පොත් සල්පිල් වන්දනාව 2014.. බාඳුරා අසපුව ගිය අවුරුද්දෙත් පොත් සල්පිල් කතන්දරේ ලිව්වේ නෑයි කියලා මැරුම් නොකා බේරුනේ අනූ නමයෙන්. ඒ නිසා ගත්තු පොත් ටික නිකන්ම අතෑරල නොදා මෙ පාර පොඩිවට හරි කතාවක් ලියනවා කියලා හිතුවා. ඔන්න එහෙනම්, බුක් සෙල් සාගා 2014 :Dඅතිසාර්ථක කීවෙනි වතාවටද මන්දා ඔන්න ගිය සිකුරාදා මං ගියා බුක් සේල්. ටිකට් ගන්න තැනට යන්නත් කලින් මෙන්න තීනෝ මැගී ලොරිය. නිකං හරියට හෝටල් පාසැලේ තෑගි ...
එකළු කළ මැන .. මහද ... සෙ නෙ හ සි න් !! බාඳුරා අසපුව ඇත්ත .. ඔයා ඉර නෙමේ ලෝකයක් එළි කරන ... ඔයා පොඩි තරුවක්.. පුංචිම පුංචි තරුවක්, ඈත අහසේ පේන නොපෙනෙන ... ඇයි නොතේරෙන්නේ..මම බය බව ඉරට .. ඒ එළියට .. ඒ රස්නෙට ..ඇයි නොතේරෙන්නේ මට ඕන ඉර නොවන බව ..මට ඕන තරු එළිය විතරමයි ..මොකද මගේ අමාවක අහසට, ඉරෙන්වත් හඳෙන්වත් වැඩක් නෑ..පොඩි තරුවකින් විතරමයි ඒ අහස එළිය කරන්න පුලුවන් ... !!ඇත්ත ...
පොත් පින්තූර 2013 බාඳුරා අසපුව මුකුත් ලියන මූඩ් එකක් නෑ..ඒ නිසා දැනට පොත් ටික විතරක් අතාරින්නම් බලා ගන්න.ඔන්න ඇනෝලට කලින්ම කියන්නේ..මේ පින්තූර පල කරන එකේ බලාපොරොත්තුව මම මහා පොත් ගොඩක් කියවන පොරක් කියලා පෙන්නීම එහෙම නෙමේ..ෆේස් බුක් වගේ සමාජ සම්බන්ධතා ජාල වාරණය කල රටවල් වල ඉන්න වගේම මට එදිනෙදා මුණ නොගැහෙන .. ඒත් පොත් වලට මම තරම්ම ආදරය කරන මගේ යාලුවන්ට මගේ පොත් අස්වැන්න පෙන්නන්න ...
නූතන කිසාගෝතමි කව .... බාඳුරා අසපුව මැරුණු ..කුලුඳුල් පෙම ..ලේ ගලන ..ළමැදෙහි හොවාගෙන ..දුවමි මම ..ඇඳි වත ගැන ..නිනව්වක් නැතුව ..බෙහෙත ..අබ මිටක් නම් ..කිසිවෙකු නොමල ගේකින් ..සත්තකයි ..කිසා ගෝතමිය මෙන් ..නැවත නොහැරෙන බව අතරමග ..හොයාගෙන මිස ..මළ පෙමට ..දිවි දෙන ඔසුව ..ඒත් ..අනේ .. කෝ බුදු කෙනෙක් ..මට ..බෙහෙතක් කියන්න ... ...
< නොලැබීම (ඔබගේ හෝ මගේ) > බාඳුරා අසපුව රතු රැලි රිබන් පටි වලින් ඔතාගෙනදුරු කතරක ඉඳන්මග වෙහෙස ගෙවාගෙනදවස ගනන් අගේ කර කරමෙන්න ඔයා ගෙනැත්සින්ඩරෙල්ලගේ වීදුරු සපත්තුවඇවිදින්නබැරිමට ....
වසන්තයේ ආගමනය ... බාඳුරා අසපුව සිංහල හින්දු අලුත් අවුරුද්ද ...ජනවාරි පළවෙනිදා ලබපු කැලැන්ඩර් අවුරුද්දෙන් පස්සේ සූර්ය සන්ක්රාන්තියත් එක්ක එන අපේම අවුරුද්ද ..දැන් ඉතිං රබන් සද්දේ ඇහේවි, කොහා කෑ ගහවි, මදි නොකියන්න ඔබේ තීරය පේන්න, බුරියට අඟල් බර ගානක් පහලින් රෙදි ඇඳගත්තු ගෑල්ලමයි ඔළිඳ කවි කියාවි ... හැබැයි හැම දේම රූප පෙට්ටිය ඇතුලේ ..නැකතට ඇණේ කරකවලා ගෑස් ලිප පත්තු කරන, දෙමාපියන්ට කේක් පෙට්ටියක් දීලා ඉන්දියන් ක්‍රමේට ...
මං ආසයි ... බාඳුරා අසපුව හෙට ජීවත් වෙන්න තියෙන අන්තිම දවස නම් ..මගේ ජීවිතේට ලැබුනු කෝටා එක හෙටින් ඉවරයි නම් ..හෙට දවසත් එක්ක බහින ඉරත් එක්ක මගේ අන්තිම හුස්මත් මේ ලෝකෙන් යන්නම යනවා නම් ... මං ආ ස යි ..මං ආසයි පියාඹන්න.. වලාකුළු වලටත් උඩින්. මූණට එන හුලගට විරුද්ධව.. කුරුල්ලන්ට සම්මාන්තරව.. රාජාලියෙක් වගේ අහසේ කැරකෙන්න, වෙලාවක හුළගත් එක්ක ඔහේ හුළගට ඕන අතට ගහගෙන යන්න.පුලුං ගුලියක් ...
♔ ස්ලීපිං බියුටි ♔ බාඳුරා අසපුව අවුරුදු සීයක් ...නිදාගෙන හිටි මාව..කොහෙන්දෝ ආපු කුමාරයෙක්..හැම කථාවෙම වගේ..හාද්දක් දීලා ...අවදි කලා ...ඉතිං මමත් ...ඇස් ඇරලා හිනා වෙලා ...එහෙනම් අපි ...හැපිලි එවර් ආෆ්ටර් ජීවත් වෙමු කීවම ...කුමාරයා කියපි ...විකාරද හලෝ..මගේ වෙඩිමට ...ජයමංගල ගාථා කියන්න කෙනෙක් නෑ...ඒකයි ඔයාව ඇහැරුවේ ...කියලා ...කමක් නෑ.. ඇහැරුනු එකේ මම ජයමංගලානි කියන්නම්.. හැබැයි පොරොන්දු වෙන්න... ඒ හිලව්වට... ආයෙම නපුරු මන්තරකාරිව හොයගෙන ඇවිත් ...මාව සදාකලික නින්දට ...
~ සතීගේ කතාව .. ~ බාඳුරා අසපුව සැප්තැම්බර්.. හේතු කීපයක් නිසා මගේ ජීවිතේ වැදගත්ම මාසේ .. ඒ හේතු අතරින් එක හේතුවක් වෙන පොත් මංගල්ලෙ ගැනත් හිතලා අද ලියන්න හිතුවේ පොතක් ගැන .. පොතේ නම සතීගේ කතාව .. ලියුම්කරු කරුණාසේන ජයලත් මහතා ...ඇත්තටම මම ලාංකේය නවකතාකරුවන්ගේ පොත් කියවලා තියෙන්නේ හරීම සුලු ප්‍රමානයි .. සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය,මාර්ටින් වික්‍රමසිංහ සූරින් සහ කරුණාසේන ජයලත් මහත්මයා ඇරුනම ලාංකේය නවකථා කරුවන් ගැන මගේ ...
තනි තටුවෙන් .... බාඳුරා අසපුව 2010 ජුනි 15 ..ඇය බස් නැවතුම්පලෙහි නොයිවසිල්ලෙන්..එක පිට එක වැටෙන මහ වැස්සට තෙත බරිත උනු සුදු සාරිය ඇඟ වට එතී මවන රටා ඔහුගේ හොර ඇහැට පෙනෙයි..කෙතෙකුත් ඇහැ ඉවතට ගන්නට තැතනුවද යලි යලිත් මුරන්ඩු ඇස් බැල්ම නවතින්නේ පිරුනු ළැම සහ ඒ වටා ඇඳි නේක සුකොමල නිම්න කඳු බෑවුම් අතරම වේ."මොන මගුලක්ද .. " ඔහු සිතයි .."මෙච්චර ගෑණු දැකල තියෙන මට ...
~ දෙසැම්බර් හීතල ~ බාඳුරා අසපුව මේ ජීවිතේ විසි අට වෙනි වතාවටත් දෙසැම්බර් හීතල මාව බලන්න ඇවිත්. දෙසැම්බර් හීතල අමුතුයි. හීන් අයිස් ඉදිකටු දාහකින් ඇඟට අනිනවා වගේ දැනෙන, හම පසාරු කරගෙන හිතට ආත්මයට කතා කරන, ලොකු හීතල පොරෝනාවකින් මගේ රිදෙන හිත වහලා දාන, පාලු තෙත හීතලක් ඒක. තනිකමේ නිහැඩියාවෙන් හැඩ උන දෙසැම්බර් හීතල තරම් ලස්සන සාමකාමී දෙයක් මම කවදාවත් දැකලා නෑ. මම දෙසැම්බර් හීතලට ආදරේ ඒ ...
අන්තඃපුරිකාවන් වෙත ලියමි ... බාඳුරා අසපුව 2014 ජනවාරි ...පට්ට වැස්ස, වාහනෙන් බැහැපු තැන ඉඳන් එක සීරුවට තෙමීගෙන සරුව පිත්තල බඩු කඩේක ටකරං වහල යටට ගාල් උනා කියමුකො. රුවන්වැලි සෑය පේන මානේ උනත් මේ වැස්සේ කොහොමද යන්නේ. ගියත් වැදුම් පිදුම් කරන්න බෑනෙ.රටකජු ගොට්ටක් අරගෙන වැස්ස පායනකන් කඩේ මිනිස්සු එක්ක කදේ දාගෙන ඉන්න එක තමයි වෙලාවේ හැටියට ඔප්ටිමම් සොලූෂන් එක.ඒ තීරණෙත් එක්ක, කඩෙං නොමිලේ හම්බුන පුටුකට්ටට සරීරේ බර ...
~ අවාරයේ පොත් වන්දනාව ~ බාඳුරා අසපුව සෙනසුරාදා..සතියේ දවස් වලින් මට පෙන්නන්නම බැරි දවස...මට නිවාඩු තියෙන එකම දවස සෙනසුරාදා...නිවාඩු දවසක් කියන්නේ මගේ සිතුවිලි ඉබාගාතේ යන කරුමක්කාර දවසක්...කරන්න දෙයක් නැතුව යන්න තැනක් නැතුව ගෙදරට හිර වෙලා ඉදිද්දි හිතට එන හැඟීම් අනන්තයි අප්‍රමානයි ...මම අකමැතී හිතට හිතන්න ඉඩ දෙන්න...ඉඩක් ලැබුන ගමන් මේ කරුමක්කාර හිත දුවන්නෙම මම අමතක කල කිලිටු අතීතෙට...අදත් වෙනදා වගේම ඇහැරුනු වෙලේ ඉඳන් හිත ඉබාගාතේ දුවනවා...මොනව කරන්නද ...
වෙරෝනිකා .. ආදරය හොයන ගණිකාවක් .. !! බාඳුරා අසපුව මිනිත්තු එකොළහේ කතාව පසෙකින් දැමූ ඈ යහනේ ඇල වූවාය..නින්දකට සැරසි නිදහස් ඉරියව්වක් නොව කෙනෙක් තලා පෙලා යහනට ඇද දැම්මාක් වැනි කෙඩෙත්තුවක් පමනක් ඇගේ වතෙහි විය ... වෙරෝනිකා ... ආදරය හොයන ගණිකාවක් ......පාවුලෝ කොයියෝගේ ආරම්භක වදන් පොත් පිටු අතරින් ඇය දෙස බලා ඉඳිනා බවක් ඇයට දැනින ..තමා ලෝකය හමුවේ සම්පූරණයෙන්ම නිරුවත් බවත්, තමාගේ සියලු අඟ පසඟ ලෝකය හමුවේ නිරාවරණ බවත්, එක් ...
නූපන් මගේ කථාව බාඳුරා අසපුව අම්මේ ...අම්මේ ඇස් අරින්නකෝ ...මට තව වැඩි වෙලාවක් නෑ ... එක පාරක් ඇස් අරින්න.එකම එක පාරක්...මම තරහ නෑ අම්මේ.. මේ ඇත්තමයි කියන්නේ.මම ටිකක්වත් තරහ නෑ අම්මත් එක්ක. ඒ නිසා ඇස් වහගෙන ඉන්න එපා.බලන්න.. දොස්තරත් බය වෙලා..මගේ ආච්ච්යි සීයයිත් බය වෙලා.. මම නිසා මහ ගොඩක් දෙනා දුක් විදිනවා.ඒ නිසා හොඳ අම්ම වගේ ඇස් අරින්නකො.අම්මගේ කතාව මම දන්නවා අම්මේ. අම්මා කොයි තරම් ...
ඔබ .. ඇය .. සහ මම .. බාඳුරා අසපුව ඔබ ...මට බෑ මේ කරදරේ තවත් විඳින්න.මුලු සතියක් එක දිගට වැඩ කරලා සෙනසුරාදා හාෆ් ඩේ එකත් කරලා අද පොඩ්ඩක් නිදා ගන්න හිතුවා විතරයි.මම ඔයා ගැන පොඩ්ඩක්වත් හොයලා බලන්නෙ නෑ වගේනෙ කතාව.ඇහුවනේ මම ඔයාගෙන් තේ එකක් හදලා ඕනද කියලා.ඔයාමනේ කිව්වේ හදිස්සි නෑ තව ටිකක් නිදා ගන්න කියලා.මොකද්ද මේකෙ තේරුම.මට ඇති වෙලා දැං.දවසක් දෙකක් කියලද.ඊයේ ඔයාටමයි පීසා ඕන උනේ.මං කිව්වනේ මීටිං එක ...
ලේනෝ ලේනෝ ..... !! බාඳුරා අසපුව මතක මං පෙතමෙතෙක් ආ දුරමහත් වෙර වෑයමෙන්මකන්නට දැරූ තැතඅරුත් සුන් වී මිලින වූ සඳමතක අමතකකරන සැටියක්සොයා යමි මමලොව සතර දෙසමතක පැහැයෙන්බිතු සිතුම් ඇඳඅතීතය මතතැනුව මන්දිරදෙපා අද්දරබිඳී ගිය සඳඒ දූලි මතසොයා යමි මමමැදුර තුල වූමගේ හ ද ව තඋදා නින්දෙන්මා අවදි කලනිශා යාමෙටසයනයට වටහිරු නැඟීහිරු බසින තුරු දිනදිවා රෑ හැමමා පෙළාලනඅනේ මූසලකුරිරු ම ත ක ය ....අකුරු හතරේආ ද ර ය ...
වසන්තය එනවා .. සත්තයි !! බාඳුරා අසපුව දිගු සීත නිද්‍රාවෙන් අවදිවූ මම ලෝකයට දෙනෙත් විවර කලෙමි... බොඳ උනු අඳුරු ඡායවල් මැදින් හරිත වර්නයෙන් දිදුලන වසන්තය සොයන්නට වෙහෙසෙමි... නමුදු හාත්පස පෙනෙන සීතලට මිදුනු ශ්වෙත වර්ණ ලෝකය මිස දකින්නට සිත තිබූ වසන්තය තවමත් පෙනෙන තෙක්මානයක නැත. අඩන්නට ඇසට කඳුලක් නො එන්නේ දිගු ශීත ඍතුවේ ලය තිබූ සියලු කඳුලු ඉවර වූ නිසාවෙන්ද නැත්නම් අන්තිම කඳුලු බ්ඳුවත් ශීතලෙන්ම මිදුනු නිසාදැයි සොයන්නට ...
දෙසැම්බර් තිස් එක .. !! බාඳුරා අසපුව නවත්තපල්ලා බං ...ඔය රතිඤ්ඤා ගැහිල්ල ..ඩිංගක් ඇහැ පියවන්න නෑ ..ජංගමේ කෑගැහිල්ල ..ඒ මගුල අල්ලලා ඇඳ යටට එබුවම ..මෙන්න පටන් අරන් රතිඤ්ඤා කෙරුවාව ..ජනවාරි පළවෙනිදා කියලා නෑ ..හෙටත් වැඩ ..නිදියන්න දීපල්ලා ..ගමේම බල්ලොත් බයවෙලා ..ඒ මදිවට ... ...
** චාරිකා ** (First episode) බාඳුරා අසපුව ඔන්න මම ආවා කාලෙකට පස්සේ ...අද කථාව ආදරය ගැන නෙමෙයි .. ඒ හේතු තුනක් නිසා ...01) ආදරයේ අකුරු හතර අස්සේ මගේ ලිවීම කොටු කරන්න මම අකමැති වීම ... 02) මම ලියන සැබෑ ආදරය කියල එකක් ඇත්තටම ලෝකේ නැති වීම ..(ෆැන්ටසියකට සීමාවක් තිබිය යුතුය) 03) කවුදෝ මන්දා ඇනෝනිමස් කෙනෙක් මගේ " ආදරයට ආදරෙන් ලියමි " පොස්ට් එකට " please dont over ...