිතේ සුරංගනා කතාවක් වගේ කියලා... ?මන්දා..මට නම් හිතිලා තියෙනවා ...සුරංගනා කතාවකට ඕනි අඩු වැඩිය මගේ ජීවිතෙන් හරිම ලේසියෙන් හොයාගන්න ...
අන්ධ.. මැටි මෝල්... මම ... !! බාඳුරා අසපුව මලක් ලෙස ඔබඋවම් කල සඳනොදුටු අරුමයමල මියෙන වග ..නේක පැහැයෙන්දිදුල මල් පෙතිදුඹුරු කලු වීපොහොර වන වග ..ගඟක් ලෙස ඔබඋවම් කල සඳනොදුටු අරුමයගඟ හිඳෙන වග ..පෙණ කැටිති පිරිදිදුල නිල් දියයටින් දෙදරූමැටි පොළව වග ..සඳක් ලෙස ඔබඋවම් කල සඳනොදුටු අරුමයසඳ නො එන වග ..සේද එළියෙන් දිලෙන සඳවතඅමාවක රැයඑළිය නැති වග ..දිවිය ලෙස ඔබඋවම් කල සඳනොදුටු අරුමයදිවි නැසෙන වග ..මගේ කියනාමේ සරීරයකවමදාවත්මගේ නොවු ...
වැලි මැදුරු .. බාඳුරා අසපුව දෑත ඇඟිලි තුඩුලේ හැලෙන තුරුහාරමින්, පහුරුගාමින්..බිඳෙන රළ අභිමුවේසේදෙන, වැනසෙනපදනම් යලිදු තනමින් ..බලා ඉන්නවුන්පසු කර යන්නන්හිනා විගඩම්, ඉවසමින් ..ටිකින් ටික හිමිහිමින්හිතේ ඇති මාළිගාවැල්ල මත, මවමින් ..කප්පරක් උස හීනවැලි සමඟ මුහුම් කරඑමැදුරෙ, කුමරිය වෙමින් ..මවාගත් දැසි දසුන්ප්රභූ පෙළ පරයමින්අණ දෙමින්, රජ වෙමින් ..අසු පිටින් කුමරු තෙදවඩින තුරු සෙනෙහසින්ලතැවෙමින්, ඉවසමින් ..තව තවත් තව තවත්හීන පොදි සිය ගනන්මැදුර වට, ගොතමින් ..හීන ලොව නිමා කරමාලිගා ...
ජනේරු එක ... බාඳුරා අසපුව හ්ම්ම්.. අද ජනේරු දෙක ... දවසක් පරක්කු වෙලා උනත් හිතුනා ජනේරු එක ගැන ලියන්න... ජීවිතෙත් එක්ක ජනේරු එක වෙනස් උන හැටි සහ අද මට දැනෙන හැටි ගැන පුංචි සටහනක් ... මතක ඇති ඈතම අතීතයේ ඒ කිව්වේ ළදරු පාසල් යන කාලේ, ජනේරු එක ගැන තිබුනු එකම වැදගත්කම අලුත් ගවුමක් ලැබෙන එකයි උදෙන්ම කිරිබත් ලැබෙන එකයි විතරයි .. ඊට පස්සේ එක වසර ...
මම.. ජනපද කළණ.. !! බාඳුරා අසපුව මම..ජනපද කළණ..රජ සිටු පවස..එක මදහසින් නිවුව..මම..ජනපද කළණ..නන්ද කුමරිඳු..ආලයෙන් වෙලුන..මම..ජනපද කළණ..පෙම් කළ කුමරු..බුදු පිහිට එපා කී සඳ..ආඩම්බරෙන් ඉදිමුන..මම ..ජනපද කළණ..කුමරෙකු ආලය කලා යැයි..සිහිනයක වෙලුන..මම..ජනපද කළණ..සුරගනන් ලඟ..වැදිරියක් උන..මම..ජනපද කළණ..ළැම මිස..කිසිවෙකුත්..ළය නොදුටුව .. !! ...
වීසා නැති .... බාඳුරා අසපුව ස්ථානය : ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආදර ජනරජය, ආගමන විගමන කාර්යාලය1 නිළධාරියා :හ්ම්ම්, අද කාලකන්නි කී දෙනෙක් ඉන්නවද හොරෙන් පැනපු. වදකාර යක්කු. මුන් හින්දා තියෙන වදේ කෙලවරක් නෑ. කාලකන්නි හැතිකරේ, මොන මඟුලකට මේක අස්සේ රිංගන්න එනවද මන්දා.2 නිළධාරියා :අදත් කීප දෙනෙක් ඉන්නවා සර්, එක එකාව දාන්නද ඇතුලට. සර්මනේ කිව්වේ ජීවිතේ කිසි ගෝ එකක් නෑ කියලා. මුන් ටිකව ටිකක් මඩෝලා ආතල් එකක් ගමු.( ...
✿ අසෝකමාලා ✿ බාඳුරා අසපුව මම ..අසෝකමාලාව ..මගේ පාඩුවේ ..මලක් නෙලාගෙනජීවත් උන ..මම ..අසෝකමාලාව ..ප්‍රේමයක් වෙනුවෙන් ..ජීව්ත ආසාව ..අත්හල ..මම ..අසෝකමාලාව ..වශියක් බැඳ, ගුරුකමක් කර,සාලියව අල්ල ගත්තැයි ..කැත කතා ඇහුව ..මම ..අසෝකමාලාව ..පෙම් කල නිසාවෙන් නොව ..සාලියට .. පෙම් කල නිසාවෙන් ..මතකයේ රැඳුන .. ...
මගේ හීනය ... !! බාඳුරා අසපුව මම තීරණය කලා කැම්පස් කතා තව දුරටත් නොලියන්න. තුන්වෙනි සහ හතරවෙනි අවුරුදු මතක් කරන්නවත් ඕන නෑ මට.ඒ නිසා යාලුවනේ සමාව භජනය කරලා මගෙත් එක්ක කැම්පස් කථා වලට තිත තියමු හොදේ ...අද කතාවට නිමිත්ත වෙන්නේ ගිය සතියේ බදාදා මම බස් එකේදි දැකපු දෙයක්.ගොඩක් වෙලාවට මගේ බස් කතා ගොඩක් කේන්තියෙන් ලියන දේවල්..ඒත් මේ කතාව එහෙම නෙමෙයි..මේ කුපාඩි ලෝකේ වෙයි කියලා හිතන්න බැරි ...
කාලෙකින් GallE faCe ගියෙමි .. :) බාඳුරා අසපුව කල්ප කාලාන්තරේකට පස්සේ මෙන්න මම ආවා ... :) සෑහෙන්න වැඩ තිබුන පහුගිය දවස් ටිකේ ... තාමත් වැඩ ඉතිං.ඒත් ඊයේ රෑ අංසක 101 ට උණ අරගෙන System Error එකක් ආපු නිසා අද උදේ ටිකක් නිවාඩු පාඩුවේ ඉන්න හිතුනා.එතකොට මතක් උනා මගේ ළමා blog එක..මෙන්න ඉතිං මම ආවා ... !!ආ..මගේ blog එකට කොමෙන්ටු දාන්න අමාරුයි කියලා චෝදනාවක් තියෙනවා..ඒක ඇත්ත..අසහනකාරයො දෙතුන් දෙනෙක්ගෙ කක්කි ...
මගේ දෙවෙනි කෙටි කථාව ... බාඳුරා අසපුව පළවෙනි එක මේක තාරුකා.. ට්‍රිෂා : අහස අහිමි තාරුකාව ......නින්ද යන්නෙම නැති තැන ලොකුම ලොකු ඩබල් බෙඩ් එකේ කෝටියක් බෙඩ් ෂීට් අස්සෙන් මම එලියට බැස්සා.. නුවර එළියේ හීතල ඇටකටු අස්සෙන් ඇදෙද්දි දැනුනේ අමුතුම හැඟීමක්.. ඉෂානි නිදි. ඔව් ඉතිං.. එළිවෙන පාන්දර එකට නිදියන්නේ නැතුව වෙන අහවල් මගුලක් කරන්නද ... හෝව් හෝව්.. කථාව මෙහෙම ගියොත් ආතක් පාතක් නැති වෙනවා.. හරියට පටන් ගමු ...
ඉර ... සඳ සහ රැය .... බාඳුරා අසපුව නුඹ..මහද ආලයෙන්..එකලු කල..මගේ ගගනත..සඳ ....ඔහු..සඳ මිළින සඳ..මල හද..රාගයෙන් පණ පෙවූ..ඉර ....ඉරත් සඳත්..අයිති නැති කල..මම..නික්ම යමි..අමාවක රැය සමග..අද ....( යායුතු නිසා මිස, කැමැත්තෙන් නොව ...) ...
.: හර්ද සූත්‍රය :. බාඳුරා අසපුව කාලෙකින් මෙන්න මම ආවා..හරියටම සති දෙකක් වෙනවා අන්තිම වැල් බයිලාව ලියලා. ම්ම්ම්..ලියන්න වෙලාවක් තිබුනේ නෑ කියන්නත් බෑ.මොකද මම විස්වාස කරන විදියට උවමනාවක් තියෙනවා නම් වෙලාවක් නැති වෙන්නේ නෑ.. කොහොමින් කොහොමින් හරි .. ඔන්න මම අද ආවා... :) හැමෝම බලාගෙන ඉන්න කැම්පස් කථාවේ තුන්වෙනි කොටස නම් ටිකක් පරක්කු වෙයි.තුන්වෙනි කොටස මගේ පෞද්ගලික ජීවිතේට ගොඩක් සම්බන්ධයි .. මගේ ජීවිතේ ඕනි කෙනෙක්ට කියවන්න ...
ආරාධනා ...!! බාඳුරා අසපුව හැමෝම බලපොරොත්තු වෙන කැම්පස් කථා මාලාවේ දෙවෙනි අදියර ලියන්න හිතාගෙනයි අද ගෙදර නැවතුනේ.ඒත් අද මට චේන්. කැම්පස් ගියාද කියලවත් මතක නැති තරමට අද මම දුකින් ඉන්නේ.ඒ නිසා...සමාව භාජනේකට දාල තව දවස් කීපයක් ඉවසන්න කැම්පස් බණ අහන්න ... !! අද මම ලියන්නේ මම ආදරේ කරන තවත් පද වැලක් ගැන. ආදරය කරන නෙමෙයි, ඇත්තටම නම් මම පෙරේත පද වැලක් ගැන... මේ ගීතයේ ...
කැම්පස් කථා (First episode) බාඳුරා අසපුව මෙන්න මම ආවා :) වහින්නත් වගේ ..ආදර post එකක් ලියන්න නියම වෙලාව..එත් මහජනතා ඉල්ලීම මත මම තීරනය කලා කැම්පස් කතා මාලාව නමෝ විත්තියෙන් පටන් ගන්න. (ටියුෂන් කථා සහ අසනීප කථා වෙන වෙලාවක කියන්නම්). හරි .. ඔන්න ඉතින් වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වීමේ අවුරුදු පහක මහා සටනකට පස්සේ මම ආතක් පාතක් නැතුව උඩ බලියන් ඉන්න දවසක තමයි මගේ කැම්පස් ජීවිතේ ගැන කථාව ...
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර ... යදින්නම්... ඔබ මැකී යනු මතකෙන් .. !! බාඳුරා අසපුව මේ හැමෝම දන්න ගීතය .... මේ ඒ ගීතයේ; මගේ ගීතය .... සඳ කුමරි නිදිවරන ...සීත කලුවර රැයක ...ඉඟි මරන තරු කැලුම් ...ගෙනෙයි ඔබ ගැන මතක ...අහස් තල වෙතින් බැස ...පොළෝ මව වෙත ඇදෙන ...සිහිල් පිනි දිය අතර ...දැනෙයි ඔබ සිසිල මට ...තුරු ලතා පිස හමන ...මඳ නලට හාදු දෙන ...පුංචි විකසිත කැකුලු ...වගෙයි ඔබ දෑස මට ...සුදු පාට පෙණ පොකුරු ...
අපි අපි වෙමුද ? බාඳුරා අසපුව මෙන්න මම ආයෙමත් .. අද උදේ රැකියාවට ගියෙත් නෑ.. අද කථාවක් ලියන්නම ඕනි කියල හිතුනා ... මට චුට්ටක් සනීපත් නෑලු ඉතින් .. අසනීපේ ගැන කථාව වෙන දවසක කියන්නම්කෝ .. නැත්තම් සමහරු කෑ ගහවි මම අසනීප ගැන කියල අනුකම්පාව හොයනවා කියලා .. මම හචිමක් යැව්වත් සමහරුන්ට ඒක පේන්නේ අනුකම්පා trick එකක් විදියට ;)හරි ..අද කතාවත් ආදරය ගැන නෙමෙයි ..ආදරය එහෙන් මෙහෙන් ...
මා .. ඔබ සහ ඇය ... බාඳුරා අසපුව සිංදුව ඇහුවා... ඉතිං අහලා තියෙන සිංදුවක්නේ.. මොකද්ද මේකේ තියෙන අමුත්ත.. මොකද්ද කියන්න හදන්නේ ... ? හැමදාමත් ඇහුවේ සිංදුවෙ ඇහුනු වචන ටික විතරයි නේද ... ඉන් එහාට දෙයක් කවදාවත් හිතුවේ නෑ නේද ... "මේ නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි" ඒ ගීතයේ ආරම්භය ..... " ඔබ අත ගෙන ගිය වීදියේ ඈ හා යනවා .. සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා" ඒ ගීතයේ ...