රහස් පෙම්වතා (Bel Ami) බාඳුරා අසපුව මාසෙකටත් වඩා වැඩි කාලයක් මම මුකුත්ම ලියලා නෑ.. ඇත්තටම ලියන්න දෙයක් කල්පනාවට ආවේ නෑ. බාදුරා අසපුව ආරම්භ උනේ මගේ හිතේ කැකෑරෙන දාහකුත් එකක් සිතිවිලි පිට කරගන්න .. අහන්න අකමැති උනු කියන්න කෙනෙක් නැති උනු සිතිවිලි.. මගේ වේදනාව අකුරු කලේ මේ අසපුව ඇතුලේ.කොහොම හරි .. ඒ අතීතය දැන් ඉවරයි .. මට පේන ලෝකය ගැන මම ලියනවා. බාදුරා අසපුව කියන්නේ ලෝකයට කියවන්න ...
වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි .. !! බාඳුරා අසපුව ජීවිතය නිමාකරගැනීමේ මොහොත දැන් එළඹ ඇති බව වෙරෝනිකා 1997 නොවැම්බර් 11 වෙනිදා තීරණය කළාය. තමන් විසූ කන්‍යාරාමයේ කුලී කාමරය සැලකිල්ලෙන් අස්පස් කර ඈ තාප යන්ත්‍රය නිවා දමා දත කට මැදගෙන ඇඳේ ඇලවුනාය .... !!දැන් ඈ සියදිවි නසාගන්නේ, තමා ශෝකී දුක්බර ගැහැණියක නිසා නොවේ. නිරන්තර වූ මනෝභංගත්වයෙන් පීඩාවිඳි ගැහැණියක වූ නිසාද නොවේ. තමා මුලුමනින්ම සාමාන්‍ය පුද්ගලයෙක්යැයි ඈ විශ්වාස කලාය.මැරෙන්නට ගත් තීරණය ...
*** වලාකුළු *** බාඳුරා අසපුව කුඩා කල අහස මොන පාටදැයි ඇසූ විට අහස සුදු පාට හැර අන් කවර පාටක්දැයි කියූ වාර අනන්තය .. ටිකින් ටික වයසින් වැඩෙන සඳ, සුදු පාට අහස නොව අහස වසන වලාකුළු බව වැටහී ගියා මතකය .. අහස් නිල වසාගෙන පැතිරි සුදු වලාකුළු අහස් නිල වැසූ බව තේරුම් ගිය සඳෙහි .. දකින දෙය නොව දකින දෙයින් වැසුනු තවත් ඇත්තක් ඇති බවත්, දකින ...
වසන්තය එනවා .. සත්තයි !! බාඳුරා අසපුව දිගු සීත නිද්‍රාවෙන් අවදිවූ මම ලෝකයට දෙනෙත් විවර කලෙමි... බොඳ උනු අඳුරු ඡායවල් මැදින් හරිත වර්නයෙන් දිදුලන වසන්තය සොයන්නට වෙහෙසෙමි... නමුදු හාත්පස පෙනෙන සීතලට මිදුනු ශ්වෙත වර්ණ ලෝකය මිස දකින්නට සිත තිබූ වසන්තය තවමත් පෙනෙන තෙක්මානයක නැත. අඩන්නට ඇසට කඳුලක් නො එන්නේ දිගු ශීත ඍතුවේ ලය තිබූ සියලු කඳුලු ඉවර වූ නිසාවෙන්ද නැත්නම් අන්තිම කඳුලු බ්ඳුවත් ශීතලෙන්ම මිදුනු නිසාදැයි සොයන්නට ...
~ මන්දාරම සහ නුඹ ~ බාඳුරා අසපුව සෙනසුරාදා.. හැමදෙනෙක්ම බලාගෙන ඉන්නේ සති අන්තය එනකන් උනත් මට සති අන්තය කියන්නේ මහා භයානක හීනයක්.. සතිය පුරාවට එක සීරුවට වැඩ කරගෙන හිතට එන්න නොදී වැටක් බැඳලා තියෙන දහසකුත් එකක් මතක සති අන්තය එනකන් බලගෙන ඉන්නේ මගේ හිත බදු ගන්න. සෙනසුරාදා ඉරිදා දවස් දෙක පුදුම තරම් දිගයි.. අවුරුදු ගානක මතක මොලේ ආක්රමනය කරකොට හිතෙන්නෙම ඔලුව පිපිරිලා මැරිලා යනව නම් කොච්චර එකක්ද ...
~ ඈ... මොනාලිසා... නම් වන්නීය .... !! ~ බාඳුරා අසපුව ඈ ... මොනාලිසා ...නම් වන්නීය .... ලෙතෙත් බැල්මෙන් මුවඟ මදහසින් යනෙන හැම දෙස එකසීරුවට බලා ඉන්නා ඈ... මොනාලිසා නම් වන්නීය .... !!කී දෙනෙක් නම් කී විදියකට ඇයගේ ආගිය තැන් කියන්නට ඇත්ද...ඈ.... ලියනාඩෝ ඩාවින්චිගේ පෙම්වතිය ...විකාරද ... මේ ඉන්නේ දහසය වැනි ශතවර්ෂයේ කුල කාන්තාවක් ...ඔව් ඔව්.. කුල කාන්තාවක් තමයි ...ඩාවින්චිට කියලා තමන්ගේ ආලේඛය චිත්‍රයක් ඇඳ ගන්න ඇති ...ඇයි මේ හණමිටි කතා...පොඩියක් ...
~ ඔක්කෝටම මුල බෝනික්කා ... ~ බාඳුරා අසපුව මතකද බෝනික්කව ..?අමතක ඇති ..පණ තියෙන, හිනා වෙන, හැරෙන පෙරලෙන මිනිස්සු අතරේ පණ නැති බෝනික්කෙක්ව මතක තියාගෙන ඉන්නේ කවුද ...හැබැයි ...බෝනික්කට මුකුත් අමතක නෑ ...මේ ඒ බෝනික්කගේ කථාව ... !!මම බෝනික්කෙක්...හිතක් පපුවක් නැති...දුකක් වේදනාවක් දැනෙන්නේ නැති ...මිනිස්සුන්ගේ කාන්සිය මකන්න ...සෙල්ලමට ගන්න හදපු ...නිකන්ම නිකන් බෝනික්කෙක් ...මම ආවේ පුංචි බබෙක්ගේ තනිය මකන්න ... මම ආපු මුල දවස් වල හැමෝටම මාව හරිම ...
ඇයි .... !! බාඳුරා අසපුව මගේ ජීවිතේ වැඩියෙන්ම කියවුනු වචනය...එක එක අය එක එක විදියට අරුත් ගන්වපු වචනය...ඇයි ... ?ඇයි මට මෙහෙම උනේ ...ඇයි මටම හැම දේම වෙන්නේ ...ඇයි ඇයි ඇයි ... ?උදේ අවදි උනු වෙලේ ඉඳන් රෑ නින්දට යනකන් මාව පෙලන එකම එක වචනය ..ඇයි ... ??සමහර දේවල් වලට ඇයි කියල අහල වැඩක් නෑ.. ඒ උත්තර නැති නිසා නෙමෙයි.. උත්තර හොයන්න අකමැති නිසා...එහෙමත් නැත්නම් ...
ලේනෝ ලේනෝ ..... !! බාඳුරා අසපුව මතක මං පෙතමෙතෙක් ආ දුරමහත් වෙර වෑයමෙන්මකන්නට දැරූ තැතඅරුත් සුන් වී මිලින වූ සඳමතක අමතකකරන සැටියක්සොයා යමි මමලොව සතර දෙසමතක පැහැයෙන්බිතු සිතුම් ඇඳඅතීතය මතතැනුව මන්දිරදෙපා අද්දරබිඳී ගිය සඳඒ දූලි මතසොයා යමි මමමැදුර තුල වූමගේ හ ද ව තඋදා නින්දෙන්මා අවදි කලනිශා යාමෙටසයනයට වටහිරු නැඟීහිරු බසින තුරු දිනදිවා රෑ හැමමා පෙළාලනඅනේ මූසලකුරිරු ම ත ක ය ....අකුරු හතරේආ ද ර ය ...
දයාබර කඳුල .... මම නුඹට ආදරෙයි... !! බාඳුරා අසපුව දුකේදී සැපේදීනිරතුරුව එකලෙසින්මගේ නෙතු කෙවෙනි අගනිරතුරුව රැඳෙමින්පවසනට උගහටවුවචනයෙන් පන්හිඳෙන්දහසකුත් හැඟුම් පොදිමොහොතකින් පවසමින්ගිනි ඇවිලි හඳ මඩලනිල් දියෙන් සනහමින්ලොවම මා තනිකලදමා සමග හිනැහෙමින්මා දිවිය වෙලාගත්දයාබර... ඔබ... කඳුල...හිඳිනු මැන සදා කලමා සමග මේ ලෙසමකිසිම දා නොවැලපීමා දුකට..ඔබ..කඳුල ... ...
~ ඈ... සරුංගලය දෙස.. බලා උන්නාය ... ~ බාඳුරා අසපුව ඈ... නූලෙන් ගිලිහි සරුංගලය දෙස..බලා උන්නාය ...වෙරළ පුරා කෑකොස්සන් දෙන ළමා පෙල අතර, එකට තුරුලුව පෙම් සුව විඳින පෙම්වතුන් අතර, අඳුනන නාඳුනන දහසකුත් මිනිසුන් අතර...තනි උනු...ඈ...නූලෙන් මිදී පලා යන සරුංගලය දෙස බලා උන්නාය...මෙතෙක් වෙලා සරුංගලය බැඳි නූල හැසිරූ ළමා අතට කීකරුව නූල දිග තෙක් අහස පුරා දිවූ සරුංගලය ඇගේ සිත පැහැර ගත්තේ නිතැතිනි... ළමා අතට ඇවැසි දෙසකට, ළමා සිතට ඇවැසි ...
~ පිස්සිගේ කැටයම ~ බාඳුරා අසපුව කෝපි කුඩුසැත් පිහිය (නැත්නම් බ්ලේඩ් එකක් උනත් කමක් නෑ)පුලුංප්ලාස්ටර්ඇයි .. ප්ලාස්ටර් කපන්න කතුරක් ....සියලු අඩු වැඩිය තමන් සතුව ඇත්දැයි පිස්සි නැවත සොයා බැලුවාය.එක් දෙයක් හෝ අඩු වී ඇත්නම් නැවත එය සොයා ඒම කල නොහැක්කකි. ක්‍රියාවලිය ඇරඹි පසු සියල්ල නිම වී නැවත පිටතට එන තුරු ක්‍රියාවලියේ සුමට ගලනයට අවශ්‍ය සියලු දේ එකවර රැගෙන යාම අත්‍යාවශ්‍ය බව පිස්සිට අමතක නැත. ඇවැසි සියලු ...
~ අවාරයේ පොත් වන්දනාව ~ බාඳුරා අසපුව සෙනසුරාදා..සතියේ දවස් වලින් මට පෙන්නන්නම බැරි දවස...මට නිවාඩු තියෙන එකම දවස සෙනසුරාදා...නිවාඩු දවසක් කියන්නේ මගේ සිතුවිලි ඉබාගාතේ යන කරුමක්කාර දවසක්...කරන්න දෙයක් නැතුව යන්න තැනක් නැතුව ගෙදරට හිර වෙලා ඉදිද්දි හිතට එන හැඟීම් අනන්තයි අප්‍රමානයි ...මම අකමැතී හිතට හිතන්න ඉඩ දෙන්න...ඉඩක් ලැබුන ගමන් මේ කරුමක්කාර හිත දුවන්නෙම මම අමතක කල කිලිටු අතීතෙට...අදත් වෙනදා වගේම ඇහැරුනු වෙලේ ඉඳන් හිත ඉබාගාතේ දුවනවා...මොනව කරන්නද ...
~ මගේ කථාව ~ බාඳුරා අසපුව අලුත් අවුරුද්ද පටන්ගන්න පුලුවන් හොඳම විදියට පටන් ගත්තා... සතුටු වෙන්න පුලුවන් අඩවන්න ඕනි වෙලා හිටි මිනිස්සුන්ට... තමන්ගේ උත්සාහය සාර්ථකයි... :)මගේ බ්ලොග් එක මම පටන් ගත්තේ මම ගැන ලියන්න... සාහිත්‍ය ගැන නෙමෙයි මම ගැන ලියන්න.. අහන්න කෙනෙක් නැති .. කියන්න කෙනෙක් නැති .. මගේ කථාව සයිබර් අවකාශෙට මුදා හරින්න.. පිවිසුමේ කියලා තියෙනව වගේම..බාඳුරා අසපුව බිහි උනේ මගේ ලේ මස් නහර උරා ...
~ කඳුලින් ඇරඹි ... කඳුලින්ම නිමා වන ... 2011 ~ බාඳුරා අසපුව චාරිකා සටහන් ලියවිල්ල පොඩ්ඩක් කල් තියලා 2011 මගේ ජීවිතය ගැන ආයෙම හැරිලා බලන්න හිතුනා ... අද මගේ නීතිපීඨ අවසන් වසරේ නිබන්ධනයේ අන්තිම දවස... ඒත් මම ඒ නිබන්ධනය භාර දුන්නේ නෑ... තවත් අවුරුද්දකින් උපාධිය දිග වීමේ සතුට සමරන්න... එන්න මාව අඩවපු හැමෝම .... :)2011... මගේ අවුරුදු 26ක ජීවිත කාලේට මම අත්වින්ද නරකම අවුරුද්ද... නාඩපු දවසක් නැති තරම් .... සතුටින් හිටි එක ...
~ චාරිකා - දෙවෙනි කොටස ~ බාඳුරා අසපුව චාරිකා - පළවෙනි කොටස සුපුරුදු පරිදි මූණු පොතේ පලකරන්න බැරි උනා.. ඒ link එක share උනේම නෑ.. වරද කොතනද කියලා මට හොයා ගන්නත් බැරි උනා... කොහොම හරි..මූණු පොතේ මග කියන්නෙත් නැතුව ඇවිත් මගේ චාරිකාව ගැන කියවපු හැමෝටම ස්තූතියි.මාතර ඉදන් තැඹිලි බීපු තැනින්නේ කථාව නැවැත්තුවේ...අද එතන ඉදන්... මාතර පාර දිගේම පොඩි පොඩි කෑම අයිටම් තියෙනව විකුනන්න... මගේ හිත ගියේ පැළ මද ...
~ චාරිකා - පලවෙනි කොටස ~ බාඳුරා අසපුව ඔන්න මම ආවා කාලෙකට පස්සේ ...අද කථාව ආදරය ගැන නෙමෙයි .. ඒ හේතු තුනක් නිසා ...01) ආදරයේ අකුරු හතර අස්සේ මගේ ලිවීම කොටු කරන්න මම අකමැති වීම ... 02) මම ලියන සැබෑ ආදරය කියල එකක් ඇත්තටම ලෝකේ නැති වීම ..(ෆැන්ටසියකට සීමාවක් තිබිය යුතුය) 03) කවුදෝ මන්දා ඇනෝනිමස් කෙනෙක් මගේ " ආදරයට ආදරෙන් ලියමි " පොස්ට් එකට " please dont ...
** චාරිකා ** (First episode) බාඳුරා අසපුව ඔන්න මම ආවා කාලෙකට පස්සේ ...අද කථාව ආදරය ගැන නෙමෙයි .. ඒ හේතු තුනක් නිසා ...01) ආදරයේ අකුරු හතර අස්සේ මගේ ලිවීම කොටු කරන්න මම අකමැති වීම ... 02) මම ලියන සැබෑ ආදරය කියල එකක් ඇත්තටම ලෝකේ නැති වීම ..(ෆැන්ටසියකට සීමාවක් තිබිය යුතුය) 03) කවුදෝ මන්දා ඇනෝනිමස් කෙනෙක් මගේ " ආදරයට ආදරෙන් ලියමි " පොස්ට් එකට " please dont over ...
සුරංගනා කතාවක් ... !! බාඳුරා අසපුව හෙට විභාගයක් ..පොත හෙව්වේ දැනුයි ...ඔන්න එතකොටයි දන්නේ හෙට විභාගෙට ඕනි කරන පොත මගේ ලග නෑ කියලා ...ඉතිං මම තීරණය කලා අධ්‍යාපනේ අමතක කරල වැල් වටාරමක් ලියන්න ..මොකෝ ඉතිං නැති පොත මම කොහෙන් මවන්නද දැන් .... :( සුරංගනා කතාවහිතිලා තියෙන්වද අපේ ජීවිතේ සුරංගනා කතාවක් වගේ කියලා... ?මන්දා..මට නම් හිතිලා තියෙනවා ...සුරංගනා කතාවකට ඕනි අඩු වැඩිය මගේ ජීවිතෙන් හරිම ලේසියෙන් හොයාගන්න ...