.: පුංචි ආදර කවියක් (වෙනසකටත් එක්ක) :. බාඳුරා අසපුව ඔබ කවුරුන්දැයි සෙවූයෙමි .. ඔබ මට කවුරුන්දැයි සෙවූයෙමි ... ඔබට ආදරේ ඇයි දැයි සෙවූයෙමී ... ඔබට මගේ බස තුල උවම් සෙවූයෙමි ... !!කෙසේ උවමිද සරා සඳ ලෙසඅඳුරු දිවි රැය කළුව දුරු කළපුන් පොහෝ දා හැරුනු අන් දිනසඳ මඩළ නොපීරී තිබෙන කලකෙසේ උවමිද උදා හිරු ලෙසමගේ ලොව අඳුරින් මුදා හලරැය තිළිණ කර එවන් හිරු රැස්දිනය අවසන නික්ම යන කල කෙසේ උවමිද මහ සයුර ලෙසපෙණ ...
50% 50% ආදරය !! බාඳුරා අසපුව හැමදේටම කලින් ... ඉපදෙන්නත් කලින් මැරෙන්න ගිය මගේ ළදරු blog එක වෙනුවෙන් හඩක් නඟපු හැමදෙනාටම ගොඩක් පින් ... බාඳුරා අසපුවේ මූලාරම්භයට හේතුව, අසපුවේ විනාසයටත් හේතුව වෙන්න නොදී මගේ ළමා ලියමන් වෙනුවෙන් වචනයක් ලියන්න, මේ දුවන දිවිල්ල අස්සේ, ඉඩක් වෙන් කරගත්තු හැමෝටම ස්තූතියි ... කියවන්න එක්කෙනෙක් හරි ඉන්නකන් :: මම දිගටම ලියනවා .. :)අද post එකට මාතෘකාවක් නෑ ... නිමිත්තක් නෑ ...
දන්න කතාවක් ගැන මගේ කතාව ... !! බාඳුරා අසපුව කාලෙකින් මුකුත් ලියන්නත් බැරි උනා. අන්තර්ජාලය මට තහනම් කලාපයක්, බොහොම අමාරුයි මගේ මේ හෑලි ලියන්න වෙලාවක් හොයාගන්න. කොහොම උනත් මෙන්න මම ආයෙමත්, පුරුදු විදියට හිට්ලර් චින්තනයත් අරගෙන කතාවක් කියන්න ආවා. ආ .. මේ සමහරුන්ට මගේ blog එක හරි කරදරයක් වෙලාලු .. මෙහෙමයි, URL එක type කලොත් විතරයි මේ blog එක load වෙන්නේ. Auto load වෙන්නේ නෑ තාමත් ;) ඒ ...
මාතෘකාවක් නැති කතාවක් ... !! බාඳුරා අසපුව අද ලියන්නේ ගොඩක් දෙනා මූසලයි කියලා බනින්න ඉඩ තියෙන post එකක් :) "මරණය" මූසල මාතෘකාවක් බොහොමයක් අයට.ඒත් මට එහෙම නෑ. බොරැල්ල කනත්ත මම පුදුම විදියට ආදරය කරන තැනක්. හරිම නිස්කලංක ගුප්ත තැනක්. මම කැමති ඒ වටපිටාවට. මෙහෙමයි, මමත් අකමැති මගේ ආදරණීයයන්ගේ අවසානය දකින්න.නමුත් මම කැමති මැරෙන්න.මැරිලා බලන්න මරණය කොයි වගේද කියලා :D මට හිතෙනවා මරණය කියන්නේ හරිම ශාන්ත හැගීමක් වෙන්න ...
ආදරය සහ මගේ හුස්ම ... !! බාඳුරා අසපුව හැමදාමත් අඳෝනාව ... ඇත්තටම ඔයාට බැරිද ජීවිතේ ලස්සනක් දකින්න? විරහව නැතුව ආදරය දකින්න? ඔන්න මගේ යාලු මිත්‍රාදීන්ගෙන් ප්‍රශ්න කෝටියයි :) පුලුවන් ... මට පුලුවන් .. !! ආදරය ගැන නොලියන්නේ ලියන්න බැරිකමකට නෙමෙයි. ආදරය ගැන නොලියන්නේ මට උරුම නැති දේවල් අමතක කරන්න ඕනි නිසයි .. විරහවේ වේදනාව විදින්න පුරුදු වෙන්න ඕනි නිසයි ... ඒත් .. හරි, අද ලියන්නම් ආදරය ගැන ... ...
මම නිදිකුම්බා මලක් වෙමි ... :) බාඳුරා අසපුව මම පොල් ගසක් වෙමි, මම පැන්සලක් වෙමි, කියල පොඩි කාලේ සිංහල වලට රචනා ලියද්දි මට හැමදාමත් හිතුනා ඇයි මට වෙනස් දෙයක් ගැන රචනාවක් ලියන්න බැරි කියලා. රෝස මලක් කතා කරයි කියන මාතෘකාව යටතේ පහ වසර ශිෂ්‍යත්ව පන්තියේ සර් රචනාවක් ලියන්න කිව්වම මම අත උස්සලා ඇහුවේ "අනේ සර්, රෝස මලක් නෙමෙයි, නිදිකුම්බා මලක් කතා කරයි කියලා ලියන්න බැරිද? " කියලයි. ඒත් ...
අයාලේ යන ජීවිතේ ... බාඳුරා අසපුව හබලක් අතැතිමුත්ඇවැසි නැත මටඉවුරකට ලංවෙන්න ...ඉඩ හරිමි ගඟ දියට දිවි ඔරුව ...ඇවැසි තැනකට ගෙන යන්න ....නෙක පහන් දිළෙන මුත්ඇවැසි නැත මටදිවි අඳුර මැඩලන්ට ...ඉඩ හරිමි දෙනයනටඅඳුර මැද ...පෙනෙන ලෙසකින් දකින්නට ... දිවි ගීය පබැඳි මුත්ඇවැසි නැත මටඑයට තනුවක් දෙන්ට ...ඉඩ හරිමි නෙක දනටමා ගීය ...ඇවැසි ලෙසකින් ගයන්නට ... හසරැල්ල පෙනෙන මුත්ඇවැසි නැත මටඒ වෙතට ඇදෙන්නට ...ඉඩ හරිමි දෙනයනටඋණු කඳුලු ...ඇතිතරම් හෙලන්නට ...
කේන්තියෙන් ලියමි ... x( බාඳුරා අසපුව අද post එක ලියන්නේ කේන්තියෙන් .. ලේ, මස්, ඇට, නහර උතුරවාගෙන එන කේන්තියෙන් ... ඒ නිසා කලින්ම කියලා තියන්නම් ... post එකේ වචන නරක වෙන්න පුලුවන් ... අඩෝ කියන්නේ හරිම posh, trendy, classy, sexy වචනයක්, නමුත් තමුසේ කියන්නේ මහ නරක චාරයක් නැති වචනයක් කියල හිතන අමුතු භාෂා විශාරදයන්ට දරාගන්න බැරි වෙන්න පුලුවන් .. සභ්‍ය විනීත සුකොමල කාන්තාවට සහ එහෙම කාන්තාවන්ට ...
එක්ටැම් ගේ.... බාඳුරා අසපුව අනේ මන්දා... වෙලාවකට මට හිතෙනවා මගේ නිර්මාණාත්මක හැකියාව ආදරයේ අකුරු හතර ඇතුලේ කොටු වෙලාද කියලා ... කවියක්, කතාවක් මොකක් ලියන්න ගත්තත් අන්තිමේ ඉවර වෙන්නේ ආදරය ගැන දොඩවලා ... එළවලු සලාදයක් හදාගන්න හැටි ලියන්න ගත්තත් මම කොහොම හරි එලවළු සලාදෙයි ආදරෙයි සම්බන්ධ කරල තමයි නවතින්නේ. හරියට අර කව්ද ලමයෙක්ට මොන සතා ගැන ලියන්න කිව්වත් අන්තිමේ මැක්කා ගැන ලියල නතර කරනවා වගේ ...
Gateway බම්බලපිටිය :) බාඳුරා අසපුව අද කතාව මගෙ රැකියා ස්ථානය ගැන. කවදාවත් ලියයි කියල හිතපු post එකක් නෙමේ මේක. ඇත්තම කියන්න පලවෙනි දවසේ office එකට ගිහින් ගෙදර ආවේ ආයේ යන්න බෑ කියාගෙන. හැමදාමත් හිටියේ මඩේ හිටවපු ඉන්න වගේ .. අද ගෙදර නවතිනවද හෙට ගෙදර නවතිනවද දෙගිඩියාවෙන් .. ඒත් ඒ පුංචි බිත්ති හතර අතරේ මට මුන ගැහුනු ලෙන්ගතු හදවත් ටික අතෑරල යන්න ලෝබකමෙන් මම අදටත් එතනම ...
අඳුරට ඉඩ දී අඳුරේ සැඟ වී ... ඔබගෙන් වෙන් වී මම යන්නම්.. !! බාඳුරා අසපුව ලියන්න නම් දේවල් එමටයි. ඒත් කාලය, දීපය, දේශය බලලා අන්තර්ජන්ජාලයට ගොඩවෙන්න සිද්ද වෙලා තියෙන නිසා ලියන්න වෙලාවක් හොයා ගන්න එක කලුනික හොයනවටත් වඩා අමාරුයි ඉතිං :(කොහොමින් කොහොමින් හරි අද post එක මම ගොඩක් ආදරය කරන ගීතයක් ගැන.සංගීතය මගේ ජීවිතෙන් කොටසක්. ඒ නිසාම හිත නැවතුනු ගීත බොහොමයක් තියෙනව. මේකත් ඒ අතරින් අමරදේව මහත්මයා ගායනා කරන තවත් එක සුන්දර ගීතයක්. කලින්ම කියන්නම්. ...
ආදරය ... කලළය ... !! බාඳුරා අසපුව ම්ම්ම් ... මට එක පාරටම හිතුනා හිතක ඇතිවෙන ආදරයත් ගර්භාෂයක ඇතිවෙන කලළයක් වගේ කියලා ... දැන් බලන්න ... කලළයක් ඇති වෙන්න දෙන්නෙක් ඔන... ඒ වගේම ආදරයක් ඇති වෙන්නත් දෙන්නෙක් ඔනිනේ ... අපි අපිටම ආදරේ කරගන්නේ නෑනේ :)කලළයක් ගර්භාෂය ඇතුලේ මාස 9 ක් වැඩිලා නිරොගී දරු උපතක් සිද්ධ උනාම හැමොටම සතුටුයි ... ඒ වගේම හිතේ ඇති උනු ...
ඔබ ... මම සහ කැඩපත ... !! බාඳුරා අසපුව අඩලා අඩලා රතු උනුඇස් දිහා බලන්නටකැඩපතක් අබිමුවටගිය එක් ඉසිඹුවක ....මුලු කැඩපතම පුරාවටමගේ රූපයත් වහගෙනමෙන්න ඔබ ඉන්නවාහිනාවීගෙන මගේ කදුලට ...අමතක කරන්නට දගලනඔබේ ඔය දගකාර මූණනොපෙනෙන්න ආයෙමත්මගේ පිලිඹිබුව වසාගෙන ...දෑතින් බදා කැඩපතසියලු වෙර වීරියත් ගෙනපොලව මත හෙලූයෙමිකැබලි සී සී කඩ යන්න ...බිදුනු කැඩපත් කැබලි වලරතුවුනු ඇස් එක්කමෙන්න ඉන්නවා තාමත් අඩනකෑලි කෑලි උනු මම ...එක මූණ පේනවටකැඩපත පොලවේ ගැහුවටමෙන්න ඔබ ආයෙමත්කැඩුනු කෑල්ලක් කෑල්ලක් ...
වෙ න ස ... බාඳුරා අසපුව ආදරේ කර කරරෝස මලකට...ඇයි නපුරුකංනිදිකුම්බා මලකට...දෙකේම නටුවෙ කටු කොටඅන්තිමට... !!
වෙස්මූණු ජීවිත බාඳුරා අසපුව වතුර උඩපෙති සලනනෙලුම් මලවනනු කිම;දැන දැනම,පොහොර දෙනනෙලුම් අලමඩේ වග ... !!
සිතිජය, රේල් පීලි, ඔබ සහ මම ... බාඳුරා අසපුව -------------------------------------------------------------ඔයයි මායි රේල් පීලි දෙකක් වගේ. එකට දිව්වට කවදාවත් එක් වීමක් නෑ.පේනවද සිතිජය,අර ඈත. එකම රේඛාවක සමපාත උනාට අහසට පොළව ගොඩක් දුරයි....සිතිජය සහ රේල් පීලි ...හැමදාමත් දුක කියන්න පාවිච්චි කිරීම නිසා අසාධාරණයට ලක් උනු උපමා දෙකක්.රේල් පීලි දෙකක් එක් වෙන්නම ඕනද? රේල් පීලි වල පැවැත්ම පවතින්නේ ඒ හමු නොවීම තුල නේද? යම් තැනකදි එක් උනෝතින් ඒ රේල්පීලි වලින් පලක් නෑ ...
අතරමැද ... බාඳුරා අසපුව තිබිය නොහැකිද යමක්,සම්මතය හා අසම්මතයඅතරමැද ...සම්මතය නොවූ පමණින්මඅසම්මතයෙහි ලානොගැනෙන ... !!
BooK Sale Stories ( warm up photos ) ;) බාඳුරා අසපුව අති සාර්ථක නම වෙනි වතාවටත් මම ගියානේ Book sale :) දිගම දිග කතාවක් දාන්නම් මගේ සවාරිය ගැන.ඒ දානකන් මම ගත්තු පොත් ටිකක් හුදී ජන ඉරිසියාව උදෙසා පල කරන්න හිතුනා ;) කතාව පස්සේ කියන්නම්,දැනට මේ පොටෝ දැක සැනසෙන්න :)